ගෝඨා(ට)භය ඇයි?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1639798211727.jpeg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝඨා(ට)භය ඇයි?


    "ප්රභාකරන් යුද්දෙට දක්ෂයෙක්. ඔහුව පරාජය කරන්න කිසිවකුට බැරි වුණා. ඉතින් ඔබ කොහොමද ඒක කරන්නේ? ඒක හරියට සියදිවි නසා ගැනීමක් වගේ"
    මහින්ද රාජපක්ෂ එක්ක මෙහෙම කීවේ එරික් සෝල්හයිම්ය. ඒ 2006 මාර්තු මාසයේදීය. හැබැයි මහින්ද සෝල්හයිම්ට කිස් කන උත්තරයක් දුන්නේය.

    "ඔබ හිතාගෙන ඉන්නේ එයා මුලතිව් කැලයේ ඉන්න කොල්ලෙක් කියලා වෙන්න ඇති. හැබැයි මතක තියාගන්න මමත් දකුණේ කැලේ කොල්ලෙක්. අපි ඉස්සරහට බලමු"
    මහින්දගේ මේ උත්තරෙන් පස්සේ සෝල්හයිම් "කරකවා අතෑරියා" වාගේ විය.

    සෝල්හයිම් මහින්දගෙන් එහෙම "කිච" වෙනකොට සටන් විරාම නිරීක්ෂකයන් දෙන්නෙක් වූ ජෝන් හැන්සර් බවර් සහ හාන්ස් බ්රැට්ස්කාර් ගෝඨාභයගෙන් ඒ වගේම කන් රත්වෙන කතාවක් අසාගත්තේ 2006 අප්රේල් 6දාය.
    "ඔබ හිතනවද මේ ප්රශ්නේ යුද්දෙන් ඉවර කරන්න පුළුවන් කියලා?"
    නියෝජිතයෝ දෙන්නා ගෝඨාගෙන් ඇසීය.

    "ඔව්, අපි ඒක ඉක්මනින් ඔප්පු කරලා පෙන්නනවා"

    ගෝඨා උත්තර දෙන්නේය.
    "යුද්දේ ඉවර කරන්න බෑ"
    මේක න්යායක් තරම් මුල් බැස්ස කතාවක් විය. හැමෝම කීවේ "බෑ" කියලාය. බෑ කියද්දී "පුළුවන්" කියා කීව පිරිසක් දකින්න හැකිවුණේ කලාතුරකින්ය.

    2002 ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ලංකාව ගැන වාර්තාවක් පළ කළේය.
    ලංකාවට යුද්ධය ජයගන්නට පුළුවන්ය. එහෙම කී එකම විදෙස් ආයතනය වූයේ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවය.

    යුද්ධය දිනන්නට ඕන කරන මූලිකම සිද්ධාන්තය දැනගෙන හිටියේ ගෝඨාභය ය. හමුදාවේ පිරිස් බලය වැඩිකොට හමුදාව වෘත්තීය මට්ටමෙන් ශක්තිමත් කිරීම එක් සිද්ධාන්තයක් විය. අනෙක නවීන ආයුධවලින් හමුදාව සන්නද්ධ කිරීමය. බින්දුවට වැටී තිබූ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවීම උදෙසා "අපි වෙනුවෙන් අපි" සංකල්පය හදන්නට මුල් වුණේ ගෝඨාය. යුද්ධයේදී දිවි පුදන සෙබළාට අභිමානවත් මරණයක් සේම ඒ පවුල හුදෙකලා නොවූ පවුලක් බවට පත් කරන්නට පාදම දැමුවේ ගෝඨාය.

    එල්. ටී. ටී. ඊ.ය "කොටි හඬ" හරහා සත්යය උඩු යටිකුරු කරන විට ඊට උත්තර දෙන්නට ශක්තියක් රාජ්ය මාධ්යවලට නොතිබුණේය. ගෝඨා කළේ යුද හමුදා වෙබ් අඩවිය "සක්රිය කොට" යාවත්කාලීන කරවීමය. 2006 වෙන කොට ලක්ෂ සංඛ්යාත පාඨක පිරිසක් එය පරිශීලනය කොට තිබිණි.
    තීරණාත්මක යුද්ධයේ සාධනීයම මැදිහත් වීමේ මුල් පුරුක් අතර ගෝඨා හිටියේය. ඔහු "ගජබා" සෙබළෙක් විය. ශ්රී ලාංකේය හමුදාව වෘත්තීය මට්ටමෙන් ශක්තිමත් කිරීමේ නියමුවා වූ විජය විමලරත්නගේ ඇසුර ඔහු මනාව පාවිච්චි කළේය.
    අන්තිමට යුද්ධය ජයග්රාහී තලයට ගෙන එන්නට ඔහු උපරිම ශක්තිය දුන්නේය.

