ගෙයක් හදන්න දැනගතයුතු දේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,451
    2,015
    113
    ගෙයක් හදනවා කියන්නෙ අද ඊයෙ විතරක් නෙවේ පට්ට කාලෙකට කලින් ඉදන්ම අමාරු දෙයක්. මට 32 ක් උනාට මගේ වයසට මම ගෙවල් කීපයක්ම හදලා තියෙනවා. අපේ තාත්තල සහොදරයෝ හිතවත්තු ගෙවල් හදනවා ගොඩක් කිට්ටුවෙන් ඒක්ස්පීරියන්ස් කරල තියනවා. මම අත්දැකීම් ඒක්ක ගෙයක් හදන්න ඉන්න කෙනකුට වැද වේවි කියල හිතන දේ මේ දාන්නෙ.

    View attachment 188103

    1. සැලසුමක්. අනිවාර්යෙන්ම සැලසුමක් නැතුව ගෙවල් නම් හදන්න හිතන්නවත් ඒපා. සමහරු මම දන්නවා කියල හිතාගෙන ප්ලෑන ඔලුවෙ තියෙන්නෙ කියාගෙන ගෙවල් හදනවා. ඒ් හදන ගෙවල් සාර්ථක නෑ. වරලත් වාස්තු විද්‍යාඥයෙක්ට කියල සැලසුම ඇද ගන්න. මම කියන්නේ ජෝතිෂ කාරයෝ වගේ පොරවල් ගැන නෙවෙයි. උපාධියක් විදියට සැලසුම් නිර්මාණය කරලු ඒකෙක් ගැන. සමහර වෙලාවට ලක්ෂ 20 කින් ගේ හදන්න අපි ටාගට් කරන් ඉන්නව කියමු. සැලසුම අදින ඒකාගෙ ගාස්තුව ලක්ෂයක්. ඒ් නිසා අපි ඔය දන්න කියන පොරකට කියල ඇද ගන්නවා. ඒහෙම කරන්න ඒපා. අරූ අදින්න ලක්ෂයක් ගත්තට උගේ සැලසුම අනුව අපිට වෙන්න තියන අනවශ්‍ය වියදම් වලින් ලක්ෂ පහ හයක් ඉතිරි කරල දෙනවා. අනික හරියට නීතියට වැඩේ කලාම ප්‍රාදේශය සභාවල TO ලට ඒහෙම ජරාව දීගෙන දගලන්න දෙයක් නෑ. ඒ් සල්ලිත් ඉතිරියි. අනික දවසක ගේ විකුණද්දි වටිනාකමක් ඒනවා.

    2. තමන්ට අවශ්‍ය ගේ හදා ගන්න. තමන්ට අවශ්‍ය ගේදර කියන්නේ තමන්ගෙ ඇත්ත අවශ්‍යතාවය මිසක් හීන මාන ලොකු සීන් නෙවෙයි. සමහරු ගේ ඉස්සරහ තඩි පූල් ඒකක් හදනවා. බාත් රූම් බරගානක් ඇඩ් කරනවා. වැරන්ඩා බර විදියට දානවා. ඒ්වා ඇත්තටම අනවහ්‍ය නම් ගෙදරට ඒකතු කර ගන්න ඒපා. පසුකාලීනව නඩත්තුවට අමාරු වගේම හදන්න වියදමත් වැඩියි. තමන්ගෙ අතේ බර ගානක් තියනවා නම් පියාබින අස්සයන්ට ඉස්තාල ගැහුවත් අවුලක් නෑ. ඒ්ත් මතකතියාගන්න ඔ්න නඩත්තුව කියන්නෙ බරපතල වියදමක් වගේම කැපවිමක්. ගේ හදල නඩත්තුව දරා ගන්න බැරුව විකුණන අවස්ථා ඒමට දැකල තියනවා.

    තමන්ට අවශ්‍ය නිදන කාමර තුනක් නම් සාලයක් කුස්සියක් බාත්රූම් දෙකක් නම් ඒ් ටික හදන්න. බොරුවට තව තට්ටුවක් හදන්න වගේ දගලන්න ඒපා. තමන්ගෙ අවශ්‍යතාවය සැලසුම් කරුවට කියන්න. ඒයා රෆ් ඒකට අදහසක් ඔයාට ඊට පස්සෙ පෙන්නාවි. ඉන්පස්සේ සැලසුම් කරුව ඒක්ක කථා කර කර තමන්ගෙ හීනය ඇද ගන්න. සැලසුම 100% ක්ම සාර්ථක උනාමයි ගේ හදන්න පටන් ගන්න ඔ්න.

    3. හදන මගුලක් ඒකපාර හදන්න. සමහරු පොඩ්ඩ පෙඩ්ඩ පොඩ් හදනවා. ඒ්ක ඇත්තටම සාර්ථක නැහැ. සමහර විට අතේ තියන ගානට ගේ හදල පදංචි වෙලා ඉන්න ගමන් ඉතිරිටික හදන ඒක වෙනම දෙයක්. නමුත් හදපු ගෙදර අළුතින් කෑලි පුට්ටු කර කර දගලන ඒක අසාර්ථක වැඩක්. උදාහරණයක් විදියට කිව්වොත් ස්ලැබ් ඒකක් දානවා නම් ඒකපාර මුලු ස්ලැබ් ඒකම දාල ඉවර කරන්න. ස්ලැබ් ඒකක් කවදාවත්ම කෑලි දෙකකට දාන්න ඒපා. ජොයින් ඒකට කොච්චර පට්ට උනත් වැස්සට ජොයින්ට් ඒකෙන් වතුර කාන්දු වෙනවා. කවදාවත්ම කොන්ක්‍රිට් දෙකක් පූට්ටු වෙන්නෙ නෑ. දැන් දැන් මේය‌ෙ ඒක ඒක විසදුම් ඇවිත් තියනවා. ඒ්ව කියන තරම් සාර්ථක නෑ. අනික මාර වියදමක් ඒහෙම විසදුම්. ඊට වඩා හොද නැද්ද කරන දෙයක් ඒකපාර කරා නම්.

    තමන්ගෙ අතේ තියෙන්නෙ ලක්ෂ 10 යි. ගේ හදන්න ලක්ෂ 20 ක් යනවා. ඉතින් ගෙයි කොටසක් හදාගෙන පදිංචි වෙන්න වෙනවා. මෙහෙම අවස්ථාවකදි කරන්න ඔ්න සැලසුම් කරුවා ඒක්ක කථා කරල ගෙය හදන්න අධියර කීපයකට සැලසුම හදන ඒක. යට තට්ටුව ඒක අධියරක් ඊලග තට්ටුව ඊල අධියර ඔය විදියට අපිට අපේ සැලසුම් අනුව අධියර වලට බෙදල අතේ තියන ගාන අනුව සිහින නිවස නිර්මාණය කරන්න පුළුවන්. මෙහෙම අගහිග කම් මැද ගෙවල් හදනවා නම් අනිවාර්යෙන් මූලික අවශ්‍යතාවලට මුල් තැන දෙන්න. ගෙයක මූලික අවශ්‍යතා තමයි බිත්ති, වහල දොරවල්, ජනෙල් වැසිකිලිය. ඔය ටික හැදුවම කපරාදුව ටයිල් තීන්ත බාත්රූම් සෙට් වගේ දේවල් ඒන්නේ. සමහරු බිත්ති බැදල වහල ගහල දොරවල් නෑ. ඒ්ව අන්තිම අසාර්ථක වැඩ. දොරවල් දාන්න සල්ලි මදිනම් හදන් ගෙය අතේ තියන ගානට අඩු කරන්න. නැතිනම් අතේ තියන ප්‍රමාණයට මූලික අවශ්‍යතා සියල්ල ඉටුවන විදියට සංකෝචන කරන්න. ඒහෙම කියල කාමරයක් සයිස් ඒක අඩි 8 x8 ට පොඩි කරනවා වගේ වැඩ කරන්න ඒපා. ඒ් වෙලවට කරන්න ඔ්න කාමරයක් වගේ ඒකක් හදන ඒක නවත්වන්න. නවත්වපු කාමරය වෙන අධියර කට ඒකතු කරන්න. මම නම් හිතන්නෙ මෙහෙම වෙලාවට අතේ තියන ගාන සම්පූර්ණ වෙනකම් තව ටිකක් ඉවසන්න.

