ගෙවුනු පැය 48 ඇතුලත Facebook සිදුකල වෙනස්කම්.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගෙවුනු පැය 48 ඇතුලත Facebook සිදුකල වෙනස්කම්.

    1. Group layout updates
    2. Hiding spam Comments
    3. Permalinks on comments
    4. More app activity on timeline

    සවිස්තරව :

    1.ප්‍රධාන වශයෙන් layout එකට සුළු වෙනස්කම් කිහිපයක්. මීට පෙර 800X200 ප්‍රමාණයට තිබුණු group cover image එක දැන් 800X250 ප්‍රමාණයට සැකසිය යුතුය. එසේ නැතිනම් දැනට තිබෙන cover එක අලුත් ප්‍රමාණයට re-size වීමක් සිදුවේ.

    2. Post වගේම comments, report කරන්න පුළුවන් කියල දන්නවනේ. spam ලෙස report කරන comments එම post එකෙන් hide වෙනවා. Post එක පල කල කෙනාට එසේ hide වන comments නැවත display කිරීමේ හැකියාව තියෙනවා.

    3. පල කරන ඕනෑම post එකක time-date එක click කර permalink එක ගන්න පුළුවන් කියල දන්නවනේ. දැන් ඒ පහසුකම comments වලත් තියෙනවා. comment එකේ අවසානයට තියෙන time-date එක උඩ click කරලා වැදගත් / විශේෂ comment එකක link එක මේ ආකාරයට ලබාගන්න පුළුවන්.

    උදා: "10 වෙනි comment එක බලන්න" කියන්න ඕන නෑ. කෙලින්ම ඒ 10 වෙනි comment එකේ link එක ලබාගෙන සදහන් කරන්න පුළුවන්.

    4. මීට පෙර timeline තුල පෙන්වූ recent activity box එක වෙනුවට දැන් activity සහ apps යනුවෙන් box දෙකක ඔබ භාවිතා කල Facebook Apps පිළිබඳව පෙන්නුම් කරයි. apps තුල භාවිතා කරන ලද facebook application එකතුවක් සහ activity තුල ඒවගෙන් සිදුකල විශේෂ දේ දැක්වෙනවා.
    දැනට නම් පෙන්වන්නේ ඔහොම. ඉස්සරහට තව වෙනස් කරයි.

    මේවාට අමතරව හෙට (මාර්තු 30) සිට සියළුම Facebook Pages නව Timeline ආකාරයට වෙනස් වේ.
     
    • Like
    Reactions: Honest-killer