ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

    [FONT=&quot]ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පොලිස් [/FONT]OIC

    [FONT=&quot]දිනය: 2016.01.10
    [/FONT]

    [FONT=&quot]මාගේ මිත්‍රයා [/FONT]
    A [FONT=&quot]ලෙසද මා [/FONT]B [FONT=&quot]ලෙසද හඳුන්වාදෙමි. මාගේ මිත්‍රයා මේ දිනවල මෝටර් රථයක් ගැනීම සඳහා වෙහෙසෙන අතර ඔහු පහුගිය දින දෙක තුනේම තැන් කිහිපයකම මෝටර් රථ බැලීමට ගියේ [/FONT]ikman.lk [FONT=&quot]හි පල කර තිබූ දැන්වීම් අනුව ඒවා කඩදාසි කැබැල්ලක සටහන් කර ගැනීමෙන් අනතුරුවය. අද ද ඔහු වාහන කිහිපයක් සම්බන්ධයෙන් සටහන් කරගත් කඩදාසියක්ද අතැතිව මා හමුවට පැමිණයේ මාද කැටුව එම මෝටර් රථ බැලීමට යාම සඳහාය. අද දින ඒ සඳහා අපි ගියේ කුරුණෑගල ප්‍රදේශයටය. මිත්‍රයාගේ මෝටර් සයිකලයෙන් ඒ සඳහා පිටත් වුනු අපි මුලින්ම තෝරාගත්තේ මාවතගම ප්‍රදේශයේ ඇලියොන් මෝටර් රථයක් විකිණීමට ලබාදී තිබුනු දුරකථන අංකයකි. එම දැන්වීම පලකර තිබුනේ ලේඩි ඩොක්ටර් ලෙස සඳහන් කර තිබූ කාන්තාවකි. එම දුරකථන අංකයට කතා කල අප මාර්ග විස්තරය අසාගෙන අදාල නිවසට යනවිට දහවල් 12 පසුවී තිබුණි.[/FONT]
    [FONT=&quot]මගේ මිත්‍රයාට මීට පෙර තිබුනේ ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයක් වන අතර එය මිලට ගැනීමේදී ඔහුට ලැබී තිබුනේ ඩුප්ලිකේට් පොතකි. එබැවින් එම මෝටර් රථය නැවැත විකුණා ගැනීමට ඔහුට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. එයින් උගත් පාඩම නිසා මාගේ මිත්‍රයා ඕනෑම මෝටර් රථයක් බැලීමට ගිය පසු මුලින්ම අදාළ රථයේ පොත ඉල්ලීමට පුරුදුව සිටියේය. එසේම මෙම නිවසට ගිය පසුද අදාළ කාන්තාවගෙන් මෝටර් රථයේ පොත ඉල්ලා සිටි ඔහුට ලැබුනේ අප්‍රසන්න පිළිතුරකි. “ඔක්කොටම කලින් පොතද ඕනේ? ඉස්සෙල්ල කාර් එක බලන්ඩ, පස්සෙ පොත ගේන්නං.. “ යැයි කියා අදාල මෝටර් රථයේ දොර විවෘත කර දී ඇය මඳක් මිදුල දෙසට ගියාය. විනාඩි කිහිපයකින් මාගේ මිත්‍රයා අදාළ මෝටර් රථය ඔහු දන්නා පරිදි පරීක්ෂා කලේය. ඉන් අනතුරුව නැවත අදාළ කාන්තාවට කතා කල ඔහු යළිත් පොත ඉල්ලා සිටියේය. “හහ්, කාර් එක බලලත් ඉවරද? “ යැයි ගස්සමින් ගෙතුලට ගිය ඇය අප කෙරේ දැක්වූයේ යම් නොරිස්සුම් ගතියකි. සමහර විට අප දෙදෙනාම ඩෙනිම්, ටී ෂර්ට් හැඳ, සෙරප්පු පැළඳ සිටි නිසා විය හැකිය. ඇය හැසිරුනේ අප මෝටර් රථය බැලීමට පැමිණි දෙදෙනෙකු ලෙස නොව ඇය බලන්නට පැමිණි දෙදෙනෙකු ලෙසය. එබැවින් අප හැඳ සිටි විලාසය මැදිවිය ඉක්මවූ ඇයට ගැටළුවක් වන්නට ඇත. [/FONT]

    [FONT=&quot]විනාඩියක්වත් ගත වන්නට මත්තෙන් පොත ද රැගෙන ගෙතුලින් මතු වූ ඇය “ආ මෙන්න..“
    යැයි මාගේ මිත්‍රයාට පොත දිගු කලේය.
    විනාඩි දෙක තුනක් ඇතුලත පොත පරීක්ෂා කල මිතුරා
    “දැන් මේ වාහනේට කීයක් ද කියන්නෙ“
    යි ඇගෙන් විමසා සිටියේය. [/FONT]

    [FONT=&quot]ඇය: “ඇයි ඇඩ් එක දැක්කෙ නැද්ද? ඒකෙ තියෙන ගාන තමයි මගෙ ඔෆර් එක“[/FONT]

    [FONT=&quot]මිත්‍රයා: “අපි ඔයාගෙ කාර් එක බලන්න විතරක් නෙවි කාර් කීපයක් බලන්න ආවේ.. කාර් ඇඩ් දාල තිබුන අයගෙ පෝන් නම්බර් විතරයි අපි අරං ආවෙ.. ගණන් හරියටම මතක තියං ආවෙ නෑ. ඔයාගෙ වාහනේ ගාණ කියනවද“[/FONT]

    [FONT=&quot]ඇය: තිස්දෙක හමාරයි.[/FONT]

    [FONT=&quot]මිත්‍රයා: “හරි“[/FONT]

    [FONT=&quot]වෙන කිසිත් නොදොඩාම මෝටර් සයිකලයට නැගුනේය. මා ද නැග ගත්තෙමි. ඉන් අනතුරුව අප කුරුණෑගල දෙසට ගියෙමු. නැවැත එනවිට කලින් සඳහන් කල අයගේ නිවස ද පසු කලෙමු. එම නිවස පසු කර මඳ දුරක් යන විට කලින් සඳහන් කල ඇය එම මෝටර් රථයෙන් වේගයෙන් අපව පසුකර ගියාය. ඉඳින් ඒ අසල වූ [/FONT]
    ikman.lk [FONT=&quot]වාහන අංගනයකටද ගොඩ වැදී යලි එන විට පෙර කී ඇය.. ඇයගේ මෝටර් රථය මඟ නතර කරගෙන සිටියාය.
    අපද කිසිවක් ගණන් නොගෙන ඇයව පසු කරමින් නුවර දෙසට ඉදිරියට ඇදුනෙමු. ඒ සමඟම ඇය ද ඇගේ මෝටර් රථය පණ ගන්වා නැවැත අපව පසු කරමින් වේගයෙන් ඉදිරියට ඇදුනාය. අප මඳ දුරක් එනවිට ඇය මෝටර් රථ අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද සමඟ මඟ රැකවල්ලා සිට අපගේ මෝටර් සයිකලය නතර කරවූවාය. [/FONT]
    [FONT=&quot]මිත්‍රයා: “ඇයි රාළහාමි?“[/FONT]

    [FONT=&quot]පොලිස් නිලධාරියා: “මෙයා කියනව ඔයාල එයාගෙ ගේ ගාවින් සැක විදියට ගියයි කියල“[/FONT]

    [FONT=&quot]මම: “මොකක්? මේ හලෝ, ඇයි අපිට මහපාරේ යන්නත් අවසර ගන්න ඕනෙ ද? මේක මාර කතාවක්නෙ යකෝ..“[/FONT]

    [FONT=&quot]ඇය: “ඔව් මේක අපේ ඒරියා එක, එහෙම ඕනි ඕනි විදියට යන්න බෑ“[/FONT]

    [FONT=&quot]පොලිස් නිලධාරියා මට කට පියාගෙන සිටීමට සංඥා කලේය. මම නිහඬ වූයේ ප්‍රශ්ණය තව තවත් දුර දිග ගෙන යාමට අවශ්‍ය නොවූ බැවිනි.[/FONT]

    [FONT=&quot]මිත්‍රයා: “ඉන්න මගෙ යාළුවෙක් ඉන්නව ලෝයර් කෙනෙක් මේ ළඟ ගෙන්වන්නම්“ ඔහු සැනින් දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. [/FONT]

    [FONT=&quot]ඇය: “ඕන කෙනෙක් ගෙන්නනවා, මමත් ලොකු ලොකු අය අඳුනනවා, මම මෙහෙ [/FONT]
    OIC[FONT=&quot]ගෙ නෝනා. කාටවත් ඕනි ඕනි විදයට නටන්න දෙන්න බෑ.“[/FONT]
    [FONT=&quot]ඇය සීමාව ඉක්මවා යන බව දැනගත් අපව නැවතූ පොලිස් නිලධාරීන්, [/FONT]

    [FONT=&quot]“හරි හරි දෙගොල්ලම පොලිසියට යන්න, අපිත් එන්නම්. ගැටළුවක් තියේනම් පොලිසියේදි විසඳගන්න.“ යැයි පවසා ඇයව පොලිසියට පිටත් කර හැරියේය. [/FONT]

    [FONT=&quot]පසුව මෙවන් මොළේ අමාරු ගැහැණුන් සමඟ කල්පනාවෙන් ගණුදෙනු කළයුතු බවට අපට උපදෙස් දුන් එම පොලිස් නිලධාරින්, ඇය [/FONT]
    OIC[FONT=&quot] බිරිඳ නොවන බවත් අපට කලබල නොවන ලෙසත් පැවසූහ. අනතුරුව ඔවුන්ගේ පොලිස් බයිසිකලය පසුපස එමින් අප ද පොලිස් ස්ථානයට පැමිණියෙමු. අපට කලින් නික්මුණද ඇය පොලිසියට පැමිණියේ අපට පසුවය. [/FONT]
    [FONT=&quot]පොලිසියට පැමිණි ඇය අසල සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුටම අප පිළිබඳව කියන්නට විය. “මේ අය අපෙ ගෙදර ආව, ආව ගමන් කාර් එකේ පොත ඉල්ලුව, ඉක්මණට කාර් එක බැලුව, ගාණ ඇහුවා යන්ට ගියා.. ආපහු දෙතුන් වතාවක් අපෙ ගෙවල් ලඟ රවුම් ගැහුවා.. “ ආදී ලෙස පල්හෑල්ලක් දොඩන්නට විය. එහෙත් සැබෑවටම සිදුවූයේ අප ඇයගේ වාහනයේ ගණන් අසා කුරුණෑගල දෙසට ගොස් නැවත නුවර දෙසට පැමිණෙමින් සිටීම පමණි. [/FONT]

    [FONT=&quot]මඳ වේලාවකින් මාර්ගයේදී අපට හමුවූ නිලධාරින් දෙදෙනා පැමිණ මාගේ මිත්‍රයා පැමිණිලි ලියාගන්නා ස්ථානයට මා සිටි තැනින් මීටර් 20ක් පමණ එහාට රැගෙන යන්නට විය. ඒ වන විට මා සිටියේ ඇය අසලය. ඒ සමඟම මෝටර් සයිකලයකින් පැමිණි යම් පුද්ගලයෙක් “ආ මේ, ඔයා කොහෙ යන ගමන්ද“ ඇගෙන් විමසා සිටියේය. ඔහු සිවිල් පුද්ගලයෙකු සේ සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටියේය. “මට මේ ප්‍රශ්ණයක් වෙලා....“ ආදී ලෙස ඇය කලින් කතාවම ඔහුටද පවසා සිටියේය. [/FONT]

    [FONT=&quot]එයින් මහත් සේ කෝපාවිෂ්ට වූ ස්වරූපයක් පෙන්වූ ඔහු, “ආ මේ, අරූ ද“ යි මාගේ මිතුරා දෙසට ඇඟිල්ල දික්කරමින් විමසා සිටියේය.

    “ඔව් ඔව්, ඌ එකෙක් අනිකා මේ“[/FONT]

    [FONT=&quot]යැයි පවසමින් ඇය මාව පෙන්වීය. එසැනින් මා දෙස හැරුණු ඔහු.. මහත් දැඩි ස්වරයෙන් “මේ ඕයි, තමුසෙ කොහෙද?“[/FONT]

    [FONT=&quot]මාගෙන් විමසන්නට විය. [/FONT]

    [FONT=&quot]මම: “මේ හලෝ, ඔච්චර කෑගහන්න ඕනි නෑ, අපි නුවර“ අප අත කිසිඳු වැරැද්දක් නොමැති බැවින් මම සෘජුව පිළිතුරු දුනිමි. [/FONT]

    [FONT=&quot]එයින් තවත් කුපිත වූ ඔහු වහා බයිසිකලයෙන් බැස, මා වෙතට පැමිණෙද්දී.. මට පිටුපසින් සිටි පොලිස් නිලධාරියෙත් “ඔය [/FONT]
    OIC[FONT=&quot], [/FONT]OIC[FONT=&quot]..“ යැයි කියනු මට ඇසිණි. මා කරා සැනින් පැමිණි ඔහු මාගේ කමිසයෙන් ඇද උස්සා “තමුසෙ දැනගන්නවා, අපි පොලීසියෙ.. අපිට ගොරක දඩමස් කරන්නත් පුළුවන්.. දඩමස් ගොරක කරන්නත් පුළුවන්..“ යැයි මහ හඬින් ගෝරණාඩු තියන්නට විය. ඒ වන විට වටා පිටාවේ සියළු දෙනාගේ ඇස් අප වෙත යොමූ වී තිබුනේ ඔහුගේ කෑගැසිල්ල නිසාය. මාගේ මිත්‍රයාද වහා මාවෙත පැමිණ “ඇයි මොකද මේ.. “ යැයි අසන විට මාගේ කමිසයෙන් අතහැරි [/FONT]OIC [FONT=&quot] “මුගෙ කට වැඩියි, ඇතුලට වරෙං “ යැයි කියමින් කාමරයක් පෙන්වීය. [/FONT]
    [FONT=&quot]මා ද මිතුරාද අදාළ කාමරයට ගියෙමු. [/FONT]

    [FONT=&quot]කාන්තාව, [/FONT]
    OIC[FONT=&quot]ට “මුගෙ බෑග් එකත් බලන්න..“යි කියමින් මාගේ බෑගය පෙන්වීය. [/FONT]
    OIC[FONT=&quot]: “කෝ ගන්නවා ඕක මෙහාට“යි මාගෙන් බෑගය ගත් [/FONT]OIC [FONT=&quot]එහි වූ වතුර බෝතලය, කුඩය හා නෝට් පොත හොඳින් අතගා, සිඹ මනාසේ පරීක්ෂා කොට යලිත් මාගේ බෑගය තුලටම රුවා මාහට ලබාදී සිදු වූ සියල්ල නැවැත අසන්නට විය. [/FONT]
    [FONT=&quot]මිතුරාද මාද ඒ සියල්ලට නොබියව පිළිතුරු දුනිමු. ඒ අතරතුර මාගෙ මිත්‍රයාගේ නීතිඥ මිතුරාද ගලගෙදර [/FONT]
    OIC [FONT=&quot]මාර්ගයෙන් අදාළ මාවතගම පොලීසියට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. දැන්වීමේ පරිදි ඇය සැබෑවටම වෛද්‍යයවරියක්ද නොවන පැවැසූ පරිද [/FONT]OIC[FONT=&quot]ගේ බිරිඳද නොවන ඔළුව උදුම්මවාගත් නමුත් [/FONT]OIC [FONT=&quot]හා යම් හැඳුනුම්කමක් ඇති ගැහැණියකි. සියල්ල සළකා බැලීමේ දී අප අත කිසිඳු වැරැද්දක් නැති බැව් [/FONT]OIC [FONT=&quot]ට වැටැහී තිබුනේය. ඔහුට දැන් දඩමස් කිරීමට අප සතුව ගොරකා සොයා ගැනීමට නොහැකි තැන ඔහු දැන් පවසන්නේ සාමදාන වීමටය. සාමදාන වීම හැර ඇයටද වෙන විකල්පයක් නොවීය. දැන් තමාගේ තමාගේ වාරය පැමිණි බැව් දැනගත් මිත්‍රයා “ඔයා මගේ යාළුවට කතා කරපු විදිය, ගහන්න ගියපු එක හරිම වැරැදියි, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ“ යි [/FONT]OIC [FONT=&quot]ට දොස් පවරන්නට විය.[/FONT]
    [FONT=&quot]“තමුසෙ ඇඟිල්ල පාතට දාලා කතා කරනව..“ [/FONT]
    OIC [FONT=&quot]යලිත් මාගේ මිත්‍රයාට ගෝරනාඩු තියන්නට විය. [/FONT]
    [FONT=&quot] “හරි හරි අපි මේක මෙතැනින් ඉවරයක් කරමු. ගැටළුවක් නැහැ“ යි පැවැසූ මිත්‍රයා හා මා එතැනින් පිටත් වුනෙමු. ඇය ද [/FONT]
    OIC [FONT=&quot]ද කුජීත වී හමාරය. එම කාන්තාව ඉදිරියේ සිංහ වෙස් ගත් හිවලෙකු බඳු වූ [/FONT]OIC [FONT=&quot]ගේ බොරු සිංහ නාදයද අවසන බලු කෙඳිරිල්ලක් බවට පත්විය. අපගේ ගැටළුව නම් එසේ නිමාවිය. ගොළුවා දුටු සිහිනයක් සේ අප මේවා අමතක කළ යුතුද යන්න ප්‍රශ්ණයකි. නමුත් මෙසේ යම් යම් ලාභ ප්‍රයෝජන තකා චීත්ත රෙදිවලට යටවුන ගොරකා දඩමස් කරන න්‍යායෙහි පිහිටා ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ගෙන් සමාජයෙහි සියලුම තරාතිරම් වල සියලුම දෙනාට නීතිය එකම ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි අප ඉදිරියේ ඇති මහත් ප්‍රශ්ණයකි. එසේම එවැනි නිලධාරීන් සමාජයටද පිළිලයකි. මාර්ගයේදී අපට හමුවූ නිලධාරීන් අවසානය තෙක්ම අපට දුන් සහායද මෙහිදී අමතක නොකළ යුතුය. නමුත් මෙවැනි [/FONT]OIC [FONT=&quot]වැනි තනතුරු වල සිටින සිටින ඉහළ නිලධාරින් ඔවුන් යටතේ සිටින එවැනි නීතිගරුක නිලධාරීන්ටද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙන්නේ ද යන්න සැක සහිතය. [/FONT]
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    http://ikman.lk/en/ad/toyota-allion-240-2002-for-sale-kurunegala-29

