ආයුබෝවන් යාළුවනේ....
නීරෝගී ජීවිතයකට වැදගත් දෙයක් පළතුරු. ඉතිං මම පළතුරු ගැන විවිධ තොරතුරු ඇතුළත් විස්තර ටිකක් දාන්න හිතුන. මේ තමයි පළවෙනි පළතුරු thread එක.
අද කියන්න යන්නෙ "ගොරක ජම්බු" ගැන.
දැං ඉතිං කස්ටිය ටිකක් අවුල් වෙලා. මොනවද යකෝ මේ අපි නොදන්න ජම්බු වර්ගෙ.
මෙන්න විස්තරේ
ශ්‍රී ලංකාවේ අපි "චෙරිස්" කියන එකම තමයි "ගොරක ජම්බු" කියන්නෙ.
නිජබිම බ්‍රසීලය වන චෙරිස්වලට එහෙ කියන්නෙ "පිටැන්ගා" කියල. පානය කළ හැකි යුෂවලින් පිරි රසවත් පළතුරක් කියන එක තමයි ඒකෙ තේරුම.
ඉයුජිනියා යුනිප්ලෝරා තමයි චෙරිස් ගහේ උද්භිද විද්‍යාත්මක නම. මර්ටේසියේ එහෙම නැත්නම් ලවංග කුලයට තමයි අයිති වෙන්නෙ.
අපේ රටට ආගන්තුක ශාකයක් වන චෙරිස් නිවර්තන හා අර්ධ නිවර්තන කලාපයේ රටවල මිනිසුන්ගෙ රසවත් පළතුරක්.
නිජබිම වන බ්‍රසීලයේ මෙම ශාකය වැටවල්වලට ආධාරක වශයෙන් හිටවනව. ගොඩක් රටවල් ගෙවතු අලංකාරය සදහා වවනව.
බ්‍රසීලයෙන් අපේ රටට චෙරිස් ගෙනත් තියෙන්නෙ පෘතුගීසීන්. ඒ කාලෙ ඉදලම චෙරිස් අපෙ රටේ තිබුනට මේ දක්වා ක්‍රමානුකූලව වගා කරන්නෙ නැහැ. මිදුලෙ අලංකාරය සදහා ගහක් දෙකක් හිටවන්න ගොඩක් අය කැමතියි.
චෙරිස් ගහේ මල් හරිම සුවදයි. මල්වලින් වගේම ගෙඩිවලින් ගහ පිරුණම හරිම ළස්සනක් තියෙන්නෙ.
අප්‍රේල්-මැයි මාසවල හටගන්නා පුෂ්ප වලින් නොගැඹුරු කුඩා දාර 8 කින්ඩි යුත් ගෝලාකාර හීනි චෙරිස් කඩාගන්න පුළුවන් වෙන්නෙ නොවැම්බර්-දොසැම්බර් මාසවල.
කොළ පාට අමු ගෙඩි ක්‍රමයෙන් දොඩම් යුෂ පාටට හැරිල පසුව තද රතු පාට වෙනව.
චෙරිස්වල ප්‍රයෝජන
අපේ රටේ ගොඩක් අය මේ ගෙඩි පළතුරක් විදිහට භාවිතා කරනව. ඇඹූල් මිශ්‍ර පැගිරි සුවදකින් යුත් චෙරිස් ගෙඩියේ යුෂ මිරිකලා ප්‍රනීත පානයක් විදිහට හදාගන්න බ්‍රසීලය , ඉංදියාව, චීනය වගේ රටවල් හුරු වෙලා තියෙනව.
ඔන්න ඕකයි ගොරක ජම්බුවල විස්තරේ.
හොදයි නම් රෙපකුත් දෙන්න.
ඔයාලා චෙරිස් ගැන දන්න විස්තරත් කියන්න.
ඊළග පළතුරෙන් හමුවෙමු.....
ජයවේවා..!

Last edited:
අදමයි ඇහුවේ
++