ගුවනේ දැවැන්තයෝ-3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවනේ දැවැන්තයෝ-3

    rXPiEiP.jpg

    ගුවනේ දැවැන්තයෝ ලිපි පෙලේ අවසන් ලිපිය ඉදිරිපත් කරන්නයි මේ සැරසෙන්නේ.සාමාන්‍යයෙන් ගුවන් යානා විශාල පියාපත්,කඳක්,වල්ගයක් සහිත නිර්මාණය කිරීම එතරම් පුදුමයට පත්වන දෙයක් නොවන්නට පිලිවනි.නමුත් එතරම් විශාලව හෙලිකොප්ටර් නිර්මාණය කල හැකිද?අවසාන ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ලොව විශාලතම හෙලිකොප්ටර් යානා කිහිපයක් ගැන විස්තරයකි.


    NH90 වර්ගයේ හෙලිකොප්ටරයක් Bracciano විලට(ඉතාලියේ) කඩා වැටෙන අයුරු

    TDYlXWG.jpg




    කොලොම්බියා හෙලිකොප්ටර් සමාගමේ හෙලිකොප්ටරයක් භාණ්ඩ කිහිපයක් ඔසවන්නට උත්සාහ කරමින්(ඇලස්කාව )​

    lsmIYCu.jpg




    ගුවන් යානා මෙන් නොව හෙලිකොප්ටර් වල විශාලත්වය සම්බන්ධ සංග්‍රාමය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භ විය.1950 දශකයේ පටන් විප්ලවකාරී හෙලිකොප්ටර් මොඩලයන් නිර්මාණය කිරීමට සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන ලදි.හමුදාමය අවශ්‍යතා වෙනුවෙන් සේම සිවිල් අවශ්‍යතා සඳහාද අධික බරැති ද්‍රව්‍ය එසවීමේ අවශ්‍යතාවයන් පැනනැගුණි.එක්සත් ජනපදයේ බොයින් සමාගමේ චිනූක්(Boeing Chinook) හෙලිකොප්ටරය ඊට උදාහරණයකි.


    1954 වසරේ පළවූ සඟරාවක තිබූ බොයින් සමාගමේ භ්‍රමක දෙකක් සහිත හෙලිකොප්ටරය.​

    gmExAHv.jpg




    චිනූක් යානයේ දියුණු කල සංස්කරණ ලොව පුරා රටවල භාවිතා කරයි.නූතන බොයින් චිනූක් හෙලිකොප්ටරයකට රාත්තල් 28,000ක බරක් එසවිය හැකිය.එය ටොන් 14ක බරකි.


    Vy3GrVu.jpg





    බොයින් Boeing CH-47 Chinook යානා හමුදා සහ සිවිල් කටයුතුවලදී යොදාගන්නා අයුරු

    05quk86.jpg






    සෝවියට් යෝධයා - MI-6

    MI-6 හෙලිකොප්ටරය 1950 දශකයේ අග භාගයේ හඳුන්වා දුන්නකි.රුසියානු ගුවන් හමුදාව මෙය 2002 වසර තෙක් පාවිච්චියට ගෙන තිබේ.මෙම යානය තනි භ්‍රමකයකින් සමන්විත වූ අතර ඊට ටොන් 12ක බරක් ඔසවාගෙන යා හැකිවිය.

    TOBp3Uy.jpg


    0SFpjX9.jpg


    9yZrQXW.jpg




    සෝවියට් නිෂ්පාදනයක් වූ MI-10 හෙලිකොප්ටරය, MI-6 යානයේ වැඩි දියුණු කිරීමකි.1960 දී හඳුන්වා දුන් මෙය තවමත් භාවිතයට ගැනේ.මෙහි විශේෂත්වය දැවැන්ත පාද හතරක් තිබීමයි.එම පාද කෙලවර රෝද සවිකර තිබේ.

    WDkW1DE.jpg


    QA4XRMU.jpg


    MKkTVme.jpg


    7Nx6zKS.jpg


    jgy8dWW.jpg




    ඇමෙරිකා එක්සත් ජනපදය සතුවද සෝවියට් MI-10 යානයට නොදෙවෙනි දැවැන්ත හෙලිකොප්ටරයක්(Hughes XH-17) තිබිණි.නමුත් එය හඳුන්වා දී වසර කිහිපයකින් පසුව අතහැර දමන ලදි.(1950 දශකයේ මැද භාගයේදී)මෙහි භ්‍රමකයේ තටු අඩි 135ක් දිගින් යුක්ත වූ බවයි පැවසෙන්නේ.

    Sj4BZaf.jpg


    QkxkWmz.jpg




    මෙය 1960 දශකයේදී හඳුන්වා දුන් CH-54 Tarhe හෙලිකොප්ටරයකි.මෙවැනි යානා 105ක් එක්සත් ජනපදය විසින් නිපදවා තිබෙන අතර ඔවුන් ඒවා 1991 වසර තෙක් භාවිතා කර තිබේ.​

    CsQ6nYX.jpg


    7OmxBQd.jpg




    CH-54 Tarhe හෙලිකොප්ටරයක් මගින් F-4 Phantom II ගුවන් යානයක් ඔසවාගෙන යන අයුරු පහත දැක්වේ.​

    7zBPzxZ.jpg




    මෙහි පෙන්වා තිබෙන්නේ සිරස්ව ගුවන් ගතවන ලොව පළමු මගී ගුවන් සේවය වෙනුවෙන් යොදාගත් හෙලිකොප්ටරයයි.මෙය 1962දී අතහැර දමන ලදි.​

    JV892tx.jpg






    ලොව විශාලතම හෙලිකොප්ටරය - Mil V-12

    මෙතෙක් කාලයකට ලොව නිපදවා ඇති විශාලතම හෙලිකොප්ටරය වන්නේ Mil V-12 යානයයි.එය සෝවියට් නිෂ්පාදනයකි.1968 දී මෙය පලමු සාර්ථක ගුවන් ගමන සිදුකර තිබේ.​

    TLHXCtJ.jpg


    AgtqdZk.jpg


    5sjBpGy.jpg


    PCtxDqx.jpg





    Mil V-12 යානයේ විශාලත්වය අවබෝධ කරගැනීමට පහත රූපයම ප්‍රමාණවත් වේවි.

    wTvWsly.jpg


    1969 අගෝස්තු මස 6 වෙනිදා Mil V-12 හෙලිකොප්ටරය මගින් කිලෝ ග්‍රෑම් 44205 බරක් මීටර් 2255ක් උසට ඔසවන ලදි.එම වාර්තාව බිඳ හෙළීමට තවමත් කිසිදු හෙලිකොප්ටරයකට හැකියාව ලැබී නැත.





    දැනට භාවිතා කරන ලොව විශාලතම හෙලිකොප්ටරය - Mi-26

    Mi-26 හෙලිකොප්ටරය සෝවියට් නිෂ්පාදනයකි.1983 දී හඳුන්වා දුන් එය තවමත් භාවිතා කරයි.මෙම Mi-26 යානයේ මගීන් 70ක් පමණ ගෙන යාහැකිය.

    hJuEIJi.jpg


    zWiJXNN.jpg




    ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරය සහ රුසියානු Mi-26 හෙලිකොප්ටරය සංසන්දනය කිරීම​

    6svAXZT.jpg





    රුසියානු Mi-12 සහ Mi-26 හෙලිකොප්ටර්

    KxXosiI.jpg





    Mi-26 හෙලිකොප්ටරයකින් තවත් රුසියානු හෙලිකොප්ටරයක් වන Mi-10 යානයක් රැගෙන යන අයුරු.වම්පස දැක්වෙන්නේ ඇමෙරිකානු CH-54 හෙලිකොප්ටරයකි.

    3uClrtO.jpg





    Mi-26 යානයේ ප්‍රධාන භ්‍රමකය සහ ගියර් පෙට්ටිය

    mt18B5O.jpg





    ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු CH-54 යානයක් ඔසවාගෙන යන රුසියානු Mi-26 හෙලිකොප්ටරයක්.වම්පස:මුදා ගැනීමේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්

    BkkH58B.jpg




    2003 වසරේ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුමක නිරතවන CH-54 යානයක්​

    Wg02ytu.jpg





    අනාගතයේ එන හෙලිකොප්ටර්

    ABHIxv2.jpg



    රුසියානු ස්ටෙල්ත් වර්ගයේ හෙලිකොප්ටරය

    kzLaols.jpg





    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19395591 said:
    mage topic 1 welawaka dapan macho

    රුසියන් විප්ලවේ / කාම්බෝජයේ යුද්දය සහ පොල්පොර්ට්ගේ පාලන කාලය /නිදහසින් පසු ආ සිංහල දනපති පන්තිය /යුරෝපයේ ඇතිවුණු පුනුරුද යුගය



    මේක නේ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සුපිරි මචන්.. ඉගාවට මොනවා ගැනද දාන්නේ??

    නාසි ජර්මනිය සහ හිට්ලර් වටා ගෙතුණු කතන්දර(මිත්‍යා/conspiracy theories) අවුලක් නෑනේ?

    බිස්මාක් දඬයම(මේක නම් ෂුවර් නෑ :oo: )
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් ඔක තමයි ඔක යුද්දට එහා ගිය කතාවක් ඔතන තියනවා එවාගෙම හොද කතාව්ක් උබට් ගන්න පුලුවන් ඇමරිකාවෙ සිවිල් යුද්දය ඇමරිකාවෙ 120000 මැරුනු එ කතාවත් ගොඩක් ලස්සන ටොපික් එකක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නාසි ජර්මනිය සහ හිට්ලර් වටා ගෙතුණු කතන්දර(මිත්‍යා/conspiracy theories) අවුලක් නෑනේ?

    බිස්මාක් දඬයම(මේක නම් ෂුවර් නෑ :oo: )

    සුප්පා.:cool::cool: නියමයි මචං.. දාපන් මචං..

    ඇත්තටම උඹ හෙන මහන්සියක් වෙනවා නේ මේවා ලියන්න.. ගොඩක් පින් උඹට,,:yes:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මාත් පට්ට ආසයි බන් දෙවනි ලෝක යුද්ධය ගැන කියවන්න :) හරියට මම ඒකාලෙ හිටිය වගේ :love: .පුලුවන්නම් normandy ගැනත් දාමු, WWII එකේ turning point එකක්නෙ :cool: .මමත් හිතන් ඉන්නවා බන් WWII එකේ පාවිච්චි කරපු fighters ගැන විස්තර ටිකක් දාන්න.වෙලාවක් නෑනෙ බන් :confused:

    උඹ නිසා අලුත් විස්තර සෑහෙන දැනගත්තා මචන් :)
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මමත් හිතන් ඉන්නවා බන් WWII එකේ පාවිච්චි කරපු fighters ගැන විස්තර ටිකක් දාන්න.වෙලාවක් නෑනෙ බන් :confused:

    දාපන්කෝ අපිටත් දැන ගන්න ආසයි.:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුපිරි මචන්.
    උඹ එක දිගට පට්ටම ලිපි ගොඩක් දැම්මනේ මචන්.
    පට්ටම වටිනවා.නොදන්නා සෑහෙන දේවල් ගෙනගත්තා මචන්.
    උඹ දාපු තව ලිපි 2-3ක් තියෙනවා තවම බලන්න උනේ නෑ.ඒ ටිකත් බලන්න ඕනේ :yes:
    වටේ ගිහින් එන්නලු බන් රෙප් වලට :baffled: