ගෝඨා නත්තල් සීයාට අඳින ලකුණු
ප්‍රතිපත්ති ගහේ තියා ගෝඨා නත්තල් සීයාට අඳින ලකුණු
සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සහ රජයේ රැකියාවක් ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (08) පොරොන්දුවක් ලබා දුන්නේය.
ඒ, පොලොන්නරුවේදී පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට අවතීරණ වනවිටම ප්‍රකාශ කළේ සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට නව වැඩපිළිවෙලක්, නව ප්‍රතිපත්තියක් රැගෙන රට සංවර්ධනය කරා ගෙනයාමට තමන් සූදානම් බවයි. ඒ සඳහා තමන් සතුව සැලසුම් පවතින බවත් තමන් අනුගමනය කරන්නේ හුදු පොරොන්දු දේශපාලනය වෙනුවට ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් බවත් ඒ මහතා නිරතම ප්‍රකාශ කළේය.
එහෙත් මේ වනවිට උද්ගතව ඇති තත්වයන් අනුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පැත්තක තබා රටේ නැති පොරොන්දු ලබාදීමට ඔහුට සිදුව ඇති බවක් පෙනෙන්නේ මෙකී සෑම දුප්පත් පවුලකම තරුණ සාමාජිකයකුට රජයේ රැකියාවක් ලබාදෙන බවට ඔහු දෙන පොරොන්දුව අනුවය.
මන්දයත් මීට සති දෙක තුනකට පෙර අවස්ථාවක මේ ගෝඨාභය රාජපක්ෂ මහතාම ප්‍රකාශ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිගත නොහැකි බවත් තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තම අමාත්‍යාංශයටත් උපාධිධාරීන් 800ක් අනුයුක්ත කිරීමට රජය සූදානම් වුවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්ය.
රජයේ රැකියා ලබාදීම ගැන ඒ මහතා සති දෙක තුනකට කලින් දැරූ ස්ථාවරය වෙනස් කරගන්නා තැනකට ඔහු මේ වනවිට පත්ව සිටින බව මෙයින් පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දැනටත් පවතින්නේ රටට දරාගත හැකි මට්ටමක නොවේ. දේශපාලන පත්වීම් අනුව අතිවිශාල සේවක සංඛ්‍යාවකින් හෙබි නමුත් එහි කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉතාම අවමය. එවන් රාජ්‍ය සේවය තුළට තවත් ලක්ෂ ගණනක් එකතු කිරීම යනු රටේ ආර්ථිකය බංකොලොත් කරන වෑයමකි. ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙය නොදන්නවා නොවේ. එහෙත් ඔහු පත්ව සිටින අසීරු තත්වය අනුව ඔහුට මෙවැනි පොරොන්දු පවා ලබාදෙන්නට සිදුව ඇති බව පෙනේ.
ඔහු යෝජනා කරන සහන පැකේජය ද මේ සති අන්තයෙහි හඳුන්වාදීමට නියමිත අතර පවතින තත්වය අනුව නම් ඉදිරි සතිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා නත්තල් සීයාටම අඳිනු ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
https://www.lankanewsweb.net/sinhal...තිපත්ති-ගහේ-තියා-ගෝඨා-නත්තල්-සීයාට-අඳින-ලකුණු