ගෝප්‍රෝ

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
පසුගියදා ගුවන් යානයක සිට පැරෂුටයකින් බසිමින් සිටි කැනේඩියානු ජාතිකයෙකුගේ හිස්වැසුමේ වූ කැමරාවක් අඩි 12,500ක පමණ උඩ සිට පහතට වැටී තිබෙනවා.

"ගෝප්‍රෝ" වර්ගයේ එම කැමරාව ගිලිහී බිම වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී ඇති අතර එය වැටෙන අතරවාරයේත් පටිගතවී තිබෙනවා.

නමුත් පුදුමයකට මෙන් එය පහලින් තිබුණු තණ බිමකට වැටීමෙන් පසුවත් දිගටම පටිගතවී ඇති අතර කැමරාව වැටී ඇති කෝණය හේතුවෙන් පැරෂුට්කරුවා බිමට බසින ආකාරයත් සටහන්වී තිබෙනවා.

කැමරාව බිම වැටීමෙන් අනතුරුව පැරෂුට් මඟින් පැමිණි අයෙකු දුව විත් එය අතට ගෙන කැමරාවේ හිමිකරු වෙත ලබාදෙන අතර ඒ දක්වා සියල්ල පටිගතවී තිබෙනවා. අඩි 12,500ක් උඩ සිට වැටුනද කැමරාවට හෝ එහි කැමරා කාචයට කිසිම හානියක් වී නැහැ.

 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
15qvgo0.jpg


මේක තමා භාන්ඩෙ