    4. බඩු මිලදී ගැනිම. ගොඩනැගිලි ද්‍රව්‍ය සල්ලි දීල ගන්න මුලින්ම තැනක් හොයා ගන්න ඔ්න. ඒක ඒක තැන්වලින් වෙනුවට පුළුවන් තරම් ඒකම තැනකින් ගන්න ට්‍රයි කරන්න. හාඩිවෙයාර් ඒකක් හෝ දෙකක්. මුලින්ම අවශ්‍ය බඩු ලැයිස්තුව අරන් හාඩ්වෙයාර් කීයකට ගිහින් කොටේෂන් ඒකක් ගන්න. කොටේෂන් බලල මිල අඩුම තැනින් ගන්නවා වෙනුවට තව දේවල් කීපයක් බලන්න වෙනවා. උදාහරණයකට ඒක හාඩ්වෙයා ඒකක වැලි රුපියල් 1000 යි. තව තැනක 1200. හැබැයි පලමු තැන ප්‍රවාහණයට 300 ක් දානවා. දෙවනි තැන ප්‍රවාහරනය නොමිලේ. ඒහෙම උනාම අපි ගන්න ඔ්න දෙවනි තැනින්. ඒ් වගේම සමහර හාඩ්වෙලා වලින් ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නෑ. අපි වාහනයක් අරන් යන්න ඔ්න. තමන්ට වාහනයක් තියේ නම් වාසියි ඒහෙම නැතිනම් පට්ට වාතයක්. ප්‍රවාහනය ැැ මූලිකවම හිතන්න. ඒකම තැනකින් දිගට බඩු ගනිද්දි වාසිය අතේ සල්ලි මදිපාඩ් වෙලාවක පුංචි රෝලක් ගහ ගන්න පුවවන් වගේම මිල ටිකක් අඩුවට ගන්නත් පුළුවන්. ඒ් වගේම යම් දෙයක් තෝරල කරල හොදම ඒක ගන්නත් අවස්ථාව ලැබෙනවා. අපිව අන්දන්න ඒන අවස්ථා සාපේකෂව අඩුයි.

    View attachment 188104

    5. බාස්ලා. මේක තමයි ඒපාම කරපු හරිය. කොච්චර සල්ලි තිබ්බත් බාස් හරියට සෙට් උනේ නැතිනම් විනාසයි.
    සමහර උන් අයිස් ගහනවා.
    සමහර උන් වැඩ දන්නෙ නෑ.
    සමහර උන් පොලු තියනවා.
    සමහර උන් බක පණ්ඩිතයි.
    සමහර උන් බඩු නැති නාස්ති කරනවා.
    සමහර උන් බඩු හොරකම් කරනවා

    බාසෙක් හොයා ගත්තම මුලින්ම කරන්න ඔ්න දවස් කුලියට කරනවද කොන්ත්‍රාත් දෙනවද කියල තීරණය කරන ඒක. තමන්ට ගෙදර වෙනුවෙන් වියදම් කරන්න හොද කාලයක් තියනවා නම් දවස් කුලියට කරන්න. නිතරම අපි වැඩ කරන තැන ඉන්න වෙනවා. නැතිනම් වැඩ කරනවා වෙනුවට අයිස්පාර යන්නෙ. ජෙබ් ඒකක් කරන ගමන් නම් ගෙදර හදන්නෙ අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් දෙන්න. කෝම වැඩේ කරත් වැඩ බලන්න අපේ ඒකෙක් දාන්න. නැතිනම් බඩු නැති නාස්ති කරනවා වගේම හොරකමත් යනවා.
    බාස් ලා ඒක්ක වැඩ කරන්න තියන ලේසිම ක්‍රමය මුලින්ම සාපේක්ෂව හොද බාස් කෙනෙක් හොයා ගැනීම. දන්න කියන කෙනෙකුගෙ රෙකමන්ඩ් ඒකක් තියන කලින් කරලු වැඩක් දකින්න තියන ඒකෙකුට ඇරෙන්න වෙන උන්ට නම් දෙන්න ඒපා. වැඩ නොදන්න ඒකෙක්ට දුන්නම දවසේ වැඩ් දවස් කීයක් කරනවා. බදාම හැන්සෙන් හදන වැඩේට තාච්චියක් ගන්නවා. ඒ්නිසා වැඩ දන්න ඒකෙක් ගන්න.

