ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,001
    93
    Colombo
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.


    Okata thiyana hondama method eka thama mokahari honda app 1k hari pothak aran hari maseta yana wiyadama aduwak nokara liyapan , ehema kalam next month eke idea 1k ganne puluwan wadiyen yana dewal, eka bala adu karaganne balanne , anika Keela, SPar, Cargills wage nathiwa podi place balapan, Example widiyata polata ehema giyama cost eka adui , puluwan tharam Thoga kada walin ganne ewage adui
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    960
    1,148
    93
    1. Money manager - Realbyte කියන app එක දාගන්න
    2. ඒ ඒ දවසට හැම වියදමක්ම (අන්තිම රුපියලටම) enter කරන්න. ආදායම් ටිකත් enter කරන්න.
    3. මාස කීපයකට පස්සෙ summary එක බලන්න.
    4. ඒක බලලා ඊළඟ මාසෙ plan කරන්න
    මේකෙ categories වලට හාල්, අනිත් උයන දේවල්, පෙට්‍රල්, phone/Internet, short eats, electricity bills, වතුර බිල්, medical ඔය විදිහට වෙන වෙනම දාන්න. (මේ කියන තරම් අමාරු නෑ)

    එතකොට මාස කීපයකට පස්සෙ හරියටම දැනගන්න පුලුවන් මොන දේවල් වලටද වැඩියෙන්ම වියදම් වුණේ, නොදැනී වියදම් වුණ අනවශ්‍ය දේවල් මොනවද වගේ ඒවා.

    ඔය වියදම් update කරන කොට අපේ accounts වලයි, පර්ස් එකෙයි මේ වෙලාවෙදි තියෙන ගාණත් හරියටම calculate වෙනවා. පට්ට ලේසියි. හැබැයි අමතක නොකර ඒවා enter කරන්න ඕනෙ.