ගෝඨාභයගේ ස්ටේෂන් පැසේජ් ඉඩම් මංකොල්ලය

Jun 23, 2016
1,044
136
0
Maharagama
ගෝඨාභයගේ ස්ටේෂන් පැසේජ් ඉඩම් මංකොල්ලය

1.jpg

උපාලි මෙන්ඩිස්
2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස තම දියණිය සමඟ මෝටර් බයිසිකලයෙන් නිවසට යමින් සිටි ගාල්ල මහ නගර සභාවේ ප්රධාන ආරක්ෂක නිලධාරියාව සිටි උපාලි මෙන්ඩිස් ලයිට් හවුස් හෝටලය ඉදිරිපිටදී තංගල්ල පොලීසියෙන් බව කියමින් GB 8484 අංකය සහිත ජීප් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබිණි. ඔහුගේ අතුරුදන්වීමට මූලික හේතුව වී තිබුණේ ලයිට් හවුස් හෝටලයට යාබදව තිබූ අක්කරයකට මඳක් වැඩි ඉඩමක අයිතිය ඔහු සතු වීමය. එවක ආරක්ෂක ලේකම්වරයා සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ ඉඩම් කොටස ඇතුළත්ව තිබූ භූමිය ආයෝජන මණ්ඩල ව්යාපෘතියකට අනුව හෝටල් ව්යාපෘතියක් සඳහා ඉල්ලූ බවත්, තම පියා ඊට එකඟ නොවීම හේතුවෙන් මෙලෙස පැහැරගෙන ගිය බවත් මෙන්ඩිස්ගේ පුතණුවන් සහ බිරිඳ එවකදී වගකිවයුත්තන්ටත්, නව රජය පත් වීමෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාටත් ඇතුළු වගකිවයුත්තන්ටත් අවස්ථා ගණනාවකදී ලිඛිතව පැමිණිලි කර තිබිණි. එවකදී මෙන්ඩිස් ගැන පැමිණිලි කිරීමට රාජ්ය ආරක්ෂක අමාත්යංශයට ගිය විටෙක ඔහු පැහැරගෙන ගොස් තිබූ ජීප් රථය එහි තිබෙනු මෙන්ඩිස්ගේ දියණිය හා පුතණුවන් වන කල්හාරි මෙන්ඩිස් හා ප්රභාත් මෙන්ඩිස් දැක තිබේ. ප්රභාත් මෙන්ඩිස් විසින් දිගින් දිගටම තම පියා පිළිබඳව කළ සෝදිසි කිරීම්වලදී එක් ලේකම්වරයෙකු පවසා තිබුණේ ආරක්ෂක අමාත්යංශයේ ඉහළින්ම ආනියෝගකයට අනුව මේවා සිදු වූ බවකි. එම දුරකථන ඇමතුමේ හඬපටයද මෙන්ඩිස් පවුල විසින් අදාළ අංශ වෙත යොමු කර තිබේ. එවක ජනතා විමුක්ති පෙරමුණේ ගාලු දිස්ත්රික්මන්ත්රීව සිටි අජිත් කුමාර එම හඬපට හා ඊට අදාළ පුදගලයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව හැන්සාඩ්ගතව ඇත. ගාල්ල මහේස්ත්රාත් අධිකරණයේ බී.548547 යටතේ එම පැහැර ගැනීම පිළිබඳව නඩුවක්ද ඇත. මේ සියල්ලට වෙහෙස මහන්සි වුණු ප්රභාත්ට ආ ජීවිත තර්ජන හේතුවෙන් ආරක්ෂාව පතා විදේශගත වන්නටද සිදු විය. ඉදින් ගාල්ලේ ඉඩමක් නිසා තිරිමාදුර උපාලි මෙන්ඩිස් අදටත් අතුරුදන්ය.