    බාස්ලගේ තියන ලොකුම අවුල උන් මාර බක පණ්ඩිතයි. සරලවම කිව්වොත් බාස්ලා කියන්නෙ තිරිසන් සත්තු වගේ සෙට් ඒකක්. නූගත් වගේම මොඩයි. උන්ව හැඩල් කරන්න පහුසම ක්‍රමය උබ මහත්තයා වීම සහ උන් සේවකයන් වීම. අනිවාර්යෙන්ම කවුරු හරි කෙනෙක් මහත්තයා මොඩල් ඒක කලේ නැතිනම් බාස් මහත්තයා අනාම උබට වෙනවා කරත්තෙ ගොනා වෙන්න. ඊට පස්සෙ ඉතින් බාස්ට ඔ්න විදියට මිසක් උබට ඔ්න විදියට වැඩේ වෙන්නෙ නෑ. උබට මහත්තයා චරිතය කරන්න බැරිනම් දන්නෙ නැතිනම් අවස්ථාව නැතිනම් ඒකට චරිතයක් හොයා ගනින්. උබේ තාත්තා මාමණඩි වගේ පොරක් ඒහෙමත් නැතිනම් සැලසුම් නාර්මාණ කරුවා ඒකට තියා ගනින්. මහත්තයා චරිතය කරන ඒකා බාස්ලගෙ වතුර වත් බොන්නෙ නෑ. ඒකට ඉද ගන්නෙ නෑ. ක්ලීන් සූට් පිට ඒනවා වැඩ බලනවා. වැඩිය හිනා වෙන්න බජනෙට යන්නෙ නෑ. වැරදි පෙන්වල වැඩේ කරවනවා. නිතරම වැඩකරන තැන ඉන්නෙ නෑ. උන් ඒක්ක කිසිම වැඩක් කරන්නෙ නෑ. මේක කිව්වම උබල හිතාවි මේ මොන මගුලක්ද කියල. ඒ්ක ඒහෙම තමයි. ඒහෙම නැතුව බාස්ලා ඒක්කම කරලම බලපල්ලකො. බාසෙක් වරදක් කලොත් ආයෙ කිසිම දෙවනි චාන්ස් ඒකක් දෙන්න ඒපා. ඒ් මොහොතෙම පඩි බේරුව පැයක් තියා ගන්න ඒපා යවපං. ඒතකොට අනිත් උන් බයට වැඩ කරනවා වගේම බාස්ලා කවදාවත්ම හැදෙන උන්නෙවේ. අවස්ථාව ආවම කරනම් ගහල වැඩ දාන්න දගලන උන්.

    බාස්ලට පඩි බේරිල්ල වැදගත්ම වඩේ. කොන්ත්‍රාත්නම් දෙන්නේ කරන්න තියන හැම වැඩේටම ගනන් A-Z කථා කරගන්න. කොලයක ගණන් ලියාගෙන අත්සනකුත් අරන් තියා ගන්න. මොකද උන්ගෙ ගණන් ඉලාස්ටික්. දවස් කුලියට නම් බාස්ගෙ ගොලයගේ ගණන් කථා කර ගන්න. පඩි බේරණ විදියත් කථා කර ගන්න. දවස් කීයෙන් කීයටද ඇඩ්වාස් ඔ්න කියල. මුලු පඩියම කවදාවත්ම දෙන්න ඒපා. බාස්ලා කියන්නෙ පඩියක් තඅට ගත්තම ඒ් සල්ලි ඉවර කරනකම් ආයෙ වැඩ කරන්න කිසිම උවමනාවක් නැති උන්. ඒ් නිසා අමාරුවෙන් ජීවත්වන ගානට සල්ලි දෙන්න. වැඩේ ඉවර උනාම පඩි බේරන්න මුලින්ම කථා කර ගන්න. විශේෂයෙන්ම මතක් කරල කියන්න මැදින් මැදින් පොරොන්දු උන පිලිවෙලට ඇරෙන්න දෙන්න සල්ලි නැහැ කියල. අපේ අතේ උන්ගෙ සල්ලි තියෙන කම් බල්ලො වගේ වඩ කරනවා. ඒහෙම නැති උනාම උන්ගෙ පට්ට උශ්ණයක් ඒනවා. දවස මැද උනත් වඩ දාල සමහර උන් යන්නේ. මම නම් අනිවාර්යෙන් දවස් පහකවත් සල්ලි අවම තියා ගන්නවා. මොකක් හරි පජාත වැඩක් කරල පාඩුවක් කලොත් අඩු තරමෙ ඒකෙන් හරි කපා ගන්න පුළුවන්. නැතිනම් අරුගේ මස් විකුණල වත් කීයක් වත් ගන්න බෑ. බීල බීල වකු ගඩු වත් ගන්න දෙයක් නෑ.

    බාස්ලා හදන්න නම් යන්න ඒපා. සමහර උන් ඔච්චර බොන්න ඒපා අරක මේක ගගා දගලනවා. උන් කවදාවත්ම බොන ඒක නවත්වන්නේ නෑ. උන් බොන ඒක නතර කලොත් අපිට පාඩු ඒතකොට අතේ සල්ලි තියෙනවා උන් වැඩ කරන්න ඒන්නෙ නෑ. ඩේලි බොන කොට ඩේලි හම්බ කරන්න ඔ්න. ඒතකොට රස්සාවට ආදරනේ කරනවා. අනිවාර්යෙන්ම වැඩකරන තැන අරක්කු බීම තහනම් කරපන්. සමහර අන් බිව්වම සත්තු වගේ. මරා ගන්නවා. බඩු විනාස පවා කරනවා. ඔ්න අහක බීල ඒන්න කියපන් බොන්න පාටි දාන්න තහනම්.


    ඔය දැම්මෙ මගේ අත්දැකීම මීට ඒහා මට අතපහු වෙච්ච මම නොදන්න දෙයක් තියනවා නම් දන්න ඒකෙක් දාපන්. තව ඒකෙක්ට වැද ගත් වේවි. )
    #එකටගොඩයමු
    බස්ලගේ සින් එක නම් ඇත්ත.මට ලක්ශ ගානක් පාඩු කරලා එක කැරියෙක් ගියේ. උන් එක්ක රණ්ඩු වෙවි කවදාවත් වැඩ කරවගන්න හොද නැ. කෙලවලාම තමා යන්නේ උන්. එ වගේ වෙලාවක එවලෙම පන්න්න ඔනි.
    උන් එක්ක කවදාවත් හොදින් කතා කරන්න හොද නැ. අඩුම තරමේ බාස් කෙනෙක්ට අපි බොන ෆිල්ටර් වතුර එකවත් බොන්න දෙන්න හොද නැ. ටැප් එකෙන්ම බොන්න කියන ලයින් එකෙ ඉන්න ඔනි. මෙහෙම කියන එක හොද නැ. එත් උන්ට ඔනාවට වඩා සැලකුවාම අපිට කෙලින්න එන්නෙ.

    සමහරක් කම්පැණි වල බොස්ලා සෙවකයන්ට බල්ලන්ට වගේ සලකන්නෙත් මේ සින් එක නිසා වෙන්නෙ ඇති නේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,240
    1
    16,549
    113
    Black Pearl
    Good stuff, meka tamai mage experience eka
    1. Baas la apita handle karanna amarui, ehema wenawanam apitath unge level ekata wetenna wenawa, eka nisa mama kale wedi ganak unath contractor kenekta outsource kala pora sapekshawa hodai. mama nam porata badu dala parts walata ganan illuwa (slabs, walls, plaster)
    2. habai hama welema touch eke inna oni, cement monada danne and kambi monada danne wage ewa balanna oni. hamadama karapu wede balanna puluwan nam supiri
    3. post eke tiyanawa wage puluwan tharam podiyata gedara hadanna. gedara size ekata wada watinne build quality ekai. mama nam kiyanne api gedara godak podi kaloth luxury widiyata finish karanna puluwan.
      1. bathroom nam gedara 2k athi floors dekata, budget tiyanawanam master bedroom ekata bathroom ekak daganna. hadana bathroom supiriyata finish karanna
    4. Box type nam hadanna epa, lankawata oroththu denne naha math asawata ekak kala passe aparade kiyala hithenawa
    5. Rooftop gahanawanam aniwa yata heat eka wenawa kiyala balaporoththu wenawa, aniwa uda thawa wahalekin cover wenawa, gas wawana ewa practical naha
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    බස්ලගේ සින් එක නම් ඇත්ත.මට ලක්ශ ගානක් පාඩු කරලා එක කැරියෙක් ගියේ. උන් එක්ක රණ්ඩු වෙවි කවදාවත් වැඩ කරවගන්න හොද නැ. කෙලවලාම තමා යන්නේ උන්. එ වගේ වෙලාවක එවලෙම පන්න්න ඔනි.
    උන් එක්ක කවදාවත් හොදින් කතා කරන්න හොද නැ. අඩුම තරමේ බාස් කෙනෙක්ට අපි බොන ෆිල්ටර් වතුර එකවත් බොන්න දෙන්න හොද නැ. ටැප් එකෙන්ම බොන්න කියන ලයින් එකෙ ඉන්න ඔනි. මෙහෙම කියන එක හොද නැ. එත් උන්ට ඔනාවට වඩා සැලකුවාම අපිට කෙලින්න එන්නෙ.

    සමහරක් කම්පැණි වල බොස්ලා සෙවකයන්ට බල්ලන්ට වගේ සලකන්නෙත් මේ සින් එක නිසා වෙන්නෙ ඇති නේ.
    බලපන් වැඩ කර කර හිටපු කැරියා අද නෑ. මට රෙන්ට් කරපු ටූල් වලටම 3000ක් ගෙවන්න වෙනවා නිකන්ම. මම ඕකට අනන්තවත් කියනවා එන්නෙ නැත්නම් අඩුම කෝල් එකක් දීපිය කියලා. මූ පෝන් ආන්ස්වර් කරන්නෙ නෑ එන්නෙ නැත්නම්. ඊටපස්සෙ මොකුත් වෙච්චි නැතිගානට ආයෙ වැඩටත් එනවා.

    කලිනුත් ඕකා එන්නෙ නැතුව වැස්ස දවස්වල බලන් ඉඳලා 10ක් නිකන් දුන්නා ටූල් වලට.

    තවත් උපදෙසක් තමයි සිමෙන්ති, ටූල් උන් ආවට පස්සෙ ගේන්න යන්න. නැත්නම් බලන් ඉන්න වෙන්නෙ.

    ගෙදරක වැඩ පටන් ගන්නවානම් පලංචි 4ක් විතර සල්ලි වලටම ගන්න. නැත්නම් රෙන්ට් එකටයි ට්‍රාන්ස්පෝර්ට් වලටයි හෙනට යනවා.

    Baas la apita handle karanna amarui, ehema wenawanam apitath unge level ekata wetenna wenawa, eka nisa mama kale wedi ganak unath contractor kenekta outsource kala pora sapekshawa hodai. mama nam porata badu dala parts walata ganan illuwa (slabs, walls, plaster)
    මමත් ඔහොම හිතලා තමයි මුලින්ම කම්පැනි එකකට දුන්නෙ. වැඩක් නෑ බන්. අන්තිමේ වැඩේ වෙන්නෙ අර ගොබ්බ බාස්ලා අතින්. සුපර්වයිසර් කියලා එකෙක් ඉන්නවා. ඌ මල් කඩ කඩ ඉන්නවා. අනික ඌ බාස්ලට බයයි. මට හැමදාම වැරැද්දක් තිබුනා කම්ප්ලේන් කරන්න.
    ------ Post added on Oct 28, 2022 at 11:09 AM

    තව උපදෙස්

    1. වත්තෙ ඉඩ තියෙනවානම් තට්ටු ගෙවල් ගහන්න එපා රටේ ලෝකෙ උන්ට පේන්න. වියදමත් වැඩී. අනික පට්ට කරදරයි උඩ නගින්න ගියාම. තනි තට්ටුවට හදාගන්න පුලුවන් නම් හරිම ලේසි.

    2. උඩ ස්ලැබ් එකක් දැම්මම මල් වැව්වැකි පාර්ටි එකකට හොඳයි. ඔව්වා නම් බොරු කතන්දර. ඒකට වැය කරන මුදලට වටිනාකමක් එන්නෙ නෑ.
    ------ Post added on Oct 28, 2022 at 11:13 AM
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,616
    1,643
    113
    Stockholm
    මචන් ලාවට සයිඩ් එකේ පොඩි ගානක් එකතු කරලා, පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් තියෙනවා ඒකේ ඇනෙක්සියක් වගේ ගහන්න කියල බැලුවේ (ජනවාරියේ වැඩ පටන් අරන්). නිදාගන්න කාමරේ + attached-Bathroom එකයි Kitchen විතරක් වගේ..
    10-15Lakhs වගේ කරගන්න බැරි වේවිද ඒ කියන්නේ දැන් රටේ ආර්ථික තත්ත්වෙ අනුව.? :(
     
    • Like
    Reactions: NRTG and wpmanoj

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,017
    1,165
    113
    කන්දක
    මචන් ලාවට සයිඩ් එකේ පොඩි ගානක් එකතු කරලා, පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් තියෙනවා ඒකේ ඇනෙක්සියක් වගේ ගහන්න කියල බැලුවේ (ජනවාරියේ වැඩ පටන් අරන්). නිදාගන්න කාමරේ + attached-Bathroom එකයි Kitchen විතරක් වගේ..
    10-15Lakhs වගේ කරගන්න බැරි වේවිද ඒ කියන්නේ දැන් රටේ ආර්ථික තත්ත්වෙ අනුව.? :(
    harenna vath ba machan oya gaanta. uba ehanm hadanna one pattama podiyata
     
    • Like
    Reactions: wpmanoj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    මචන් ලාවට සයිඩ් එකේ පොඩි ගානක් එකතු කරලා, පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් තියෙනවා ඒකේ ඇනෙක්සියක් වගේ ගහන්න කියල බැලුවේ (ජනවාරියේ වැඩ පටන් අරන්). නිදාගන්න කාමරේ + attached-Bathroom එකයි Kitchen විතරක් වගේ..
    10-15Lakhs වගේ කරගන්න බැරි වේවිද ඒ කියන්නේ දැන් රටේ ආර්ථික තත්ත්වෙ අනුව.? :(
    wahaletama yai ban oya wage ganak.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,415
    21,578
    113
    මචන් ලාවට සයිඩ් එකේ පොඩි ගානක් එකතු කරලා, පාදුක්ක පැත්තෙ පොඩි ඉඩමක් තියෙනවා ඒකේ ඇනෙක්සියක් වගේ ගහන්න කියල බැලුවේ (ජනවාරියේ වැඩ පටන් අරන්). නිදාගන්න කාමරේ + attached-Bathroom එකයි Kitchen විතරක් වගේ..
    10-15Lakhs වගේ කරගන්න බැරි වේවිද ඒ කියන්නේ දැන් රටේ ආර්ථික තත්ත්වෙ අනුව.? :(
    Can do. You should have supply raw materials and watching the working
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,451
    2,015
    113
    බලපන් වැඩ කර කර හිටපු කැරියා අද නෑ. මට රෙන්ට් කරපු ටූල් වලටම 3000ක් ගෙවන්න වෙනවා නිකන්ම. මම ඕකට අනන්තවත් කියනවා එන්නෙ නැත්නම් අඩුම කෝල් එකක් දීපිය කියලා. මූ පෝන් ආන්ස්වර් කරන්නෙ නෑ එන්නෙ නැත්නම්. ඊටපස්සෙ මොකුත් වෙච්චි නැතිගානට ආයෙ වැඩටත් එනවා.

    කලිනුත් ඕකා එන්නෙ නැතුව වැස්ස දවස්වල බලන් ඉඳලා 10ක් නිකන් දුන්නා ටූල් වලට.

    තවත් උපදෙසක් තමයි සිමෙන්ති, ටූල් උන් ආවට පස්සෙ ගේන්න යන්න. නැත්නම් බලන් ඉන්න වෙන්නෙ.

    ගෙදරක වැඩ පටන් ගන්නවානම් පලංචි 4ක් විතර සල්ලි වලටම ගන්න. නැත්නම් රෙන්ට් එකටයි ට්‍රාන්ස්පෝර්ට් වලටයි හෙනට යනවා.


    මමත් ඔහොම හිතලා තමයි මුලින්ම කම්පැනි එකකට දුන්නෙ. වැඩක් නෑ බන්. අන්තිමේ වැඩේ වෙන්නෙ අර ගොබ්බ බාස්ලා අතින්. සුපර්වයිසර් කියලා එකෙක් ඉන්නවා. ඌ මල් කඩ කඩ ඉන්නවා. අනික ඌ බාස්ලට බයයි. මට හැමදාම වැරැද්දක් තිබුනා කම්ප්ලේන් කරන්න.
    ------ Post added on Oct 28, 2022 at 11:09 AM

    තව උපදෙස්

    1. වත්තෙ ඉඩ තියෙනවානම් තට්ටු ගෙවල් ගහන්න එපා රටේ ලෝකෙ උන්ට පේන්න. වියදමත් වැඩී. අනික පට්ට කරදරයි උඩ නගින්න ගියාම. තනි තට්ටුවට හදාගන්න පුලුවන් නම් හරිම ලේසි.

    2. උඩ ස්ලැබ් එකක් දැම්මම මල් වැව්වැකි පාර්ටි එකකට හොඳයි. ඔව්වා නම් බොරු කතන්දර. ඒකට වැය කරන මුදලට වටිනාකමක් එන්නෙ නෑ.
    ------ Post added on Oct 28, 2022 at 11:13 AM
    අනිවා. ටුල් රෙන්ට් කරනවනම් උන් ආවම උදේ ගෙන්න ගන්න ඔනි. නැත්නම් ටුල් තියෙන බාසෙක්ම හොයාගන්න ඔනි.

    ගෙදර ඉඩ තියෙනවනම් තනි තට්ටුවට ගහන එක තමා හොදම දේ. ලොකෙට පෙන්න තට්ටු දෙකට ගැහුවට ටික කාලයයි උඩ තට්ටුව පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ හරියට පිරිසිදු කරන්නෙවත් නැ ගොඩක් ගෙවල් වල.

    වාස්තු විස්වාස කරනවනම් ගේ හදන්න කලින් ප්ලැන් එක තුන් හතර දෙනෙක්ගෙන් බලවගන්න ඔනි. වාස්තු බලන්නේ නැතුව හැදුවොත් අයේ කොහොමවත් වාස්තු ගැන හිතන්න හොද නැ. වාස්තු කාරයො ඇවිත් ඔලුව කාලා ගියාට පස්සේ අර හදපු ගෙදර ඉන්න ආසාවත් නැති වෙනවා. මට එහෙම වෙලා විකුණන්න දාපු ගෙවල් අම්බානක සෙට් වෙලා තියෙනවා.

