ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි Ś
ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි ආයුධ විකුණලා: ලබාගත් මුදල් දුමින්ද සිල්වාගේ ගිණුම් 58 ක තැන්පත් කරලා -රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙලිවෙලා
(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.14, ප.ව.11.50) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්ණ කිරීමට ගියද ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇත. කෙසේ වෙතත් ගෝඨාභය විසින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සිය අමාත්‍යාංශ බලතල ඉක්මවා ගොස් නීති විරෝධී ආකාරයට විදෙස්ගත ත්‍රස්තවාදී සංවිධානවලට ගිනි අවි අලෙවි කර තිබෙන්නේ දැයි යන්න සොයා බැලීමට ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ලබාගනිමින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.
රජය මෙවැනි පියවරක් කරා යොමු වී සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවන් යොදවා මෙරට ආරක්ෂක අංශවලින් ලබාගත් නවීන පන්නයේ ගිනි අවි විදේශීය රටවල ක්‍රියාත්මක වන අයි.එස්.අයි.එස්. බොකෝහරාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට මෙන්ම විවිධාකර මුහුදු කොල්ලකාර කණ්ඩායම්වලට අලෙවි කර රුපියල් කෝටි ගණනක මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ආරක්ෂක අංශවලට ලැබී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා ආනයනික ගිනි අවි මෙසේ මැද පෙරදිග සහ විදේශගත ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මෙන්ම මුහුදු කොල්ලකරුවන් අතට පත්කර 2009 වසරේ සිට මහ පරිමාණයෙන් මුදල් උපයාගෙන ඇති බවටත්, එම මුදල් සෘජුවම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සබඳතා මත විවිධ පුද්ගලයින්ගේ නම් වලින් දේශීය හා විදේශීය බැංකු රැසකම තැන්පත් කර ඇති බවටත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.
ගාල්ල පාවෙන අවි ගබඩාවේ තිබූ කන්ටේනර් 20 ක අවි වලට අමතරව රජයේ නිල හමුදා වල ලියාපදිංචි නොවූ අවි ආයුධ කන්ටේනර් 3 ක් ගාල්ල නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගෙන තිබේ. එම අායුධ අතර බර ගිනි අවි රාශියක් තිබී ඇති අතර ඒවා කිසිසේත්ම සිවිල් ආරක්ෂකයන්ට අදාල නොවන යුද බිමක පමණක් භාවිතා කරන අවි වේ. කොළඹ තිබූ එක් අතුරු හමුදා අවි ගබඩාවක පමණක් ටී 56 අවි 1555 ක්ද උණ්ඩ ලක්ෂ 14 ක්ද තිබීම පුදුම උපදවන්නකි. ඒ අතර ශ්‍රී ලංකාවේ පොලිසිය පමණක් භාවිතා කරන S-84 ගිනි අවිද විය. පොලිස්පතිවරයා කවර කලෙකවත් පොලිසිය භාවිතා කරන එම ගිනි අවි වෙනත් ආරක්ෂක අංශ වෙත ලබා දී නැත. එසේ නම් එම ගිනි අවි මේ අතුරු හමුදාවන්හි අවි ගබඩා වෙත ආවේ කුමන අවසරයක් මතද? කාගේ අවසරයක් මතද? මේ අවි ලංකාව තුල භාවිතා කර නැති අතර මේවා ගබඩා කර ඇත්තේ ත්‍රස්තවාදී සංවිධාන සඳහා අලෙවිය සඳහා යැයි මේ වන විට ස්ථිර වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවන් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ ගණනාවකදීම අනාවරණය වී ඇත්තේ මේ මහා පරිමාණ අවි පරිහරණය හා ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබුණු අතර අදාළ අවි ගනුදෙනුවලින් උපයාගත් කළු සල්ලි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී අරුමාදුර දුමින්ද සිල්වාගේ නමින් පවත්වාගෙන ගොස් තිබුණු විවිධ බැංකු ගිණුම් 58 ක් ආශ්‍රිතව තැන්පත් කර තිබූ බවයි.
ලෝ ප්‍රකට අති භයානක ත්‍රස්තවාදී සංවිධාන වන අයි.එස්.අයි.එස්., බොකෝහරාම්, බින් ලාඩ්න්ගෙන් පසු ක්‍රියාත්මක වන අල් ක්වෙයිඩා, ඉස්ලාමික් ජිහාඩ්, හිස්බුල්ලා, හමාස්, ෆටා අල් සලාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට මෙන්ම විවිධාකර මුහුදු කොල්ලකාර කණ්ඩායම්වලට මෙම ගිනි අවි අලෙවි කර රුපියල් කෝටි ගණනක මුදලක් අයථා ආකාරයෙන් උපයාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටින බවත් වාර්තාවේ.
මෙම නීති විරෝධි අවි ගනුවලට සම්බන්ධ ගෝඨාභයගේ අතුරු හමුදා දෙක පිළිබඳව අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව ඒවායේ අධ්‍යක්ෂවරුන් මියන්මාරය, සෝමාලියා, එරිත්‍රියාව, සූඩාන්, ෂීෂෙල්ස්, මොසැම්බික්, කෙන්යාව, ටැන්සානියාව, නයිජීරියාව, ටෝගෝ , මුරුසිය වැනි රටවල සැරිසරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ගෝඨාභයට 50 කගේ ආරක්ෂාවක් ලබා දී ඇතැයි කීවද සත්‍ය වශයෙන් ඔහු ඉන්නේ නිල නොවන අත් අඩංගුවක යැයි ආරක්ෂක අංශ තොරතුරු කරුවෝ පවසති. ගෝඨාභයගේ අවි ජාවාරම ගැන ජාත්‍යන්තරය පවා කලෙක සිට ඇස ගසාගෙන සිටි අතර ඒ සම්බන්ධ විශේෂඥ පිරිස්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
-ලංකා ඊ නිව්ස් විශේෂ ආරක්ෂක වාර්තාකරුවකු විසිනි-