ගොසිප් බුක් පණිවිඩය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගොසිප් බුක් පණිවිඩය


හිතවත් ගොසිප්බුක් පාඨකයිනි,
දිගු කලක පටන් අප නිහඬව සිටියේ වරින් වර අප වෙත එල්ලවූ තර්ජන අලුත්විම හේතුවෙනි. වත්මන් ජනාධිපතිවරයාගේ පාලන සමයේ ලංකාවේ වැඩිම වතාවක් අන්තර්ජාල බාධා කිරීම් වලට මුහුණ දීමට අපට සිදුවිය. කිසිදු පක්ෂයක් වෙනුවෙන් අප පෙනී නොසිටියාක් මෙන්ම අප පිහිටට කිසිදු දේශපාලන පක්ෂයක්ද පැමිණියේද නැත. එහෙයින් අපගේ ආරක්ෂාව අප හටම සලසා ගැනීමට සිදුවිය. ඇතැම් වෙබ් අඩවි විදෙස් රටවල සිට හෝ දේශපාලන සම්බන්ධතා උඩ නොබියව තොරතුරු හෙලිකරත් අපට එවැනි වටපිටාවක් නොතිබූ හෙයින් වෙබ් අඩවිය නැවතත් ආරම්භ කිරීමට නොහැකි විය. අප සැමදා නිවැරදි දේ සම්බන්ධව පෙනී සිටි අතර ඉදිරියටත් එසේ පෙනී සිටින්නෙමු. පවතින දුර්දාන්ත පාලනය හමුවේ අඛණ්ඩව 10 වතාවක් (com, tv, in, lk, blogspot ඩොමේන් සමඟ) බාධා කිරීම් වලට ලක්වූ අප පසුගිය කාලයේ අවසන් වෙබ් අඩවියද නවතා දැමුවේ දේශපාලන තර්ජනයක් හේතුවෙනි. ලබන අට වෙනිදායින් පසුව උදාවන්නේ නව යුගයක් නම් ඔබ සැම දන්නා අපගේ පැරණිතම නාමය යටතේ එම වෙබ් අඩවිය ආරම්භ කිරීමට සූදානමින් පසුවන අතර 8 වෙනිදායින් පසුවද සිටින්නේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට දැඩි බාධාවන් එල්ල කළ වන්මන් ජනාධිපතිවරයාම නම් අප නැවත පුවත් වෙබ් අඩවියක් හරහා ඔබ වෙත තොරතුරු ගෙනඒමට බලාපොරොත්තු නොවන්නෙමු. එබැවින් 08 වනදා බුද්ධිමත්ව ඔබගේ ජන්දය පාවිච්චි කරන්න.!
ස්තූතියි
ගොසිප්බුක් කණ්ඩායම

https://www.facebook.com/