මේ වෙනකම් ලෝකේ කිසිම රටක් කොරෝනා වලට පිලිගන්න පුළුවන් මට්ටමේ එන්නතක් නිශ්පාදනය කරලා නෑ. ලෝකේ බලවත් සහ ධනවත් රටවල් කිහිපයක්ම විශාල මට්ටමේ ආයෝජනයන් කරමින් එන්නතක් සොයා ගන්න ලොකු උත්සහයන් දරමින් සිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිඳු ලෝක මට්ටමේ සංවිධානයක් ඒ කිසිම එන්නතක් පිළි අරගෙන හෝ අනුමත කරලා නෑ.
චීනය, රුසියාව වගේ රටවල් තමන් විසින් සාර්ථක කොරෝනා එන්නතක් සොයා ගත්තා කියලා නිවේදනය කරත් ලෝකේ වෙනත් කිසිම රටක් ඒ එන්නත් පිළිගන්න සූදානම් නෑ. මහා බ්‍රිතාන්‍යය පවා කියන්නේ, ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ලබන වසරේ මාර්තු අග හදුන්වාදෙන්නට නියමිත කොරෝනා එන්නත වාණිජ මට්ටමින් නිෂ්පාදනය වන ලෝකේ පලවෙනි එන්නත වේවි කියලා.
ලෝකෙම තත්වය එහෙම තියෙද්දි පවිත්‍ර අපිට මේ ගෙනල්ලා අනින්න හදන්නේ ලේසිපාසු එන්නතක් වෙන්න බෑ. ශුවර් එකට චීනය වගේ රටක් හොයා ගත්තා කියන එන්නතක සායනික පරික්ෂාවට ලංකාව යොදා ගන්න ලෑස්ති වෙනවා වෙන්න ඇති. කොටින්ම අපිව ලැබ් එකේ ගෙම්බෝ කරන්න තමයි මේ සූදානම වෙන්නේ. ලොකු කොමිස් කුට්ටියකට රටත්, රටේ ජනතාවත් ඕනෑම මොහොතක පාවලා දෙන පාලකයන් ඉන්න ලංකාව ඔය වගේ වැඩකට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා ලෝකයා දන්නවා.
කොරෝනා වලට හරිහමං එන්නතක් සොයා ගත්තත් ලංකාව වගේ රටවලට ඒවා ලැබෙන්නේ අන්තිමට. මුලින්ම එන්නත හොයා ගනිපු රටට, ඊළඟට එන්නත මිළදී ගන්න තරම් වත්කමක් තියන රටවලට ගිහිල්ලා තමා ඔය සෞඛ්‍ය සංවිධානයේ ආධාරයක් විදියට හරි කොහොම හරි අපිට ඕක ලැබෙන්නේ. ඕක තමයි ඇත්ත. ඒක එහෙම වෙද්දි කොහේ හරි තියන කුණු ගොඩක් ලංකාවට ගෙනල්ලා විදලා රටේම මිනිස්සු අමාරුවේ දාන්න හදන මේ අම්මන්ඩිලාගේ උත්සාහය තිඹිරි ගෙය තුලම මරා දාන්න ඕනි.
උබ කියන කතාව වෙන්නත් බැරි නෑ තමයි