    තව දෙයක්, වාස්තු අනම් මනම් විශ්වාස කරනවනම් ගෙදර වහල ගහන වෙලාවට බාස් කාරයා එක්ක රණ්ඩු වෙන්න හොද නැ. රාන්ඩු උනොත් අයේ ඌට වැඩ කරන්න දෙන්නත් හොද නැ. වහලේ ගහන විදියට ගෙදර උන් ලෙඩ වෙන්න, මැරෙන්න ගහන්න පුලුවන් සින් තියෙනවා.
     

    R_S

    Member
    Oct 23, 2022
    16
    13
    3
    බලපන් වැඩ කර කර හිටපු කැරියා අද නෑ. මට රෙන්ට් කරපු ටූල් වලටම 3000ක් ගෙවන්න වෙනවා නිකන්ම. මම ඕකට අනන්තවත් කියනවා එන්නෙ නැත්නම් අඩුම කෝල් එකක් දීපිය කියලා. මූ පෝන් ආන්ස්වර් කරන්නෙ නෑ එන්නෙ නැත්නම්. ඊටපස්සෙ මොකුත් වෙච්චි නැතිගානට ආයෙ වැඩටත් එනවා.

    කලිනුත් ඕකා එන්නෙ නැතුව වැස්ස දවස්වල බලන් ඉඳලා 10ක් නිකන් දුන්නා ටූල් වලට.

    තවත් උපදෙසක් තමයි සිමෙන්ති, ටූල් උන් ආවට පස්සෙ ගේන්න යන්න. නැත්නම් බලන් ඉන්න වෙන්නෙ.

    ගෙදරක වැඩ පටන් ගන්නවානම් පලංචි 4ක් විතර සල්ලි වලටම ගන්න. නැත්නම් රෙන්ට් එකටයි ට්‍රාන්ස්පෝර්ට් වලටයි හෙනට යනවා.


    මමත් ඔහොම හිතලා තමයි මුලින්ම කම්පැනි එකකට දුන්නෙ. වැඩක් නෑ බන්. අන්තිමේ වැඩේ වෙන්නෙ අර ගොබ්බ බාස්ලා අතින්. සුපර්වයිසර් කියලා එකෙක් ඉන්නවා. ඌ මල් කඩ කඩ ඉන්නවා. අනික ඌ බාස්ලට බයයි. මට හැමදාම වැරැද්දක් තිබුනා කම්ප්ලේන් කරන්න.
    ------ Post added on Oct 28, 2022 at 11:09 AM

    තව උපදෙස්

    1. වත්තෙ ඉඩ තියෙනවානම් තට්ටු ගෙවල් ගහන්න එපා රටේ ලෝකෙ උන්ට පේන්න. වියදමත් වැඩී. අනික පට්ට කරදරයි උඩ නගින්න ගියාම. තනි තට්ටුවට හදාගන්න පුලුවන් නම් හරිම ලේසි.

    2. උඩ ස්ලැබ් එකක් දැම්මම මල් වැව්වැකි පාර්ටි එකකට හොඳයි. ඔව්වා නම් බොරු කතන්දර. ඒකට වැය කරන මුදලට වටිනාකමක් එන්නෙ නෑ.
    ------ Post added on Oct 28, 2022 at 11:13 AM
    ටූල් රෙන්ට් කරනවා වගේම උන්ගෙ ටූල් වලින් වැඩ කරද්දි පරිස්සම් වෙන්න වෙනවා. අපි ගෙනල්ලා දෙන GRINDING DISC, කියත් තලේ ඉදන් උන්ගේ වගේ උස්සන් මාරු වෙනවා.
     
    • Like
    Reactions: wpmanoj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    ටූල් රෙන්ට් කරනවා වගේම උන්ගෙ ටූල් වලින් වැඩ කරද්දි පරිස්සම් වෙන්න වෙනවා. අපි ගෙනල්ලා දෙන GRINDING DISC, කියත් තලේ ඉදන් උන්ගේ වගේ උස්සන් මාරු වෙනවා.
    ඒක ඇත්ත මචන්. මගෙ තිබ්බ කියත් තල, ඩිස්ක් මොකුත් අන්තිමට නෑ. උන් කියන එකම ගේන්න ඕනෙ නැත්නම් වැඩ කරන්නෙ නෑ. ඕනෙ තරම් පාවිච්චි කරපු ලී තියෙද්දි අලුත් ලීම ගන්නවා සිමෙන්ති වැඩ වලට. ඇහිල්ලක් බැලිල්ලක් නෑ.

    මම මොකක් හරි ගන්න එපා කිව්වොත් මම එහා මෙහා වෙනකන් ඉඳලා වයිෆ්ගෙනුත් අහනවා. පුදුම පිස්සො රැළක් මුන් නම්.
     
    • Like
    Reactions: wpmanoj and R_S