ගොබ්බ අධ්‍යපනය

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගුරුවරු කියන දේ කරන්න පිස්සුද? :lol:
    මම ඉගෙන ගත්තේ මං ආස subjects විතරයි 8 පන්තියේ ඉදලා.
    ලංකාවේ තියෙන කටපාඩම් කරන system එකට ගියානම් මට ආස දේ කරන්න වෙන්නේ නැහැ, then i entered my own learning plan:D

    ඒ නිසා teachersලගෙන් හැමදාම කැපිල්ල තමයි :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපෙත් හතරකට කැඩුව ලකුණු පිළිවෙලට. C,D එකේ උන්ට උගන්නන්නෙ නෑ හරියට.
    හරි ගුරුවරයෙක් වත් දැම්මෙ නැද්ද කොහෙද ඒ පන්ති වලට.

    අට වසරෙද කොහෙද පන්තිභාර ටීචම අපේ අම්මට කතා කරල කිව්ව අපේ පුතෙකුත් computer එකක් අරන් දීල සේරම විභාග ටික ෆේල් උනා.
    o/l, a/l ඉවර වෙනකන් computer එකක් අතින් වත් අල්ලන්න දෙන්න එපා කියල.
    ඒව ඉතින් ඇහුව නම් අපේ අම්මලත් අපිට සොරිම තමයි.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    අපෙ ඉස්කෝලෙත් ඔහොමම උනා O lvel වලදි
    අපෙ පන්තියෙ හිටියා පොඩ්ඩක් අප්සට් කොල්ලෙක්.ගොඩක්ම අප්සට් නෑ.
    ඌට ගනන් එහෙම මෙලෝ දෙයක් බෑ.
    ඌ මට එහාපැත්තෙ හිටියෙ.
    ගනන් උගන්නන ගෑනි මාර කැපිල්ල තිබ්බෙ වැඩ බැරි උන්ට.අරූට හැමදාම තඩිබානව,අමු කුනු විදියට උට බනින්නෙ.ගනන් හදන්න පුලුවන් උන්ට හොදට කතා කරනව.
    අරූ මට එහාපැත්තෙ කුනු බැනුම් අහද්දි මට හෙන අවුල් උට බනින එක ගැන.කොහොමහරි ඒ ගෑනිගෙ නම් මාර නපුරුකමක් තිබ්බෙ.
    අපි ඉතින් කොල්ලො එකතු වෙලා අරූට වෙනම පොතක් ගේන්න කියලා ගනන් මුල ඉදන්ම කියල දුන්න.පොර 11ඉද්දිත් පොඩ් පොඩි ගුණ කිරීම් ගනන් අමාරුවෙන් හැදුවෙ.
    ඒ උනාට උට කෙලවෙන්න දුන්නෙ නැ අපි.
    O level දවසෙත් උට කියල දුන්න ෂේප් එකේ
    Result එද්දි පට්ට හැපි,ඌ එකක්වත් fail නෑ.
    ගුරුවරුන්ගෙන් නම් උට කිසිම සපෝට් එකක් තිබ්බෙ නෑ.
    අන්තිමට ඌ art කරා.දැන් ඌ commando training.
    ඒ කාලෙදි ගුරුවරු හින්ද මෙන්ටලි වැටිලා අරූට කෙලවෙන එකෙන් බේරගත්ත එකට අපිට පට්ට හැපි.
    දැන් උට අර අප්සට් ගතියත් හොදයි
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේක තවත් කතාවක්.

    අපි බයික් හදන තැන පොර නියම වැඩ කාරයා.. කරන වැඩේ පිළිවෙලට සුපිරියට කරනවා. ගානත් සාධාරණයි..
    මාසේට ලක්ෂ 1-1.5 ක් හොයනවා බයික් හදන එක, සහ spare පාට්ස් වලින්.
    අලුත් කාර් එකක්, සුපිරි ගෙයක්..,ළමයි දෙකක් ඉන්නවා..
    ඒත් පොඩි එකා බයික් හදනවා බලන් ඉන්න කොට මූ එලවනවා.
    මම ඇහුවා අයි කියලා..
    මල්ලි පොඩි එකා මේවා පුරුදු උනොත් වැඩක් නෑ කිව්වා..
    ඌ තාම හිතන් ඉන්නේ මිකැනික් කෙනෙක් කියන එක පහත් රස්සාවක් කියලා....

    හරියට බැලුවොත් මේසන් බාස් / මිකැණික් / ඉලෙක්ට්‍රික් වැඩ / ටයිල් වැඩ / ග්‍රිල් ගේට්ටු කරන උන් වෙන රස්සාවල් කරන උන් වගේ 7-8 ගුණයක් හොයනවා.. ඒත් ගොඩක් උන් බීමත් කම නාස්තිය වැඩි නිසා හැමදාම එකම තැන..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ මචන් පොඩි කාලේ තොල් කලුයි
    අපේ හිටිය (ටීචර්සලා)වේස ගෑණු ටික පිනාටයි හැම එකාටම කියනවා මම සිගරට් ගහනවා
    මෙයා ට මොනවා හරි කරන්න ඕන, අනිත් ළමයි නරක වෙනවා කියා කියා
    අනිත් එවුන් සිගරට් බීලා අහු උනත් පෝරියල් එක සෙට් වෙන්නේ මට
    අද වෙනකම් මම සිගරට් බීලා නැහැ
    ජොබ් එකක් නැති කමට ගුරු පත්වීම් ගත්ත උන් මිසක් ආසාවට ගුරුවරු උන එවුන් නෙමේ ගොඩක් ඉන්නේ
    ළමයෙක්ව තේරුම් අරන් උගන්වන්න පුළුවන් හැකියාවක් ලංකාවේ ඉන්න ගොඩක් ගුරුවරුන්ට බැහැ

    හෙන හණමිටි අදහස් තියෙන ගුරුවරු ඉන්නේ
    මටත් ඕක උනා, එක ගෑනියෙක් හිටියා. සෞක්‍ය පුරවැසි අද්‍යාපනය සිංහල, දර්මය වගේ හැමදේම කවලමේ කරපු.

    මේ ගෑනී කිව්වා දවසක්, ඇස් කහපාට හුරු නම් හෙන කාලකන්නි කියලා. මගේ පොඩි කාලේ ඇස් කහපාටට හුරුයි, සෙම තිබුන නිසාද දන්නෙ නැහැ. ඕක මට මාර විදියට දැනුනා බන්. මම ඒ මිස්ගේ පීරියඩ් එකේ පස්සෙම පේලියේ හිටියේ, පුලුවන් උනොත් අකමැත්තෙන් උනත් මොකක් හරි බාහිර වැඩකට යනවා. බැරිම තැන අම්මට කියලා බෙහෙත් ගන්නත් ගියා. ඩොක්ටර් නම් කිව්වා ගනන් ගන්න දෙයක් නෙමෙයි, කියලා.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275

    O/L කරද්දි මම ෆේල් වෙනවා කියලා ගොඩක් උන් කලින්ම කියලා තිබුනේ
    ඒත් මම ටියුසන් වලින් ශේප් එකේ වැඩ ටික කරගෙන ගියා
    රිසල්ට්ස් ආපුවම සමහර ගෑනුන්ට මට මුහුන දී ගන්නත් බැරි උනා
    සමහරු ගිහින් මගේ රිසල්ට්ස් ශීට් එකෙනුත් හොයලා බලලා තියෙනවා
    A/L මැත්ස් කරනවා කියලා දැනගත්තම උන්ට තවත් අප්සට්
    ටීචර්ස්ලා උනාට පට්ට කුහකයි උන්ට පන්දම් අල්ලන්නේ නැති එකෙක් ඉගෙන ගන්නවට
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕවා ඔහොම තමා. දැනට තියන අධ්‍යාපන ක්‍රමයේ තියෙන සම්පත් සීමිත වීමත්, අධික තරඟකාරී ස්වාභාවයත් නිසා නියම ඵල ලැබෙන්නෙ සීමිත පිරිසකට. ඒ පිරිස අරගෙන ඉස්සරහට යමින් අනෙක් අයව එක්තරා රාමුවකට කොටුකරන ප්‍රවනතාවයකුත් තියනවා. හරියට ගණිතය බැරි එකා මෝඩය, ආට් කලොත් ඇපත් නෑ වගේ කතා කියලා එක්තරා ප්‍රිවිලේජ්ඩ් කොටසක් නිර්මාණය කිරීමත් සිද්දවෙනවා අපි නොදැනුවත්වම.

    මේක තවත් කතාවක්.

    අපි බයික් හදන තැන පොර නියම වැඩ කාරයා.. කරන වැඩේ පිළිවෙලට සුපිරියට කරනවා. ගානත් සාධාරණයි..
    මාසේට ලක්ෂ 1-1.5 ක් හොයනවා බයික් හදන එක, සහ spare පාට්ස් වලින්.
    අලුත් කාර් එකක්, සුපිරි ගෙයක්..,ළමයි දෙකක් ඉන්නවා..
    ඒත් පොඩි එකා බයික් හදනවා බලන් ඉන්න කොට මූ එලවනවා.
    මම ඇහුවා අයි කියලා..
    මල්ලි පොඩි එකා මේවා පුරුදු උනොත් වැඩක් නෑ කිව්වා..
    ඌ තාම හිතන් ඉන්නේ මිකැනික් කෙනෙක් කියන එක පහත් රස්සාවක් කියලා....

    හරියට බැලුවොත් මේසන් බාස් / මිකැණික් / ඉලෙක්ට්‍රික් වැඩ / ටයිල් වැඩ / ග්‍රිල් ගේට්ටු කරන උන් වෙන රස්සාවල් කරන උන් වගේ 7-8 ගුණයක් හොයනවා.. ඒත් ගොඩක් උන් බීමත් කම නාස්තිය වැඩි නිසා හැමදාම එකම තැන..
    සහතික ඇත්ත. මිනිස්සු අමුතු සමාජ තත්වයක් හොයාගෙන යනවා. එහෙම තත්වයක් නැහැ කියනවා නෙමෙයි, නමුත් ඒ තත්වය මහ මරි මෝඩ අපි විසින්ම හදාගත්ත අපිටම කඩලා දාන්න පුලුවන් කියන එක දන්නැතිව තමන්ගෙ මුලු ජීවිතේම ඒ ඊනියා තත්වෙ හරියට "දේව වචනයක්" වගේ කරගෙන කැපවෙනවා.

    දෙවනි කාරණය තමා ගොඩදෙනෙක් ඉන්නෙ කුට්ටි හම්බකරන්න, කුට්ටියක් එකපාර හොයාගන්න. රුපියල රුපියල ඉතිරි කරලා තමයි ගොඩයන්න පුලුවන්, උග්‍ර පරිභෝජන ඇබ්බැහියෙන් මිදෙන්න ඕනෙ කියලා හිතන්නෑ. මම දැකලා තියන පොහොසත් මිනිසුන් බොහොමයක් හම්බකරීමෙදි වඩා වියදම් කිරීමෙදි බොහොම සැලකිලිමත්. ඒ කිව්වෙ අද ඊයෙ එකපාරට නැගලා අවුරුදු හත අටෙං ඉවරවෙන මිනිස්සු නෙමෙයි. කාලාන්තරයක් පවතින්න ධනය රැස්කරගත්ත මිනිස්සු.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    O/L කරද්දි මම ෆේල් වෙනවා කියලා ගොඩක් උන් කලින්ම කියලා තිබුනේ
    ඒත් මම ටියුසන් වලින් ශේප් එකේ වැඩ ටික කරගෙන ගියා
    රිසල්ට්ස් ආපුවම සමහර ගෑනුන්ට මට මුහුන දී ගන්නත් බැරි උනා
    සමහරු ගිහින් මගේ රිසල්ට්ස් ශීට් එකෙනුත් හොයලා බලලා තියෙනවා
    A/L මැත්ස් කරනවා කියලා දැනගත්තම උන්ට තවත් අප්සට්
    ටීචර්ස්ලා උනාට පට්ට කුහකයි උන්ට පන්දම් අල්ලන්නේ නැති එකෙක් ඉගෙන ගන්නවට
    සිරාවට ළමා මනොවිද්‍යාව උගන්වන්න ඕනේ ගුරුවරුන්ට. ඒ වගේම මොනෝ විද්‍යාත්මක පර්යේශනයක් කරන්න ඕනේ අවුරුද්දකට සැරයක්වත් ගුරුවරුන්ගෙ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,184
    166,329
    113
    එකමත් එක රටක
    ඔතන මචන් බාස්ගෙත් වැරද්දක් තියනව.. හැමදේම හේතුව තව කෙනෙක්ට දාන එක වැරදි. දැන් ඔය පික්චර් බලන්න පුරුදු කරල කෙල්ලෙකුත් දාගත්ත නිසා අධ්‍යාපනය කඩාගෙන වැටුනා කියන එකම වැරැද්ද වෙන අයගේ ඇගේ එල්ලන එකක්.. අනිත් එක කොහොම හරි බාස් උනාම, සදාකාලික බාස්ම නැතුව එතනින් උඩට යන්න පුලුවන් හරියට කරන , හරි දැක්මක් තියන උන්ට. එහෙම කිසි අධ්‍යාපනයක් නැතුව ඔය වගේ දේවල් කරල කෝටි ගන්න හම්බකරගෙන අද ඉන්ජෝන්ටත් ජොබ් දීගෙන ඉන්න උන් මම දැකල තියනව.
     
    දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා.. ඒ අතරෙ ඔය වගේ අයත් ඕනෙ තරම් ඉන්නවා.. අපේ කාලෙ IT කරන්න දුන්නෙ ගනන් වලට ලකුණු 80ට වැඩි නම් විතරයි.. ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න ගොඩක් ලමයි හිටියා.. ඒත් දුන්නේ නෑ.. සමහර ලමයි මිස්ලා සර්ලා වැඩ බෑ කියලා කොන් කරපු නිසාම උනන්දුවෙන් වැඩ කරලා A9ත් දාලා පෙන්නුවා..
     
    අනිවා දැන් මේ රටේම හරියට සාමන්‍ය වෙළවත් නැතිව රටේ ඇමත්‍යවරයෙක් දක්වා උන මිනිස්සු කීදෙනෙක් ඉන්නවද.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා.. ඒ අතරෙ ඔය වගේ අයත් ඕනෙ තරම් ඉන්නවා.. අපේ කාලෙ IT කරන්න දුන්නෙ ගනන් වලට ලකුණු 80ට වැඩි නම් විතරයි.. ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න ගොඩක් ලමයි හිටියා.. ඒත් දුන්නේ නෑ.. සමහර ලමයි මිස්ලා සර්ලා වැඩ බෑ කියලා කොන් කරපු නිසාම උනන්දුවෙන් වැඩ කරලා A9ත් දාලා පෙන්නුවා..
    මම මට හම්බවුන හොඳ ගුරුවරු ගැන ත්‍රෙඩ් දාල තියනවා,ඔව් බොහොම හොඳ මිනිස්සු ඉන්නවා එ අතරේ මේ වගේ ගුරු හොරුත් ඉන්නවා,80 කතාව මොකක්ද අප්පා හෙන හිනා කාල මැරෙනවා නේ ගොබ්බ කියන්නෙ ගොබ්බ ප්‍රිමියම් ++ නේ

    ඔතන මචන් බාස්ගෙත් වැරද්දක් තියනව.. හැමදේම හේතුව තව කෙනෙක්ට දාන එක වැරදි. දැන් ඔය පික්චර් බලන්න පුරුදු කරල කෙල්ලෙකුත් දාගත්ත නිසා අධ්‍යාපනය කඩාගෙන වැටුනා කියන එකම වැරැද්ද වෙන අයගේ ඇගේ එල්ලන එකක්.. අනිත් එක කොහොම හරි බාස් උනාම, සදාකාලික බාස්ම නැතුව එතනින් උඩට යන්න පුලුවන් හරියට කරන , හරි දැක්මක් තියන උන්ට. එහෙම කිසි අධ්‍යාපනයක් නැතුව ඔය වගේ දේවල් කරල කෝටි ගන්න හම්බකරගෙන අද ඉන්ජෝන්ටත් ජොබ් දීගෙන ඉන්න උන් මම දැකල තියනව.
    ඌ කාටවත් බනින්නෙ නැ බං,ඌ කියන්නෙ අම්මා රට ගියා ඉට පස්සෙ අක්කත් රට ගියා අන්තිමට ඌට සප් එක දුන්න කොල්ල අනික් පංතියට වැ‍ටුනා,ගුරුවරු ලොකුවට බැලුවේ නැ...මුං සින් එකෙන් කොන් වෙලාම ගියා කියලා,එක සැරයක් ගණන් වගයක් හදන්න බැරුව මුව සවුත්තු කලා කිව්වා,මම ලොකු කතාවක් සරලව කිව්වෙ,ලංකාවේ පොඩි එකෙකුට පොඩි කාලේ වෙන්න පුලුවන් ලොකු විනාශයක් මේක...මු දැන් කොන්ත්‍රක් බාස් කෙනෙක්,පොඩි වාහනයක් එහෙමත් තියනවා.පොර කියන්නෙ සමාජයෙන් පොඩි කාලේ වෙච්චි පිඩණය,නැන්දලා ලොකුවට බලලත් නැ..
    ------ Post added on Nov 28, 2021 at 1:15 PM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,359
    113
    වැලිවේරිය
    අපෙත් AL කාලේ එකෙක් හිටියා cricket ගහපු...මූට පට්ට කැපිල්ල...මූට මම AL paper 2කක mcq ලියලා යැවුවා...මූට s2 w1 පස්සේ මූ national team එකේ දැන් ගහනවා...කවුද කියන්න බෑ...දැනටත් මාසෙකට සැරයක් වගේ කතා කරනවා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    AI නෙමෙයි මචං අපි එහෙනන් සරලම නිගමනයකට එමු එක උගේ කර්මය කියලා :baffled: ...මෙතන අපේ අධ්‍යපන ක්‍රමයේ යම් කිසි ගැටලුවක් මචං මම පෙන්නුවේ...ගුරුවරු ගුරු පුහුණු පාසැල් වලට ගිහින් එන්න ඔනේ එතකොට සයිකෝ ගැන උගන්වනවා,මෙතන ඩිග්‍රිය ගහපු ගමන් ඉස්කොලේ උගන්වන්න ආපුවාම ගොඩක් වෙන්නෙ ඔක තමයි,දෙශපාලු පත්විම් වල ආපු එවුනුත් කෙලින්නෙ පිස්සු...
    ඇත්ත බන්. ගුරුවරු හෙන ගොං. උන්ට හරිහමන් පුහුනුවක් දීල මානසික තත්වය බලල රස්සාව දෙන්න ඕනෙ
     
    • Like
    • Sad
    Reactions: Gihanjs and 001flyD
    මම මට හම්බවුන හොඳ ගුරුවරු ගැන ත්‍රෙඩ් දාල තියනවා,ඔව් බොහොම හොඳ මිනිස්සු ඉන්නවා එ අතරේ මේ වගේ ගුරු හොරුත් ඉන්නවා,80 කතාව මොකක්ද අප්පා හෙන හිනා කාල මැරෙනවා නේ ගොබ්බ කියන්නෙ ගොබ්බ ප්‍රිමියම් ++ නේ

    ඔව් මටත් ගොඩාක් හොද ගුරුවරු හම්බ වෙලා තියෙනවා.. මැරෙනකන්ම ඒ මිනිස්සුන්ට ගරු කරනවා..ඒ අය ලමයින්ව තේරුම් අරන් උදව් කරනවා.. සමහරු එහෙම නෑ.. ලමයින්ට කතා කරන්නෙත් නිකන් දෙකේ කොලේට දාලා.. මට එහෙම අත්දැකීමක් නෑ.. ඒත් එහෙම උනාම හිතට කොච්චර දුකද කියලා තේරෙනවා.. අපේ කාලෙ දක්ෂ ලමයි කොච්චර හිටියත් 6 වසරෙ ඉදලම තරග වලට යැව්වෙ එකම සෙට් එක.. ඒකේ හිටියෙ මිස්ලගෙ සර්ලගෙ ලමයි.. තව ලොකු ලොකු අය.. එක පාරක් අර මිස්ලව බලන්න එන අය ඉන්නවනෙ කලාපෙන් හරි කොහෙන් හරි එහෙම ආපු වෙලාවක බැන්නා.. මෙච්චර ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් ලමයි ඉදිද්දි ඇයි එව්වෙ නැත්තෙ කියලා.. මිස්ට කට උත්තර නෑ.. අර ආපු මිස් ගියාට පස්සෙ ලමයින්ගෙ පිටින් ඒ තරහත් යැව්වා..
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    One more thing. I always wonder why national schools are separated by religion ? (Buddhist, Hindu, Muslim , Catholic) Imagine what kind of person will come out of these schools ? How can you speak about unity and tolerance towards other communities when you poison the kids from their small age ? No wonder politicians can easily use religion and cast to win votes.
     
    Last edited: