ගූගල් සමාගම ( Google )

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අප කවුරුත් හොඳින් දන්නා Google හි ආරම්භකයන් වන්නේ, 1996 දී එවකට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ (Stanford University , California.) පශ්චාත්
    අධ්‍යන සිසුන් (PhD) දෙදෙනෙකුවූ Larry Page(වයස 22) සහ Sergey Brin(වයස 21) ය. ඔවුන් තම පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස මෙය අරඹන ලදි.

    එවකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවල (Web search engines) භාවිතා වූ ක්‍රමයට වඩා වෙනස් වූ නව ක්‍රමයක් වූ PageRank ක්‍රමය ඔවුන් හඳුන්වා දෙන ලදි.

    පලමුව මෙම සෙවුම් යන්ත්‍රය "BackRub" ලෙස නම් කරන ලදි. පසුව එහි නම "googol" ලෙස නම් කිරීමට අවශ්‍ය වුවත් අකුරු ගැලපීමෙදී වූ අත්වැරදීමක් නිසා එය "google" බවට පත් විය. Google සෙවුම් යන්ත්‍රය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ වෙබ් පිටුවෙහි google.stanford.edu සහ z.stanford.edu යන domain යටතේ භාවිතය ඇරඹ්නි.


    Larry page සහ Sergey Brin Google යන domain නාමය 1997 සැප්තැම්බර් 15 දින ලියාපදිංචි කරන ලද අතර, 1998 සැප්තැම්බර් 4 දින කැලිෆෝනියාවේ Manlo park හි සිය මිතුරෙකු ගේ නිවසේ ගරාජයක ප්‍රථම කාර්යාලය පිහිටවන ලදි. මේ සඳහා Sun Microsystems හි සම-ආරම්භකයෙකු වූ Andy Bechtolsheim මහතා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් මූල්‍ය ආධාරයක් පිරිනැමීය. පලමු සේවකයා ලෙස බඳවා ගනු ලැබුවේ එවකට සමකාලීන ස්ටැන්ෆර්ඩ් පශ්චාත් අධ්‍යන සිසුවකු වූ Craig Silverstein ය.

    1999 දී Larry සහ Brin ගූගල් සමාගම ඇමරිකානු ඩොලර් මිලියනයකට Excite නම් සමාගමකට විකිනීමට උත්සාහ කලද Excite සමාගම එය මිලට ගැනීමට කැමැත්ත පලකර නැත.

    2011 මැයි මාසයේ දි ඉතිහාසයේ ප්‍රථම වතාවට මසක් තුල Google භාවිතා කල ප්‍රමාණය බිලියනය ඉක්මවන ලදි.

    Google ප්‍රධාන කාර්යාලය වන "Googleplex " ඇමරිකාවේ Mountain View, California හි පිහිටා ඇති අතර ලෝකයේ රටවල් 40 කට වැඩි ප්‍රමාණයක Google කාර්යාල 70 කට අධික ප්‍රමාණයක් පවතී. 40,000 කට වඩා සේවක පිරිසක් ලොවපුරා Google ආයතන වල සේවය කරයි.

    ගූගල් ඉතිහාසයේ විශේෂ අවස්ථා.

    2000
    Google AdWords හඳුන්වා දීම.
    Google Toolbar හඳුන්වා දීම.

    2001
    ප්‍රථම මිලදී ගැනීම ලෙස "Deja.com" ගෙන වැඩි දියුනු කර Google Groups එලිදක්වයි.
    Google Images හඳුන්වා දීම.
    ප්‍රථම අන්තර්ජාතික කාර්යාලය ජපානයේ ටොකියෝ නුවර ඇරඹීම.

    2002
    Google News හඳුන්වා දීම.
    Froogle හඳුන්වා දීම. (2012 සිට මෙය Google Shooping ලෙස වෙනස් විය)

    2003
    Blogger නිර්මාණය කල Pyra Labs සමාගම මිලදී ගනී.
    Google Print (වර්තමාන Google Books) හඳුන්වා දීම.

    2004
    "Orkut" අන්තර්ජාල මිතුරු හවුල අරඹයි.
    Googleplex ප්‍රධාන කාර්යාලය අරඹයි.
    Gmail හඳුන්වා දීම.
    Picasa ආයතනය මිලදී ගනී.
    Google Earth ලෙස පසුව වෙනස් කල Keyhole සමාගම මිලට ගනී.
    Google Scholar-beta හඳුන්වා දීම.
    Google SMS සේවාව හඳුන්වා දීම.

    2005
    Google Maps, Google Talks ,Google Earth, Google Analytics එලිදක්වයි.

    2006
    Google Finance , Google Calendar , Google Translate, Google Trends, Google Docs එලිදක්වයි.
    Oxford ඉන්ග්‍රීසි ශබ්දකෝශය "Google" ක්‍රියා පදයක් ලෙස ඇතුලත් කරයි.
    Youtube මිලදී ගනී.

    2007
    Android මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීම.

    2008
    Android මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම දුරකථනය T-Mobile සමාගම එලිදක්වයි.
    " DoubleClick" ආයතනය මිලදී ගනී.
    Google Chrome එලිදක්වයි.

    2009
    Google Voice හඳුන්වා දෙයි.

    2010
    පලමු Google Nexus දුරකතනය හඳුන්වා දෙයි.

    2011
    පලමු Google Chromebook එලිදක්වයි.
    Google+ අන්තර්ජාල මිතුරු හවුල එලිදක්වයි.

    2012
    Android වෙලඳපොල Google Play අරඹයි.
    Google Drive එලිදක්වයි.
    Motorola දුරකතන සමාගම මිලට ගනී.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    2014
    Motorola දුරකතන සමාගම විකුණා දමයි .