ගොඩ ගැසූ තල්මසා පුපුරයි!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ගොඩ ගැසූ තල්මසා පුපුරයි!

නොවැම්බර් 12, 1970, අඩි 45 දිග යෝධ මියගිය තල්මසෙක් ගොඩ ගැහුවලු ඇමරිකාවෙ ෆ්ලෝරන්ස් වෙරළට. එතන පැවතුන අධික ගඳ හේතුවෙන් මිනිසුන්ට මෙම තල්මහ ඉවත් කිරීමට සිතුනත්, මෙවන් යෝධ සතෙක් ඉවත් කරන්නෙ කෙසේද යන්න ප්‍රශ්ණයක් වුනා. :confused::confused::confused:

කවුරුවත් මෙම මළකුණ කපන්න ඉදිරිපත් නොවූ අතර, මේ යෝධ සතාව වලළන එකත් ලේසි දෙයක් වුනේ නෑ.:angry::angry::angry:

පස්සෙ බලධාරින් විසින් කතා කරගත්තෙ මූව ඩයිනමයිට් යොදා පුපුරා දැමීමට. ඩයිනමයිට් ටොන් 1/2කින් තල්මහ පිපිරූ කල, උගේ ඉතුරු වන සුන්බුන් අවට ලිහිණියන් සහ පොඩි සතුන් විසින් කා දමයි කියා ඔවුන් සිතූහ.:rolleyes::rolleyes:

ඒ අනුව, තල්මහ අවට ඩයිනමයිට් තබා සියළුම මිනිසුන්ට ඈත් වන්නට උපදෙස් දී තල්මසාව පුපුරන ලදී.:shocked::shocked::shocked:

පිපිරීමත් සමග, සියල්ලන්ගේම ජය ඝෝෂා ඇහුනත් එක්වරම සිදූවූයේ වෙනත් දෙයකි. අහසින් වැටුනු දුගඳ හමන තල්මස් තෙල් මන්ද සහ සුන්බුන් වරුසාවකින් පිරිස නෑවී ගිය අතර, අසළ කාරයක් මතට පතිත වූ ඉතා විශාල කැබැල්ලකින් කාරයට බරපතල හානි සිද්ධ විය.:sorry::sorry::sorry:

අවට සුන්බුන් කා දමා පිරිසිදු කරයි යැයි බලාපොරොත්තු තැබූ මුහුදු ලිහිණියන්, ඩයිනමයිට වලින් නැගුනු ශබ්දය නිසා බියෙන් පලා ගොස් තිබුණි.:(:(:(:(

පිපිරීමෙන් විනාශ නොවූ විශාල තල්මස් කොටසක් වෙරළේ ඉතුරු වී තිබුණ අතර, එයද බලධාරීන්ට ඉවත් කරන්නට සිද්ධ විය.:P:P:P:P:P

බලන් ගියාම අපේ තුම්පනේ මිනිස්සු හොඳයිනෙ අප්ප ඇමරිකන් කාරයන්ට වඩා!:lol::lol::lol::lol:


සිද්ධියේ වීඩියෝව මෙතනින්
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපෙ ගල් බෝර ගහන එකෙක් හරි ලගපාතක හිටියා නම් කියයි කැලි විසිවෙනවා කියලා:rofl::lol:
 

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    :sorry:කුණු වෙලා හිටියේ නැත්තම් චයින්නිස් හොටලයකට වත් දෙන්න තිබ්බා :P ;)
     
    Last edited: