ගෝඨා ගෝනි සෙල්ලම ඉවරයි.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨා ගෝනි සෙල්ලම ඉවරයි.

Gotas-deneutralisation.jpeg

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් මෙකී ලිපිය නොවැම්බර් 11 දින යොමු කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත ය.

ඒ මගින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අයැදුම්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අප්‍රියෙල් 17 දා බාර දී ඇති බවත් ඒ අයැදුම්පත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක කොට්ඨාශයේ ගිනිකොණ දකුණ සහ මධ්‍යම ආසියාව බාර කොට්ඨාශය වෙත යොමුකර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කිරීම අවසන් වී නැති බවත් අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අසාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත.

අදාල ලිපිය මේ සමග දැක්වේ.
 
  • Like
Reactions: netlife007

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ

    federal-holidays-2019.png


    මුන් හිනස්සවලා මරනවා අපිව.
    නොවැම්බර් 11 ඇමරිකාවේ ජාතික නීවඩු දිනයක් කියහන්කො.
    අපොයි එ ආතල් එකත් ඉවරයි..




    සජියට 17 වෙනිදට කොහේ හරි තොල තොන්චි වෙන්න රටක් හොයලා දීපන්කො .මොකො පැරදුනාම ලන්කාවේ ඉන්න වෙන එකක් ද?​
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොවැම්බර් 11 දින ඇමරිකාවේ නිවාඩු දිනයක් බැවින් මෙවන් ලිපියක් කුමන ලෙසකවත් නිකුත් නොකෙරෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි........!!!!


    සදා සොත්ති....
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සජියට 17 වෙනිදට කොහේ හරි තොල තොන්චි වෙන්න රටක් හොයලා දීපන්කො .මොකො පැරදුනාම ලන්කාවේ ඉන්න වෙන එකක් ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,812
    1
    58,065
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මදැයි කොරා... මම උදේ පාන්දරින්ම ගිහින් ගෝටට එකක් දෙන්න හිටියෙ. දැන් මේ ලියුම දැක්ක නිසා නොදී ඉන්නව
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,943
    1
    12,250
    113
    අදාළ නෑ නේ
    ඔන්න ඇමරිකාව කියපු නිසා අපි චන්දෙ නොදී ඉන්නව
    ගලියට ශතුටුයිද දැන්? :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මමත් ගෝඨාට දෙන්න හිටියේ. ඒත් දෑන් මේ ගලි සර් ඈස් පාදපු හින්දා ගිහින් පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහලා මගේ විරෝධය පෙන්නලා එනවා. තෑන්ක්ස් ගලී.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ හරක් බයො මිසින් කියපනකො. ආගිය අතක් නැහැ
     
    • Like
    Reactions: powersport

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    anthima mohothe enews ariya arillak toyyon ta aye goda enna bari wennama.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් ගෝඨාට දෙන්න හිටියේ. ඒත් දෑන් මේ ගලි සර් ඈස් පාදපු හින්දා ගිහින් පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහලා මගේ විරෝධය පෙන්නලා එනවා. තෑන්ක්ස් ගලී.


    :lol::lol::lol: