ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    50829557_2634264973253554_5484203230130864128_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    50949514_2415456601797995_8743763677544448000_n.jpg



    ඊළග පාර ජනාධිපතිවරනෙදිවත් අපේ රටේ හරක් කොළ රතු නිල් පක්‍ෂවලට ඡන්දේ නොදි, වෙනත් විකල්ප පක්‍ෂයකට ඡන්දේ දුන්නොත් හොදයි. සිංගප්පුරුවේ මිනිස්සු උගත්තු පාර්ලිමේන්තු යවපු නිසා උන් ගොඩක් දියුණු උනා. මිනිස්සුන්ට රජයෙන් බෝනස් ඉදන් ලැබෙනවා. අපේ රටේ මිනිස්සු නූගත්තු පාර්ලිමේන්තු යවලා බදු ගෙව ගෙව දුක් විදිනවා. දේශපාලකයො සැප විදිනවා. දැන්වත් ඇත්ත තේරුම් අර ගත්තොත් හොදයි.
     
    Last edited:

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....


    kari ponnaya
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඊළග පාර ජනාධිපතිවරනෙදිවත් අපේ රටේ හරක් කොළ රතු නිල් පක්‍ෂවලට ඡන්දේ නොදි, වෙනත් විකල්ප පක්‍ෂයකට ඡන්දේ දුන්නොත් හොදයි. සිංගප්පුරුවේ මිනිස්සු උගත්තු පාර්ලිමේන්තු යවපු නිසා උන් ගොඩක් දියුණු උනා. මිනිස්සුන්ට රජයෙන් බෝනස් ඉදන් ලැබෙනවා. අපේ රටේ මිනිස්සු නූගත්තු පාර්ලිමේන්තු යවලා බදු ගෙව ගෙව දුක් විදිනවා. දේශපාලකයො සැප විදිනවා. දැන්වත් ඇත්ත තේරුම් අර ගත්තොත් හොදයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chathuranirmal

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....


    BUMP:rofl::P




     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අක්කා සහ ඇයගේ ස්වාමියා උඹට කෝචෝක් දානවා නේද දැන් ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මේක ඊළඟ චන්දෙට හොඳ පාදමක්.. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කරලා තියෙන්නේ හොඳ වැඩක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1993 මැයි 1 මේ රටට වගේම යූඑන්පී පාක්ෂිකයන්ට විශේෂයෙන් අමතක නොවන දවසකි. ඉන්ද්‍රඛීල සේ නොසැලී සිටි යූඑන්පී ප්‍රබල නායකත්ව බල කණු කඩා වැටීමේ ආරම්භය සනිටුහන් වුණේ එදා ය. මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ජනපති ප්‍රේමදාස මහ දවල් මහ පාර මැද ඝාතනය වුණේ ය. ප්‍රේමදාස ඝාතනයෙන් පසු යූඑන්පී නායකත්වයේ වගකීම භාර ගන්න නියම වුණේ සිරිසේන කුරේට ය. ඒත් සිරිසේන කුරේ නායකත්වය භාර ගැනීම ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කර, රනිල්ට ඒ සඳහා අවස්ථාව දුන්නේ ය.

    රනිල්ට යූඑන්පී නායකත්වය ලැබෙන්නේ එහෙම ය. නායකත්වය ගත්ත ගමන් රනිල් ඉස්සෙල්ලාම ගහන්නේ ප්‍රේමදාස පවුලට ය. ප්‍රේමදාස පවුලේ දේශපාලන අංකුරය වූ සජිත්ට සංවිධායකකමක් වත් නොදී පල නොකියා පලා බෙදුවේ ය. හැබැයි රනිල්ට වැඩිකල් රඟන්න හැකි වූයේ නැත. යූඑන්පීයේ ඊළඟ නායකත්ව බල කණුව ගාමිණි දිසානායක ඉදිරියට ආවේ ය. ගාමිණිගේ රැස්වලට රනිල් පැත්තකටම විසිවුණේ ය. යූඑන්පියේ ජනපති අපේක්ෂකයා වුණු ගාමිණි ඉස්සෙල්ලාම කළේ ප්‍රේමදාස මැතිනිය මුණගැහෙන එක ය. ජනපති ප්‍රේමදාසට එරෙහිව ලලිත් සමඟ කැරලි ගැසීම ගැන ගාමිණි, ප්‍රේමදාස පවුලෙන් සමාව ඉල්ලුවේ ය. ප්‍රේමදාස දියණිය දුලාංජලී ‍ෙදාස් කියද්දිත් ගාමිණි ඇහුවේ "මගෙන් මොනවද කෙරෙන්න ඕන" කියා ය. සජිත්ගේ පිටට තට්ටුවක් දැමූ ගාමිණි, සජිත්ට මැද කොළඹ යූඑන්පී සංවිධායකකම යෝජනා කළේ ය. මැද කොළඹ ප්‍රතික්ෂේප කළ සජිත් හම්බන්තොට සංවිධායකකම ලබා ගත්තේ ය. රනිල් පස්ස පැත්තට පයින් ගසා ‍ෙදාට්ට දැමූ සජිත්ට ගාමිණි දේශපාලන අත්පොත කියැ වූයේ එහෙම ය.

    ප්‍රේමදාස ඝාතනය කළ කොටි වැඩි කලක් යන්නට මත්තෙන් ඊළඟ යූඑන්පී බල කණුවටත් කුරුමානම ඇල්ලුවේ ය. යූඑන්පීය ජයග්‍රාහී මාවතේ ඇදගෙන ගිය ගාමිණි රටේ නායකත්වය පෙනි පෙනී සිටියදී 1994 ඔක්තෝබර් 24 වැනිදා තොටළඟදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ලක්වුණේ ය. යූඑන්පීයේ නායකත්ව බල කණු දෙකක්ම කඩාගෙන වැටුණේ එහෙම ය. ගාමිණි සමඟ යූඑන්පී නායකත්වයට සටන් වැදී කෘත්‍යාධිකාරියේ ඡන්දෙන් පැරදී පැත්තකට වුණු රනිල්ට මෙවර සටනක් දෙන්නට කෙනෙක් සිටියේ නැත. රනිල් නැවතත් නිතරගයෙන්ම යූඑන්පී නායකත්වය අතට ගත්තේ ය.

    ගාමිණි සජිත්ට හම්බන්තොට යූඑන්පී සංවිධායකකම දුන්න එකට කිපිලා හිටිය රනිල් ඉස්සෙල්ලාම කළේ මර්වින් සිල්වාව සම සංවිධායක කරලා තිස්සට දාපු එක ය, මර්වින්ව තිස්සට දාලා මර්වින් ලව්වා සජිත්ට ගස්සවපු එක ය. සජිත්ට හම්බන්තොට තනි සංවිධායකකම ලැබෙන්නේ මර්වින් රනිල් අතෑරලා චන්ද්‍රිකා ගාවට ගිය පසු ය. එදා ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් අත් නොහැරිය රනිල්, මේ වන තෙක් ම ගාමිණිට එකතු වුණු එකේ තරහ සජිත්ගෙන් පිරිමහන්නේ ය. පුදුමේ කියන්නේ... මේ ටික නොතේරුණා වගේ සජිත් තාමත් රනිල්ට වන්දිභට්ටකම් කරන එක ය.

    රනිල් යූඑන්පී නායකත්වයට පත්වෙලා තියපු පළමු ඡන්දෙන්ම චන්ද්‍රිකාට පැරදුණේ ය. 2001 මහ ඡන්දෙන් ආසන 109ක් දිනා එස්.බී.ලා මහින්ද විජේසේකරලා එකතු කරන් ගහපු ගේමකින් අගමැතිකම ගත්තේ ය. ඒ අගමැතිකම අවුරුදු 2කට වඩා තියාගන්නට රනිල්ට පුළුවන් වුණේ නැත. 2005දී මහින්ද සමඟ තරග වැදුණු රනිල් ආයෙත් පැරදුණේ ය. තමන්ට කවදාවත් තනිවම දිනන්න බැරි බව තේරුම් ගත්තු රනිල් 2010දී අනුර එක්ක එකතු වෙලා ෆොන්සේකා ඉස්සරහට දමාගෙන, ෆොන්සේකාගේ කර උඩින් ගිහින් අගමැතිකම ගන්න ගේමක් ගැහුවේ ය. ඒකත් හරි ගියේ නැත. ඊට පස්සේ 2015දී පොදු අපේක්ෂක මෛත්‍රිගේ කරපිටින් ගිහින් අගමැතිකම අරන් ආණ්ඩුවක් හදා ගත්තේ ය. ඒ ආණ්ඩුවෙත් යටිකූට්ටු ගේම් ගහන්න ගිහින් මෛත්‍රිට මාට්ටු වෙලා ඉල්ලාගෙන කෑවේ ය.

    කිසිදා හරි විදියට ඡන්දයක් දිනන්න රනිල්ට බැරි ය. ඉතිහාසයේ ඉඳන්ම රනිල්ට කරන්න පුළුවන් එකම දේ ගේම් ගහන එක විතර ය. ප්‍රභාකරන්යූඑන්පී බල කණු එකින් එක වට්ටද්දී ඉතුරු වුණේ රනිල් විතර ය. ප්‍රභාකරන්ට ඕන වුණේ යූඑන්පීියේ කොන්ද පණ තියෙන නායකයන් ටික මරා දමන්න විතර ය. රනිල් යූඑන්පී නායකත්වයේ සිටීම කවදත් ප්‍රභාකරන්ට වාසිදායක වුණේ ය. ප්‍රභාකරන් නැතත් රනිල්ලා, කිරිඇල්ලලා දැන් සුමන්තිරන්ලාගෙ ඉත්තෝ වෙලා ය. පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල ළඟටම ඇවිත් සුමන්තිරන් කෑගහලා ගියේ ඒක ය. ඒ කියන්නෙ යූඑන්පීය දැන් වැඩ කරන්නේ කොටි හිතවාදී සුමන්තිරන්ලාගේ න්‍යායපත්‍රයටද කියා කියන්නට දන්නේ නැත.

    රනිල් සජිත්ලා වගේ අයට යූඑන්පී නායකත්වයට එන්නට කවදාවත් ඉඩ දෙන්නේ නැත. මෛත්‍රි කිව්වා වගේ රනිල්ගේ සමනල කල්ලිය ඇරෙන්න වෙන කාටවත් පක්ෂ නායකත්වයට ළං වෙන්නට බැරි ය. රනිල්ගේ කැපිලිවලට හොඳම සාක්ෂිය හේමන්ත එගොඩවත්ත ය. 1997දී තරුණ තරුණියන්ට පක්ෂයේ ඉහළට එන්න කියා රනිල් ජාතික යොවුන් පෙරමුණ බිහි කළේ ය. පක්ෂයේ තරුණ තරුණියන්ගේ වැඩි කැමැත්තෙන් යොවුන් පෙරමුණේ ප්‍රථම ජාතික ලේකම් වුණේ හේමන්ත එගොඩවත්ත ය. 1998දී තමන්ට ඕන විදියට යොවුන් පෙරමුණේ නිලතල හසුරුවා ගන්න ඕන නිසා රනිල් කළේ ඡන්ද ක්‍රමය අහෝසි කරලා නිලතල පැවැරීමේ බලය තමා අතට ගන්න එක ය. පක්ෂයේ තරුණ කණ්ඩායම දෙකට කැඩුණේ ය.

    1. පක්ෂයට දරදිය අදින, පක්ෂය වෙනුවෙන් කැපවෙන කණ්ඩායම.

    2. රනිල්ට කඩේ යන සමනල කණ්ඩායම.

    රනිල්ට එරෙහිව පළමු වෙඩිල්ල පත්තු වුණේ යොවුන් පෙරමුණෙන්ම ය. 1998 ජාතික යොවුන් පෙරමුණු නිලවරණයේදී සජිත්, නවීන්ගේ උදවු සහිත හේමන්ත එගොඩවත්ත ඇතුළු යොවුන් පෙරමුණු කණ්ඩායමේ දැඩි ශක්තිය හමුවේ රනිල් පසුබැස්සේ ය. ඡන්දයක් තිබ්බොත් පරාද වෙන බව දැනගත් රනිල් බැරිම තැන බදුල්ලේ බොරලන්ද ගමේ ගොවි පවුලක උපන් ආනන්ද ප්‍රියනාත්ට යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කම දුන්නේ ය. හැබැයි අවුරුද්දක් යන්නට කලින් රනිල්ගේ කැමැත්ත වූ අකිල යොවුන් පෙරමුණේ ජාතික ලේකම්කමට පත්කර ගැනීමට රනිල්ට හැකි වුණේ ය.

    රනිල්ගේ ගේම් ඉතිහාසය එහෙම ය. රනිල්ලා වගේ අයට මේ රටේ ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැත. මේ රටේ මුල් බැසගත් සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම් රනිල්ලා වගේ අයට ගෝචර නැත. රනිල්් දන්නේ ගේම් ගහන්න විතර ය. රනිල්ට හැමදාම ගෝචර වුණේ කොළඹ හතේ රෝයල් පැලැන්තිය විතර ය.

    ඒකට හොඳ උදාහරණයක් මා අසා ඇත. 2002-2004 රනිල්ගේ ආණ්ඩුව කාලේ චීන සංචාරයකදී සිය බිරිය මෛත්‍රි සහ තවත් යූඑන්පී ප්‍රබලයකුගේ බිරියක් සමඟ උදෑසන ආහාරය ගනිමින් සිටියදී රනිල් මෙසේ පවසා තිබේ. "අපේ මිනිස්සුන්ට සොසේජස්, බේකන් දෙන්න ඕන. එදාට තමයි රට දියුණු වෙන්නේ." එය ඇසූ යූඑන්පී ප්‍රබලයාගේ බිරිය මෙසේ කියා තිබේ "අන්කල් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය බත් නේද? ඒක අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක් නේ ද?" එය ඇසූ රනිල් මෙසේ පිළිතුරු දී තිබේ "මේ රටට හෙණ ගහලා තියෙන්නේ බත් කන නිසා. බත් කන එක නවත්වන්න ඕන."

    1994 ගාමිණිගේ මරණයෙන් පසු, පිනට ලැබුණු නායකත්ව පට්ටම මේ වන තෙක් රනිල් අතහැරියේ නැත. ඒ අතින් ගත්තාම රනිල්ගේ ගේම් දිහා බැලුවාම මතකයට නැඟෙන චරිතයක් ඇත. ඒ පොල්පොට් ය. හාවඩ් සරසවිය හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි සරසවියකින් රනිල් වික්‍රමසිංහ චරිතය සහ පොල්පොට් චරිතය ගැන නිබන්ධනයක් කළහොත් ඔවුන් දෙදෙනාගේ සමානකම් හරියට බලාගත හැකි ය. තනි බලයක් අතට ආවොත් ලෝකයේ ඊළඟ පොල්පොට් වෙන්නේ රනිල් ය.



    :lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    ගාසා පුක ගැන සිතා රනිල්ට කඩේ යෑම :confused: