ගුවන්_යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජිම
පණගන්වා තිබූ ගුවන් යානයක් ඉදිරියෙන් ගමන් කළ ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සේවකයෙක් එන්ජිමක් ඇතුළට ඇදීයන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
අනතුර වාර්තාවෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් 'එල් පාසෝ' අන්තර්ජාතික ගුවන්තොටුපළින්. ඒ පසුගිය සඳුදා.
ගුවන්තොටුපළ සේවකයා බෝයිං 737 වර්ගයේ යානයේ එන්ජිමක් ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී එක්වරම එන්ජිම ඇතුළට ඇදීගොස් තිබෙනවා. ඒ සමග එන්ජිම ගිනිගෙන ඇති අතර මස් කැදලි සහිතව විශාල දුම් ජාලාවක් අනෙක් පසෙන් පිටවෙන අයුරු දක්නට ලැබෙයි.
අංක 1515 දරන යානය - හුස්ටන් හි බුෂ් අන්තර්ජාතික ගුවන්තොටුපළට පිටත්වීම සඳහා සුදානම්කරමින් තිබියදී අනතුර සිදුවූ බව බලධාරීන් පවසා ඇත.
බෝයිං 737 යානයේ මගීන් 114 ක් සහ කාර්යමණ්ඩලයේ 5ක් එම අවස්ථාවේ ගමන සඳහා සුදානම්ව සිට තිබේ.
ඇමෙරිකාවේ නිරිත දිග කලාප ගුවන්කටයුතු පිළිබඳ ඔක්ලහෝමා හි කාර්යාලය පවසා ඇත්තේ යානයෙහි සැපයුම් කරුවෙකු විපතට පත් වූ බවයි.
ඛේදවාචකය පිළිබඳ සේවකයාගේ ඥාතීන්වෙත සමාගමේ නිල ශෝකය පළකර තිබේ.
ගුවන් සමාගම පෙන්වා දෙන්නේ මෙවැනිම අනතුරු මීට පෙරද ලොව සිදුව ඇති බවයි.
ඇමෙරිකානු 'ජාතික ප්රවාහන ආරක්ෂක මණ්ඩලය' නිවේදනය කර ඇත්තේ ටෙක්සාස් 'එල් පාසෝ' අන්තර්ජාතික ගුවන්තොටුපළ ඛේදනීය සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා කණ්ඩායමක් පිටත්කර ඇති බවයි.
ගුවන් යානය ඉදිරියෙන් ගමන් කළ අයෙක් එන්ජිම ඇතුළට ඇදීගොස් කෑළිවලට ඇඹරෙයි