ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    සතියකට සැරයක් ගන්නේ. (අම්මලා)

    චිකන් ඇන්ඩ් බිත්තර ගන්නේ ෆාම් shop එකකින්.

    මාළු ගන්නේ පෑලියගොඩින් සති දෙක්කට සැරයක් වගේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,882
    113
    සේදවත්ත
    අයිස්ක්‍රීම් ,බිස්කට්, පැණි බීම , සීනී රහිත නිශ්පාදන වලට හුරු වෙයන්..
    පීකුදු , හරක් මස් , වගේ ඒවට හුරු වෙයන්..
    වටු බිත්තර කාපන්..
    කරවිල සම්බෝල, ගොටුකොල , මුකුනුවැන්න,වගේ කොළ ජාති කන්න පුරුදු වෙයන්..
    තේ වෙනුවට බෙලිමල්, රනවරා, කොත්‍තමල්ලි, හෝ Green Tea වලට හුරු වෙයන්..
    කෝපී බොනවා නන් හරිස්චන්ද්‍ර විතරක් ගනින්..
    කුරක්කන් පාන් හදපන්..
    මේ ඔක්කම කරනවා, කුරක්කන් සහ පීකුදු නම් මට දිරවන් නෑ .අනික්ව නම් එමමයි .
    දඩ මස් ගන්න බලන්නේ ඉතින් මොකෙක් හරි සතෙක් ආවම ගන්නවා .
     
    • Love
    Reactions: charitha2011

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,518
    113
    Galaha
    අල, ළූණු, හාල්, එළවලු ඒවාට වෙන් වුනු කඩ වලින් ගනින්, සුපර්මාකට් එකෙන් සබන් වගේ දේවල් ගනින්. ඕක තමයි ලාබම විදිය.
    මමත් ඔය වැඩේ තමයි කරන්නෙ. තුනපහ ගන්න වෙනම් අකඩයක් තියෙනව. පොල්තෙල් වෙනම කඩේකින්. කිරි යෝගට් ගන්නෙ වෙන එකකින්. එලවලු වෙනම එකකින්. ඇට වර්ග කරවල වෙන වෙන ඒවගෙන් ගන්නෙ. බඩු අරගෙනම ඒ ඒ කඩවල ගනන් අඩු මොනවද කියල මට මීටර් එකක් තියෙනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Ehema behe bun. den maseata kanna bonna witharak pawule 5 denata laksha 2.80k - 4 k yanawa. Current/Petrol/Fees/Internet/Medicine/Insurance premium / Vehicle maintenance/Party /Birthday set unahama maseta ani wayen laksh 5 - 6 paninawa bun.

    Issara num awuruddata kohe hari tour 2 k danawa laksha 20 k wage kudu wenna. den aewath amarui.
    5 දෙනෙක්ට කන්න විතරක් ලක්ෂ 4 ක් යන්න උඹල මොනවද බන් කන්නෙ?
     
    • Haha
    Reactions: monson and Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    කෑවා බිව්වා වගේ නෙමෙයි ලෙඩ හැදිලා විඳවන්න වුනාම. මම මෙච්චර කාලෙකට වැඩිම බරට ඇවිල්ලා තියෙන්නෙ. කොච්චර බර වැඩි වෙලාද කියනව නම් වම් කකුලෙ වළලුකර රිදෙනවා බර දරාගන්න බැරුව.
    mage th bara wadi, bada ehema danisse wadinne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    උඹලා කන බොන ගොඩක් දේවල් අ‍ැඟට මෙලෝ ප්‍රයෝජනයක් නැති ජරාව. මම නිතරම කියනවනෙ. මම අඩි 6 ක් උස, කිලෝ 82 ක් විතර බර, දවස ගාණෙ කිලෝමීටර් කීපයක් අ‍ැවිදින, සාමාන්‍යයෙන් active ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට සාමාන්‍යයෙන් දවසට හාල් ග්‍රෑම් 333 ක රතු කැකුළු බත් (දවස් තුනට හාල් කිලෝ එකයි, එ‍්ක වේල් 6 කට කනවා) හොඳටෝම අ‍ැති. වෙනසකට තියෙන්නෙ මම ඉතින් උඹලට වඩා බ‍ත් එකට පරිප්පු, වට්ටක්කා, බිත්තර සහ වෑංජන වැඩිපුර බෙදා ගන්නවා. ඊට අමතරව දවසකට fresh milk කෝප්පයක් බොනවා. එ‍් අ‍ැරෙන්න නිකන් ඉන්න වෙලාවට කන්නෙ බොන්නෙ පලතුරු, කැරට් වගේ අමුවෙන් කන එළවලු වර්ග විතරයි. තව වතුර හොඳට බොනවා ඉතින්. ඉඳල හිටල, කඩල, ග්‍රීන් පීස් එහෙම තම්බල කනවා. සතියකට සැරයක් චිකන් breast එකක් කනවා එච්චරයි.

    ඔය දවසට කොත ගහල බත් වේල් තුනකුයි, තේ තුන් හතර පාරකුයි, තේ එක්ක කන්ඩ අරවා මෙව්වා ජාතියි, තව‍ත් මැද්දට කඩ චෝරුයි ඕනෙ කියල හිතාගෙන උඹලට තියෙන්නෙ මානසික ලෙඩක්. මම ඕන ඔට්ටුවක් දානවා උඹලගෙ දෙෙනික කැලරි වැය වීම මගෙ ගාණට කීයටවත් නෑ. හැබැයි ඊට වඩා ඔහේ ගිලිනවා. අන්තිමට වියදමයි, ලෙඩ ගොඩකුයි විතරයි ඉතිරි වෙන්නෙ.

    මම කට කැඩෙන්න කියන diet එකට මාරු වෙන්න පුළුවන් නම් තනියෙන් හොඳට කාලා බීලා, ගාණට අ‍ැඟේ බර පවත්වාගෙන ඉහෙන් බහින ලෙඩක් නැතිව නීරෝගීව ඉන්න කීයටවත් රුපියල් 20,000 කට එහා යන්නෙ නෑ. අනික් අවශ්‍ය දේවල් අරගෙන බැලුවත් 30,000 පනින්නෙ කලාතුරකින්. එහෙම කිව්වම උඹලට හිතෙනවා අ‍ැති සෝමාලියාවෙ වගේ හාමතේ ඉන්නවා කියල. නෑ බං, මොන scientific විදිහට බැලුවත් මගෙ කෑම වේල හැම පෝෂකයක් අතින්ම පරිපූර්ණයි. උඹලා එ‍් වගේ 10 ගුණයක් වියදම් කරල කනවාටත් වඩා අවශ්‍ය හැම පෝෂකයක්ම තියෙනවා. High IQ කියන්නෙ එ‍්කනෙ.

    ඉතින් වියදම් පාලනය කරන්ඩ හිතනවා නම් හොඳම දේ උඹලා කන බොන දහ ජරාව මුලින්ම පාලනය කරගනින්. මේ රටේ අදටත් අපේ අ‍ැඟට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ගන්න අවශ්‍ය හැම දේම හොඳටම ගාණ අඩුයි. කවදත් ගාණ අඩුම එළවළුව වට්ටක්කා, ගාණ අඩුම average size මාලුවා අලගුඩුවා, ගාණ අඩුම වුණාට පෝෂණය හොඳම රතු කැකුළු හාල්, කහ මදය තැඹිලි පාට හොඳ බිත්තරයි, කිරියි, එළවලු පළතුරු ටිකයි, නිකන් ටැප් එකෙන් එන වතුරයි, අපේ පෝෂණය, satiation දෙක 90-95% ක්ම සපුර ගන්න හොඳටෝම අ‍ැති. අනික් කිසිම දෙයක් නොකා ඉන්ඩ කියනවා නෙවෙයි, හැබැයි එ‍්වා අ‍ැත්තටම අවශ්‍ය නෑ ඉතින්. එ‍්වා ඉඳල හිටල අ‍ාසාවට වගේ කෑවාම හරි.
    උඹට වඩා ගනන් වැඩි high protein diet වල ඉඳලත් (හැමදාම බිත්තර 4-5 කාලා ඉඳල හිටල චීස් එහෙමත් කාලා, ෆ්‍රෙෂ් මිල්ක්, පාන් ජාති කාලා) මාසෙට වියදම උඹ කියන්න වගේ 30 ක් වගේ සෙට් වෙන්නෙ. මටනන් තේරෙන් නෑ මිනිස්සු මාසෙකට 80000 විතර වියදම් කරල මොනව කනවද කියල.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,761
    4,676
    113
    🥂🍝🥗🥮බය නැතුව අතදිග ඇරල කාලබීල ඉන්න.සෞදිය,ඉරානෙ කුවෙට් පරද්දල අපියි 2029 තෙලෙන් පෝසත්ම රට...මෝදිටත් සොරි ඉතිම්

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,719
    113
    🤍
    අපේ නම් කරන්නේ ලූනූ , අල වගේ ඒවම විතරක් විකුනන තොග කඩෙන් ගන්නවා , සතියෙන් සතියට තමයි ඔක්කොම

    අනික් ඒවත් දන්න වෙන තොග කඩවලින් ගන්නේ

    මට චිකන් , බිත්තර ඒවත් වෙනම කඩවලින් ගන්නේ

    අම්මා තමයි ගන්නේ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.
    Cargills Online
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    Cargills Online

    130929.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    උඹලා කන බොන ගොඩක් දේවල් අ‍ැඟට මෙලෝ ප්‍රයෝජනයක් නැති ජරාව. මම නිතරම කියනවනෙ. මම අඩි 6 ක් උස, කිලෝ 82 ක් විතර බර, දවස ගාණෙ කිලෝමීටර් කීපයක් අ‍ැවිදින, සාමාන්‍යයෙන් active ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මට සාමාන්‍යයෙන් දවසට හාල් ග්‍රෑම් 333 ක රතු කැකුළු බත් (දවස් තුනට හාල් කිලෝ එකයි, එ‍්ක වේල් 6 කට කනවා) හොඳටෝම අ‍ැති. වෙනසකට තියෙන්නෙ මම ඉතින් උඹලට වඩා බ‍ත් එකට පරිප්පු, වට්ටක්කා, බිත්තර සහ වෑංජන වැඩිපුර බෙදා ගන්නවා. ඊට අමතරව දවසකට fresh milk කෝප්පයක් බොනවා. එ‍් අ‍ැරෙන්න නිකන් ඉන්න වෙලාවට කන්නෙ බොන්නෙ පලතුරු, කැරට් වගේ අමුවෙන් කන එළවලු වර්ග විතරයි. තව වතුර හොඳට බොනවා ඉතින්. ඉඳල හිටල, කඩල, ග්‍රීන් පීස් එහෙම තම්බල කනවා. සතියකට සැරයක් චිකන් breast එකක් කනවා එච්චරයි.

    ඔය දවසට කොත ගහල බත් වේල් තුනකුයි, තේ තුන් හතර පාරකුයි, තේ එක්ක කන්ඩ අරවා මෙව්වා ජාතියි, තව‍ත් මැද්දට කඩ චෝරුයි ඕනෙ කියල හිතාගෙන උඹලට තියෙන්නෙ මානසික ලෙඩක්. මම ඕන ඔට්ටුවක් දානවා උඹලගෙ දෙෙනික කැලරි වැය වීම මගෙ ගාණට කීයටවත් නෑ. හැබැයි ඊට වඩා ඔහේ ගිලිනවා. අන්තිමට වියදමයි, ලෙඩ ගොඩකුයි විතරයි ඉතිරි වෙන්නෙ.

    මම කට කැඩෙන්න කියන diet එකට මාරු වෙන්න පුළුවන් නම් තනියෙන් හොඳට කාලා බීලා, ගාණට අ‍ැඟේ බර පවත්වාගෙන ඉහෙන් බහින ලෙඩක් නැතිව නීරෝගීව ඉන්න කීයටවත් රුපියල් 20,000 කට එහා යන්නෙ නෑ. අනික් අවශ්‍ය දේවල් අරගෙන බැලුවත් 30,000 පනින්නෙ කලාතුරකින්. එහෙම කිව්වම උඹලට හිතෙනවා අ‍ැති සෝමාලියාවෙ වගේ හාමතේ ඉන්නවා කියල. නෑ බං, මොන scientific විදිහට බැලුවත් මගෙ කෑම වේල හැම පෝෂකයක් අතින්ම පරිපූර්ණයි. උඹලා එ‍් වගේ 10 ගුණයක් වියදම් කරල කනවාටත් වඩා අවශ්‍ය හැම පෝෂකයක්ම තියෙනවා. High IQ කියන්නෙ එ‍්කනෙ.

