පාන් ගෙඩියක මිලත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. රජය මගින් ලබාදුන් වැට් බදු සහනය සහ තිරිගු පිටි ඒකාධිකාරය බිදවැටීමත් සමග තිරිගු පිටි මිල අඩුවීම හේතුකරගෙන එම තීරණය ගත් බව එහි සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.