ගෝටා ස’ ට තියා පුටින් ස’ ටවත් හදන්න බැරි වේරහැර RMV එකේ දූෂණ

GossipGirlslk

Member
Aug 5, 2020
9
24
3
වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නිලදාරීන් තවමත් දුෂණයේ
මෙම ලිපිය ලියන මා ඊයේ(17) වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගියේ මාගේ රියදුරු බලපත්‍රය(මෝටර් බයිසිකල් සඳහා) ලබා ගැනීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමටය.

ගිය සැණින් එහි පරීක්ෂකවරුන්ගෙන් අසන්නට ලැබුණේ අමුතු ම කතාවකි.

”තමන්ගේ බසිකල් වලින් ට්‍රයල් පෙන්නන බැ. එහෙම පෙනනවා නම් එක් දින රක්ෂණයක් තමන්ගේ නමට දන්නා ඕනේ ඔයාලට මොනවා හරි අනතුරක් උනොත් වගකියන්න ඕනා අපි"(එක අතකින් මට සිතුණේ මේ මා නොදන්නා මගේ ළඟ නෑදෑයෙක් වත් දෝ කියාය. කර දඬු උස් මහත් වූ දා පටන් බයිසිකල් පදින මා ගැන මගේ අම්මා තාත්තා හෝ නෑ සනුහරේ කිසිවෙකුට මෙවැනි කැක්කුමක් තිබෙනු මා කිසි දිනෙක දැක තිබුණේ නැති තරම්ය).
”මගේ බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තියෙන්නේ.”
”එහෙම හරියන්නේ නෑ. ලර්නස් එකකින් බයික් එකක් අරගෙන එන්න ඒක තමයි මෙතන ප්රෝසිඩියර් එක(procedure)" සද්ද බද්ද ගොඩක් විය. මා මුනිවත රැක්කේ රියදුරු බලපත්‍රය වැදගත් වන්නේ මට මිස ඔහුට නොවන නිසාවෙනි. අවසානයේ ලර්නර්ස් එකේ බයිසිකලයට රුපියල් 1500ක් පුදන්නට වුණි.

මේ ගැන පූර්ව දැනුම් දීමක් කිසිම තැනක් නැත. එසේ නොකර එන අය අපහසුතාවයට පත් කරමින් කෙරෙන වක්‍රාකාර මුදල් ගසා කෑමේ ජාවාරමේ කොමිස් මුදලක් මේ පරීක්ෂකවරුන්ට ද යන බව ප්‍රසිද්ධ රහසකි. මට ඇති ප්‍රධාන ගැටලුව නම් මගේ නමට කිසිඳු රක්ෂණයක් නැති, මම කළුද-සුදු ද කියාවත් නොදන්නා රියදුරු පාසලක වාහනයකින් ට්‍රයල් පෙන්නීමෙදී මට ලැබෙන අපූරු සුරක්ෂිතතාව කුමක් ද කියාය.

උදේ 8.30 වන විට මේ මහා ක්‍රියාන්විතය ආරම්භ විය.
මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා ඍජු ව අයදුම් කළ අප ගැන කිසිඳු සැලකිල්ලක් නැත. රියදුරු පුහුණු පාසල් මගින් ඉදිරිපත් කළ අයට ප්‍රමුඛතාව වැඩිය. ඒ අය බුරුතු පිටින් පරීක්ෂණයට ගත් අතර අපට ලැබුණේ කුඩම්මා ටත් එහා සැලකිලි ය. වරෙක මට හිතුනේ මෙතන වන්නේ ජිම්කානා ලොතරැයි දිනුම් ඇදීමක් හෝ වෙනත් කුසපත් ඇදීමක් දෝ කියාය. බයිසිකලයක් පදිනවා තබා තල්ලු කරගෙන යාමට වත් බැරි කොටසකට රියදුරු බලපත්‍ර පහසුවෙන් ම හිමි විය. ඇහැට කනට පේන ස්ත්‍රී පරානයක් නම් කිසිම බාධාවකින් තොරව බලපත්‍රය හිමි වේ. සමහර අයගේ අට තබා කිසිම දෙයක් නොබලාම සමත් කර දමන්නේ ඒ රියදුරු පුහුණු පාසල් වලින් ලැබෙන දොලපිදෙනියේ අනුහසිනි. මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා අයදුම් කළ අපේක්ෂකයින් සිටියේ මාත් තවත් එක් අයෙකුත් පමණි. අපේ පරික්ෂාව අකුරට මය. "අපි නවත්තන්න කියනකම් අට ගහන්න" විධාන ලැබුණි. ලැබුණු සයිකලයට බ්රේක් ද නැත. ඒ ගැන කී විට වගේ වගක් නැතිය. කීප විටක් මතක් කළ විට කීවේ "අපි බ්රේක් දැම්මා නම් ඔයාලට ඕක පදින්න බැහැ. ඒ නිසා තමයි ඔහොම හදලා තියෙන්නේ" කියාය. අට ගසා ඉවරයක් වන පාටක් නැත. අපෙන් වෙන කොමිස් මුදලක් ද නොලැබෙන බැවින් හිත සතුටු වන්නට ලබන ආත්මය ටත් ඇති වන්නට අට ගසා දුන්නෙමි. පාසල් කාලයේ ගුරුවරුන්ගෙන් වත් මෙවැනි දඬුවම් ලැබී නැත. මා හිතුවේ දඬුවම අවසන් කියාය. නැත. "ඔයාලා පාරේ පදිනවා කොහොමද කියා බලන්න ඕනේ. අපි කතා කරන කම් ඉන්න." පැය දෙකක් පමණ අව්වේ තැප තැප සිට මීටර් 500ක් පමණ ගෙන ගොස් අපව මුදා හලේ දැන් අංක 47 කවුළුව වෙත යන්න කියාය. යන විට 12.30ය. කෑමට යන අය ඉස්සරහා කෑමද, ප්‍රධාන කෑමද, අතුරුපස ද ගෙන එන්නේ 2.00ටය. පෝලිම සෑහෙන දිගය. වැඩිපුර ගෙවා පැයෙන් ලයිසන් දෙන සේවාව ලබා ගැනීමට අඩුම පැය 3-4ක් සිටිය යුතුය. මේ නිලධාරින් පඩි ගන්නේ උන්ගේ අම්මාගේ අප්පාගේ බුදලයෙන් නම් නොවේ. මේ නාස්ති කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල් ය. පෝලිම්වල විනාශ කරන්නේ සංවර්ධනයට, අනාගතයට නියමිත වටිනා කාලයයි. මුදල් නැවත සෙව්වත් නැතිවන කාලය ආපස්සට ගත හැකි ජගතෙක් නැත. මේ හොර ගුහාව නම් අපේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ නොව රුසියාවේ ජනාධිපති ව්ලද්මියර් පුටින් ආවත් හදන්නට බැරි බව පොදු ජන මතයයි.

Source : www.yukthiyanews.com
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ආයතන සුද්ද විය යුත්තෙ උඩ සිට පහලට,
    බ්‍රොකර්ලා උස්සන් ගියාට වෑඩක් තියනවද? ඒ කාලේ ගිය පොටෝවල ඉන්න උන් හොරු කිය කිය කොච්චර FB/ elakiri ගියාද.
    මොනවද උනේ,
    පහල ඉදන් සුද්ද කරන්න යනකන් හරියන්නෑ. මුලින්ම කොමසාරිස්ගේන් පටන ගන්න ඔනේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මමත් රක්ෂණයයක් ගන්න ඕනේ කියන එක දන්නේ එදා උදේ එතනට ගියහම.. දුවල ගිහිල්ල කොන්ටිනෙන්ටල් එක ට කොහුවල කාර් එකට එකක් අරගෙන ආව.

    ඔය කොච්චර නෑ කීවත් සල්ලි දීලා මෙඩිකල් වත් යන්නේ නැතිව ලයිසන් ගන්න වැඩ කෙරෙනවා කන්ටෑක්ස් මත, දාන්නම අය ට විතරයි.

    ස' ඇවිල්ල ගියෑන් පස්සෙත් කෙරෙන ව

    ලයිසන් එක හදල කියල එස් එම් එස් එකක් එනවද බන්.... හරියට හැදුව කියල නම් කිව්වා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,234
    20,871
    113
    හස්තිශෛලපුර
    මමත් රක්ෂණයයක් ගන්න ඕනේ කියන එක දන්නේ එදා උදේ එතනට ගියහම.. දුවල ගිහිල්ල කොන්ටිනෙන්ටල් එක ට කොහුවල කාර් එකට එකක් අරගෙන ආව.

    ඔය කොච්චර නෑ කීවත් සල්ලි දීලා මෙඩිකල් වත් යන්නේ නැතිව ලයිසන් ගන්න වැඩ කෙරෙනවා කන්ටෑක්ස් මත, දාන්නම අය ට විතරයි.

    ස' ඇවිල්ල ගියෑන් පස්සෙත් කෙරෙන ව

    ලයිසන් එක හදල කියල එස් එම් එස් එකක් එනවද බන්.... හරියට හැදුව කියල නම් කිව්වා

    😂 😂 හරියට හැදුව කියල නම් කිව්වා
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Mamath gaththa giya awuruddea november wala. medical aran iwara unaa. Eeta passe oneday daanna giyaa. Oneday dunne nea. Mama kiuwaa dura idan enne kiyala. Karanna deyak nea kiuwaa. Anith ayata denawaa mata denne nea ai ahannath bea bn. Anthimata security kenekta kiuwaa uu kiyapi 6500i kiyala okkotama. Mage langa echchara nea kiuwaa. 6000kata karannam kiyala. Exame fees ekkama. Mama dennam geama kiyala. Hari karamu kiuwaa. Miss kenek pennuwaa ethanata yanna kiuwaa.uu mage document tika dunna.mata adagehuwaa miss okkoma tika karala dunna.fees gewuwa kiyala kolayakuth dunna.miss kiyapi security hambawennalu salli denna uuta.ethana dorawal dekak thiyenawaa.hemeeta security ehaata wenakam idala aawa eliyata.hariyatama exame thiyanna vinaadi 15kata kalin ethana gihin hitiyaa.exame liyala trial paper aran aawa. Sehellu okkotama giyea 800i.eakath medical ekata bn.onna ohomai mage seen eka.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and 333sajith

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,465
    32,189
    113
    otahana set ekama gedara yawala army danna ona

    mamat anthimata gihin rupiyal 1000 dila 250 witra polime issarahata giya

    dan masa 10ta wage udadi

    serama pagawa yanne

    Hamuda palanaya hodai thamai ban gov service wala paga horunta wada. Waradi nokarana minihek hariyata wadak karaganna giyama, pagawa nodena awanka miniha hamadama waradi karaya. Oya public service wala inna un penna baha security eka indala maha ekatama horu. :angry:
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,032
    35,974
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hamuda palanaya hodai thamai ban gov service wala paga horunta wada. Waradi nokarana minihek hariyata wadak karaganna giyama, pagawa nodena awanka miniha hamadama waradi karaya. Oya public service wala inna un penna baha security eka indala maha ekatama horu. :angry:

    me elakiriye witaray ban mole tiyena in inne
    fb eke ehama inne guu kali
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක නම් මේ කුහකකමට ලියපු රචනාවක්..පුද්ගලික වාහන වලින් එක එකා ට්‍රයල් පෙන්නඩ ගත්තොත් ඔතන වාහන පාලනේ කරන්ඩ වෙනම පොලිසියක් දාන්ඩ වෙන්ව ඒක තමයි යතාර්තය..අනික මේ ගෑනුන්ට පහසුවෙන් දෙනව කියන එක ඔව් දෙනව මොකද උන් හරියට එලෝනකන් උන්නොත් ජිවිතෙට ලයිසන් දෙන්ඩ වෙන්නෙ නැ..ඔය වගේ සරල දේ නොතේරෙන් කාලකන්නියෙක්ගෙ රචනාවක්..
     

    GossipGirlslk

    Member
    Aug 5, 2020
    9
    24
    3
    මේක නම් මේ කුහකකමට ලියපු රචනාවක්..පුද්ගලික වාහන වලින් එක එකා ට්‍රයල් පෙන්නඩ ගත්තොත් ඔතන වාහන පාලනේ කරන්ඩ වෙනම පොලිසියක් දාන්ඩ වෙන්ව ඒක තමයි යතාර්තය..අනික මේ ගෑනුන්ට පහසුවෙන් දෙනව කියන එක ඔව් දෙනව මොකද උන් හරියට එලෝනකන් උන්නොත් ජිවිතෙට ලයිසන් දෙන්ඩ වෙන්නෙ නැ..ඔය වගේ සරල දේ නොතේරෙන් කාලකන්නියෙක්ගෙ රචනාවක්..
    Ehema nam hithenne nehe. Habai me hariyata ridila reply daana eka dakka ma nam ethana matiya paara Dana kalakanniyek da kiyala hithenawa