    1930 පසු ලොව ඇති වූ බිහිසුණුම ආර්ථික අවපාතය තිබ්බේ 2009 වසරේදීය. ශ්රී ලංකාව සිටියේ "යුද්ධයේ තීරණාත්මකම" කඩඉමට ඇවිත්ය. ආර්ථික අවපාතයේ කුණාටුවට හසුවූ ආයෝජකයන් රටින් පලා යද්දී ජාත්යන්තර මූල්ය අරමුදල ලංකාවට ලබා දෙන්නට සිටි ණය මුදල ප්රමාද කළේය.

    2009 ජාත්යන්තර මූල්ය අරමුදලේ වාර්ෂික රැස්වීමට ගිය අජිත් නිවාඩ් කබ්රාල් කරකවා අතෑරිය උත්තරයක් ලැබුණේය.

    "තවමත් සල්ලි පාස් කරලා නෑ"
    ඊට මුල් වී සිටියේ ඇමෙරිකානු රාජ්ය ලේකම්වරියය. ඒ වෙලාවේ පිහිටට ආවේ මුහම්මර් ගඩාෆිය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ද්විපාර්ශ්වීය ණයක් දෙන්නට ඔහු පොරොන්දු විය. තීරණාත්මක අවධියේ අන්තිම හෝරා කිහිපය සුරක්ෂිත වුණේ "උපක්රම" නිසාමය.

    2009 අප්රේල් 29 ලංකාවට ආව බර්නාඩ් කුෂ්නර් සහ ඩේවිඩ් මිලිබෑන්ඩ් ගෝඨාගෙන් ඉල්ලුවේ "සටන් විරාමයක්"ය.
    කිසිසේත් ආපසු හැරීමක් නෑ. ගෝඨා කීවේ එහෙමය.



    එක්කෝ ප්රභාකරන් පණ පිටින් අල්ලනවා. නැත්නම් මරා දමනවා. ගෝඨා කෙළින්ම කීවේය.
    කොටි අතරේ සිරවී ඉන්න සිවිල් වැසියන් බේරා ගැනීමට මට එහේ යෑමට ඉඩ දෙන්න. කුෂ්නර් අන්තිමට එහෙමත් කීවේය.

    "ඔබට යන්න දෙන්න බෑ. කොටින් ඔබව ප්රාණ ඇපකරුවෙක් කර ගනීවි"
    ගෝඨා කීවේය.

    "ඒ මිනිස්සු වෙනුවෙන් මම ජීවිතය වුණත් දෙන්නම්"
    කුෂ්නර් එහෙම කීවේ බැරිම තැනය.
    "මට ඔබේ ජීවිතය ගැන ප්රශ්නයක් නෑ. මට ප්රශ්නේ මේ තීරණාත්මක වෙලාවේ මොහොතකටවත් යුද්ධය නතර කළොත් හමුදාවේ ගැම්ම නවතින එකයි. ප්රභාකරන් හැකි ඉක්මනින් අල්ලන්නයි අපට ඕන. ගෝඨා කුෂ්නර්ගේ කනේ ඇඟිලි ගසා ගන්නට කීවේය.
    "එදා ජාත්යන්තරෙන් ආව බලපෑමක් නෑ" කියා කියන "නොදරුවන්" මේවා දන්නේ නැත. සමහරවිට දැන උන්නත් ඉන්නේ නොදන්නා ගාණටය.

    එක්සත් ජාතික පක්ෂ සටන් විරාම ගිවිසුම කාලයේ කොටි ආයුධ නැවක් නිරීක්ෂණය කොට පහර දෙන්නට ගිය හමුදාවට එවක ආරක්ෂක ලේකම් කතා කළේ "හමුදාව බල්ලන් ගාණට" දමලාය. කොටින්ම ආයුධ දුන් පක්ෂයකින් ඊට එහා දෙයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කමක් නැත.

    වසර 30ක යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ "ශක්තිමත් පාදම" ගෝඨා බව ඔහුගේ විරුද්ධවාදීන් පවා හොඳින්ම දනී.