සමරධීර සුනිල්
එවකදී රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කටයුතු සඳහා වනාතේ ඉඩම් අත්පත් කරගෙන යෑමේදී ඊට එරෙහිව කෑ ගැසූ සමරධීර සුනිල් නැමැත්තෙකුදපැහැර ගැනීමකට ලක් විය. වාසනාවකට මාධ්ය මගින් හෙළි කිරීමත්, මහජනයා ප්රකෝපව මහපාරට බැසීමත් සමඟ ඔහු සවස නැවත ගෙදර ආවේය. කොම්පඤ්ඤ වීදියේ සහ කොල්ලුපිටියේ කූපර්ස් හිල් නිවැසියන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම්වලදීද එවක ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ නාගරික සංවර්ධන අධිකාරියේ සේවයට පත්කර තිබූ ඔහුගේ යුද හමුදා මිලිටරි නිලධාරීන් හැසිරුණේ මෙයාකාරයෙන්මය.

ගාමිණි වික්රමරත්න
සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර් රථ මිනිසුන් බියගන්වන්න ආවාදැයි, බලහත්කාරයෙන් ඉඩම්අත්පත් කරගත්තේදැයි අසන්නන්ට කීමට කප්පරක් කතා අතරින් තවත් කතාවක් තිබේ. ජස්ටිස් අක්බාර් මාවත කෙළවර අංක 6, ස්ටේෂන් පැසේජ්, කොළඹ 2 දරන ස්ථානයේ මේවනවිට ඉදිවෙමින් පවතින්නේ පකිස්තානු ලක්හානි සමූහ ව්යාපාරයට අනුබද්ධිත සමාගමේ ශ්රී ලංකාවේ ස්ථාපිත ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගමට අයත් මිශ්ර ව්යාපෘතියක් වන Destiny Mall & Resistancy ගොඩනැගිලි ද්විත්වයයි. නමුත් එහි ගැටලුවක් තිබේ. එම ගොඩනැගිල්ල ඉදිවන භූමියේ අයිතිය තවමත් නීත්යානුකූලව ඇත්තේ එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ලද වෙන්ගප්පුලි විදානආරච්චිගේ ගාමිණී වික්රමරත්නටය. බලහත්කාරයෙන් ලියැවිලිවලට අත්සන් ලබාගෙන එවක රාජ්ය ආරක්ෂක අමාත්යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට එය පවරාගෙන තිබුණද, ඔප්පුව නීත්යානුකූලව වලංගු නොකිරීමත්, මුල් හිමිකරු එම ඉඩමට නඩුවක් පවරා තිබීමත් හේතුවෙන් එහි ඉදිවන ව්යාපෘතිය ගැටලුකාරීය. නීත්යානුකූල නොවන ආකාරයෙන් මිලිටරි යාන්ත්රණය යොදවා ගෝඨාභයලා බලහත්කාරයෙන් ලබාගත් බව කියන මෙකී ඉඩම ගැන යහපාලන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සිට පහළට පැමිණිලි කර තිබේ. නීත්යානුකූලව පවරා නොගත් ඉඩමක ඉදිවන මෙම සුපෝඛබෝගී තට්ටු නිවාස සංකීර්ණයේ නිවෙස් මේවනවිට ගැනුම්කරුවන් සඳහා කෝටි ගණනින් අලෙවිකරමින් ද තිබේ. එහෙත් රාජපක්ෂලාගේ වැරදිවලට සුජාතභාවය දෙන යහපාලනය දෝෂ සහිත, නීත්යානුකූල නොවෙන අයුරින් ලබාගත් ඉඩමක ඇති මෙම ව්යාපෘතිය මගින් එහි ගැනුම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන්නේ කෙසේද?

