ගොඩනැගිලි ඉදිකිරීමේදී ඇතිවන ගැටලු

mgmunasinghe

Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    ගොඩනැගිලි ඉදිකිරීමේදී ඇතිවන ගැටලු

    යාළුවනේ මේ Thread බලාපොරොත්තුව ඔයාලගේ ගොඩනැගිලි ඉදිකිරීම් වල ඒ කියන්නෙ නිවාස ආදී නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් වල ඇතිවන සියලුම තාක්ෂනික (Civil, Electrical, Plumbing....)ගැටලු වලට අදාලව මගේ දැනුම් ප්‍රමානයෙන් ඔයාලට උදව්වක් වෙන්න. ඉතින් ඔයාලගේ ගැටලු ඉදිරිපත්කරන්න.


    සුබ දවසක්............
     

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    පට්ටනෙ මචන් ... ගෙදරක වහළ ගලවල ස්ලැබ් එකක් දාගන්න උපදෙසක් දෙන්නකො

    මෙහෙමයි මචො වහල ගලවන්න කලින් බලන්න ඔන වැඩේට ගතවන කාලය මොකද ඒ වෙනකන් ඉන්න තැනක් හොයා ගන්න ඔනනේ. අනෙක් කාරනය තමයි දැනට පවතින ගෙයි බිත්ති වල හා කනු තියෙනවනම් ඒවායේ ශක්තිය බලන්න ඔන මොකද අලුතෙන් දාන සැලැබ් එකේ බර එවට දරගන්න පුලුවන් වෙන්න ඔන. එහෙම නැත්නම් වැඩේට වියදම ටිකක් වැඩි වෙනවා. එතකොට අපිට අලුතෙන් කනු දාගන්න වෙනවා බිත්තිවලට පිටින් එවා මත තමයි අලුත් සැලැබ් එකේ බර දරාගන්නේ. එ නිසා මුලින්ම දැනට තියෙන ගෙදර බිත්ති සහ කනු ගැන මුලින්ම සැලකිලිමත් උනොත් තමයි හොද. තවකියනවනම් වැඩේ හොදට ප්ලෑන් කරගන්න ඔන. වියදම ගැන මුලිකව බලන්න ඔන අපේ අතේ තියෙන මුදලින් වැඩේ ඉවරකරගන්න පුලුවන්ද මොකද වැඩක් පටන් අරන් අතරමග නවතිනවට වැඩිය හොදයි ඒදේ නොකර ඉන්න එක. ඒවගේම තව බලන්න ඔන හොද දැනුමක් තියෙන බාස් කෙනෙක් හොයාගන්න එක එතනිනුත් අපිට ලොකු ඉතුරුවක් කරගන්න පුලුවන්. ඉතින් මුලිකව ඔය කරුනු ගැන හොයලා බැලුවනම් හොද නිමාවක් සහිත ප්‍රතිපලයක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: darshana4u