    "ගෝඨා කළොත් වැඩක්, ඒකේ ආයෙ අහන්න දෙයක් නෑ"
    ගෝඨා ගැන දන්න කවුරුත් කියන්නේ එහෙමය.

    හරියට බැලුවොත් විදෙස් බලවතුන් මහින්ද එක්ක හැප්පෙනවාටත් වඩා හැප්පුණේ ගෝඨා එක්කය. එහෙමත් නැත්නම් මහින්ද හමුවී යුද්ධය නවත්වන්නට "බලපෑම්" කළ හැමෝම ගෝඨා හමුවෙලාත් බලපෑම් කළහ. හැබැයි අන්තිමට ඒ දෙදෙනාම නවත්වන්නට පුළුවන් වුණේ නැත.
    "මම මගේ වෙලාවෙන් 60%ක්ම වෙන් කරන්නේ ලංකාවේ ප්රශ්නය ගැන හොයන්න" ඒ දවස්වල මිලිබෑන්ඩ් හිතවතුන්ට කියා තිබුණේ එහෙමය.
    යුද්දෙට පස්සේ ලෝකයම ආවේ මහින්ද සහ ගෝඨා දඩයම් කරන්නටය. 2011 කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සම්බන්ධීකාරක ලෝරන්ස් ස්මිත් ලංකාවට පැමිණ "ගෝඨා" මාට්ටු කරන ඇමක් දැම්මේ හමුදාවේ හිටපු මාධ්ය ප්රකාශක වූ මේජර් ජෙනරාල් ප්රසාද් සමරසිංහටය. එක්තරා සම්භාෂණයකදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු ප්රධානී පෝල් කාටර්, සමරසිංහට කියා තිබුණේ "ගෝඨා"ව උගුලකට හසුකරන්නේ නම් වරප්රසාද බොහෝ දෙන බවය.

    යුද්දෙන් පස්සේ විපක්ෂය පන්න පන්නා පහර දුන් කිහිප දෙනා අතරේ ගෝඨාත් හිටියේය. නාගරික සංවර්ධන කටයුතුවලට ගෝඨා මැදිහත් වී කොළඹ "අලුත්" කරනකොට විරුද්ධවාදීන් ගැහුවෙත් ගෝඨාටය.

    ගෝඨා කරන දේ හරියට කළේය. ඒ කරන දේ වෙනුවෙන් අවංක වුණේය. එදා මෙදාතුර සිටිය ආරක්ෂක ලේකම්වරු අතරේ ඔහු තරම් සාර්ථක ආරක්ෂක ලේකම්වරයෙක් බිහිවී නැත.
    "ගෝඨා වගේ කෙනෙක් තමයි රටක් හදන්න ඉන්න ඕන"
    මිනිස්සු කියන්නේ එහෙමය.

    දැන් ආණ්ඩුව කරන්නේ "චරිත" අල්ලාගෙන දඩයම් කිරීමය. විටින් විට ගෝඨලා පස්සේ පන්නන්නේ ඒකය.
    "විවිධ ආයතන මඟින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්යාය පත්රයක් මතම කරනවාය කියලා අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්නා. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය ඒ ආකාරයෙන්ම පැහැදිලි කරලා දෙනවා." යැයි ගෝඨා වතාවක් කීවේය. ආණ්ඩුවේ සමහරු දැනටමත් තැතිගෙන ඉන්නේ ඊළඟට ගෝඨා එයි කියලාය.

    "ගෝඨා ආවොත් දිනනවා. ආයේ කතා දෙකක් නෑ"
    සමහරු එහෙම කියති.



