ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_a287efe5fb.gif


    සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුළ කොටු වි ඇති බව ලිදුල පොලිසිය පවසයි.
    ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.
    කදුකර කොටියා නිවස තුළට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.
    නිවාස හිමියා වන එස්.සුරේෂ් මෙසේ කියා සිටියේය.
    මා රූපවාහිනිය නරඹමින් සිටියදී ඊයේ රාත්‍රි 10.40 ට පමණ එකවරම විදුලිය විසන්ධි වුණා. එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවැතුණේ, එකවරම විශාල ශබ්දයක් ඇසුණා, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කොටියකු තමන් ගෙල දෙසට පැන්නා. එම අවස්තාවේ කොටියාගෙන් මිදි බිරිය සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.
    රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.
    ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාසවලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරයි.
    නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

    image_ef78ff9717.gif

    (ඡායාරූප රංජිත් රාජපකෂ)
    image_fe1e5a5475.gif
    image_1cd1330c4d.gif
    image_c7118241b1.gif



     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ජනෙල් වලට ජැක් තියල තියෙන්නෙ..?
    මේ සත්තුන්ට ජනෙල් වීදුරු කඩාගෙන පනින්න හයිය තියෙනවද...?

    යක්කු තමයි
    කිලො 70-75 ක මිනිහෙක් ඇදගෙන යන්න පුළුවන් උන්ට

    පානම එහෙම එකක් උනෙ මතක නැද්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    යක්කු තමයි
    කිලො 70-75 ක මිනිහෙක් ඇදගෙන යන්න පුළුවන් උන්ට

    පානම එහෙම එකක් උනෙ මතක නැද්ද
    හම්ම...
    වතුකරේ කස්ටිය උගුල් අටෝල කොටි මරන්නෙ ඒක තමයි එහෙනං..


    හම්මෝ... අරූගෙ පස්ස...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හම්ම...
    වතුකරේ කස්ටිය උගුල් අටෝල කොටි මරන්නෙ ඒක තමයි එහෙනං..


    හම්මෝ... අරූගෙ පස්ස...

    එතන වෙන්නෙ , උන් වල් ඌරන්ට මදු ගහනව.
    කොටි අහු උනාම බයට කඩන් යන්න හදන නිසා තව තද වෙනව.

    ඒ අස්සෙ මේ මොඩ පකයි වනජීවි එකට කලින් කොටි බලන්න යන නිසා අරූ තවත් කලබල වෙලා මදු කඩන්න ගිහිල්ල හිර වෙල මැරෙනව.

    ඕකුන්ට වැඩමුලු තියන්න ඕන එ වගෙ ඒවට.

    කීයක් නන් කොටි මලාද :(
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කොටි නැගිටලා නේද?:eek::shocked: නාමල් මාතියා වත් ගේමු ඊලග පාර රට බේරගන්න. 😌
    කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.

    Ne ban. Aye nidi karawala. Baya wenna epa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    එතන වෙන්නෙ , උන් වල් ඌරන්ට මදු ගහනව.
    කොටි අහු උනාම බයට කඩන් යන්න හදන නිසා තව තද වෙනව.

    ඒ අස්සෙ මේ මොඩ පකයි වනජීවි එකට කලින් කොටි බලන්න යන නිසා අරූ තවත් කලබල වෙලා මදු කඩන්න ගිහිල්ල හිර වෙල මැරෙනව.

    ඕකුන්ට වැඩමුලු තියන්න ඕන එ වගෙ ඒවට.

    කීයක් නන් කොටි මලාද :(
    Kohomda bn oya මදු atawanne? Kohomda sathaaa merenne eeken