ගොඩක් අයට 1ක් වත් ඇති මේකේ.....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ගොඩක් අයට 1ක් වත් ඇති මේකේ.....

    වෙන මොකුත් නෙමෙයි...


    කවි ටිකක්.මං පරණ හදපුව ටිකක් හම්බුනා,4n එකේ type කරපුවා...සිංහලෙන් EK දාන්න හිතුනා.සමහර ඒවා මගේ අත්දැකීම්,සමහර ඒවා තව කෙනෙක් ඉල්ලුවම ඒ වෙනුවෙන් හදපුව...ගොඩක් අයට 1ක් වත් ඇති කීවේ ඔයාලට උන අත්දැකීමුත් ඇති මේවගේ සමහරවිට...බූට් ඒවා නම් තමයි ගොඩක්.බැනල හරි කොමෙන්ටුවක් දාන්න කලින් ඔක්කොම ටික යන්තන් වත් කියවපල්ලා...

    මේක ගැන නම් කියන්න ඕන,මේක හැදුවේ මගේ කෑල්ල එක්ක ලොකු වලියක් ගිහින් love 1 නවතින සිළෙ 1ටම ආව කාලෙක:):)...දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් අව්ලක් නැ අය shape උනා:P:P,දැන් අවරුදු 5ක් එයාගෙත් 1st love මගෙත්
    1st love...
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    ,මේක english වලින්නේ sms එකේ type කලේ.එතකොටයි මේකේ වටිනාකම,උබලටත් බලන්න දාන්නම්කො..

    විසිරුනු පැතුමන් සුලගේ පාවී ඈතින් ඈතට යන්න ඇතී..
    සියුමලි හසරැල් මුකුලිත වෙද්දී අසරනකම දලුලන්න ඇතී..
    නෙත් යුග නිල්මිනි මැලවෙන තරමට ආදරයත් දුක් දෙන්න ඇතී..
    නැති උනු ලෝකය යලි පුබුදන්නට මගෙන් දුරස්වී යන්න ඇතී..

    "W"isirinu pathuman sulage paawee
    "A"thin aathata yanna athee..
    "S"iyumali hasaral mukulitha weddee
    "A"saranakama dalulanna athee..
    "N"eth yuga nilmini melawena tharamata
    "A"adarayath duk denna athee..
    Nathi unu lokaya yali pubudannata
    magen duraswee yanna athee..

    :):):)onna okai torane wisthare....kaalage namata haduwe...;););)

    හිතේ පැතුම් අරගන ඔබ යන්න ගියා මගේ ලගින්..
    අත් අල්ලන් මල් පින්නේ කතා කලේ තුරුල්වෙමින්..
    ගංගාවක කඳුලු උනා තෙත් උන මගෙ නෙතට උඩින්..
    සුදු මල් අහුරක් තියන්න හුස්ම අරන් යන්න කලින්..


    මල් මිටක් අතින් ගෙන බෝ මලුවෙ තනිවෙලා..
    සෙමෙන් පියනගන හැටි බුදුමැදුර දෙස බලා..
    පහන් වැට අද්දරින් පින්වන්ත නෙතු සලා..
    කෙලෙස අමතක වෙයිද ඔබ ගියා හිනැහිලා..

