මේසන් බාස් කෙනෙක් කියපු කතාවක් අහපුවාම මේ ටික ලියන්න හිතුනා.
බාස් පොඩි කාලේ බාස්ගේ අම්මා රට ගිහින් රට ගියාට පස්සෙ කොළඔ හිටපු නැන්දා කෙනෙක් එයාගේ අක්කයි එයාවයි කොළඔට අරගන,කොළඔ පොඩි ඉස්කොලෙකට තමයි දාල තියෙන්නෙ,එ කාලේ බාස්ට හොඳට චිත්‍ර සහ ගායනය එහෙම පුලුවන්ලු,බාස් කියනවා බාස් පොඩි කාලේ ගණිතය සහ විද්‍යව කියන විශයන් වල කියන කිසි දෙයක් තෙරෙන්නෙ නැ,එවට පංති යන්න සල්ලිත් නැ කියලා..පස්සෙ ඔවුන්ගේ දක්ශ කම් වලට අනුව පංති වලට ගුරුවරු බෙදුවාලු,වැඩ හොඳට කරන,හොඳින් ලකුණු ගන්න ළමයි එක පංතියකටත්,වැඩ ටිකක් අමාරුවෙන් කරගන යන සහ වැඩ නොකරන ළමයි තව පංතියකටත් දාලා,මෙයා වැටිලා තියෙන්නෙ අර වැඩ බැරි පංතියට,බාස්ට ඉංග්‍රිසි සහ විද්‍යවේ එහෙම නොතෙරන තැන් කියල දෙන මෙයාගේ හොඳම යාලුවා වැටුනලු වැඩ කරන පංතියට,මිනිහට මේ කලවම් කිරිල්ලෙන් පස්සෙ ඉස්කොලේ යන එක එපා වෙලා.බාස්ට අනුව හැම වෙලාවෙම ගුරුවරු ප්‍රමුඛතාවයේ දුන්නෙ අර වැඩ පුලුවන් ළමයින්ගේ පංතියටලු,අහවල් පංතියේ සෙට් එකක් තමයි ඇවිල්ලා මේ වැරැද්ද කලේ කියලා කවුරු හරි කිව්වොත් එකටත් අල්ලගන්නෙ පංති දෙකෙන් හිටපු මේ අයගේ සෙට් එකලු,ඔය කාලේ අක්කා කොහොම හරි සුද්දෙක් එක්ක යාලු වෙලා කැනඩාවට ගියාලු,දැන් අම්මත් නැ අක්කත් නැ,ඉස්කොලෙත් ඉන්නෙ අර වැඩ කරන්නෙ නැ කියන සෙට් එකත් එක්ක,මේ සෙට් එකේ හිටියලු පිචර් පිස්සෙක්,දැන් බාස්ගේ හොඳම යාලුවා මේ පිචර් පිස්සාලු...පිචර් බලන්න මැන් බාස්ට පුරුදු කරලා,පිචර් බලන්න සල්ලි හොයන්න ඉස්සර පොඩි පොඩි කුළි වැඩත් කලාලු...ඔහොම ගිහිං කෙල්ලෙකුත් යාලු කරගන පස්සෙ එකෙන් මෙකෙන් අධ්‍යපනය එහෙන් පිටින්ම කඩාගන වැටුනා කිව්වා..
දැන් බාස්ගේ ළමයා 5 ශිෂථ්වය පාස් වෙලා ලොකු ඉස්කොලෙකට යන්නෙ,ළමයා හැම වාරේකම පංතියේ පළමුවෙනි ළමයි පස් දෙනා අතරේ ඉන්නවලු..මට දවසක් කිව්වා ළමයා ඔන්ලයින් ඉගනගන්න එවා අහගන ඉන්නකොට අපිටත් හරියට ඉගැන්නුවා නම් මේ ටික තෙරුම් යනවා නෙද කියලා....දැන් ඉතින් අපේ කාලය ඉවරයි ළමයෙකුට හරි හොඳට උගන්නවලා හරි හමන් මිනිහෙක් කරන එක තමයි මහත්තයෝ මගේ හිනය..
කියලා මිනිහා ලොකු සුසුමකුත් හෙලලා ආයෙත් වැඩට ගියා..
මිනිහා කියන්නෙ බාස් කෙනෙක් උනු එක නෙමෙයිලු මිනිහට තියන දුක (ඔහු බාස් රැකියාව ගැන ආඩම්බරයි),තාක්ෂණික අධ්‍යපනයක් හරි හමන් විදියට ගන්න බැරි උන එකලු,එකට ඉස්කොලේ තිබුන පරිසරය ලොකුවට පස්සෙ කාලෙක අධ්‍යපනය එපා වෙන්න බලපැවා කියලා ඔහු කියන්නෙ....
අධ්‍යපනය අමත්‍යතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි කියලා තමයි කියන්න වෙන්නෙ,මේ වගේ ගොබ්බ වැඩ තවම වෙනවා එකෙන් වෙන්නෙ ළමයින්ට අධ්‍යපනය එපා වෙන එක,උන්ගේ Confidence එකත් බහිනවා - ළමයි එක්ක සෙල්ලං කරන්න හොඳ නැ..