ගෝඨා ගැන කතා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්.
    ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්. මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි. ඒ නිසා
    ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට
    ඔහුට සිදුවුණා. උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත්
    කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට
    සමත් වුණා. ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා.
    මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි
    හුගක්ම කැමති. ඔහුට තිබුණේ අලස ගතිගුණ.

    එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය
    ගෝඨට කරන්න කියලා පැවරුවා. ඉතින් ඔහු ගස් උදුරා
    පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා. ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු
    ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා.

    කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට
    පටන් ගත්තා. පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ
    පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය
    සාමනේර හිමි මොහුට බැණ වැදුනා. ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම
    ඇදගෙන ගියා. ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි.
    පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා.

    විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට
    පහර පිට පහර එල්ල කලා. යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක්
    ලැබුණා. පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා
    ආරූඩ වුණා. ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා.
    සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ.

    ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස
    කදින් වෙන්වී බිමට විසි වුණා. ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව
    රජු හමුවීමට ගියා. ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ.
    එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව
    රහත් බව ලබාගත්තා.


    ගෝඨයිම්බර යෝධයාණන් හා සම්බන්ධ උක්ත ලිපියට වඩා තරමක් වෙනස් තොරතුරැ තිබෙනවා. නිසෙල් විටිය කියා ගමක් ඇත්තේ කොහිදැයි ගැටළුවක්. සමහර විට එකී ගම අද වෙනත් නමකින් හදුන්වනවා විය හැකියි. කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කේ

    උපන් බවත් එතුමාගේ මෑණියන්ගේ ගම වූ ඊට නොදුරු දාගොන්නේ එතුමන් පදිංචි වූ බවත් එම ප්‍රදේශවල පවතින ජන විශ්වාසයයි. එතුමන් විහාහ වූයේද ඈපා දේවිනම් සිය මවගේ ගමේම එනම් දාගොන්නේ ස්තයක් සමගය. ඒ නිසාම ඔහු දාගොන්නේ පදිංචි වන්නට ඇති. නිසෙල්විටිය=දිවුලපිටිය වූවාදැයි සෙවිය යුතුය. කෙසේ වෙතත් ගෝඨයිම්බර මියගිය පසුව ගෝඩිම්බර නම් අදාළ ප්‍රදේශයේ ගම්බාර දෙවිදුන් ලෙස ජනතාව සලකති. ඒ අනුව දැනට ලංකාවේ ගෝඩිම්බර දේවාල 2ක් ඇත. එකක් ගොඩිගමුවේත් අනෙක දාගොන්නේත් පිහිටා ඇත. දාගොන්නෙ ගෝඩිම්බර දෙවොලේ අතිපැරණි චාරිත්‍ර විධි තවමත් සිදු කෙරේ.
    එසේම දාගොන්නේ ගෝඨයිම්බර යෝධයාණන් විසින් ඉදිකළ අති පැරණි විහාරස්ථානයක් ද වෙයි. එය විජිතපුර සටනට යාමට පෙර ඉන් ජයගැනීම පිණිස දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම පිණිස ගෝඨයිම්බර යෝධයාණන් විසින් කරන ලද්දක් බව කියැවේ. දෙවියන් සතුටු කරණු වස් ඉදිකළ ආරාමය යන අරැතැති දේවානන්දාරාමය ලෙස එය අදටත් දාගොන්නේ පවති.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොද ලිපියක් යාලුවා නමුත් ඔතන තව නිවැරදි වෙන්න ඔන තැන් කිහිපයක් තියනවා මම දන්න විදියට
    ඉතා මිටි නිසා ගෝඨ ලෙස නම් කල අතර උදු වැපිරීමට ඉබුරු කැලයක් තනිවම එලෙ පෙහෙලි කල නිසා ඉබුරු+
    ගෝඨ=
    ගෝඨඉම්බර ලෙස නම හැදුන බවයි සදහන් වෙන්නෙ.

    අනිත් එක තමා තේර පුත් අභය හෙවත් තේරපුත්තාභය මුන ගැහෙන්නෙ රජුගෙ හමුදාවට බැදි කාලයක් ගතවු පසු

    ගෝඨඉම්බර තම සහචරයන් සමග ගමන්ක් යන අතරෙ අතර මග වු පන්සල් වත්තක් දැක පොල් ගස් සොලවා කසපැන් බි පන්සල් වත්ත වනසා පන්සල් වත්තේම නිදා සිටි අතර සවස පන්සලට පැමිනි සාමනේර තේරපුත්තාභය හිමියන් මෙය දැක උදහස්ව
    ගෝඨඉම්බරගේ පයේ මහපට ඇගිල්ලෙන් අල්ලා පන්සල් වත්ත පුරා ඇදගන ගිය අතර ගෝඨඉම්බර සාමනෙර හිමියන්ගෙන් සමාව අයැද සහචරයන් සමග පන්සල් වත්ත නැවත් පිරිසිදු කර සිය ගමන පිටත් වු බවයි සදහන් වෙන්නෙ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හොද ලිපියක් යාලුවා නමුත් ඔතන තව නිවැරදි වෙන්න ඔන තැන් කිහිපයක් තියනවා මම දන්න විදියට
    ඉතා මිටි නිසා ගෝඨ ලෙස නම් කල අතර උදු වැපිරීමට ඉබුරු කැලයක් තනිවම එලෙ පෙහෙලි කල නිසා ඉබුරු+
    ගෝඨ=
    ගෝඨඉම්බර ලෙස නම හැදුන බවයි සදහන් වෙන්නෙ.

    අනිත් එක තමා තේර පුත් අභය හෙවත් තේරපුත්තාභය මුන ගැහෙන්නෙ රජුගෙ හමුදාවට බැදි කාලයක් ගතවු පසු

    ගෝඨඉම්බර තම සහචරයන් සමග ගමන්ක් යන අතරෙ අතර මග වු පන්සල් වත්තක් දැක පොල් ගස් සොලවා කසපැන් බි පන්සල් වත්ත වනසා පන්සල් වත්තේම නිදා සිටි අතර සවස පන්සලට පැමිනි සාමනේර තේරපුත්තාභය හිමියන් මෙය දැක උදහස්ව
    ගෝඨඉම්බරගේ පයේ මහපට ඇගිල්ලෙන් අල්ලා පන්සල් වත්ත පුරා ඇදගන ගිය අතර ගෝඨඉම්බර සාමනෙර හිමියන්ගෙන් සමාව අයැද සහචරයන් සමග පන්සල් වත්ත නැවත් පිරිසිදු කර සිය ගමන පිටත් වු බවයි සදහන් වෙන්නෙ.

    thank macho