ගුවන්_විදුලිය_සොයාගත්තේ_මාකෝනි_නොවේ!
ගුවන් විදුලිය සොයා ගත්තේ මාකෝනි නොවේ!
අපි කුඩා කල සිටම අසා ඇත්තේ ගුවන් විදුලියේ නිර්මානකරුවා මාකෝනි ලෙසයි, එය සැබවින්ම එසේ නොවේ, එය තවත් බොහෝ ඉතිහාසික වැරදි ගොන්නෙහි තවත් එකකි.
ගුවන් විදුලියේ සම්ප්‍රේශනය(ට්‍රාන්ස්මිශන්) සහ ග්රහනය(රිසීවිං) රඳාපවතින ප්‍රධාන සොයාගැනීම් කිසිවක් මර්කෝනි ට අයත් නොවේ, ඒ සියල්ල නිකොලොස් ටෙස්ලා ගේ නිර්මානයන් වේ. ඔහු ඉතාම දස්ක්මක් තිබුනු පර්යේෂකයෙක්,ගුවන් විදුලි තාක්ෂනය සඳහා පාදක කරගන්නා ටෙස්ලා කොයිල්,රොටරි ස්පාක් ගැප්,ලම්ප් රෙසොනන්ස්,කැපෑසිට එනජි ස්ටෝරේජ්, පොලොවට සම්බන්ද ඇන්ටෙනා කියන දේ ටෙස්ලා ගේ සොයා ගැනීම්.
මේ සියල්ල දැනගෙනත් ටෙස්ලා ගුවන් විදුලි නිර්මානය ගන නොසිතුවේද? නැහැ, ඔහු සිතුවා,හැබැයි හැම විටම වගේ ටෙස්ලා හිතුවේ මහා පරිමානයෙන්, එනම් ඔහුගේ උත්සාහය තිබුනේ ලෝකයටම එක සම්ප්‍රේෂන මධ්‍යස්තානයක ඉඳලා මුලු ලෝකයටම සම්ප්‍රේෂනය කරන්න.එහෙම බලද්දි පෙනෙනවා ගුවන් විදුලිය කියන අදහසවත් මාකෝනිට අයිති නැති බව.
හැබැයි මාකෝනිට ගුවන් විදුලියට අදාලව නොබෙල් සම්මානයත් ඒ සමග මහා විශාල මුදලකුත් අයිති වෙනවා. අනිත් කාරණය ටෙස්ලා මේ සංකල්පයට එළඹෙන්නේ අධි සංඛ්‍යාත විදුලි සම්ප්‍රේෂනය සඳහා කරන ලද පර්යේශන ඔස්සේ.මාකෝනි ගුවන් විදුලිය සඳහා පේටන්ට් අයිතියද උරුම කරගන්නවා.ටෙස්ලා කියන්නේ සම්මත පිලිවෙලට ගොඩ නැගුනු විද්‍යාඥයෙක් නොවෙයි, ඔහු සිය ඥානය මෙහෙයවපු පර්යේෂකයෙක්, ඒ නිසා තමාගේ නිර්මාන කවර ආකරයකට සමාජ ගත කල යුතුද කියලා ඔහුට ඒ හැටි විනිශ්චයක් තිබුනේ නැහැ, සාමාන්‍යයෙන් අද වගේම එකලත් කලේ තමා අලුත් යමක් සොයා ගත් පසු ඒක පිලිගත් ජ’නලයක පල කරවා ගැනීම, ටෙස්ලා කලේ මේක නොවෙයි,තමා සොයා ගන්නා දේවල් ඒ ඒ වෙලාවට දේශනවලින් සමාජ ගත කිරීම, ඒ නිසා ඔහුගේ සොයා ගැනීම් සොරා ගැනීමට වෙනත් අයට අවස්ථාව ලැබුනා.
මාකෝනි තමන්ගේ නිර්මාණය කොල්ල කෑම ගැන ටෙස්ලා වද වුනේ නැහැ, මාකෝනි තමන්ගේ නිර්මානයටම පේටන්ට් ලබා ගත්තා කියලා විතරක් ඔහු සඳහන් කරලා තිබෙනවා, ඉන් එහාට ඒ පිලිබඳ උසාවි ක්‍රියාමාර්ග ගන්නට ටෙස්ලා උත්සාහ කරලා නැහැ, අවසානයේ ටෙස්ලා මිය යන්නේ තමන්ගේ පර්යේෂන වලට වියදම් කිරීමට මුදල් වත් නැතුව.(ටෙස්ලා හැම විටම කලේ එක සොයා ගැනීමක් කරලා එහි අයිතිය විකුනලා ඊලඟ පර්යේෂණයට මුදල් සොයා ගැනීමයි )
පසු කාලෙක ටෙස්ලා ගේ පවුලේ ඇත්තෝ මෙහි අයිතිය සම්බන්දයෙන් නීතිය ඉදිරියට යනවා, ඒ වෙද්දි මාර්කෝනි කියන්නේ අප මේ කතා කරන නිර්මානය නිසාම අති විශාල ධනස්කන්ධයක් උපයාගත්තෙක්, ඒ මුදල් ආයෝජනය කරලා ඔහු ධන කුවේරයෙක් වෙලා හිටියා, පේටන්ට් නඩු සම්බන්ධයෙන් එවකට තිබූ ප්‍රසිද්ධ රහසක් නම් වඩා බරැති පසුම්බිය සහිත පැත්තට තරාදිය බර වීමයි.ඒ අනුව ටෙස්ලා පාර්ශවය පරාජය වෙනවා.
නමුත් 1942-43 දී අමෙරිකානු ශ්රේෂ්ඨාදීකරණය ඉහතදී නිකුත් කරපු නියෝගය සංශොධනය කරලා ගුවන් විදුලි තාක්ශණයේ අයිතිය ටෙස්ලාට හිමි කර දෙනවා.
ඔබ සහ මම පාසල් යන්නේ 42න් පස්සේ නේ නේද? එසේනම් අප ලවා ගුවන් විදුලියේ අයිතිය මාර්කෝනිට ලබා දුන්නේ කවුද?
උපුටා ගැනීම - http://widanarala.blogspot.com/2011/09/blog-post.html