    "පිස්සුද? මිනිහට ජාතිවාදී ලේබලේ වැදිලා තියෙන්නේ"
    එහෙම කියන කෙනෙක්ට උත්තර දෙන්න තියෙන්නේ කරුණාකර 2010 ජනාධිපතිවරණ ප්රතිඵලය බලන්න කියලාය. ඒ දවස්වල ජාතිවාදී ලේබලය ගසා කොන් කළ මහින්ද දිනන්නේ වැඩි ඡන්ද ලක්ෂ 18කින්ය. අනෙක් අතට ගෝඨාට සුළු ජාතීන් අතර මහා පරිමාණ "නොපෑහීමක්" නැත. ඒ නිසා 2020 ගෝඨා "අලුත්" පිම්මක් පැන්නොත් ඒක අරුමයක් නොවනු ඇත.
    "එක පැත්තකින් "එළිය" හදාගෙන සම්මන්ත්රණ තියනවා. තව පැත්තකින් වියත් මඟ හදාගෙන ලෝකේ පුරාම සම්මන්ත්රණ තියනවා. මේ එන්නේ හොඳකට නොවේ"
    ආණ්ඩුවේ "සිහින දකින්නෝ" කලබල වෙලාය.
    "අපි පස්ස බලන්නේ ගෝඨා හිරේ දාලා"
    සමහරු ඇමැතිවරු එහෙම කියන්නෝය.
    "ඔබතුමා අත්අඩංගුවට ගන්නයි ඉන්නේ. ඒ නිසා එන්න එපා"
    පසුගියදා ආණ්ඩුවේ ලොක්කෙක්ගේ සහෝදරයෙක් ගෝඨාට කතා කරලා එහෙම කියන්නේය. සමහර විට ඔහුට මොකක් හෝ "ඉවක්" තිබෙනවා වගේය.
    2020 ගැන "සිහින දකින්නෝ" බොහෝය. රනිල් හිතන්නේ 2020 නායකයා වෙන්නටය. මෛත්රිත් සමහර විට එහෙම හිතනවා වෙන්නට පුළුවන්ය. එහෙම සිහින දකින වැඩිම පිරිස ඉන්නේ ආණ්ඩුවටත් වඩා විපක්ෂයේය. මහින්ද, බැසිල්, ගෝඨා, දිනේෂ්, විමල්, විජයදාස වගේ නම් බොහෝමයක් ඒ අතර තිබේ. මේ සියලු දෙනාම අතරින් ගෝඨා "පස්සට යනවාට" කැමැති අයත් සමහර විට මේ අතර නැතුවා නොවේ.
    හැබැයි මෙහෙම කතාවක් නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ.
    "2020 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වැළැක්විය නොහැකි බැවින් වාමාංශිකයන් කළ යුත්තේ "බොරුවට ශක්තිය අපතේ නොයවා 2020න් පසුව එළැඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්රයෝජන ගැනීමට අවශ්ය ශක්යතාව ගොඩනංවා ගැනීමය".

    Source:http://www.mawbima.lk/columns20170401MB20180430.php?id=750
    දැන් නම් සෑහෙන්න බයයි. අවුරුදු දෙකට මෙහෙමනම් පහ ඉවර වෙනකොට මොනවා වෙයිද කියලයි බය.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් නම් හොදටම තේරෙනවා කවුද යුදෙදේ කලේ , කවුද සුද්දේ කලේ කියලා . සරත් ෆොන්සේකා නැත්නම් ප්‍රබාකරන් මැරෙන්නෙත් කොවිඩ් හැදිලා බොල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දැන් තේරෙනවද මේ හුට්ටියෙ පුතාට බය උනේ ඇයි කියල ?
    උබලා දැන් ඔහොම කිව්වට ඒ කාලේ ගෝටට බය උනේ මිනිහා මේ රටේ යල් පැනලා ගිය සිස්ටම් එක වෙනස් කරලා රට හදලා ගනී කියලා නේද? ඇත්ත කියපන් ඇන්ජීඕ ඩොලර් කුට්ටි පුල්ලි කොටියො.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං ඕව ඒකාලේ ඉදං කිව්වේ....... හැබැයි ඉතිං ගෝටත් නාමෝල් ඇතුළු වසංගත ටික වටේ තියාගත්තොත් නම්බුපිට මැරෙන්න තියෙන චාන්ස් එක මිස් කරගන්නවා
    ගෝටා ආවොත් ප්‍රේමදාස ආව වගේ තියෙයි.....මොක කරත් කට උක වහං ඉන්න වෙයි..... හොද කරොත් හොදටම හොදයි........නරකත් පට්ටටම නරක්වෙයි.......
    මෙන්න තියෙනවා මම කාලයක් තිස්සේ හොයපු කමෙන්ට් එක🤓🤣 2017දීත් අපි එහෙමයි😎
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අභියෝග ජයගන්න හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වපු සුපිරි මිනිසෙක්. පෙනෙන තරමින් අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා තමයි. :yes:
    meca attac
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    නන්දසේන මිනිමරුවා ගඩාෆි වගේ බෝක්කුවක් අස්සේ බල්ලෙක් වගේ මැරිලා යන දවස ලං වෙමින් පවතී