    හෙට උදේ පොඩි බයිටක් දාන්න ඕන මේකිට
    කොහොමත් ඇත්ත ගෑනුන්ට වඩා හොර ගෑනුන්ගේ පාට් වැඩී මචන්
    උඹ කොහෙ හරි ලොක්කෙක්ගෙ නමක් කිව්වා නම් දෙකට නැවිලා යන්න දෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: shenic and TakurZ

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගොඩක් පොලීසිවල ලොක්කොනම් අන්තිමයි... :angry:
    නොකළ වැරැද්දක පැටලුනොත් සාමාන්‍ය මනුස්සයෙකුටනම් ගොඩ එන්න විදිහක් ඇත්තෙම නෑ...
    :(

    උන්ගෙ අතින් උන වැරැද්ද වහ ගන්නේ මිනිස්සුන්ව බිල්ලට දීල...
    "ගැහැව්වෙ නෑ නැගිට්ටවන්න හැදුවා, තල්ලු කළේ නෑ එයාම පැන්න, මංචු පිටින් වතුරට පැන්නා, සැක හිතුන නිසා අත් අඩංගුවට ගත්තා" කියනව දුප්පත් අහිංසකයෙක් අහු උනාම..
    ලොක්කෙක් අහු උනාම "තාම නීතිපති උපදෙස් ලැබුණේ නෑ" කියනවා...
    :frown:

    අද කාලෙ සල්ලි නැත්තන් පැමිණිල්ලක් දාන එකත් බොරු වැඩක් අමාරුවෙන් හරි අසාධාරනේ විඳ ගන්නව ඇරෙන්න..:sorry:
    අන්තිමට පැමිණිල්ල දාපු එකා තමයි හිරේ යන්නේ වැරැද්ද කරපු එකා පොලීසියේ ලොක්කො අඳුරන දළ කාරයෙක් උනොත් එහෙම..
    .:growl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Ara ganita mongal da :eek:
    ොංගල් එකෙත් ොඳ එක බං:eek::eek:

    බම්ප් වේවා
    :)

    http://ikman.lk/en/ad/toyota-allion-240-2002-for-sale-kurunegala-29

    හෙට උදේ පොඩි බයිටක් දාන්න ඕන මේකිට
    කොහොමත් ඇත්ත ගෑනුන්ට වඩා හොර ගෑනුන්ගේ පාට් වැඩී මචන්
    උඹ කොහෙ හරි ලොක්කෙක්ගෙ නමක් කිව්වා නම් දෙකට නැවිලා යන්න දෙන්නෙ
    සිරාවටම බං, ඕක තමයි බං බලන්න ගියෙ.. :sorry::sorry::sorry:

    :dull:

    ගොඩක් පොලීසිවල ලොක්කොනම් අන්තිමයි... :angry:
    නොකළ වැරැද්දක පැටලුනොත් සාමාන්‍ය මනුස්සයෙකුටනම් ගොඩ එන්න විදිහක් ඇත්තෙම නෑ...
    :(

    උන්ගෙ අතින් උන වැරැද්ද වහ ගන්නේ මිනිස්සුන්ව බිල්ලට දීල...
    "ගැහැව්වෙ නෑ නැගිට්ටවන්න හැදුවා, තල්ලු කළේ නෑ එයාම පැන්න, මංචු පිටින් වතුරට පැන්නා, සැක හිතුන නිසා අත් අඩංගුවට ගත්තා" කියනව දුප්පත් අහිංසකයෙක් අහු උනාම..
    ලොක්කෙක් අහු උනාම "තාම නීතිපති උපදෙස් ලැබුණේ නෑ" කියනවා...
    :frown:

    අද කාලෙ සල්ලි නැත්තන් පැමිණිල්ලක් දාන එකත් බොරු වැඩක් අමාරුවෙන් හරි අසාධාරනේ විඳ ගන්නව ඇරෙන්න..:sorry:
    අන්තිමට පැමිණිල්ල දාපු එකා තමයි හිරේ යන්නේ වැරැද්ද කරපු එකා පොලීසියේ ලොක්කො අඳුරන දළ කාරයෙක් උනොත් එහෙම..
    .:growl:
    කතා කරල වැඩක් නෑ බං ඒ ගැනනං, පොලිසියෙ පයන්නලගෙ නීතියෙ උන්ටයි උන්ගෙ හිතවත් උන්ටයි විතරයි.. වෙන ආයතන වල නම් බහුතරයක් හොඳ වුන් ඉන්නෙ එකා දෙන්නනෙ සවුත්තු වුන් ඉන්නෙ.. ඒ වුනාට මේ පොලීසි වල නම් බහුතරයක් ෆට්ට චාටර් වුන් ඉන්නෙ එකෙක් දෙන්නෙක් තමයි කලාතුරකින් හොඳ වුන් ඉන්නෙ..:eek::eek::eek::eek:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    dila.jpg

    ෆෝන් / ලැප්ටොප් / කාර් ගොඩක් දාලා තියෙනව මචන් ඒකි
    බ්‍රෝකර් කෙනෙක්ද කොහෙද:rofl::rofl:

     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    dila.jpg

    ෆෝන් / ලැප්ටොප් / කාර් ගොඩක් දාලා තියෙනව මචන් ඒකි
    බ්‍රෝකර් කෙනෙක්ද කොහෙද:rofl::rofl:

    මේකි තමයි අපිට පුඩිය සෙට් කරපු මල හෝන්තුව..:angry::angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    සිරාවටම බං, ඕක තමයි බං බලන්න ගියෙ.. :sorry::sorry::sorry:

    අඩේ මේක ඔයාගෙම සීන් එකක්ද...?:shocked:
    මම හිතුවේ කාට හරි වෙච්ච එකක් ශෙයා කරල කියලා...:eek:

    කතා කරල වැඩක් නෑ බං ඒ ගැනනං, පොලිසියෙ පයන්නලගෙ නීතියෙ උන්ටයි උන්ගෙ හිතවත් උන්ටයි විතරයි.. වෙන ආයතන වල නම් බහුතරයක් හොඳ වුන් ඉන්නෙ එකා දෙන්නනෙ සවුත්තු වුන් ඉන්නෙ.. ඒ වුනාට මේ පොලීසි වල නම් බහුතරයක් ෆට්ට චාටර් වුන් ඉන්නෙ එකෙක් දෙන්නෙක් තමයි කලාතුරකින් හොඳ වුන් ඉන්නෙ..:eek::eek::eek::eek:

    ගොඩක් වෙලාවට උන් මොකක් හරි කොනක් අල්ලගන්නනේ හදන්නේ...:baffled: ඔය සිද්දියෙදිත් අර ගෑනි නිකන් හරි අතවර චෝදනාවක් වගේ එකක් එල්ල කලානම් කොහොමද සනීපේ...:eek:

    බෑග් එක චෙක් කරන්න ඇත්තෙ අනිව මොකක් හරි මගුළක් පටලවන්නනේ....:confused:
    යාලුවගේ ලෝයර් සීන් එකයි, ඔයා එතනදි කෙලින් කතා කරපු නිසයි ඔහොමහරි ගොඩින් බේරගන්න පුලුවන් වෙන්න ඇත්තේ...

    සම්පූර්ණ විස්තරේම මෙතන දාපු එකනම් මාර වටිනවා..
    11.gif

    ඔය ගෑනිගෙ වාහනේ ගෙනියන එකත් ලෝක නඩුවකට කර ගහයි වගේ..:shocked: හදිසියකට මොකක් හරි අඩු පාඩුවක් ගැනවත් මේ ගෑනිත් එක්ක කතා කර ගන්න බෑනේ....:oo:


     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    OIC okita hondata gasanawa athi bun... ekai itin....oic ganath hitapan bun....umbalata ka gahuwe nattan uta ada gasanna hambenne nane?kauda danne gani hondata sapak ehema denawa athi oic ta?????heheheh :yes::yes::yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    ගොඩක් වෙලාවට උන් මොකක් හරි කොනක් අල්ලගන්නනේ හදන්නේ...:baffled: ඔය සිද්දියෙදිත් අර ගෑනි නිකන් හරි අතවර චෝදනාවක් වගේ එකක් එල්ල කලානම් කොහොමද සනීපේ...:eek:

    බෑග් එක චෙක් කරන්න ඇත්තෙ අනිව මොකක් හරි මගුළක් පටලවන්නනේ....:confused:
    යාලුවගේ ලෝයර් සීන් එකයි, ඔයා එතනදි කෙලින් කතා කරපු නිසයි ඔහොමහරි ගොඩින් බේරගන්න පුලුවන් වෙන්න ඇත්තේ...

    සම්පූර්ණ විස්තරේම මෙතන දාපු එකනම් මාර වටිනවා..
    11.gif

    ඔය ගෑනිගෙ වාහනේ ගෙනියන එකත් ලෝක නඩුවකට කර ගහයි වගේ..:shocked: හදිසියකට මොකක් හරි අඩු පාඩුවක් ගැනවත් මේ ගෑනිත් එක්ක කතා කර ගන්න බෑනේ....:oo:


    ඔව් බං ඊයෙ තමයි සිද්ධිය වුනෙ:eek::eek: ඒක තමයි බං පාරෙදි අපිව නැවැත්තුව පොලිස්කාරයො දෙන්නත් කිව්වෙ.. චුට්ටක් හරි හූරගෙන ඇවිත් ඔය අම්මණ්ඩි මොකක් හරි අපිට පටවලවන්න ට්‍රයි කරයි කියල.. ඒ නිසා උන්දෙන්නා ඇවිත් මුලින්ම සිරාම සිද්ධිය ලොක්කට කිව්වා. ඒ තියෙද්දිත් මූ අපිට සද්දෙ දැම්මෙ.. අප්පේ.. අපිනං එහෙම හරි ගැලවුනා.. ඕකට කරගහන එකාට අබසරණ තමයි ඉතිං..:sorry::sorry::sorry::angry::angry::angry:





    උඹ මාර පොරක්නේ යකෝ...:rofl:
    ඒ චුට්ටට ඔක්කොම හොයා ගත්තද...
    :rolleyes:
    සිරාවට මටත් ඒකනං හිතුනා:cool:

    OIC okita hondata gasanawa athi bun... ekai itin....oic ganath hitapan bun....umbalata ka gahuwe nattan uta ada gasanna hambenne nane?kauda danne gani hondata sapak ehema denawa athi oic ta?????heheheh :yes::yes::yes::yes:
    හ්ම්ම්.. .උට සැප ගන්න අපි බයිට් එකද බං:eek:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    Dear Complainer, Thanks you for sending complaint. Please note down below "Referance Number" to check your complaint status via police.lk web site. Referance Number : 08fa361a2ccc2464c8e9
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :angry: ඔය පොලිස් කාරයෝ ඔක්කොම එකයි..... :angry:

    එක පාරක් පොලිසියේ බස් කේස් එකකට ගිහින්..... එකෙක් කියනවා.... අපි තමා ඩෝ නීතියලු..... :lol: මුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනා..... දැක්කනේ ඈඹිලිපිටියේ අහිංසකයෙක්ව මරපු හැටි ඕකුන්..... !!
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මේකි තමයි අපිට පුඩිය සෙට් කරපු මල හෝන්තුව..:angry::angry:
    බෑග් බලන අතරේ කුඩු ටිකක් අස්සෙ ගැහුවා නම් උඹලාට බඩු නෙ?
    ගෑනු වෙනුවෙන් මිනිස්සු මිනීත් මරන එකේ ගෑණු කිචාලගෙන් ප්‍රවේසම් වෙන්න ඕන බන්