ගුවන් යානයක සිදු වූ සිද්ධියක්....!

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    ගුවන් යානයක සිදු වූ සිද්ධියක්....!

    මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.
    ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් සිටියෝය.. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත පැමිනියාය.. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි.ඔහු දුටු ඇය කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.

    "ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය..
    "ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්,මට මේ Seat එකේ වාඩි වෙන්න බෑ,මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය.
    "තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.
    "මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ,මම Captain එක්කත් Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"
    සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය
    "අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න""
    මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.
    මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව
    "ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා,එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි පැවසුවාය.
    මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට විය.,සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.



    Found from FacE BooK
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    11.gif
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    Patta rep denna behellu ne "You must spread some Reputation around before giving it to HSgems again."
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජාතිවාදය ඉතාම නරකයි. නමුත් යම් කිසි මනුස්සයෙක් ළඟ මනුෂ්‍යත්වයට නිගා දෙන යම්කිසි ගතියක් හෝ ලක්ෂණයක් තියෙනවා නම් ජාතිය ආගම නොබලා එයට විරුද්ධ විය යුතුයි.