ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.
    මේක ඉතින් ලේසි වැඩක් නෙවෙයි.. කීල්ස් එකේ එහෙම තේ වලට ඔෆර් එනවා, ඒ වෙලවට ටිකක් ගන්න
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,921
    3,263
    113
    ගෙදර අයගේ කෑම ප්‍රමාණය කපා හැරිම
    මස් මාලු සතියකට සලාක කොට ලබාදීම
    අඩු වියදම් එලවලු වැටකොලු පතෝල වගේ ඒවා එක එක රෙසපි වලට හදලා දෙනවා
    චොකලට් , අයිස්ක්‍රීම් බිස්කට් වගේ එවා කපා හැරියා සීනී, දියවැඩියාව ගැන කියලා
    කිරිපිටි වෙනුවට කහට සහ කෝපී බොන්න පුරුදු කරා
    ගොඩක් වෙලාවට කොස් දෙල් කෙහෙල්මුව වගේ වත්තෙන් ගන්න පුලුවන් දේවල් උයන්නෙ
    වවාගැනීම
    වේල් තුන දෙකකට අඩු කරා
    සැලඩ් කන්න පුරුදු කරා
    පාං ගෙදර හදාගන්නවා
    ලගදි කල් ඉකුත් උන ඝණ ආහාර කඩ කීපයකට කතාකරලා අඩුවට ගන්නවා


    තව මලගෙවල් වල ගිහින් කනවා
    ඉදලා හිටලා හොදට ඇදගෙන ගිහින් අනුන්ගෙ වෙඩින් වලින් කාල එනවා
    අපි මිදුලේ පොඩි කුබුරක් කරනවා. හාල් වියදම අඩු කරගන්න
     
    • Love
    Reactions: Don GasCan

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,150
    1,654
    113
    උඹල විශ්වාස කරනවා නම් කරපල්ලා , මට විතරක් ගිය මාසේ වියදම 120 000ක් වැඩි මිසක් අඩු නෑ. එහෙම කියල කරපු දේකුත් නෑ. පිස්සු හැදෙනවා යකෝ. පවුලක් උනොත් එහෙම හිකෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    උඹල විශ්වාස කරනවා නම් කරපල්ලා , මට විතරක් ගිය මාසේ වියදම 120 000ක් වැඩි මිසක් අඩු නෑ. එහෙම කියල කරපු දේකුත් නෑ. පිස්සු හැදෙනවා යකෝ. පවුලක් උනොත් එහෙම හිකෙනවා.
    Mage ubereats ma 2lks wage
     
    • Wow
    Reactions: xnfa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,150
    1,654
    113
    උඹට වඩා ගනන් වැඩි high protein diet වල ඉඳලත් (හැමදාම බිත්තර 4-5 කාලා ඉඳල හිටල චීස් එහෙමත් කාලා, ෆ්‍රෙෂ් මිල්ක්, පාන් ජාති කාලා) මාසෙට වියදම උඹ කියන්න වගේ 30 ක් වගේ සෙට් වෙන්නෙ. මටනන් තේරෙන් නෑ මිනිස්සු මාසෙකට 80000 විතර වියදම් කරල මොනව කනවද කියල.

    අඩෝ මචන්, උඹේ දවසකට කන බොන එව්වයි වියදමයි දාපන්කෝ. බලමු අපිට කොහෙන්ද කෙලවෙන්නේ කියල. අඩෝ පට්ට ගානක් මට වියදම් වෙන්නේ මාසෙකට
    Mage ubereats ma 2lks wage

    අඩෝ පිස්සු හැදෙනවනේ බන්. මන් මේ ගෙදරින් අම්මල උයල දෙන දේ කාල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    අඩෝ පිස්සු හැදෙනවනේ බන්. මන් මේ ගෙදරින් අම්මල උයල දෙන දේ කාල.
    gedara hadana ekath dan exepensive ban ubereats laba wegena enne :baffled: mata poddak oya kadachoru kana pissuwak tiyenawa