ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීම

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීම

    ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්

    ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
    එය නම් කර ඇත්තේ kitty hawk නමිනි.
    වඩාත් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති මෙම පියාඹන මෝටර් රථය දැනට පර්යේෂණ ගමන් වාර 1500 ක් පමණ කර ඇත.
    මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසති.
    බර කිලෝග්‍රෑම් 100 ක් පමණ වන මෙම රථයට පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකිය.
    මෙම පියාඹන මෝටර් රථය මෙහෙයවීම සඳහා ගුවන්යානා පැදවීමේ බලපත් අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයින්ට විනාඩියක කාලයක් ඇතුළත එය පදවන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් නිෂ්පාදන සමාගම සඳහන් කර සිටී.
    ඇමරිකාව තුළ මෙම පියාඹන මෝටර් රථය ධාවනය කිරීම සඳහා මේ වන විට අවසර ලැබී ඇති නමුත් එහි මිල මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    image_da1bc9cce5.jpg


    image_5132087ee3.jpg


    ඩේලිමේල් ඇසුරෙනි
    සැකසුම - නිසංකා සංදීපනි
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මම මුලින්ම ඩ්‍රෝන් එකක් දැකපු දවසෙ හිතුවා කවදා හරි අපිටත් නැගලා යන්න පුලුවන් එකක් අපේ ජීවිත කාලේ ඇතුලත එයි කියලා. දන් ඒක සැබෑ වෙන බව මේකෙන් පේනවා. එහෙම උනොත් අපිටත් කුරුල්ලො වගෙ පියාඹලා යන්න පුලුවන්...
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    අපිටත් කුරුල්ලො වගෙ පියාඹලා යන්න පුලුවන්...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම මුලින්ම ඩ්‍රෝන් එකක් දැකපු දවසෙ හිතුවා කවදා හරි අපිටත් නැගලා යන්න පුලුවන් එකක් අපේ ජීවිත කාලේ ඇතුලත එයි කියලා. දන් ඒක සැබෑ වෙන බව මේකෙන් පේනවා. එහෙම උනොත් අපිටත් කුරුල්ලො වගෙ පියාඹලා යන්න පුලුවන්...

    හොඳයි කියන්න බලන්න ඩ්රෝන් එක මුලින්ම නිපදවූයේ කව්ද???