    ඉතින් වියදම් පාලනය කරන්ඩ හිතනවා නම් හොඳම දේ උඹලා කන බොන දහ ජරාව මුලින්ම පාලනය කරගනින්. මේ රටේ අදටත් අපේ අ‍ැඟට අවශ්‍ය පරිපූර්ණ පෝෂණය ගන්න අවශ්‍ය හැම දේම හොඳටම ගාණ අඩුයි. කවදත් ගාණ අඩුම එළවළුව වට්ටක්කා, ගාණ අඩුම average size මාලුවා අලගුඩුවා, ගාණ අඩුම වුණාට පෝෂණය හොඳම රතු කැකුළු හාල්, කහ මදය තැඹිලි පාට හොඳ බිත්තරයි, කිරියි, එළවලු පළතුරු ටිකයි, නිකන් ටැප් එකෙන් එන වතුරයි, අපේ පෝෂණය, satiation දෙක 90-95% ක්ම සපුර ගන්න හොඳටෝම අ‍ැති. අනික් කිසිම දෙයක් නොකා ඉන්ඩ කියනවා නෙවෙයි, හැබැයි එ‍්වා අ‍ැත්තටම අවශ්‍ය නෑ ඉතින්. එ‍්වා ඉඳල හිටල අ‍ාසාවට වගේ කෑවාම හරි.
    සල්ලි නැතිකම වහගන්න ලියන පල්හෑලි. උඹ ඔය කියන තියරිය හරි නම් ඩොකාලා එහෙමත් ඔය විදියේ කෑම රටාවක් ගෙනියන්න එපයි උන් එච්චර සෞඛ්‍යය ගැන දැනගෙනත්. උඹටත් සල්ලි තිබ්බා නම් උඹත් අනික් උන් වගේ වියදම් කරලා කනවා. සත්‍යය බොහොම කටුකයි. ඔච්චර High IQ තියෙනවා නම් වැඩිපුර සල්ලි හම්බ කරපන්කෝ ගණන් වැඩි දේවල් කෑවත් ඒවා දැනෙන්නේ වත් නැති ගානක් වෙනකන්. ඕකත් හරියට අර පීසා එකට වඩා ලුණු මිරිසුයි රොටියි කන එක දිව්‍යය සැපක් කියනවා වගේ. ඕක ශෙයාර් කරන එවුන් ඉස්සරහින් ඔය කෑම ජාති දෙක තිබ්බොත් හැමෝම ගන්නේ පීසා එක. අර නැතිකමට හිත හදාගන්න දිව්‍යය සැප කතා කියනවා.
     
    එහෙම මගුලක් නන් නෑ. හොඳට සල්ලි තියෙන දන්න උන් ඉන්නව 5 star buffets වලට ගිහින් කිරිබත් පොල් රොටි කන උන්. සල්ලි නැති එකා තමයි දවස් දෙකක් විතර තිස්සෙ නොකා නොබී ගිහින් buffet එකම කාලා එන්නෙ. පීසා එකට වඩා යහමින් පොල් දාපු රොටියක් එක්ක සුපිරි බිම්මල් කරියකුයි ප්ලේන්ටියකුයි ගහද්දි ආතල් මටනන් සිරාවටම.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,598
    1,622
    113
    sri rajasinha adawiya
    Glomark yanna. 25% off denawa. godak welawata hama week ekema denawa. aya card walata denawa upto 30%. samahara item (bohoma podi pramayak) walata labenne ne.
    me para gihin 11500 wage adu una. discount labila bill total eka awe 46,000 wage. loyality number 2,3k hadaganin. 20,000 max puluwan ekakata.
    Glomark ithn hama palathema ne.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    එහෙම මගුලක් නන් නෑ. හොඳට සල්ලි තියෙන දන්න උන් ඉන්නව 5 star buffets වලට ගිහින් කිරිබත් පොල් රොටි කන උන්. සල්ලි නැති එකා තමයි දවස් දෙකක් විතර තිස්සෙ නොකා නොබී ගිහින් buffet එකම කාලා එන්නෙ. පීසා එකට වඩා යහමින් පොල් දාපු රොටියක් එක්ක සුපිරි බිම්මල් කරියකුයි ප්ලේන්ටියකුයි ගහද්දි ආතල් මටනන් සිරාවටම.
    ඒක බං පීසා වලට ඇක්සස් තියෙන එකාට විතරයි ඔය සීන් එක තියෙන්නේ. උන්ට කොහොමත් ඕන වෙලාවක ඒවා කන්න පුලුවන් නිසා වෙනසකටත් එක්ක පොල් රොටී සීන් එකේ ඉන්නේ. එහෙම නැතිව සල්ලි නැති එකෙක්ට ඔය දෙක දීලා බලපන්කෝ මොකක්ද තෝරන්නේ කියලා.