ගෙයක් හදන කොට Engineering part එක

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka


    වර්ග අඩි 3500 (පල්ලෙහා තට්ටුව + උඩ තට්ටු) කට වඩා ගෙදර වර්ගපලය වැඩි වෙනවා නම් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් අනුමත කරපු plan එකක් වෙන්න ඕනේ. ලොකු එකකට යනවා නම් සේවය ලබා ගන්න එක හොඳයි.



    මෙතන තියන ඒවායින් බහුතරයක් Architect ලාගෙන් Architectural Drawing + Detailed Drawing ගන්න පුළුවන්. කොහොම උනත් මුලින්ම හදලා දෙන්නේ council drawing එක. ඒ නගර සිමාවේ regulations වලට ඉඩමේ ඉඩ ප්‍රමනේ වෙන් කරගෙන දල සටහනක් ඇදලා දෙන්නේ (layout). ඊට පස්සේ detail drawing කියලා ගන්න පුළුවන් Roof details, bathroom details, Floor layout, Door & Window details වගේ.

    Structural Drawing එකක් ඇද ගන්න ඕනේ නම් structural engineer කෙනෙක්ව project එකට ගන්න ඕනේ. මේ අයගෙත් ගාන සාමාන්යෙන් වැඩියි. නමුත් structure එකට මේ අය වගකීමක් දෙනවා අවුරුදු ගානකට. දුර්වල පසක්, හෙළක්, වතුර උනන බිමක් නම් මේ අයගේ සේවය ගන්න එක බොහෝ දුරට හොදයි.

    Electrical drawing ඇද ගන්නවා නම් M&E engineer කෙනෙක්ව ඕනේ වෙනවා. නමුත් architect ගෙන් සාමාන්යෙන් socket layout එක හම්බෙනවා. පරිපථය ගොඩක් සංකීර්ණ වෙනවා නම් (3 phase) මේ අයගේ සේවය ලබා ගන්න එකේ වරදක් නැහැ.

    Plumbing වලට නම් ගෙදරකට මහා ලොකු සංකීර්ණ plumbing details එන්නේ නැහැ. එහෙම කරනවා නම් M&E engineer කෙනෙක්ට කියලම තමා අන්ද ගන්න ඕනේ. එත් සාමාන්යෙන් architect දෙන plumbing layout එක ගෙදරකට නම් හොදටම ඇති.



    මුලින් කිවුවා වගේ වර්ග අඩි 3500 ට වැඩි වෙනවා නම් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් අනුමත කරපු drawings වෙන්න ඕනේ. project එක දුවන්න architectural drawings විතරක් ඇති. නමුත් project එක ලොකු වෙන තරමට අනික් drawing තියන එක හොදයි.


    එක structural drawing එකකට යනවා නම් structural engineer එක්ක කතා බහ කරලා කර ගන්න. මොකද ඒ විස්තර වැදගත් වෙන්නේ එයාට නිසා. ගොඩක් වෙලාවට එයාගේ package එකේ soil test එකත් තියනවා.

    Thank you very much for the detailed explanation machan.... :yes:

    Appreciate if you can PM your contact no. :D
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී පාර්ශව කීපයක් සම්බන්ද වෙනවා.ඒ අය කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්.

    1.Client
    2.Consultant
    3.Contractor


    Client ,Contractor කියන්නේ කවුද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ.Consultant ගැන විස්තර කරන්නම්.Consultant ගත්තාම ඒකත් කොටස් කීපයකට බෙදන්න පුලුවන්.සාමාන්‍ය ගොඩනැගිල්ලකටනම් මේ හැමදෙනාගේම සේවය අත්‍යාවශ්‍ය නෑ.

    1.Architect.
    ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ මූලික වගකීම තියෙන්නේ මෙයාට.සේවා දායකයගේ අදහස සහ කැමැත්ත පරිදි ගොඩනැගිලි සැලසුම නිර්මාණය කරන්නේ ආකිටෙක්.ඒ වගේම ඩීටේල් ඩ්‍රොවින්ස් වලින් වැඩිම ප්‍රමාණයක් සපයන්නේ ආකිටෙක්.

    2.Structural Engineer
    ගොඩනැගිල්ලට අවශ්‍ය වන අත්තිවාරම්,ස්ලැබ්,කොලම්ස්,බීම් ආදී සැලසුම් මෙයාගෙන් ලබාගන්න පුලුවන්.ගොඩනැගිල්ලේ ව්‍යුහාත්මක සැලසුම ඉන්ජිනිය කෙනෙකුට කියලා කරවා ගන්න එක හැමවිටම ගුණදායක වෙනවා.

    3.MEP Engineer
    ගොඩනැගිල්ලට අවශ්‍ය වන,ජලනල,විදුලි සැපයුමට අවශ්‍ය වන උපදෙස් සහ සැලසුම් මෙයාගෙන් ලබාගන්න පුලුවන්.

    4. Quantity surveyor
    මෙයාගේ සේවය ගත්තොත් ප්‍රමාණ බිල් පත්‍රය (BOQ ) සෑදීම,කොන්ත්‍රාත් කරු ඉදිරිපත් කරන බිල් පරීක්ශාකර බලා ගෙවීම් කිරීමට නිර්දේශ කිරීම වගේ දේවල්.කොන්ත්‍රාත් කරුවන් තමන්ට හිතුනු හිතුනු ගනන් ඉදිපත් කිරීම,නොකල වැඩ සඳහා කරන ලද අයකිරීම් වැලැක්වීම, වගේ දේවල් මෙයාගෙන් සේවය ලබාගැනීමෙන් වලක්වා ගන්න පුලුවන්.ඒ වගේම ගොඩනැගිල්ලට යන වියදමත් දළවශයෙන් අවබෝදයක් ලබාගන්න පුලුවන්.



    Drawings ගත්තාම ඒකත් කොටස් කීපයකට වර්ග කරන්න පුලුවන්.

    1.Council Drawing - මේක පාවිච්චි කරන්නේ ගොඩනැගිලි සැලසුම අනුමත කරගන්න.
    2.Detailed Drawing-මේක ගැන කථා කලාම මේ ඩ්‍රොවින් ටික කීපදෙනෙකුගේ සහයෙන් තමයි ලැබෙන්නේ.

    Architect

    Floor Plans
    Sections & Elevations
    Door & Windows details
    Bathroom layout
    Roof details
    Electrical layout
    Finishing details
    Handrail, Staircase ect.


    Structural Engineer
    Foundation
    Columns & Beams
    Slab details

    MEP Engineer
    Plumbing details
    Electrical details


    සාමාන්‍යයෙන් ඔය විදියට තමයි ඩ්‍රෝවින්ස් ලැබෙන්නේ.

    තට්ටු 4ක් යනවනම් ඉතින් ඉන්ජෙකුට පෙන්නන්න.එතකොට එයා තීරණය කරයි සොයිල් ටෙස්ට් එකක් කරන්න ඕනිද නැද්ද කියලා.

    Thanks for the detailed information machan... :yes: