ගොරකා කළු පාටද..?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ගොරකා කළු පාටද..?

    ගොරකා කළු පාටයි යන්න මිනිසුන් අතර මුල් බැස ඇත. ඒ මෙතෙක් අපගේ ඇසට හුරු පුරුදු අප දැක ඇති ගොරකා කළු පැහැ නිසාය. අතීතයේ පටන් අපි විවිධ ආහාර රස ගැන්වීමට ඒවා පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාළු වර්ග සෑදීමේදී ගොරකා එක්කරන ලදි. පැරැන්නන් වියලි කොරකා මිරිස් ගලේ අඹරා ආහාරයට එක් කලේය. නමුත් අද ආහාර තාක්ෂණයේ දියුණුවත් සමග සහ මිනිසාගේ කාරයබහුල ජීවන රටාව නිසා අගය එකතු කොට සැකසූ ගොරකා පේස්ට් හෝ ගොරකා කුඩු වශයෙන් වෙළඳපොලින් මිලදී ගැනීමට පුරුදුවී ඇත. ‍මේ සියළු ගොරකා වර්ග තද කළු පැහැයෙන් යුතුයි. නමුත් ගොරකා කළු පැහැ වියයුතුමද? යන්න ගැන ඔබ මදකට කල්පනා කලාද? ඔබ අප කව්රුත් දන්නා ගොරකා සාදාගනුයේ ඉදුණු ගොරකා ගෙඩියේ ලෙලි වලිනි. ඉදුණු ගොරකා ගෙඩි රතු පැහැ හෝ කහ පැහැයෙන් යුත්තයි. නමුත් වෙළඳපොලේ ඇති වියළි ගොරකා තද කළු පැහැයක් ගනිති.


    garcinia.jpg

    [FONT=&quot]ගොරකා යනු උද්භීද විද්‍යාත්මකව Garcinia cambogia [FONT=&quot]නමින් හඳුන්වනු ලබන ශාකයේ හටගන්නා ඵලයේ ලෙල්ල වශයෙන් හඳුන්වනු ලබන ඵලාවරණයයි. ගොරකා ඇඹුල් රසයෙන් යුක්තයි. එයට හේතුව ගොරකා වල ඇති හයිඩ්‍රොක්සි සිට්‍රික් අම්ලය ([/FONT]hydroxycitric acid[FONT=&quot]) නිසාය. බෝ නොවන රෝග බොහෝමයක් ඇතිවීම වලක්වාලීමේ ගුණ මෙම ගොරකා වලට ඇත. විශේෂයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත හෙලීමටත්, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමට හා සිරුරේ අධි බර අඩු කිරීමට එයට හැකියාවක් ඇති බව අද ප්‍රකට පිළිගැනීමයි. අද වෙනත් රටවලවලත් ශරීර බර අඩු කරගැනීමට ගොරකා වලින් සාදාගත් නිස්සාරණයන් කැප්සූල් ආකාරයෙන් ශාකමය ඖෂධයක් වශයෙන් ලබාගැනීමට වෛද්‍ය වරුන් අනුමතකරයි. [/FONT][/FONT]

    [FONT=&quot]අපගේ පැරැන්නන් වියලි ගොරකා සෑදීමේදී ඉදුණු ගොරකා ගෙඩිවල ලෙල්ල පළා දුම්මැස්සේ තබා වියලා ගන්නා ලදි. මේ ආකාරයෙන් වියලා ගන්නා ගොරකා දුම් වැදී කළු පැහැයෙන් යුතු වෙයි. තවද මෙම දුම්වල ඇති නොයෙකුත් විෂ රසායනයන් ගොරකා වලට එකතු වෙයි. භාවිතයට පෙර හොඳින් සෝදා ගැනීමෙන් පිටත ඇලී ඇති බාහිර අපද්‍රව්‍ය තරමක් දුරට ඉවත් වීම සිදු වුවත් ගොරකා තුලට ඇතුලු වූ අපද්‍රව්‍ය ඉවත් නොවෙයි. අලෙවි කිරීමට විශාල ප්‍රමාණයෙන් ගොරකා වියලීමේදී දුම් ගැසීමට පැරණි ටයර පිළිස්සීම සිදුකරන බව සමාජයේ කතාවට ලක්වෙයි. එය එසේ වුවත් නැතත් අප පරිභෝජනයට ගන්නා ගොරකා ගැන අප සැලකිලිමත් විය යුතුය. එම නිසා පාරිභෝගිකයන් වශයෙන් අප ඒ පිළිබඳව දැනුවත් වීම ඉතාමත් වැදගත්ය.[/FONT]

    [FONT=&quot]ගොරකා දුම් ගසා වියලීමෙන් එහි ඇති රතු හෝ කහ පැහැය සම්පූර්ණයෙන් නොපෙනී යයි. නමුත් නිවැරදිව වියලා ගත් ගොරකා වල රතු හෝ කහ පැහැය යම්තම් ඉතිරිව පවතියි. වර්තමාණයෙත් මේ ආකාරයෙන් වියලි ගොරකා සාම්ප්‍රදායිකව සැකසූ ගොරකා වලට වඩා කළු පැහැයෙන් අඩු රතු පැහැ ගන්නා නිසාම පාරිභෝගකයින් එවා ප්‍රතික්ෂේප කරයි. මෙය පාරිභෝගිකයින්ගේ නොදැනුවත් කම නිසා සිදුවන්නකි. එම නිසාම ගොරකා නිෂ්පාදකයින් සාම්ප්‍රදායික කළු පැහැය ලබා ගැනීමට කෘතීමව දුම් ගැසීම සිදු කරනු ලබයි. [/FONT]

    [FONT=&quot]ගොරකා වැරදියට ආහාරයට එක් කිරිමෙන් එහි ඇති ගුණ නැතිවනවා පමණක් නොව වෙනත් රෝග ඇතිවීමට හේතුවිය හැක. එමනිසා ඔබත් මේ පිළිබඳව කියවන්න දැනුවත් වන්න.[/FONT]

    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි - මාතලේ
    [/FONT]
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    yako yakku innawa goraka gas wala

    uba danne nathi unata ube athule yakek innawada danne na

    :lol::lol:අපි ගස් උඩ ගිය හැටියට එහෙනම් ආපායම අපේ ඇගවල් වල වෙන්න ඇති රබුටන් ගස් උඩයි ඡම්බු ගස් උඩයි පැය ගනන් ඉදගෙන ගෙඩි කනවා හවස 6 පහුවෙලත් ගස් උඩ .අම්මා බනිනවා යක්කු ගස්යන වෙලාවේ ගස් උඩ ඉන්න එපා කියලා.
     

    :susi:

    Member
    Apr 10, 2013
    68
    4
    0
    kandy
    අපේ ගෙදර නම් ලෙලි ගලවල අව්වේ දාන්ව,නිකන්ම කළු පාට එනව.ගොඩක් කල් තියගන්න ඕනේ උනාම තමයි දුමේ දාන්නේ.එහෙම නැතුව වෙලන්න දුමේ දාන් නෑ