ගෙදරට ලයිට් ගන්න උදව්වක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ගෙදරට ලයිට් ගන්න උදව්වක්

    අළුතින් හදපු ගේකට විදුලි බල පුද්ගලික සමාගමෙන් විදුලිය ලබා ගන්න ඕන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? ඉස්සර ඒ කියන්නේ දැනට අවුරුද් විසි පහකට කලින් විතර ලයිට් ගන්න අඟල් 2කේ යකඩ පයිප්පයක් ඒර්ත් පයිප්පයක් හැටියට පොලව යටට අඩි 5ක බස්සන්න ඕන.

    මේ වගේ විස්තර ටිකක් තමයි ඕන.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ලගම තියෙන electricity board එකට ගිහින් application එකක් ගනින්. හැබැයි ඒ වෙනකොට ගේ Waring කරලා තියෙන්න ඕනේ. ඔය වයරින් කරපු අයම දන්නවා කරන්න ඕනේ මොනාද කියල ගෙදරකටනම් මහා ලොකු ගානක් යන්නේ නැ. වැඩි විස්තර වලට එළකිරියේ Mr. ටොම් අමතන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ කිවුවා වගේ අර්ත් බටයක් ගහලා තියෙන්න ඕනේ.වයරින් වැඩ ඉවර කරලා ස්විච්,සොකට්, හෝල්ඩර් එහෙම හයි කරලා තියෙන්න ඕනි.ඒ ටික කරලා මණ්ඩලෙන් / බෝඩ් එකෙන් ඇප්ලිකේශන් එකක් අරන් පුරවලා දෙන්න .

    ඊට අමතරව ලයිට් කනුවේ ඉඳන් එන වයර් එක හයිකරන්න මොකක් හරි ගහලා තියන්න ඕනි.මොකක් හරි කිවුවාම අයන් එකක් හරි උස තැනකනම් බිත්තිය විදලා සිවිලින් ෆෑන් වලට දාන ඇන්කර් බෝල්ට් එකක් දාන්න.මේක උඹ කලින්ම දාන්න යන්න එපා.උඹ ඇප්ලිකේශන් එකක් හදලා බාරදීපුවම මණ්ඩලෙන්/බෝඩ් එකෙන් ඇව්ත් බලනවා වැඩ ඉවරද කියලා.ඒ වෙලාවට බලන්න එන එකාගෙන් අහපන් ඒකට මොකක්ද කරන්න ඕනි,කොච්චර උසකින්ද තියෙන්න ඕනි කියලා.ඊට පස්සේ අඩුපාඩු තිබුනොත් ඒවා ඌ කියයි.

    ඒ ටික හදලා ආයිමත් ලියුමක් දෙන්න ඕනි බෝඩ් එකට.ඊට පස්සේ උන් වියදම කීයක් යනවාද කියලා කියයි.ඒක ගෙවුවම මණ්ඩලෙන්/ බෝඩ් එකෙන් ඇවිත් කරන්ට් එක දෙනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :yes::yes::yes: