බුදු හාමුදුරුවො ඉපදුනේ ශ්‍රී ලංකාවෙද කියල ප්‍රශ්නයක් හදලා සෙට් එකක් පිස්සු නටනවනේ. මේ උන්නිසා ඇති උන තව කේස් එකක් විදුර මේකට අහුවෙයිද?

මේක ගැන මගේ අත්දැකීමක් කියන්නම්
මම දන්න අයිය කෙනෙක් ඉන්නවා. පොර බැන්දෙ ක්‍රිස්තියන් කෙල්ලෙක් පොර බෞද්ධ උනාට බැන්දම ක්‍රිස්තියන් උනා. මොකද ඒ කෙල්ල ක්‍රිස්තියන් එක්ස්ට්‍රීම්.
දවසක් මං එහෙ ඉද්දි, හවස 6ට අයි ටී එන් එකේ පිරිත් යනවනේ. දැන් මමයි අර අයියයි සාලෙ වැඩක් එයාලගේ ගෙදර. අර අක්කා කුස්සියේ උයනවා. ටීවී එක දාල තිබුනේ. ඔහොම ඉද්දි 6ට පිරිත් පටන් ගත්තා. යකෝ අර අක්කා දුවගෙන ආව කුස්සියේ ඉදල. මං හිතුව කලබලයක් කියල මාත් බය්වෙලා බැලුවා කලබලෙන් ඇවිත් තියෙන්නෙ පිරිත් ඕෆ් කරන්න.


. අයියට මගේ දිහා බැලුනා. මං වෙනසක් නොපෙන්නා ඉදියා ඒත් අරූට තේරෙන්න ඇති මං හිතුවෙ මොනාද කියලා.
ඔහොම ඉදලා ඉතින් අරූ හැම ඉරිදම නොවරදවා පල්ලි යනවා සෑහෙන්න ඉතින් ඒ පැත්තට ඌ බර උනා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් මට ඔය බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියන විස්තරේ ආවෙ උගෙන් මුලින්ම. ඌ මට ඔය විස්තර තියෙන වෙබ්සයිට් යූ ටියුබ් ඔක්කොම එව්වා. මං හිතන්නෙ 2015 ට කලින්. ඌ ඒව එව්වම හිතුනේ ඇයි මූ එක පාරම මේව හොයන්නෙ කියල. මං කෝකටත් කියල සයිට් ටිකත් චෙක් කරා. තියෙන කතා ඇත්ත වගේ පෙනුනට බුද්ධාගම ගැන දැනුමක් තියෙන එකෙක්ට හොදට තේරෙනවා බොරු මත කියලා.
මං මට මේ ගැන හිතුනේ. මේක වෙන සෙට් එකක ගේමක් කියලා. මොකද ඔය එක එක නිකායවල් තියෙන ආගම් වල තියෙන ගැටුම් බුද්ධාගම ඇතුලෙ නෑ මුන්ගෙ ට්‍රයි එක එහෙම පැති වලට මේක කඩන්න. දැනට මේ ගේමට ගොඩක් උන් අහුවෙලා තියෙනවා. ෆේස්බුක් එකෙත් සෙට් එකක් වෙනම ගෲප් එකක් හදාගෙන පට්ටපල් බොරු දානවා. කිරියෙත් මේකට අහු උන උන් නැතුවම නෙමෙයි. මං මේ ක්‍රිස්තියානි සීන් එක කිව්ව කියල මේකෙ ඉන්න ක්‍රිස්තියන් උන් අමනාප වෙන්න එපා. හැම ආගමකම ඔහොම උන් ඉන්නවා හොද උන් වගෙම
උබලටත් මේ සීන් එක ගැන අත්දැකීම් තියෙනම් දාපල්ලා.