ගූගල් දෙවියන් කෝප වෙලා

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ගූගල් දෙවියන් කෝප වෙලා

    මේ කාටවත් කරදරයක් හිංසාවක් නැතුව බ්ලොග් එක ලියාගෙන ඉන්න මටත් වෙන්නේ පුදුමම දේවල් තමයි.. කාලයක් දාන පෝස්ට් බ්ලොග් රෝල් එකට අප්ඩේට් නොවි තිබුනා.. එක පාරක්නම් බැරියෑ.. තුන් පාරක්ම.. අපේ මලයා එක්ක එකතු වෙලා ඕක අමාරුවෙන් හදාගෙන සාමයෙන් සතුටින් ඉද්දි මෙන්න ආයෙම අළුත් ප්‍රශ්ණයක් ඇවිත්..

    මම හැමදාම දවසට පැය 4ක්වත් මේ බ්ලොග් එක වෙනුවෙන් වැය කරනවා.. මට පෝස්ට් එකක් ලියන්න පැයක් විතර ගියාට පස්සේ අනිත් ඔක්කොම කාලය යන්නේ යාළු ඔයාලා ලියන දේවල් බලන්න.. ඉස්සරනම් ඔය කාලය මදි උනා ඒ ලිපි කියවලා ඉවර කරලා කමෙන්ට් කරන්නත්.. ඒත් මේ මාසෙකට දෙකකට විතර උඩදි ඉදන් මට කියවන්න තියෙන කාලයට කලින් මම බ්ලොග් පෝස්ට් කියවලා ඉවර කරනවා.. මුලින් ඒ තරම් ගනන් නොගත්තත් පස්සේ පස්සේ කාලය ඉතුරු වෙනාවා වඩියි කියලා මට තේරුනා.. “කට්ටිය දැං අඩුවෙන්ද ලියන්නේ..” මම එහෙමත් කල්පනා කලා.. ඒත් ඉතින් මම ඒ ගැන එච්චර හිතුවේ නෑ..

    වෙනදටත් වඩා කාලය ඉතුරු වෙන එකේ මම ඒ කාලය ගෙවුවේ මුහුණු පොතේ.. ටැග් කරලා තියෙන ෆොටො වලට කමෙන්ට් එකක් දාලා.. ස්ටේටස් එකක් අප්ඩේට් කරලා මමත් මුහුණු පොතේ වැනි වැනි හිටියා.. ආ තව මැසේජ් එවපු ගෑණු ළමයින්ටත් රිප්ලයි කලා..

    ඉතින් ඔහොම ඉන්න අතරේ මම ගොඩක් කාලෙකට පස්සේ “බ්ලොග් අවකාශයේ මිතුරෝ” කියන ගෲප් එක පැත්තෙන් ගොඩ උනා.. බොහොම කාලෙකින් තමයි ඒ පැත්තේ ගියේ.. මගේ ඇස් දෙක උඩ ගියේ ඒ වෙලාවේ තමයි.. මෙච්චර දවසක් ලිපි දන්නේ නෑ කියලා හිතාගෙන හිටපු බ්ලොග් ඔක්කොම වගේ පෝස්ට් දාලා.. මම ඒ වෙලාවෙම දිවුවා මගේ ඩෑශ් බෝර්ඩ් එකට.. ගිහින් ඒවයේ දින එක්ක මගේ ඩෑශ් බෝඩ් එක බැලුවා.. මම කියවන ඒවයෙන් බාගෙට බාගයක් අප්ඩේට් වෙලා නෑනේ..

    මම පස්සේ මගේ බ්ලොග් යාළුවෝ කීපදෙනෙක්ගෙන් මේ ගැන අහලා බැලූවා.. ඒයාලගේ නම් හරි වෙලාවට අප්ඩේට් වෙලා.. එතකොට මොකද මට උනේ?? මාරම ප්‍රශ්ණේ.. වහාම මම අපේ මලයා ඇමතුවා.. මේ ලෝකෙත් නැති ප්‍රශ්ණ ඔක්කොම එන්නේ තොට තමයි කියලා මුවින් නොකියා බැන බැන අපේ මෑන් බැලුවා ප්‍රස්නේ මොකක්ද කියලා..

    “ ඔය තියෙන්නේ ඔක්කොම්... තමුසෙට පිස්සුද?”

    එහෙම කෙලින්ම නොඇහුවට හිතින් අහන්න ඇති බව මම දන්නවා.. මලයට පේන ඒත් මට නොපෙනෙන මේ අරුමය කුමක්ද කියලා මම දහ අතේ කල්පනා කලා.. ආයෙම මලයට කෝල් කරන්න බෑ.. මොකද බැනුම් අහන්න වෙන එක ශුවර්.. ඒත් ඉතින් මේකට විසදුමක් තියෙන්නත් ඕනනේ.. මම ඒ අප්ඩේට් නොවෙන ඔක්කොම බ්ලොග් බුක්මාර්ක් කර ගත්තා.. දිනකට දෙවරක් බැගින් ඒ බ්ලොග් පැත්තේ රිංගුවා.. එතකොට යාළුවෝ තරහා වෙන්නේ නෑනේ.. ප්‍රශ්ණෙත් විසදුනා..

    සිත් ආර, අසරණයා, මතකයේ රැදුන තැන්, හිම හංසී, මහී.. ඔන්න ඔයවගේ තවත් බ්ලොග් ගොඩක් මම බුක්මාර්ක් කර ගත්තා...

    ටික දවසක් යහතින් හිටියත් ආයෙම මට නිදහසක් නැති උනා.. පෝස්ට් එකක් දාන්නත් හෙනම වදයක් විදින්න ඕන.. එක එක error මැසේජ් එනවා බ්ලොග් එකට ලොග් වෙලා ඉද්දි.. ඒත් ඉතින් හැමදේම ඉවසා දරාගෙන මම බ්ලොග් එක ලියාගෙන ආවා.. ඒත් ඉතින් ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ.. දවසක් මම අළුත් බ්ලොග් එකක් ෆලෝ කරද්දි මෙන්න මෙහෙම මැසේජ් එකක් ආවා..

    We're sorry...
    We were unable to handle your request. Please try again or return a bit later.

    කාට කියන්නද මේ දුක ඉතින්.. මුල් දවසේ නම් ගනන් ගත්තේ නෑ.. ඒත් පස්සේ තේරුනා මේකත් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් තමයි කියලා.. අඩු ගානේ මට මගේ එකේ ෆලෝ ලිස්ට් එකට ලොග් වෙන්න බෑනේ.. ටික දවසක් ඕකට විසදුම් හොයද්දි මම නිකමට වගේ FIREFOX එහෙමත් නැත්නම් ගිණි නරියාගේ උදවු පැතුවා.. මම නිකමට වගේ ගිණි නරියාගෙන් ලොග් උනා බ්ලොග් එකට..

    අළුත් බ්ලොග් එකකට ගියා.. ෆලෝ කරලා බැලූවා.. ඔය ෆලෝ වෙන්නේ අපූරුවට.. බ්ලොග් රෝල් එකට එබුනා.. බැලුවා මට අතුරුදහන් උන බ්ලොග් තියෙනවද කියලා.. ඔය තියෙන්නේ හරි අපූරුවට.. එදා දාන්න හිටිය පෝස්ට් එකත් එහෙමම ඉදන්ම දැම්මා.. ගූගල් එකේ ආපු කිසිම කරදරයක් ඒකේ ආවේ නෑ.. වෙනදට ටික වෙලාවක් පරක්කු වෙලා බ්ලොග් රෝල් එකට අප්ඩේට් වෙන පෝස්ට් එක දාපු ගමන් අප්ඩේට් උනා.. එතකොට මට මොකද වෙලා තිබුනේ?

    මේ ඊයේ තමයි අළුත්ම ආරංච්ය ආවේ.. ඒ ආරංච්ය ගෙනාවේ ලොකු පුතයි.. වින්චැට් කිරිල්ලියි.. අපි කවුරුත් බ්ලොග් එකේ අළුතින් කෙනෙක් කමෙන්ට් කලාම ඒ නම උඩ ක්ලික් කරලා මේ කවුද කියලා හොයනවනේ.. මගේ අනිත් විස්තර පෙන්නලා.. ඒත් මට බ්ලොග් එකක් තියෙනවා කියලා පෙන්නලා නෑ.. කාට කියන්නද මේ අවනඩුව?? මේ ප්‍රශ්ණේට නම් විසදුමක් නොදන්නවා උනත් කලින් ප්‍රශ්ණ නම් මම විසදගත්තා..

    ඒ කියන්නේ ගූගල් දෙයියෝ මාත් එක්ක කෝප වෙලා.. මේ අහිංසක ගැත්තා මොනා කලාටද දෙවියනේ?? බ්ලොග් මවා දුන්න ගූගල් දෙවියන්ම මට මෙහෙම කරනවානම් මේ දුප්පත් මම මොනා කරන්නද?? මම යනවා ගිණි නරියාගේ උණුසුමට.. තවත් එන්නේ නෑ ගූගල් දෙයියන්නේ හාස්කම් බලන්න.. මේ ගියාට ගිණි නරියත් මට කොච්චර කාලයක් හොදින් සළකයිද කියන්න දන්නේ නෑ.. එතකන් ඉන්නවා.. මොකද මගේ වෙලාව එච්චර හොද නෑ කියලා මං දන්නවා..









    Source:-Click Here