ගෝඨාට.නඩු.පිට.නඩු
ගෝඨා ඡන්දයට ඉදිරිපත් වීම නවතා දිනනා සැලසුමක් - ආණ්ඩුවේ සිවිල් සංවිධාන ලොක්කන්ගෙන් ගෝඨාට එරෙහිව නඩු පිට නඩු.!
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් වත්මන් රජයට පක්ෂපාතී සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙක් වන ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සමක් කතාබහට ලක්ව තිබේ.
මෙම පෙත්සමේ අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුරවැසිභාවය අහෝසි කරගැනීම හෝ ජනපති මැතිවරණයේ නාම යෝජනා භාර ගන්නා තෙක් ඔහුගේ පුරවැසිභාවයට අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම බව කියවේ.
මෙම නඩුව සඳහා චන්ද්‍රගුප්ත තේනුවරට හා ගාමිණි වියන්ගොඩට නීති සහය සහ මූල්‍යමය සහය ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විසින් ලබා දෙන බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිඥ සංගමයේ හිටපු සභාපති මෙන්ම එජාපයට සම්බන්ධ නීතිඥයෙක් වන උපුල් ජයසිංහ, දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, රාවුෆ් හකීම් ඇතුලු පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මෙම නඩුවට එරෙහිව සහය දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා ඉල්ලීම හේතුවෙන් ජනපති අපේක්ෂකත්වයට පත්වූ පුද්ගලයෙක් බවත් ඡන්දයකින් ඔහුව පරාජය කිරීම ඉතා අසීරු කටයුත්තක් නිසා මෙලෙසට පහත් උපක්‍රම මගින් ඔහු සිර කිරීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ඒ මහතා වටා ඇති ජනතා බලවේගය තවත් ප්‍රබල වීම පමණක් බවට විපක්ෂය පවසනවා.