    හැමදාමත් රස්සාවට ගිහින් ගෙදර යනවිට දැන්..
    නිතැතිනි වටපිට බැලෙන්නෙ පා පුවරුව මත හිඳිමින්..
    දුම්රිය මාවත අද්දර පුංචි ගෙදර සමනලියන්..
    මගෙ සිත සැනහෙයි සොඳුරිය පුන්සඳ වන් ඔබෙ දසුනින්..
    ටික කලකට පෙර අංකය දුන්නේ කොලයක ලියලා විසි කරලා..
    අපි හමු නොව්නත් පෙමින් බැඳුන අපි වෙන් නොකලැකි ලෙස එක්වීලා..
    දුම්රිය යනවිට ඔබ දිව එනවිට මුහුනේ හසරැල් පුරවාලා..
    කෙලෙස සිතන්නද ඔබ හිමි නැති බව නෙත්වල කඳුලැල් ඉතිරීලා..
    පහුගිය මාසේ දිනයක ඉඳලා මාගේ අන්කය වැඩ නොකරන්නේ..
    ඔබව දමා මම යන්න ගියා නොව යන්න සිදු උනා මට ලඳුනේ..
    තවමත් ඔබ එයි දුම්රිය යනවිට මට සිදු වූ දෙය නොම දන්නේ..
    ගීය මාසේ මම විවාහ ඌයෙමි කෙලෙසද ඔබ හට පවසන්නේ..


    සුවඳ ගන්නට කෙනෙක් නැතිවම පිපුනු මල් පරවෙන හැටී..
    මල් දකින මුත් නොදැක්කා මෙන් සමනල්ලු ඉගිලෙන හැටී..
    මුරුගසන් වරුසාවෙදිත් ගංගාව වියලී යන හැටී..
    කුරුලු ගීතය මැකී යන්නට අහස ගිගිරුම් දෙන හැටී..
    හිනා මල් වල සුවඳ අරගන ලොවම මට හිනැහෙන හැටී..
    හිතේ දුක මට කියාගන්නට ඔබත් අහිමිව ගිය හැටී..

    සිතුවමක් වෙලා මගෙ නෙත් අද්දරින් ඉන්න..
    ගීතයක් වෙලා මට හෙමි හෙමින් කොඳුරන්න..
    මද පවන වෙලා මගෙ සියොලගම දැවටෙන්න..
    ඔබ මගෙම වෙලා මට හැමදාම ලඟ ඉන්න..


    WIYOWU PASUWAI DANENNEA PREMAYE ABHIMAN
    ඔබගෙ උකුලේ හිස හොවාගන පුංචි තරු වල එලිය විඳිමින..
    ඇඟිලි තුඩු වල සුවඳ විඳගන සිහින මැව්වෙමි නෙතු වසාගන..
    මුඩු සුලඟ විත් ගී ගයාගන අපිට පමනක් රහස් කියමින..
    මගේ හීනය ඔහු සොරාගෙන මම හඬන්නෙමි දුක දරාගන..

    To a prostitute..
    රහසින් ලන්වී රහසෙම වෙන්වෙන කඳුලු හන්ගගෙන සිනා සලන නුඹ..
    නිහඬ මැදියමේ සීත සෙවනකට උනුසුම් සුසුමන් පා කරනා නුඹ..
    දහසක් පිරිමින් හදට තුරුලුකර මාවත් තුරුලට ගෙන සැනසුව නුඹ..
    මගේ අහිංසක ප්‍රේමය නුඹටයි ඒ ප්‍රේමය පිලිගන්නවාද නුඹ..

    From that prostitute..
    කඳුලු අරන් එන සිනහ අරන් යන මල් මාවත් වල පියමනිනා නුඹ..
    මා වැනි අය තව ලංකරගන හෙට සනසාවී සිත ආදරයෙන් නුඹ..
    දහසක් පිරිමින් අතරින් සෙනෙහස අරන් ආව එක් පිරිමියෙක්ය නුඹ..
    ප්‍රේමය මායාවක් පමනයි අද මුලා නොවන් මට පෙම් කරලා නුඹ..


    ළගින් උන්නත් ඒ දවස්වල තවත් ලන්වෙන්නටයි පැතුවේ..
    දැන් දුරස් වී හිඳිනු කෙලෙසක ඔබ මගේ දුක නැතිද සිතුවේ..
    සඳත් ඇහුවා තරුත් ඇඩුවා ඉරට ඉහිලුම් නොදී නිව්නා..
    ගඟත් සිඳුනා මලුත් හැලුනා විහඟ තුඩු වල ගීත මැකුනා..
    ආයෙමත් ලංවෙන්න ඇත්නම් පෙරුම් පුරනෙමි කල්ප ගානක්..
    සිහිනයෙන් වත් ඔබ දකින්නට පින් පුරන්නෙමි එපා කීවත්..

    සිහිනෙන් හිනැහෙන පුංචි රුවැත්තිය,හරින්නෙපා නෙතු වසා සිටිනු මැන..
    නික්මී යන්නට අවසර නැත මට,එනමුදු යා යුතු දුර ගමනක් ඇත..
    ඔබේ උනුහුමේ ගෙවුනු දවස්වල,මතකය අරගන නික්මෙන්නෙමි මම..
    ‍යලි හෙට දිනයක මා සොයනා ඔබ,කඳුලු හෙලාවී මගේ සොහොන මත..


    Story about a photographer..
    මාවතේ තනි වී එදා මා ඇවිද යනවිට පාලුවේ..
    නෙතට නෙත හමු උනා මතකයි සිතුම් සිරවිනි හදවතේ..
    ගියත් ඔබල ලැසි ගමන් විලසින් මාව පසුකර වීදියේ..
    නතර උනි මම තවත් මොහොතක් ඇයිද මම අසරන උනේ..
    ගෙවී යයි කාලය කෙමෙන් දැන් යලිත් ඔබ නෑ හමු උනේ..
    දකින දකිනා නෙතු පියන් තුල සෙව්වෙ ඔබෙ නෙතමයි ප්‍රියේ..
    පුරුදු ලෙස මා පිය නගන්නෙමි මගේ ජීවන මංපෙතේ..
    නිසල රූ සටහන් තබන්නෙමි මගේ කැමරා කාචයේ..
    දිනක් මිතුරෙකු මා සොයාවිත් සෙනෙහසින් ඇරයුම් කලේ..
    සතුටු මංගල ගමන ඔහුගේ මමයි සේයා රූ කලේ..
    දෑස් අදහන්නටත් නොහැකිය වීදියේ දුටු යුවතියේ..
    ඔහුගෙ මනමාලිය වෙලා අද යනවාද මගෙ දෙව් දුවේ..

    නිල් දෙනුවන් කී කතාව..
    සෙනෙහෙන් හිනැහෙන ලතාව..
    හිතේ සුවඳ මට ගෙනාව..
    අහින්සකී කොහි ගියාද..


    මංන්දාරම් වැහි වලාව පහව යන්න නිල් අහසින්..
    පුන්සඳ රැස්ස් හන්ගාගන ඉන්න එපා වලාකුලින්..
    අනේ මගේ ලොවට ඇවිත් එලිය දෙන්න මට රහසින්..
    බලා හිඳිමි ඔබ එනතුරු කඳුලු පිරුනු මුතු දෙනෙතින්..

    ඔබේ සියුමැලි සිනහවේ සරදම්..
    මගේ සෙනෙහස වෙලයි රුදු යදමින්..
    නුඹේ හිත ලඟ දැනෙන උනුහුමකින්..
    දමා යන්නට සිත් නොදෙයි මටනම්..

    වෙල් එලියේ දොල අයිනේ බක්මී මල් හෙවනක් යට..
    කරඹ මල් ගෙනත් දෝතට සරසපු කෙහෙරැලි හෙමිහිට..
    උකුල්තලේ හිස තියාන කිව්ව පෙම් කතා සිතකට..
    ගම්මානෙම අද ගොලුවෙයි ඔබ වෙනතක යනු දුටුවිට..


