ගෙල දිගු කරගන්නට වළලු සිරකරන ගෝත්‍රික කාන
සාමාන්‍යයෙන් සියවස් ගණනාවක් තිස්සේ කාන්තාවන්ගේ ගෙල දිගුව පැවතීම රූප සොබාව වැඩිකරන අංගයක් විදිහට කාන්තාවන් විශ්වාස කලා. ඒ නිසා කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ගේ ගෙල ටිකක් දිගු කරගන්න පුළුවන් දේවල් කලා.
ඒත් අදටත් තමන්ගේ ලස්සන වැඩිකරගන්න බෙල්ල දිගු කරගන්න තමන්ගේ ජීවිත කාලයම කැපකරන කාන්තාවෝ ලෝකයේ ඉන්නවා. හැබැයි පුදුමයට කරුණක් වෙන්නේ ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන්නේ රූපලාවන්‍ය ක්‍රම නැත්නම් ව්‍යායාම නෙවෙයි, තමන්ගේ බෙල්ලට වළලු සිරකිරීමෙන්.
මෙය සැලකෙන්නේ ලෝකයේ පැරණිම ශරීරාංග වෙනස් කිරීමේ ක්‍රමයක් විදිහටයි. අදටත් චාර්ත්රයක් විදිහට සලකා අනුගමනය කරන කාන්තාවන් ලෝකය පුරා ඉන්නවා. මේ ක්‍රමය මුලින්ම ඇරඹුනා කියලා විශ්වාස කරන්නේ ගිණිකොණ දිග ආසියාතික රටවලයි. ඒ කියන්නේ ඉන්දුනීසියාව, පිලිපීනය ආශ්‍රිතවයි. ඒ අතරිනුත් ජාවා දූපත් ආශ්‍රිතව ජීවත්වුණු ගෝත්‍රික කාන්තාවන් මේ ක්‍රමය මුලින්ම අනුගමනය කලා කියලා සාධක මගින් හොයාගෙන තියනවා.
ඇත්තටම ඇයි බෙල්ල දික්කරගන්නේ?
මේ ගැන පරස්පර මතවාද තිබෙනවා. ඇතැම් ජනවිද්‍යා පර්යේෂකයන් සහ ඉතිහාස ගවේශකයන් කියන්නේ මේ කාන්තාවන් මේ විදිහට බෙල්ලට එකිනෙක ලංවෙන විදිහට වලලු ගණනාවක් පැළඳීමෙන් ආරක්ෂාව බලාපොරොත්තු වුණා කියලා. විශේෂයෙන්ම හදිසියේම වනාන්තරවල සිට පහරදෙන කොටියන්ගෙන් බෙල්ලට සිදුවෙන්න පුළුවන් හානිය වලක්වගන්න සහ මේ අසාමාන්‍ය ගෙල නිසා සතුන් බියට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් මේ විදිහට බෙල්ලට වළලු දාගත්තා කියලා.
තවත් පිරිසක් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔවුන් කියන්නේ ගෝත්‍රික කාන්තාවන් මේ විදිහට කලේ බෙල්ල දිගුවීමෙන් අසාමාන්‍ය විකෘති පෙනුමක් ලැබෙන නිසා සතුරු ගෝත්‍රවල පිරිමින් ඇවිල්ලා ඔවුන් පැහැරගෙන යාමෙන් වැලකෙනවා කියලා. මේකනම් ටිකක් විතර පිලිගන්න අමාරු තර්කයක්, මොකද අදටත් මියන්මාරයේ පෙරහැර අවස්ථාවලදි බෙල්ලට වලලු සිරකරගත්ත කාන්තාවන්ගේ රංගනය තමයි ඒ පෙරහැරේ ලස්සනම අංගය වෙන්නේ.
අප්‍රිකාවේ බෙල්ලට වටිනා වලලු
අප්‍රිකාවේ ගෝත්රිකා කාන්තාවන් තමන්ගේ බෙල්ලට වටිනා ලෝහ වලින් සකස් කරපු වලලු දාගන්න වැඩි කැමැත්තක් දක්වලා තියනවා. බොහෝවිට මේ වලලු ලබාදෙන්නේ ඔවුන්ගේ සැමියන් හෝ පෙම්වතුන්. ආදරේ වැඩිකමට පළන්දන වලලු නිසා අප්‍රිකානු ඇතැම් ගෝත්‍රික කණ්ඩායම්වල කාන්තාවන්ගේ බෙල්ල ජිරාෆ්ගේ බෙල්ල වගේ දිගු වෙනවා.
කොහොමද මේක කරන්නේ?
සාමාන්‍යයෙන් වයස අවුරුදු 5ක් විතර වෙද්දි මේ ගෝත්‍රික දැරියන්ගේ බෙල්ලට වලලු වැටෙන්න පටන්ගන්නවා. දෙමව්පියන් (විශේෂයෙන්ම මව) ගෑණු දරුවාගේ බෙල්ලට වළලු කීපයක් බෙල්ලේ තරමට පළන්දනවා. මේක බොහොම වේදනාකාරී වගේම හිරිහැරයක් සිදුවෙන දෙයක්. පස්සේ වයසින් වැඩිවෙන්න වෙන්න එක එක වළල්ල වැඩිකරනවා. මේ විදිහට ඇතැම් කාන්තාවන්ගේ ගෙලේ පිත්තල හෝ වෙනත් ලෝහ වලලු 40-50 අතර ප්‍රමාණයක් පවා තිබෙන අවස්ථා දකින්න පුළුවන්. මේ වලලු ඉවත්කරන්නේ කාන්තාව මියගියාට පසුව පමණයි.
ඇත්තටම බෙල්ල දික්වෙනවද?
මේක එක පැත්තකින් ජීවවිද්‍යාත්මක ප්‍රශ්නයක්. මේ විදිහට වලලු පැලැන්දීමෙන් බෙල්ල දික්කරන්න පුළුවන්ද? උත්තරය තමයි නෑ කියන එක. එහෙනම් මෙතනදි වෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මේ විදිහට වලලු බෙල්ලට හිරකලාම බෙල්ල දිගයි වගේ පේන එක එක දෙයක්. අනිත් එක තමයි අඩු වයසින් බෙල්ලට මෙහෙම වලලු දාලා බෙල්ලේ අස්ථා සහ මස්පිඩු ඈත්කලාම සිද්ධවෙන්නේ බෙල්ල දික්වෙනවට වඩා බෙල්ල ඇදිලා තිබෙන එකයි. අඩු වයසින් කරද්දි මේකේ වේදනාව අඩුවුණාට වැඩිමහලු වයසෙදි මේක කරන්න පටන් ගත්තොතින් වේදනාව බොහොම වැඩියි.
බරපතලම කතාව
ඇතැම් ගෝත්‍රවල කාන්තාවන් බෙල්ලට විතරක් නෙවෙයි, අත් පා වලට පවා මේ වලලු පළඳිනවා. මේකේ තිබෙන ඵලවිපාක වේදනාව විතරක්ම නෙවෙයි. බොහෝ දෙනෙක්ට දීර්ඝාකලීනව ගෙලෙහි මාංශ පේශී ඇදීම සහ සිරකරගෙන සිටීම නිසා මොළයේ ස්නායු සහ නහර ආශ්රිත රෝග ඇතිවෙනවා. ඒ වගේම මේ වලලු සම මත තෙරපීම නිසා හටගන්නා තුවාල ආසාදනය වීමෙන් ජීවිත හානි පවා සිද්ධවෙනවා. ඇතැම් කාන්තාවන් මේ චාරිත්‍රය මගහරින්න ගෝත්‍රවලින් පැනලා යන අවස්ථා පවා අතීතයේ වාර්තා වුනා.
විරුද්ධව හඬක්
පහුගිය කාලේ ලෝක ප්‍රකට කාන්තා ක්‍රියාකාරීන් ගණනාවක්ම මේ චාරිත්‍රයට විරෝධතාව දක්වමින් කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් ඔවුන් තමන්ගේ ගෙලට යකඩ වලලු දාගෙන සිරකරගෙන ලෝකයටම මේ වේදනාකාරී චාරිත්‍රය ගැන කිව්වා. ඒ කාලයේ ලෝකයේ මාධ්‍ය බොහොමයක් මේ ගැන අවධානය යොමුකරලා මේ චාරිත්‍රයේ ඇති හිරිහැර සහ කරදර ගැන ලෝකයට කිව්වා. ඒත් අදටත් ලෝකය පුරා කාන්තාවන් ලක්ෂ ගණනක් බෙල්ලේ වලලු හිරකරගෙන ඒ වලලු වලටම හිරවෙලා ජීවත් වෙනවා.
උපුටා ගැනීම - www.her.lk