..:: ගුවන් ගමන් යන්නේ බලාගෙනයි ::..

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ..:: ගුවන් ගමන් යන්නේ බලාගෙනයි ::..

    මැලේසියානු එම්එච් 370 යානයේ අතුරුදන් වීම හිතාමතාම සුදානම් සහිතව කරණ ලද ක්‍රියාවක් බව යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලියා ප්‍රකාශකරන අළුත් ම පොතේ දක්වා තිබේ.
    මෙම පොතේ කර්තෘවරුන් වන නවසීලන්තයේ වානිජ ගුවන් නියමු සහ හැමිල්ටන් නගර සභික එවන් විල්සන් සහ ටයිම්ස් පුවත් මාධ්‍යවේදී ජොෆ් ටේලර් පවසන්නේ මෙම යානය හදිසි අනතුරකට මුහුණ පා නැති බව තම පාඨකයනට පෙන්වා දීමට මෙම පොතේ කරුණු දක්වා ඇති බවයි.
    විල්සන් ‘‘මැලේසියන් 370 ට සුභ රාත්‍රියක්“ යන්න නම්කොට ඇති මෙම පොත පිලිබඳව මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගුවන් යානයේ අතුරුදන් වීම සඳහා පසු පසින් වන සත්‍ය තත්වය පෙන්වා දීම හේතුවෙන් ගුවනින් යන්නන් තැතිගන්නා බවයි.
    පළමු වරට මෙම අතුරුදන් යානයේ විශ්වාස කළ නොහැකි ගමන් මාර්ගය පිලිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් කර ඇති අතර අපි විශ්වාස කරණ්නේ මෙම ගුවන් යානයේ ප්‍රධානියා විසින් මෙම යානය ඉන්දියානු සාගරයට දමා අනතුරට පත්කල බවයි.
    මීට ප්‍රථමයෙන් ගුවන් සමාගම් දෙකක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති විල්සන් ප්‍රවාහන කටයුතු වල ආරක්ෂාව හා විමර්ශනය පිලිබඳ විශේෂඥ සුදුසුකම් ලබා ඇත්තෙකි. ඔහු පවසන්නේ තම පාඨකයින්ට අවසානයේදී තැතිගත් සහ විශ්වාස කළ නොහැකි අවසානයක් මෙම පොත මගින් ඇති නොවීමට සියළුම සාක්ෂි විමර්ෂණය කර මෙම ගුවන් යානයේ අතුරුදන් වීම පිළිබඳ තිබූ රැඟුම් සැකිල්ල ඉවත් කර බවයි.
    සම කතෘන් දෙදෙනා මැලේසියාවට ගොස් අතුරුදන් යානයේ නියමු සහරි ආමඩ් ෂාගේ පවුලේ සාමාජිකයින් සමග කළ සම්මුඛ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු ද මේ පොතට ඇතුලත්ව තිබේ. නමුත් ටේලර් පැවසුවේ බලධාරින් ඇත්ත ඇති සැටියෙන් භාර ගැනීමට අකමැතිවූ බවයි. අපි මෙම ගුවන් යානය පිටත් වු පර්යන්තය එනම් මෙම ගුවන් යානයෙන් ඇමතුමක් ලැබෙන තෙක් ඥාතීන් රැඳී සිටින ස්ථානය නැරඹු බව ද ඔහු පවසා ඇත.
    විල්සන් පවසන්නේ මාර්තු අටවැනි දා අබිරහස හේතුවෙන් ගුවන් මගීන් ඉදිරියේ දී තමන් කුමන ගුවන් සමාගමට අයත් යානා වල ගමන් කල යුතුද යන්න ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීම සිදුකළ යුතු බවයි. තවද ඔවුන් පවසන්නේ ගුවන් යානා වල කාර්යය මණ්ඩලය තොරාගැනීම් පිළිවෙල ද ගුවන් සමාගම් විසින් වහාම වෙනස් කළ යුතු බවයි.
    මේ අතර ඕස්ට්‍රෙලියාව විසින් අතුරුදන් යානය සෙවීම සඳහා ඉන්දියන් සාගරය සිතියම් ගත කිරීමට නවින අංගෝපාංගයන් ගෙන් සපිරි නැවක් යොදා තිබේ. ඕස්ට්‍රෙලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය අතුරුදන් යානය සෙවීටම ඉන්දියන් සාගරයේ වර්ග සැතපුම් 24000 ක් පරික්ෂා කිරීම සඳහා සැලසුම් කර ඇත.

    uputa ganima lankadipa

    Last edited:
    • Like
    Reactions: thilihare

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    විල්සන් පවසන්නේ මාර්තු අටවැනි දා අබිරහස හේතුවෙන් ගුවන් මගීන් ඉදිරියේ දී තමන් කුමන ගුවන් සමාගමට අයත් යානා වල ගමන් කල යුතුද යන්න ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීම සිදුකළ යුතු බවයි. තවද ඔවුන් පවසන්නේ ගුවන් යානා වල කාර්යය මණ්ඩලය තොරාගැනීම් පිළිවෙල ද ගුවන් සමාගම් විසින් වහාම වෙනස් කළ යුතු බවයි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    විල්සන් පවසන්නේ මාර්තු අටවැනි දා අබිරහස හේතුවෙන් ගුවන් මගීන් ඉදිරියේ දී තමන් කුමන ගුවන් සමාගමට අයත් යානා වල ගමන් කල යුතුද යන්න ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීම සිදුකළ යුතු බවයි. තවද ඔවුන් පවසන්නේ ගුවන් යානා වල කාර්යය මණ්ඩලය තොරාගැනීම් පිළිවෙල ද ගුවන් සමාගම් විසින් වහාම වෙනස් කළ යුතු බවයි.

    :shocked::shocked::shocked::shocked::shocked:

    2005 මම අපේ මුළු පව්ලම එක්ක ඔකුන්ගේ මගුලක ගියා බන් ඕස්ට්‍රේලියා

    මැලේසියාව කියන්නේ තනි තම්බි ආකාරයක්

    නදකින්
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හ්ම්ම් ඔය පොත එන්න කලිනුත් උන් කියල තිබබා පොත ආවට පස්සේ ලොකු වෙනසක් වෙයි කියල. අනේ මන්ද මටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියල :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :shocked::shocked::shocked::shocked::shocked:

    2005 මම අපේ මුළු පව්ලම එක්ක ඔකුන්ගේ මගුලක ගියා බන් ඕස්ට්‍රේලියා

    මැලේසියාව කියන්නේ තනි තම්බි ආකාරයක්

    නදකින්
    :(:( ekane ban mama hithanne mun ikmanatama bankoloth wei wage :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හ්ම්ම් ඔය පොත එන්න කලිනුත් උන් කියල තිබබා පොත ආවට පස්සේ ලොකු වෙනසක් වෙයි කියල. අනේ මන්ද මටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියල :dull:
    හ්ම්ම් ලොකු වෙනසක් වෙයි වගේ
    බලාගෙන ඉද්දී මුන් වැටෙයි කියලයි මට හිතෙන්නේ :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;16828838 said:
    මටනම් හිතෙන්නේ මුන් ඔය පොත විකුණගන්න කරන වැඩක් කියල ..
    ඔව් බන් එක කියන්නත් බැ :nerd:හැබැයි එහෙම නම් ලියපු එකාට පස්සේ වහා කන්න වෙයි :eek::eek:නේ ;)