ගෝඨාගේ රක්නා ලංකා රකින්න රජයෙන් වසරකට කෝ&#

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ගෝඨාගේ රක්නා ලංකා රකින්න රජයෙන් වසරකට කෝ&#

    රක්නා ලංකා සමාගම යනු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික හිමිකාරීත්වය ඇති ආරක්ෂක සමාගමකි. සියලු රාජ්‍ය ආයතන සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව රක්නාලංකා සමාගමේ ආරක්ෂක සේවාව ලබා ගන්නා ලෙස චක්‍ර ලේඛයක් පවා නිකුත් කොට තිබේ.

    රාජ්‍ය ආයතන 42ක් රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමේ ආරක්ෂාව ලබා ගැනීම වෙනුවෙන් රජය වාර්ෂිකව එම සමාගමට රුපියල් කෝටි 94ක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ අතරින් ශ්‍රී ජයවර්ධනපුර, රජරට, වයඹ, රුහුණ, ඌව වෙල්ලස්ස, සබරගමුව සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාල හතර සඳහා පමණක් රුපියල් කෝටි 26කට ආසන්න මුදලක් එම සමාගමට ගෙවා ඇතැයිද ඇමතිවරයා කීවේය. පත්කළ මන්ත්‍රී අනුර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.


    RAKNA_LANKA.jpg
     
    • Like
    Reactions: sudeewa