ගෝඨගෙ_කැත_වැඩ2

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    චක්‍රලේඛ - රජයේ තීරණ සාමාන්‍ය සේවකයන්ටත් දැන ගැන්මට සැලැස්විය යුතුයි - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

    02131224gossiplanka.png


    අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලබන චක්‍රලේඛ සහ රජයේ සියලුම තීන්දු තීරණ පිළිබදව එම ආයතනවල ඉහළම නිලධාරීන්, සාමාන්‍ය නිලධාරින් හා සේවකයන්ද අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයෙන් ගනු ලබන ඇතැම් තීන්දු තීරණ පිළිබඳව ඉහළ මට්ටමේ නිලධාරීන් දැනුවත්ව සිටියද සාමාන්‍ය නිලධාරින් හා සේවකයන් දැනුවත්ව නොසිටිමෙන් ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා මෙසේ දැනුම් දී ඇත.

    රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව වර්ධනය කර, වංචාව හා දූෂණය වැළැක්වීමට නම්, රජයේ තීන්දු තීරණ හා චක්‍රලේඛ පිළිබඳව ඉහළම නිලධාරීන් මෙන්ම සාමාන්‍ය සේවකයන් ද නිවැරැදි අවබෝධයකින් පසුවිය යුතු බව ද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත. තම පාලන කාලය තුළදී කාර්යක්ෂම හා මානව හිතවාදී රාජ්‍ය සේවාවක් පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අනුච මෙම දැනුම්දීම කර තිබේ.


    -නාලක සංජීව දහනායක-
     
    Last edited: