Piritahak kiyala danayak dipan mcn
Hithe tharahak nathuwa,ina ewn elawana balagena newi pin dena karapan
Hithe tharahak nathuwa,ina ewn elawana balagena newi pin dena karapan
ගේ හදල තියෙන්නෙ නිධානයක් උඩ..... ඔය සීන් වෙන්නෙ ඒක ආරක්ශා කරන බහිරවය නිසා..... ගේ තැනින් තැනින් ලොකු වලවල් ටිකක් හාරල බලපන්.....




පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.
වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට.![]()



දවසක් wife එක පාරටම නින්දෙන් ඇහැරිලා කිව්ව බෙර සද්දයක් ඇහෙනව කියල. ඊයේ හවස අම්මත් ඒකම කිව්ව. තාත්තටයි මටයිනම් තාම ඇහුනේ නෑ.
ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.පිරිතක් කියල දානයක් දීපන් මලගිය අය නිවසේ ඉන්නවනම් පින් අරන් යන්ඩ කියල.
වට පිටාවෙ ඉන්න අයගෙන් අතීත කතා ටික අහගත්තම සීන් එක මොකක්ද කියල අදහසක් ගන්ඩ පුලුවන් වෙයි බොහෝ විට.![]()
owa boru manasika seen machan
මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.හැම දෙයක්ම බොරුයි කියලා අහක දාන්න බෑ බං. මේ ලෝකේ විද්‍යාවට අහු නොවෙච්ච ඕන තරම් ගුපිත දේවල් තියෙනවා. එහෙමයි කියලා හැම දෙයක්ම විශ්වාස කරන්න ඕනත් නෑ...




ඔය ගේ හදලා කොච්චර කල්ද?
ඔය තොවිල් කරලා සල්ලි නාස්ති කරන්නේ නැතුව පිරිතක් කියලා දානයක් දෙන්න.



මානසික ලෙඩ්ඩු






ඇත්ත මචන් පිරිතක් කියල දානයක් දෙන එක තමයි හොඳම වැඩේ.ඊට පස්සේ පිරිත්වතුර ගෙදර සහ ඉඩමට ඉහපන්.
අහල පහල අයගෙන් විස්තර අහන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්.ඒකම කොඩිවිනයක් වෙන්න ඉඩ තියෙනවා.අරුන් නැති දේවල් අතින් දාල කියයි.දන්නැද්ද ආරොන් මාමල.
මචන් මේ ත්‍රෙඩ් එක දාපු නිසා හදල කියන කතාවක් නෙමෙයි.මට මේ ඊයේ පෙරේදා උන සිදුවීමක් මම කියන්නම්.
එදාම මේක ත්‍රෙඩ් එකක් විදියට දානවද කියල කල්පනාකරල උඹල මේක විහිලුවකට ගනී කියල හිතල මම දැම්මේ නෑ.මෙන්න සීන් එක.විශ්වාස කරනවනම් විශ්වාස කරපන්.මගේ දරුවෝ දෙන්න ගැන සහතිකවෙලා මම මේක දාන්නම්. මචන් ගිය පෝය දවසේ (07/08/2017) උදේ 10ට 11ට විතර මගේ කාමරේ අස්කරන ගමන් හම්බුනු පොත් 2ක් අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තිබුණු පොත් රාක්කෙට දාන්න මම ගියා.පොත් රාක්කේ ලඟම තිබුන ඇදුම් එල්ලන රැක් එකක්.අර බිම තියන. මෙන්න මචන් පොත්දෙක තියනකොටම අත්දෙකක් (සාමාන්‍ය ප්‍රමාණයේ) එනව ඇඳුම් රාක්කේ අස්සෙන්. මම හිතුවේ මචං අපේ පොඩි දූ ඕවයේ අස්සෙ විහිළුවට හැංගිලා ඒ වගේ විහිලු කරන නිසා එයා වෙන්න ඇති කියලා.මම රාක්කේ තිබුණු රෙදි කීපයක් අයින් කරලා ඇඳුම් රාක්කේ කඩන්නෙ නැතිව එලියට එන්න කියල දූට බැන්න.බලනකොට ඇතුලේ කිසිම කෙනෙක් නෑ බන්.මෙන්න දූයි පුතයි දෙන්නම මිදුලේ සෙල්ලම් කරනව ඇහෙනවා.දැන් මට හොඳටම අන්දොස්.මම පොඩ්ඩක් වත් බය උනේ නම් නෑ. අදටත් මේ සීන් එක මොකක්ද කියල අපට හිත ගන්න බෑ.මම වයිෆ්ට කතා කරලා සීන් එක කිව්ව.එයා කියනව අද උදේ එයාට මතක් උනාලු එයාගේ මැරුණු මල්ලිගේ (එයාගේ මල්ලි අකාලයේ මැරුන.මම මේ ගැන මීට කලින් ත්‍රෙඩ් එකක කියල ඇති.) උපන් දිනය කියල.මම දන්නේ නෑ ඒකයි මේ සිදුවීමයි අතර සම්බන්දයක් තියෙනවද කියල.ඒ පාර අපි එදා රෑ පන්සලට ගිහින් ගිලන්පසට ඕන කලමන ටිකකුත් පූජාකරල හාමුදුරුවෝන් ගෙන් පිරිත්පැන් බෝතලයක් ගෙනත් මුළු ගෙදරමයි වත්තෙයි ඉස්සා.සතියක් විතර ඒ කාමරයේ රේඩියෝ එකෙන් රෑට එළිවෙනකම් පිරිත් දාල තිබ්බ.(100%ක් සත්‍ය සිදුවීමකි. Sylla ගේ එළකිරි බූත කොටුව වෙනුවෙන් ලියපු එකක් නොවේ.)![]()
conjuring වලත් ඔහොම සීන් එකක් වෙනව
rep 
මොකක්ද මචෝ ඒ සීන් එක.ෆිල්ම් එකක්ද?ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.(ඉස්සර තනිකඩ කාලේ බලපු දේවල් ඇරෙන්න.) ෆිල්ම් තියා ගෙදර tv එකවත් මම බලන්නේ නෑ.එකක් කාලය නැතිකම.අනික බලන්න දෙයක් නැතිකම.tv එකෙ බැලුවත් බලන්නෙ ඩිස්කවරි චැනල් විතරයි.නිව්ස් නෙට් එකෙන් බලනවා.conjuring වලත් ඔහොම සීන් එකක් වෙනව
rep
![]()
ටොප් කොල්ලො හැමදේම එහෙම හිතන්න එපා මචන්.මමත් ඉස්සර උඹ වගේම හිතපු කෙනෙක්.සමහරවිට ඊටත් වඩා.දැනුයි කියලත් ඒවා කිසිදෙයක් ඔලුවට ගන්නේ නෑ.අර ඉස්සෙල්ල සිදුවීම උනත් වෙන ගෙදරක උනානම් උන් තොවිල් දහයක් නටල.