    Situation :- The day aftr hnymn (home comming)
    Time :- 9.42 a.m.
    Location :- At bride groom's home.
    Topic :- The soul of bride's 1zt lover...
    නිදිබර ඇස් වල පාට තවරලා රෝස දෙකම්මුල් දිලිසෙන්නේ..
    ලෝහිත පාටට ඔසරිය ඇඳගන ඇත්තටමද මේ හිනැහෙන්නේ..
    බොඳ උනු සිතුවම් වාගෙයි මට නම් සීතල කඳුලැලි උතුරන්නේ..
    ඇස් වහගන්නට වත් බෑ මට නම් කඳුලු කඩාගන රූරන්නේ..
    ඔහුගෙ උනුහුම වින්දේ කොහොමද මං සීතල නින්දක ඉද්දී..
    අමතක උනාද මා ගැන මතකය ජීවිතයේ රස ඔහු ගද්දී..
    කෙහෙරලි අතරින් සුවඳ හොයාගන ඔබගේ සිරුරට ලන්වෙද්දී..
    ඉවසන් ඇඩුවා මුලු රෑ පුරාම සෙනෙහස ඔහුටම පුද දෙද්දී..
    අසරන වී අද මංගල යහනේ කඳුලු හෙලුවෙ ඔබ මං හින්දා..
    දහසක් පැතුමන් බිදී විසුනු වී විඳීන්න ඇති අවමන් නින්දා..
    ඒ පිනි වැස්සේ ඔබට තුරුලු වී අපි දුර ලෝකෙක ගිය හින්දා..
    කුමක් කරන්නද මගෙ රත්තරනේ ඉවසනු මැන අවමන් නින්දා..

    Hodai nam bump 1k wath daagana yamalla.......

    me parana thread...

    che painting...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1605625

    sad boy pencil drawing...
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609905
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    rep epa...epawatama epa...sirawatama...hodai nam hodai wath kiyahalla....naththan hoda na kiyala wath kiyahallako...
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    ළගින් උන්නත් ඒ දවස්වල තවත් ලන්වෙන්නටයි පැතුවේ..
    දැන් දුරස් වී හිඳිනු කෙලෙසක ඔබ මගේ දුක නැතිද සිතුවේ..
    සඳත් ඇහුවා තරුත් ඇඩුවා ඉරට ඉහිලුම් නොදී නිව්නා..
    ගඟත් සිඳුනා මලුත් හැලුනා විහඟ තුඩු වල ගීත මැකුනා..
    ආයෙමත් ලංවෙන්න ඇත්නම් පෙරුම් පුරනෙමි කල්ප ගානක්..
    සිහිනයෙන් වත් ඔබ දකින්නට පින් පුරන්නෙමි එපා කීවත්..


    dan aswatawath lagin inna eya na bn :(
    mata rep denna power ekak na bro....thibba nam aniwa denawa
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    පට්ට මචන් මන් උබේ කවි ටික කොපි කර ගත්තට අවුලක් නැද්ද ..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubatanam kawi 1000 liwwath kella innawane..man kawi 3000k liwwath kella aye enne naane bn..
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ළගින් උන්නත් ඒ දවස්වල තවත් ලන්වෙන්නටයි පැතුවේ..
    දැන් දුරස් වී හිඳිනු කෙලෙසක ඔබ මගේ දුක නැතිද සිතුවේ..
    සඳත් ඇහුවා තරුත් ඇඩුවා ඉරට ඉහිලුම් නොදී නිව්නා..
    ගඟත් සිඳුනා මලුත් හැලුනා විහඟ තුඩු වල ගීත මැකුනා..
    ආයෙමත් ලංවෙන්න ඇත්නම් පෙරුම් පුරනෙමි කල්ප ගානක්..
    සිහිනයෙන් වත් ඔබ දකින්නට පින් පුරන්නෙමි එපා කීවත්..


    dan aswatawath lagin inna eya na bn :(
    mata rep denna power ekak na bro....thibba nam aniwa denawa

    ade awlak na bn...ehema deyak na,man meka sirawata rep balaporoththuwen nemei damme..bt comment nam balaporoththu una...
    dukwenna epa bn,jeewithe ohoma thamai..:(:(

    පට්ට මචන් මන් උබේ කවි ටික කොපි කර ගත්තට අවුලක් නැද්ද ..

    kisi awlak na macho....ahuwa 1ma watinawa godak...:yes::yes:

    ubatanam kawi 1000 liwwath kella innawane..man kawi 3000k liwwath kella aye enne naane bn..

    :no::no::no:awl yanna kiwwa nemei...

    ඇත්තටම පට්ට...

    Machn ube kavi tika nan patta... thawa kavi thiyena eewa daapan.......uba siraama artist kenek bn:):):):):)


    හොඳයි බං


    thnx yaluwane..
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    විසිරුනු පැතුමන් සුලගේ පාවී ඈතින් ඈතට යන්න ඇතී..
    සියුමලි හසරැල් මුකුලිත වෙද්දී අසරනකම දලුලන්න ඇතී..
    නෙත් යුග නිල්මිනි මැලවෙන තරමට ආදරයත් දුක් දෙන්න ඇතී..
    නැති උනු ලෝකය යලි පුබුදන්නට මගෙන් දුරස්වී යන්න ඇතී..


    මේක කියවනකොට හිත සැහෙන්න දුර ගියා බන්. මේ වගේම අතීතයක් මටත් තිබුනා..:(:(
    උබට සිරා talent එකක් තියෙනවා බන්. වෙලාවක් සෙට් උනොත් තව ටිකක් ලියලා දාපන්.
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේක කියවනකොට හිත සැහෙන්න දුර ගියා බන්. මේ වගේම අතීතයක් මටත් තිබුනා..:(:(
    උබට සිරා talent එකක් තියෙනවා බන්. වෙලාවක් සෙට් උනොත් තව ටිකක් ලියලා දාපන්.


    මාත් ඕක ලීවේ හුඟක් දුකෙන් බන්...මං හිතුවෙ කෙල්ල ගියාමයි කියල..ගෙදරින් ඒකිට ප්රෝපොසල් ආවා..මං දන්නා දහම් ගැට දාල ඒවා නැවැත්තුවා...ඒක දිග කතාවක් බන්,,,කවි නම් 300ක් විතර හදල කෙල්ලට යවල තියනවලු,එයා ඒවා පොතක ලියාගන..මං 4n එකේ type කරල ටික දෙනෙක්ට යවල මකල දානවා බන්...
    :(:(:(
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    මාත් ඕක ලීවේ හුඟක් දුකෙන් බන්...මං හිතුවෙ කෙල්ල ගියාමයි කියල..ගෙදරින් ඒකිට ප්රෝපොසල් ආවා..මං දන්නා දහම් ගැට දාල ඒවා නැවැත්තුවා...ඒක දිග කතාවක් බන්,,,කවි නම් 300ක් විතර හදල කෙල්ලට යවල තියනවලු,එයා ඒවා පොතක ලියාගන..මං 4n එකේ type කරල ටික දෙනෙක්ට යවල මකල දානවා බන්...
    :(:(:(



    බලාගෙන ගියාම අපි හැමෝම පිටිපස්සේ දුක්බර ආදර කතාවක් තියෙනවානේ බන්. කොච්චර උත්සහ කරත් ඒ අතීතය අමතක කරන්න බැ. anyway තව දෙක තුනක් ලියලා දාපන්.
    දැන්ම රේප් දෙන්න බැ කියනව මචන්..
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බලාගෙන ගියාම අපි හැමෝම පිටිපස්සේ දුක්බර ආදර කතාවක් තියෙනවානේ බන්. කොච්චර උත්සහ කරත් ඒ අතීතය අමතක කරන්න බැ. anyway තව දෙක තුනක් ලියලා දාපන්.
    දැන්ම රේප් දෙන්න බැ කියනව මචන්..


    ඒක අව්ලක් නෑ බන්...පරණ ටික හරි type කරගන දාන්න try කරන්නම්කො...ආදර කතාවල් නම් ගොඩක් ඒවා දුක්බරයි තමයි බන්...:(:(