ගූගල් මිනිස් සිරුර ගැන දත්ත රැස් කිරීමට සš

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගූගල් මිනිස් සිරුර ගැන දත්ත රැස් කිරීමට සš

    ගූගල් සමාගම විසින් මිනිස් ශරීරය පිළිබඳ පදනම් සෞඛ්‍ය සම්මතයක් ගොඩනැගීම සඳහා පර්යේෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    බේස්ලයින් හෙවත් පදනම් රේඛාව ලෙස නම් ඇති මෙම වැඩසටහන රුධිර ප්ලාස්මාවේ ඒඞ්ස් වෛරසය අඩංගුදැයි පරීක්ෂා කිරීමට ලාභදායී සහ කාර්යක්ෂම ක‍්‍රමවේදයක් සැකසූ අණුක ජීවවිද්‍යාඥ ඇන්ඩෲ කොන්රාඞ් විසින් මෙහෙයවනු ලබයි.

    ඔහු ගූගල් හි පර්යේෂණ අංශය වන ගූගල් එක්ස් හා සම්බන්ධ වීමෙන් අනතුරුව භෞතවේදය, ජෛව රසායන විද්‍යාව, ප‍්‍රකාශ විද්‍යාව, මූර්තනය සහ අණුක ජීව විද්‍යාව වැනි ක්‍ෂේත‍්‍ර වල විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩනගා ඇතැයි පැවසේ.

    මෙම පර්යේෂණය සඳහා පුද්ගලයන් 175 දෙනෙකුගේ රුධිරය, ඛේටය, කඳුළු සහ මුත‍්‍රා ආදිය රැස් කරගන්නා අතර එමගින් එම පුද්ගලයන්ගේ ප‍්‍රවේණික ඉතිහාසය සහ පරිවෘත්තීය ක‍්‍රියා පිළිබඳ අධ්‍යනය කරනු ඇත.

    එමගින් මිනිසකුගේ සාමාන්‍ය ජීව විද්‍යාත්මක තත්වයන් තීරණය කිරීමෙන් පසුව රෝගී තත්වයක් පිළිබඳව දැනගත හැකි මුල්ම අවස්ථාවේ ශරීරය වෙනස්වීම් නිරීක්ෂණය කිරීමටත් ඒවා නිවාරණය සඳහා ජීවන රටාව වෙනස් කරගැනීම ආදී වැඩසටහන් අදාළ පුද්ගලයා වෙත යෝජනා කිරීමටත් හැකිවන බව කොන්රාඞ් විසින් පවසා තිබේ.

    කෙසේවෙතත් පුද්ගලයන්ගේ ප‍්‍රවේණික වාර්තාවක් සැකසීම පුද්ගලිකත්වයට බරපතල ප‍්‍රහාරයක් විය හැකි බවද විචාරක අදහසයි.


    හද්ද උපුටා ගැනීමකි-lankacnews
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    Google hama pathennma dan...bayeth ba mun mokata eida kiyanna bane...paraval asse phone asse..hama reddema mun allagena data collect krnava