ගෙවල්, බාස්, මිලදී ගැනීම්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,669
    3,385
    113
    කිසිම බාසෙක් එක්ක මොනවත් ගන්න යන්න එපා....උගේ බිලක් ගෙනියන්නත් එපා...උබලා වෙනම ලියලා අරගෙන පලයල්ලා....

    බාස්ලා කියන තැන්වලට යන්නත් එපා...හැම තැනම් කමිශන්...

    නිකන් ඉදලා සල්ලි හොයන බ්‍රෝකර් කාක්කෝ හැම තැනම උන් ඔක්කොම බලන්නේ වචනෙන් හරි ගානක් කපා ගන්න...
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    Sirwata dan job akak karanawata wada hodai podi kalema lamayek ta broker kenek wenna igannuwanam.

    Sakkilli yakku inne.
     
    • Like
    Reactions: vito

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Yes. Gutters ගහන තැනකට වහලේ ගහපු වඩ්ඩා කතා කරලා මාව යැව්වා.
    Sayerlak වලට 30% discount දෙනවා painters ට.
    Raino 9% discount for shops.
    Many more......
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කිසිම බාසෙක් එක්ක මොනවත් ගන්න යන්න එපා....උගේ බිලක් ගෙනියන්නත් එපා...උබලා වෙනම ලියලා අරගෙන පලයල්ලා....

    බාස්ලා කියන තැන්වලට යන්නත් එපා...හැම තැනම් කමිශන්...

    නිකන් ඉදලා සල්ලි හොයන බ්‍රෝකර් කාක්කෝ හැම තැනම උන් ඔක්කොම බලන්නේ වචනෙන් හරි ගානක් කපා ගන්න...

    Commission vadey depaththak thiyanava. Hodath nathuva nevei. Mamanam kiyanne bassla ekka deal karanakota honda avadaanayen karanna kiyala.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දවසක් හාඩ්වෙයා එකක බඩුගන්න වෙලාවෙ බාසෙක් ඇවිත් මුදලාලි එක්ක රන්ඩුවෙනව කමිෂන් එක ඉල්ලල. මුදලාලි කියනව ඒ බඩුගත්ත මහත්තය මම අඳුරන කෙනෙක් හැමදාම බඩුගන්නෙ මෙහෙන් කියල. බාස ගියෙම නෑ මම එතනින් පිටත්වෙනකොටත්
     
    • Like
    Reactions: animation

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    bas lage contacts walin giyoth aniwa commission thamai. Basla ekka wedi kathawata yanna hoda na. Ape slab ekak danna bas genapu eka ganan kiyala thienne 15,000 thiyala (me 2014 di) apima thamai minissunwa hoyaganna one.
     
    • Like
    Reactions: vito

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,669
    3,385
    113
    විකුනන තැන් අඩු නිසා ලී වෙලදසැල් වලදි පරිසමෙන්

    විශේෂයෙන් කෙම්පස්....බිල දීපු ගමන් කෝල් කරනවලු විකුනන තැනට
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බාස් ලා එක්ක මැනුම් කරන කොටත් විමසිලිමත් වෙන්න. අඩි අඟල් වලින් වැඩ කරද්දී දිග/වර්ග ඵලය මනින්න කැල්කියුලේටර් එකේ දශම හැටියට ගහන්නේ අඟල් ගානයි.

    උදාහරනෙකට, අඩි තුනයි අඟල් නමයක් දිග (3' 9"), අඩි දෙකයි අඟල් හයක් (2' 6") පළල ඒරියා එකක වර්ග ඵලය ගණන් හදනකොට ඒ ගොල්ලෝ කැල්කියුලේටර් එකට ගහන්නේ 3.9 X 2.6 කියලයි. උත්තරය වර්ග අඩි 10.14 යි.

    නමුත් කැල්කියුලේටර් එකට ගහන්න ඕනෑ 3.75 X 2.5 කියලයි ඒ අනුව සැබෑ ඒරියා එක වර්ග අඩි 9.375 යි. මේ පොඩි ප්‍රමානයෙනුත් වර්ග අඩියකට කිට්ටු ප්‍රමාණයක් වැඩිපුර පෙන්නුම් කරනවා.

    මේක බොහොම සුළු දෙයක් හැටියට පෙනුනට, කොන්ක්‍රීට්, කපරාරු, පොටි, ටයිල්, සීලිං වගේ හැම දෙයක්ම එකතු වෙලා එනකොට රුපියල් ලක්ෂයක් දෙකක් වැඩියෙන් අය කරනවා වෙන්න පුළුවන්.

    මම මේ ලිව්වේ මම පුද්ගලිකව අත්දැකපු දෙයක්.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගොඩක් හාඩ්වෙයා වලින් බාස්ලට කමිෂන් ලැබෙනවා, ඒ ලැබෙන විදිය විවිධාකාරයි,
    සමහරු සේල් එකෙන් කොටසක් දෙනවා, සමහරු බෝතල් පාටි දෙනවා, සමහරු ටී ෂට්, කැප් අනංමනං ගිෆ්ට් දෙනවා,

    ඒක හින්දා කවදාවත්

    1- බාසා එක්ක කඩේට ගිහින් ගන්න එපා (කඩේ විශ්වාස තැනක් නම් අව්ලක් නෑ)

    2-බාසා කිව්වොත් අඩුවට ගන්න පුළුවන් මෙතනට යන්න කියලා, එතනින් එකපාර ගන්න එපා, වෙන තැනකින් කෝටේෂන් එකක් ගන්න. අරන් අඩු තැනින් ගන්න.

    3- කවදාවත් බාස්ට සල්ලි දෙන්න එපා බඩු අරගෙන එන්න කියලා, සමහර බාස්ලා එක අයිටම් එකෙන් ඕන කෑලි තුනනම් , කෑලි හතරකට බිල දාල තුනක් විතරක් කඩෙන් අරන් එනවා, අනිත් එකේ ග්ගාන මිනිහගේ සාක්කුවට.

    4-බාසා කියන ප්‍රමානේ එක පාර ගෙනියන්න එපා, බාසලා පකීර්ලා වගේ හිටියට ගොඩක් උන්ට වැඩේට යන අයිටම් ප්‍රමාණය හරියට හිතාගන්න බෑ (ගෙදරකට පේන්ට්, වොටබ්සේ කරනවානම් යන ප්‍රමාණය තව අරවා මේවා), අනික උන් අපි ගැන හිතන්නෙත් නෑනේ, උන් අත දිග ඇරලා ලිස්ට් එක ලියලා දෙනවා.
    එකපාර ඕක අරන් දෙන්න එපා, අපි හිතපු පේන්ට් ලීටර් 20 ඒවා දෙකක් දාලා තියෙනවා කියලා, ඉස්සෙල්ල ලීටර් 20ක් අරන් දෙන්න, ඉවර උනාට පස්සේ හිතාගන්න පුළුවන් තව 20 ක් යනවද 10 කින් වැඩේ ඉවර කරන්න පුලුවන්ද කියලා..

    5- අනික ගෙනාපු බඩු එකපාර බාස්ට දෙන්න එපා, ඒවා තමන් ගාව තියාගෙන එදිනෙදා වැඩට අවශ්‍ය බඩු ටික විතරක් දෙන්න, ගොඩක් උන් වැලිකොලේ ඉදන් උස්සනවා, ඔය උස්සපු බඩු ආපහු හාඩ්වෙයා වලටම අඩුවට විකුනනවා.

    6- අනික කරන වැඩේ බාස් කියන එකම අහලා ඔලුව වනලා ඉන්න එපා, සමහරු ඉන්නවා හොද ප්‍රඩක්ට්ස් සම්පූර්ණයෙන් වැරදි විදියට පාවිච්චි කරන උන්. අපරාදේ වියදම, (වෝටර්ප්රූෆින් කියලා හිතන්න, හොඳ බඩු ධාලා වැරදියට කරොත් වැඩක් නෑනේ)
    ඒ හින්දා ඔය ෆේස්බුක් එකේ තියෙන සිහින නිවහන වගේ ග්රූප් එකකට සෙට් වෙලා කට්ටියගේ අත්දැකීම් බලන්න, මොකක් හරි කම්පනියක ප්‍රඩක්ට් එකක් ගන්නවනම් උන්ට කෝල් එකක් දීලා ඒක හරියට පාවිච්චි කරන හැටි අහගන්න. අහගෙන බාසා ඒ විදියට කරන්න කැමති නැත්නම් ඌව මාරු කරන්න.

    තියෙන කාර්යබහුලකම් එක්ක ගොඩක් අයට මේවා කරන්න බැරි වෙයි, හැබැයි දැනුවත් වෙලා ඉන්න. හාඩ්වෙයා එකක් කරලා බාස්ලා ගැන ගත්ත අත්දැකීම තමයි මේ කිව්වේ.
     
    • Like
    Reactions: animation