ගෙදර තියෙන පුටු තාත්තා බේසම් කරනවා
සමාජයේ නමක් දිනාගෙන සිටින පුද්ගයෙකු වන ඔහුට මෙහිදී මෛත්‍රිපාල යයි කියමු. ඔහු සිය මිතුරන් ඉදිරියේ තම පවුල් ජීවිතය පිළිබඳව පවසන්නේ අභිමානයෙනි.
“මම මගේ බිරිඳ වගේම දරුවන් එක්ක බොහෝම සමගියෙන් තමයි ඉන්නෙ. කවදාවත් උඹ නොදෙකින් කියාගෙන නැහැ. මේ ඔහු නිතරම වගේ කියන කතාවකි.
දිනක් හදිසියේම වාගේ මිතුරන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවසට යද්දී මෛත්‍රීපාල නිවසේ සිටියේ නැත. කුඩා නිවසක් වූ එහි ගිය මිතුරන් පිරිසට ඉඳ ගැනීමට ප්‍රමාණවත් පුටු ගණනක් නොවූයෙන් මෛත්‍රීපාලගේ බිරිඳ යම් අපහසුතාවකට පත් වුවත් මිතුරන් පිරිස ඒ ගැන වැඩිය හිතුවේ නැත.
මෛත්‍රීපාල නිවසට එන තෙක් කම්මැලිකමට වාගේ ඔවුහුු මෛත්‍රීපාලගේ කුඩා පුතු සමග කතාවට වැටුනහ. “බලන්න පුතා මේ මාමලාට ඉඳගන්න පුටු ගෙනත් තියන්න කියලා තාත්තට කියන්න ඕන. එක් මිතුරකු එසේ කීවේ කාලය කා දැමීමට මොනව හෝ කතා කළ යුතු නිසාය. “මේකනේ අංකල්... අපේ ගෙදරට පුටු ගේනවා. ඒත් තාත්තා ඒවා බේසං කරනවනේ.”
දරුවාගේ එම කතාව ඇසීමත් සමග මිතුරන් මූණට මුහුණ බලාගත්තේ මේ කුමන අපබ්‍රංශයක් දැයි සිතමිනි.
“ආ.... කොහොම ද පුතා පුටු බේසං කරන්නේ” එක් මිතුරකු ඇසුවේය.
“මේකනේ... තාත්තා අම්ම එක්ක රණ්ඩු කළාම තාත්තා පුටු පොළොවෙ ගහනවා. ඉතිං පුටු කැඩුනම අම්ම ඒ කැඩිච්ච පුටු පරණ බඩු ගන්න ලොරියට දීලා බේසමක් ගන්නවා. ඉතිං ඔය විදියට ගෙදර තියන පුටු තාත්තා බේසං කරනවා.” මේ කතාව ඇසුන මිතුරන්ට සිද්ධිය පැහැදිලි වුණත් ඒ ගැන වැඩිපුර කතා කළේ නැත. නමුත් සිය මිතුරා පැමිණි පසුව.
“මචං... අපිට මේ පුටු කීපයක් බේසං කරගන්න පුළුවන්ද බලන්නැයි ආවේ.” මිතුරන් එක හඩින් කියද්දී මෛත්‍රීපාලට හීංදාඩිය දැම්මේය.

පුෂ්පා රංජනී - තණමල්විල - Rivira . lk