ගුවන්_යානයක්_බිම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගුවන්_යානයක්_බිම්

ගුවන් යානයක් කුරුලු රෑනක ගැටේ: හදිසි ගොඩබෑමකින් මගීන් 23 දෙනෙකුට තුවාල



_108321603_b1e416cf-453f-4aa8-a92c-54d3a5a6ca1d.jpg





පියාසර කිරීම ආරම්භ කර මඳ වේලාවකින් ලිහිණියන් රෑනක ගැටීමෙන් පසු එන්ජින්වල යාන්ත්‍රික දෝෂයක් හටගෙන ඇත


රුසියානු මගී ගුවන් යානයක කුරුල්ලන් රෑනක් ගැටීමෙන් එම යානය හදිසියේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ඉරිඟු වගා බිමකට ගොඩබැස්වීමට සිදුව තිබේ. මෙම හදිසි ගොඩබැස්වීමේදී පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේ එහි එන්ජිම ක්‍රියාවිරහිතව තිබූ බවට සැක කරන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. යූරල් ගුවන් සමාගමට අයත් එයාර්බස් 321 මාදිලියට අයත් අදාළ ගුවන් යානය මොස්කව් සිට ක්‍රිමියා නගරය කරා පියාසර කිරීම ආරම්භ කර මඳ වේලාවකින් ලිහිණියන් රෑනක ගැටීමෙන් පසු එන්ජින්වල යාන්ත්‍රික දෝෂයක් හටගෙන ඇත. රුසියානු රාජ්‍ය මාධ්‍ය මෙය හඳුන්වා තිබුණේ, "ප්‍රාතිහාර්යයක්" ලෙසය.


_108321625_mediaitem108321605.jpg



ගුවන් යානයට දැඩි හානි





ගුවන් සමාගම ප්‍රකාශ කළේ, එම ගුවන් යානයට දැඩි හානි සිදුව ඇති අතර එය යළි භාවිතයට ගත නොහැකි බවය. මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරේ.
යානයෙහි ගැටුණු කුරුල්ලන් එහි එන්ජිම තුළට ඇදී ගොස් ඇති බව වාර්තා වන අතර එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය ද ඇතුළුව මගීන් 233 දෙනෙකු සිට තිබිණි. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත්තේ, වහා ම යානය ගොඩබැස්වීමටය. නම සඳහන් නොකළ ගුවන් මගියෙකු රුසියානු රූපවාහිනී නාලිකාවකට පැවසුවේ, ගුවන් යානය පියාසාර කරවීම ආරම්භ කළ පසු දැඩි ලෙස දෙදරීමට පටන් ගත් බවය. "ගුවන් යානයේ දකුණු පැත්තේ ලයිට් පත්තු වෙන්න පටන් අරන් තත්පර පහකට පස්සේ මොනව හරි පිච්චෙන සුවඳක් දැනුණා. ඊට පස්සේ ගුවන් යානය ගොඩ බෑවා. ඊට පස්සේ ඒකෙ හිටිය හැමෝම පැනල දිව්වා," ඔහු පැවසීය. රෝසාවියාට්සියා නමැති ගුවන් ප්‍රවාහන ඒජන්සිය පැවසුවේ, සුකෝව්ස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඉරිඟු වගා බිමකට ගුවන් යානය ගොඩබැස්වූ බවය.





_108321626_40301b47-bc50-49ac-b40f-567c605b775c.jpg

සුකෝව්ස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඉරිඟු වගා බිමකට ගුවන් යානය ගොඩබස්වා තිබිණි




යානය ගොඩබැස්වීමෙන් පසුව මගීන් ඉන් ඉවත් කෙරුණු අතර, තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන ගොස් තිබිණි. සෙසු මගීන් යළිත් ගුවන් තොටුපළ වෙත ගෙන ගොස් තිබේ. මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ මගීන් අතර දරුවන් පස් දෙනෙකු ද සිටින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. ටාස් පුවත් සේවය සමග අදහස් දක්වමින් යූරල් ගුවන් සේවයේ අධ්‍යක්ෂ ජනරාල් කිරිල් ස්කූරටොෆ් පැවසුවේ, සිය ගමනාන්තය දක්වා යළි ගමන් කිරීමට අවශ්‍ය මගීන් වෛද්‍ය පරීක්ෂණයකින් පසුව වෙනත් ගුවන් යානා වෙත යොමු කරන බවය. ගුවන් යානාවල කුරුල්ලන් ගැටීම ගුවන් සේවා නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවකි. ඇමෙරිකාවේ පමණක් සෑම වසරකදී ම එවැනි ගැටීම් දහස් ගණනක් වාර්තා වෙයි. කෙසේ වෙතත්, එවැනි ගැටීම්වලින් ගුවන් යානාවලට හානි සිදුවීම් හෝ ගුවන් අනතුරු වාර්තා වීම දුර්ලභය.





BBC NEWS
 
  • Like
Reactions: Yastysan

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මං හිතුවේ මත්තල ට ආපු එකක් කියලා ...මොනරු ඉන්නවා කියපු මත්තල වත් ඔහොම වෙලා නෑනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    _108321626_40301b47-bc50-49ac-b40f-567c605b775c.jpg


    එකත් උන්ට මාරු අද්දැකීමක් වෙන්න ඇති නේද?
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එංජිම ක්‍රියා විරහිත වී තිබූ බවට සෞඛ්‍ය බලධාරීහු සැක කරල ලු......