ඉඩමේ අයිතිය
Euro Car Mart ( pvt) Ltd සහ Road Builders New Technology ( pvt) Ltd යන ව්යාපාරයන්හි අයිතිකරුවා ඉහත සඳහන් ගාමිණී වික්රමරත්නය. ඔහු උක්ත ලිපිනයවන ස්ටේෂන් පැසේජ් ස්ථානයේ තම ව්යාපාරය ආරම්භ කිරීමට ප්රථම ව්යාපාරය කරගෙන ගොස් තිබුණේ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරේ අංක 8 දරණ ස්ථානයේය. එහි ඔහුගේ නිවසත්, Euro Car Mart ව්යාපාරයත්, සපත්තු නිෂ්පාදන ආයතනයකුත් පවත්වාගෙන ගොස් තිබිණි. 1980 මාර්තු 22වැනිදා අංක 237/8 දරන ගැසට් පත්රය මගින් මහජන කටයුත්තක් සඳහා අවශ්ය බව දන්වා ඔහුගේ එම ඉඩම රජයට පවරාගෙන තිබිණි. ඉන්පසුව එම පවරාගත් ඉඩම සහ ව්යාපාරය සහිත නිවස වෙනුවට විකල්ප ඉඩමක් ලෙස කොම්පඤ්ඤ වීදියේ ස්ටේෂන් පැසේජ්හි ඉහත සඳහන් ලිපිනයේ පර්චස් 15.2ක ඉඩම අංක 18 දරණ බදු ඔප්පුව මගින් 99 අවුරුදු බදු පදනම මත ජේ. ආර් ජයවර්ධන රජය ඔහුට ලබා දී තිබේ. ඒ අනුව අදාල ඔප්පුව සඳහා රුපියල් 588,240ක මුදලක් ඔහු ගෙවා එම ඉඩම වසර 29ක් පුරා ඉහත සඳහන් ව්යාපාරික ආයතන දෙකද පවත්වාගෙන යමින් භුක්ති විඳ තිබේ.

ඉඩමෙන් ඉවත් කිරීම
2012 පෙබරවාරි 23 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගාමිණී වික්රමරත්නට ලිපියක් මඟින් දන්වා ඇත්තේ මෙම ඉඩම කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමග ප්රතිසංවර්ධනය කිරීමේ ව්යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා පවරා ගන්නා බවයි. එහිදී වික්රමරත්න විසින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව 236/2012 දරන ශ්රේෂ්ඨාධිකරණ නඩුව ගොනුකර තිබේ. එහිදී අධිකරණය පළමුව වාචිකව විමසා ඇත්තේ වික්රමරත්නට සාධාරණ වන්ඳි මුදලක් ගෙවිය හැකිද යන්නය. එලෙසම 2013.08.06 දින ශ්රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලෙස ලබා දී ඇත්තේද ඔහුව සිය ඉඩමෙන් නීත්යානුකූලව ඉවත් කළ යුතුය යන්නය. තවද අංක 18 දරණ වික්රමරත්නගේ බදු ඔප්පුවේ 3වන පිටුවෙහි Jජේදයේ සඳහන්ව ඇත්තේ එම ඉඩමෙන් ඔහුව ඉවත් කරනවා නම් නීත්යානුකූලව සිදුකළ යුතු බවයි.

ව්යාජ තක්සේරුව

pg08_1_0.jpg

ඒ අනුව එවක රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුවේ ප්රධාන තක්සේරුකරු වන චන්ද්රසේකරම් නැමැත්තෙකු ස්ටේෂන් පැසේජ් ඉඩමට පැමිණ එහි තක්සේරු වටිනාකම් ගණන් බලාගෙන ගොස් නාගරික සංවර්ධන අධිකාරියට දන්වා තිබේ. ඒ අනුව ඔහු ලක්ෂ 700ක මුදලක් තක්සේරු කර ඇති අතර, ගාමිණී වික්රමරත්න විසින් තක්සේරු දෙපාර්තුමේන්තුවේම විශ්රාමික නිලධාරියෙකු ලවා පෞද්ගලිකව සිදුකරන ලද තක්සේරුවකට අනුව වටිනාකම ලක්ෂ 800ක් ලෙස සඳහන්ව තිබී ඇත. ඉන් දින කිහිපයකට පසුව වික්රමරත්න තක්සේරු දෙපාර්තුමේන්තුවට ගොස් තම ඉඩමේ තක්සේරු පිටපතක් ඉල්ලා ඇති අතර එවිට ප්රධන තක්සේරුකරු පී. චන්ද්රසේකරම් විසින් ජූඩ් නැමැති නිධාරියෙකු කැඳවා එම පිටපත ලබාදෙන ලෙස දන්වා තිබේ. එහෙත් එම නිලධාරියා එහිදී පවසා ඇත්තේ තක්සේරු කළ ලක්ෂ 700ක මුදල වැඩි බවත්, එය අඩුකරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇති බවත්ය. එහිදී ප්රධාන තක්සේරුකරු පවසා ඇත්තේ තක්සේරුව යනු එකක් බවත් එම ලිපිගොනුව ලැබීමට සලස්වන ලෙසත්ය. එවිට ජූඩ් නැමැති නිලධාරියා පවසා ඇත්තේ එම ලියැවිලි ඒවනවිට අස්ථානගතවඇති බවයි.ඉන් දින කිහිපයකට පසුව මෙම ඉඩමට පැමිණි පළාත් තක්සේරුකරු වන ආර්.ජී.එස්.එච් සෙනෙවිරත්න නැමැති නිලධාරිනියක විසින් විනාඩි පහක පමණ කාළක් වැය කර, ආදායම් වාර්තා හෝ ලිඛිත ලියැවිලි කිසිවක් පරීක්ෂා නොකර තක්සේරුව ලක්ෂ එකසිය දාසයක වටිනාකමකට තක්සේරු කර පිටව ගොස් තිබේ. ඒ අනුව වික්රමරත්නගේ එක් පර්චසයක් තක්සේරු කර ඇත්තේ හත්ලක්ෂ හැටතුන්දාස් එකසිය පණස් හතරක් වැනි මුදලකයට. අංක CM/CMC/LM/1013 යොමු අංක සහිතව 2012.03.12 එම නිලධාරිනිය විසින් යවන ලද තක්සේරු පිටපතක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වික්රමරත්න විසින් ලබාගෙන තිබේ. අදාල ලිපි ලේඛන වික්රමරත්න විසින් 2015.08.24 දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත යොමුකරන ලද පැමිණිල්ලේ සටහන් කර තිබේ.

සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර
ලක්ෂ 116 කට ඔහුගේ ඉඩම එලෙස ව්යාජ ලෙස අඩු තක්සේරු කළද ඊට මීටර් 100ක් ඉදිරිපසින් ඇති ශැන්ග්රිලා හෝටල් ඉඩමේ පර්චසයක් එවකදී ලබා දී තිබුණේ ලක්ෂ 85කතක්සේරු මුදලකටය. එමෙන්ම කොළඹ 2 මාකට් වීදියේ පර්චසයක් ලක්ෂ 49කට වැනි මුදලකටලබා දී තිබෙන බව වික්රමරත්න ඉහත පැමිණිලිවල සඳහන් කර තිබේ. මෙම තක්සේරුවෙන් පසුව දිගින් දිගටම නිල ඇඳුම් සහිත හා රහිත විවිධ පුද්ගලයන් සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර රථ මගින් පැමිණ එම ස්ථානයෙන් පිටවන දිනය කවදාදැයි නිතර විමසා තිබේ. තවද එක් දිනක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුල් වී පාරක් කැපීමට උත්සාහ කර තිබෙන අතර වික්රමරත්න එහිදී පවසා ඇත්තේ ඉඩම සම්බන්ධව ශ්රේශ්ඨාධිකරණ නඩුවක් පවතින හෙයින්ද, එහි නීත්යානුකූල අයිතිය තමන් සතු හෙයින්ද එය සිදුකළ නොහැකි බවයි. තවත් වරෙක තම ආයතනයෙන් වාහන අලුත්වැඩියා කිරීමට පැමිණි මුවාවෙන් විවිධ පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යන දිනය තම බිරිඳගෙන් හා තමන්ගෙන් විමසා තර්ජනයන් කළ බව පැමිණිලිවල ලිඛිතව සඳහන් කර තිබේ. එවකදී පැවැති අනාරක්ෂිත වාතාවරණය මත තමන්ටත්, බිරිඳ හා දියණියට සිදුවිය හැකි අවදානම හේතුවෙන් වික්රමරත්න මේවා සම්බන්ධව කිසිඳු පියවරක් ගැනීමට එවකදී අපොහොසත්ව තිබේ.
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
බලහත්කාරයෙන් අත්සන්
මෙවැනි වටපිටාවකදී euro car mart ආයතනයට පැමිණි යුද හමුදා නිලධාරීන් කීපදෙනෙකු නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබේ. නමුත් එහිදී කිසිදු සාකච්ජාවක් වී නොමැති අතර, නැවත එහි පැමිණ එම අමාත්යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස දන්වා තිබේ. විනාඩි 45ක් පමණ කාළක් තම බිරිඳ සමඟ එහි රැඳී සිටියද ලේකම්වරයා හදිසි රාජකාරියකට ගිය බව දන්වා නැවත නාගරික සංවර්ධන අධිකාරියට යන ලෙස දන්වා තිබේ. එහිදී බ්රිගේඩියර් ජයසුන්දරගේ කාමරයට ගිය පසු ඉඩම් නිලධාරී වීරසේනගේ කාමරයට ගොස් ඔහු හමුවන ලෙස දන්වා තිබේ. එහිදීද දන්වා ඇත්තේ ඉක්මණින් ඉඩමෙන් ඉවත්වන ලෙසයි. පසුදිනෙක නැවතත් ඔහුගේ ආයතනයට පැමිණි නිලධාරියෙකු භුක්තිය බාරදෙන ලෙස තර්ජනය කිරීම හේතුවෙන් 'නීත්යානුකූලව ගන්නා පියවරකට අගතියක් නොවෙන ලෙස' යන්න (without Prejudice) සටහනක් යොදා ජීවිත අවදානම හේතුවෙන් අත්සන් කර තිබේ. එම සිදුවීමෙන් පසුව 2013.08.01 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත එන ලෙස දන්වා තිබේ. ඒ අනුව බිරිඳත්, වික්රමරත්නත් එහි ගොස් ඇති අතර ඔවුන්ව ගිනි අවි සහිත යුද හමුදා නිලධාරීන් සිටින කාමරයකට කැඳවා එම අධිකාරියේ සිටි ප්රදාන නීති නිලධාරිනිය බලහත්කාරයෙන් හිස් කොළයක් ලබා දී එහි තම අත් අකුරින් චෙක් පත් තුනක අංක සඳහන් කරවා'මා මේ ඉඩමෙන් කැමැත්තෙන් ඉවත්ව යන බවත්, කිසිඳු වන්ඳි මුදලක් නොඉල්වන බවත් හා කිසිඳු නීති මගකට නොයන බවත්' සටහන් කරවාගෙන අත්සන ලබාගෙන තිබේ.මෙම සිදුවීම් හමුවේ තම ඉඩමත්, ව්යාපාරික ස්ථානයත් බලහත්කාරයෙන් ලබාගැනීම හේතුවෙන් එහි වූ තම දේපල සියල්ල හා ලබා දී තිබූ ලක්ෂ 116ක මුදලද සේවක වන්ඳි ලෙස බෙදා දී එයින් පිටව ගොස් තිබේ.

ස්ටේෂන් පැසේජ් ව්යාපෘතිය
කොම්පඤ්ඤ වීදිය ප්රතිසංවර්ධන ව්යාපෘතිය අදියර දෙක ලෙස රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අංක 12/1581/503/105-1 ලෙස කැබිනට් පත්රිකාවක් 2012.11.12 දින යොමුකර තිබේ. ඒ අනුව කොම්පඤ්ඤවීදිය ස්ටේෂන් පැසේජ්හි දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත්ව තිබූ නිල නිවාසත්, වෙනත් පදිංචිකරුවන්ගේ නිවාස 119කුත් මෙම ව්යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබේ. දුම්රිය දෙපාර්තුමේන්තුව සතුව තිබූ ඉඩමෙහි භුක්තිය නාගරික සංවර්ධන දෙපාර්තුමේන්තුවට නිදහස් දීමනාවක් ලෙස ලබාගෙනඒ සඳහා මහල් නිවාස වලින් නිවාස 38ක් ද, අනෙකුත් පදිංචිකරුවන්ට එම ස්ථානයේම ඉදිකරන මහල් නිවාසවල නිවසක්ද ලබාදෙන පොරොන්දුව මත පවරාගෙන තිබිණි. එලෙස පවරාගත් ඉඩම් 'මහජන කටයුත්තක්' ලෙස සඳහන් කර ලබාගෙන තිබේ. ඒ අනුව පුනස්ථාන මහල්නිවාස හා වානිජ්ය ඒකක ඉදිකරදීම සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සඳහා පුද්ගලිකඉඩම් හිමියන්ගෙන් පවරා ගන්නා ඉඩම්වලින් අක්කර 1ක ප්රමාණයක් 'ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගමෙන්' පියවා ගැනීමට මිශ්ර සංවර්ධන ව්යාපෘතියක් සඳහා අවුරුදු 50ක කාළයකට බදු ප්රතිෂ්ඨාවක් රහිතව ලබාදීමට එවක දී කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අත්විය යුතු ප්රතිලාභ ලෙස අධිකාරිය සතු පර්චස් 108ක මුළු ඉඩමෙන් මාර්ග හා පොදු භූ දර්ශන කොටස් හැර ඉතිරිවන පර්චස් 54 සඳහා රජයේ තක්සේරුව මත ගණනය කළ රුපියල් මිලියන 320ක බදු ප්රතිෂ්ඨාවක් සමාන වාරික 5කින් වසර දෙකක කාළයක් තුළ අයකර වසර 50කට බදු දීමටත්එමගින් එකඟ වී තිබේ.

වික්රමරත්නට වූ අසාධාරණය
නමුත් එලෙස පවරාගත් මුළු ඉඩම් ප්රමාණයෙන් පර්චසස් 15.2ක කොටසක නීත්යානුකූල අයිතිය 1980 සිට තිබුණේ ගාමිණී වික්රමරත්නටය. 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේලබා තිබූ ඉඩමක් එලෙස පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට නොහැකිය. බලහත්කාරයෙන් මිලිටරි බලය යොදවා ලබාගත් අත්සන් තිබුණද අදටත් එම ලියැවිල්ල ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ නිවැරැදිව ලියාපදිංචි කරද නැත. 1964 අංක 28 සංශෝධන පනත අනුව මහජන කටයුත්තක් සඳහා පවරාගත් ඉඩමක් විදේශීය සමාගමකට ලබාදීමට නොහැකි බව වික්රමරත්න විසින් ජනාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ. එමෙන්ම වික්රමරත්න එම ස්ථානයෙන් නික්ම යෑමට සූදානම් වුවද ඒ සඳහා ඔහුට වෙනත් විකල්ප ඉඩමක් ලබා දී හෝ තම හිමිකම වෙනුවෙන් නිවැරදිව ගණනය කළ වන්දියක් හෝ ලබා දී නොමැත.

සාධාරණයක් නොමැත
මෙම අසාධාරණය සහ අනීතික ක්රියාවන් පිළිබඳව වික්රමරත්න අවස්ථා ගණනාවකදී මෛත්රිපාල ජනාධිපතිවරයාටත්, රනිල් වික්රමසිංහ අගමැතිවරයාටත්, කොම්පඤ්ඤ වීදිය පොලීසියටත් ඇතුළු වගකිව යුතු අංශ වෙත පැමිණිලි කර තිබේ. කිසිඳු පැහැදිලි ප්රතිචාරයක් තවමත් ඔහුට නොලැබී ඇත. ඔහු ඒ වෙනුවෙන් මේ වනවිට තනිවම නඩුවක් ගොනු කර තිබේ.2015 නොවැම්බර් 17 වැනිදා පුවත්පත් සාකච්ඡාවකදී යහපාලනරජයේ මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර කීවේ පසුගිය සමයේ සිදු වූ ඝාතන සහ පැහැර ගැනීම්, බරපතල වංචා 725කට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා ඇති බවයි. ඉන් 25කටඍජුවම රාජපක්ෂවරු සම්බන්ධ බවට හෙළිව ඇති බවයි. යහපාලන ආණ්ඩුවේම ප්රබලම අමාත්යංශයක් වන බස්නාහිර පළාත් සහ මහා නගර සංවර්ධන අමාත්යවරයා වන්නේ පාඨලී චම්පික රණවකයි. රාජපක්ෂලාගේ මෙවැනි වංචා දූෂණ සහ මිලිටරි බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීම් ගැන මැතිවරණ වේදිකා දෙවනත් කළද සාක්ෂි සහිතව ඇති මෙවැනි කාරණාවලට අදවනතුරු නීතිය ක්රියාත්මක කිරීමක් හෝ අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු නොකර තිබේ. මහජනතාව ජන්දයෙන් මේවාට පිළිතුරු දුන්නා විය යුතුය.ජනමාධ්ය ගැනද යමක් ලිවිය යුතුය. මෙවැනි දෑ පිළිබඳව ලියන්නෝද අල්පය. රාවයේ ලසන්ත රුහුණගේ මේ පිළිබඳව මීට පෙර ලියා තිබුණි. නමුත් ඒ සඳහා මාධ්ය පෙළ නොගැසිනි. ඒ වෙනුවට ගුවන්තොටට දුවන මාධ්යකරුවන් ගෝඨාභයලාගෙන් අසන්නේ ඊලඟ අගමැතිවනවාද යන්නය.

හිස් කොළයකට බලහත්කාරයෙන් අත්සන් ගත්තා
මගේ නිවසත්, ව්යාපාරයත් තිබුණ ඉඩම තිබුණෙ කොල්ලුපිටියේ සයිමන් හේවාවිතාරණ පාරෙ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව, 1980 දි ගාමිණී දිසානායක ඇමතිවරය මහජන කටයුත්තකට ඒ ඉඩම පවරගත්තා. ඒ වෙනුවට මට කොම්පඤ්ඤ වීදියෙ ස්ටේෂන් පැසේජ් ඉඩම 99 අවුරුදු බදු පදනම මට ගිවිසුමකින් ලබාදුන්නා. මම එතන මගේ ව්යාපාරය දෙක අවුරුදු 29ක් නිවැරදිව රජයට බදු ගෙවමින් පවත්වාගෙන ගියා.2012 අවුරුද්දෙ දවසක නාගරික සංවර්ධන අධිකාරියෙන් අපිට ලියුමක් ආවා එතනින් ඉවත් වෙන්න කියලා. අපේ නීත්යානුකූල අයිතිය අපි කිව්වා. නමුත් අපිට සුදු වෑන්වලින්, ඩිෆෙන්ඩර් වලින් ආව අය නිතර තර්ජනය කළා. මගේ කාර්යාලයටත්, වැඩපලටත් ආව නිලඇඳුම් ඇඳගත්ත අය නිතර ඇහුවෙ කවදද එතනින් යන්නෙ කියලා. පස්සෙ මම ශ්රේශ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකළා. ඒකෙන් කිව්වෙ නීත්යානුකූලව මාව ඉවත් කරන්න කියලා. රජයේ තක්සේරුකරු ඇවිත් ලක්ෂ 700කට මගේ ඉඩම තක්සේරු කළා. නමුත් පස්සේ දැනගත්තා ලක්ශ 116කට ඒක අඩුකරලා වෙනත් නිලධාරිනියකගෙන් තක්සේරු කරගෙන කියලා. පර්චසයක් ලක්ෂ 7කට තක්සේරු කරලා තිබුණේ. පස්සේ මට ගෝඨාභය රාජපක්ෂ හමුවෙන්න එන්න කිව්වා. ගියාට ඔහුව හමුවුණේ නෑ. ආයෙ රතුපස්වල සිදුවීම වුණු දවසෙ මට නාගරික සංවර්ධන අධිකාරියට එන්න කියලා කිව්වා. එදා මම මගේ නෝනත් එක්ක ගියාම හිටපු නීති නිලධාරිනිය අපිව කාමරයකට යැව්වා. ඒකෙ ඇතුළෙ හිටියෙ යුධ හමුදා නිලධාරීන්, ඒ අයගෙ ගිනි අවි එක්ක. හිස් කොළයක් දීලා, චෙක්පත් තුනකුත් දීල ඒකෙ ලියන්න කිව්වා කිසිම නීතිමය පියවරක් ගන්නෙ නෑ, වන්ඳියක් ඉල්ලන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා කියලා. අපි ජීවිත අවදානම නිසා ඒකට අත්සන් කළා. පස්සේ ආයතනයට කෙනෙක් ඇවිත් බලහත්කාරයෙන්ම ඉඩමේ භුක්තියට අත්සන් ගත්තා. නමුත් මම ඒකෙ සටහනක් දාලායි අත්සන් කළේ. අදටත් ඒඉඩම නිවැරදිව ලියාපදිංචි කරලා නෑ. මම නඩුවක් පවරලා තියෙනවා. මට සාධාරණ වන්ඳියක් අවශ්යයි. මට දුක මහින්ද රාජපක්ෂ බලයට එද්දි හෙළ උරුමයේ සහෝගය රාජපක්ෂ ආණ්ඩුවට ගන්න සාකච්ජා කළේ මම. එහෙම බලයට ඇවිත් ඒ අය මගේ සියල්ල බලහත්කාරයෙන් ගත්තා. අද නාගරික සංවර්ධන අමාත්යංශය අයිති පාඨලී ඇමතිවරයාට. ඔහු බලයට ආවෙත් හෙළ උරුමයෙන්. ඔහුත් අදටත් මේ ගැන නිහඬයි. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මම මේ ගැන පැමිණිලි කළා. නමුත් විසඳුම් නෑ.
ගාමිණී වික්රමරත්න
ඉන්ජිනේරු,සභාපති යුරෝ කාර් මාට් සහ රෝඩ් බිල්ඩර්ස්
නිව් ටෙක්නොලජි ප්රයිවෙට් ලිමිටඩ්

මේ පිළිබඳ විමසීම සඳහා මහා නගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්ය පාඨලී චම්පික රණවක අමතන ලදී. එහිදි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මෙම තොරතුරුසටහන් කර ගත් අතර පුවත්පත මුද්රණයට යන තෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදෙන ලදී.

https://is.gd/crA6Tv
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113

    උපාලි මෙන්ඩිස් පැහැර ගැනීම -
    https://www.facebook.com/kasun.pussewela/posts/10204718804041131
    සමරධීර සුනිල් පැහැර ගැනීම -
    https://youtu.be/0JC0zFQIbgk

    දැන්මම පටන් අරන් UNP/JVP කාරයොන්ගේ 2020 චන්ද කැම්පේන් එක:lol::lol::lol:උබලා කිසිම වැරද්දක් හොරකමක් මිනීමැරුමක් නොකරපු උපාසකයෝ නෙහ්හ්..:P:rofl:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    ඉතින් ඇයි බං මේ ආණ්ඩුව ඔයt හොරුන්ව අල්ලන්න ඇත්තේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ගොටබය කියන්නේ ටිකක් වැඩකරලා ගොඩක් හොරා කාපු එකෙක්
    බැසිල් කියන්නේ ගොඩක් වැඩ කරලා ගොඩක් හොරා කාපු එකෙක්
    මුන්දෙන්නාගෙන් එකෙක් තමයි 2020 එන්න ඉන්නේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ගොටබය කියන්නේ ටිකක් වැඩකරලා ගොඩක් හොරා කාපු එකෙක්
    බැසිල් කියන්නේ ගොඩක් වැඩ කරලා ගොඩක් හොරා කාපු එකෙක්
    මුන්දෙන්නාගෙන් එකෙක් තමයි 2020 එන්න ඉන්නේ

    :lol::lol::lol::lol:ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් එන්නේ නැහැ.දාන්නේ උබලා ජීවිතේට හිතන්නේ නැති කෙනෙක්.බලපන්කො ඒක එදාට.එතකන් ආතල් ගනින් මේ වගේ.:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බම්ප්
    (මේ ත්‍රේඩ් එක නිසා සැහෙන රෙප් නම්කැපෙනවා ඇති.)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් unp බල්ලො බැල්ලියො ඉරාගෙන දගලනව වගේ...සාක්ශි තියෙන එකේ ආන්ඩු බලෙත් තියෙන එකේ...වැරදි කාරයනම් නඩු දාල හිරේ දැම්ම නම් ඉවරනෙ...මොනාද අපිට කියන්නෙ...??