ගෝ හෝම් ගෝටා කාබන් කොපියක් බඳු වූ පනස් තුනේ හර්තාලය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,812
    113
    Colombo, Sri Lanka
    ගෝ හෝම් ඩඩ්ලි - පනස් තුනේ හර්තාලය

    1952 මැයි 24, 26, 28 සහ 30 යන දින හතර පුරා පැවැති දෙවැනි මහා මැතිවරණයේ දී එ.ජා.ප. ය ආසන 54 ක් ජයග්‍රහණය කළ අතර, පක්‍ෂ නායක ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා දෙවනි වරට ද අග්‍රාමාත්‍ය පදවියෙහි දිවුරුම් දුන් නමුත්, සම්පූර්ණ මැතිසබා වාරය ඉකුත්වෙන තුරු අගමැති තනතුරේ රැඳී සිටීමට හැකි වූයේ නැත.


    It1ivFC.jpg

    ඩඩ්ලි සේනානායක මහතා

    1953 වර්ෂය අග්‍රාමාත්‍යවරයාට අමිහිරි වූ ද, බිහිසුනු වූද අභියෝගයකට මුහුණ දීමට සිදුවූ එකක් විය. එයට මූලික වූයේ ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වය යටතේ පොදු ජනතාවද පෙළ ගැසුණු සැබෑ නැගිටීම ලෙස ඉතිහාසයේ සටහන් වෙන 1953 අගෝස්තු මස 12 දින පැවැත් වූ මහා හර්තාල් ව්‍යාපාරයයි. සමස්ත සමාජය පමණක් නොව ආණ්ඩුව ද භීතියටත්, කම්පනයටත් පත් කළ හර්තාල් දිනය එදා හැඳින්වූයේ ‘‘ලංකාව හෙල්ලුම් කෑ දිනය’’ වශයෙනි.


    mNQE88o.jpg


    1950 දශකයේ කොරියානු යුද්ධය පැවැති අවදියේ ලංකාවේ ස්වාභාවික රබර් සඳහා ඉහළ මිලක් ලැබෙමින් පැවතිණ. එයින් රට තුළට ගලා ආ මුදල් නිසි පාලනයකින් තොරව සුළුතරයකගේ අවශ්‍යතා සඳහා අත්තනෝමතික ලෙස වැය කරන බවට රජයට චෝදනා එල්ල විය. යුද්ධය අවසන් වීමත් සමඟ රට මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ අතර, 1953 අය – වැය ලේඛනය මඟින් සහනාධාර කපා හැරීමට යෝජනා ඉදිරිපත් විය. බහුතර ජනතාවගේ මතය වී තිබුණේ, එවකට මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ උපදෙස් මත මෙසේ සහනාධාර කප්පාදු කිරීමටත්, ඇතැම් සේවා ගාස්තු ඉහළ දැමීමටත් යෝජනා වූ බවය.

    ueulfiL.png

    මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතා

    තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු වැඩි කිරීම, පාසල් ළමයින්ගේ දිවා ආහාරය නතර කිරීම නව අය – වැය යෝජනා අතර විය. ජනතාව දැඩි ලෙසම කුපිත වූයේ එතෙක් සහල් සලාක පොතට සත 35 ගණනේ ලබාදුන් සහල් සේරුවේ මිල ශත 25 න් වැඩි කිරීම හේතුවෙනි. මෙයට විරෝධය පෑමක් වශයෙන් වැඩකරන පන්තිය 1953 ජුනි 23 දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත් වූ රැස්වීමට ආණඩුව පොලීසිය යොදවා ප්‍රහාර එල්ල කර ජනාතව පලවා හැරීමට ක්‍රියා කළේය. ආණ්ඩුවේ මර්දනයටද, අය – වැය යෝජනාවලට ද එරෙහිව හර්තාලයක් කැඳවීමට වෘත්තීය සමිති නායකයෝ ඉක්බිතිව ක්‍රියා කළහ.

    7TkzzCM.jpg
    rEX0tnS.jpg



    අගෝස්තු 11 දා කොළඹ නගර සභා පිටියේ පැවැති රැළියේදී ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා (84 – රුවන්වැල්ල) ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ අතර, නගර සභා ගොඩනැගිල්ලේ කළු කොඩි ඔසවා තිබුණේය.

    DCWCtdU.jpg
    INMoNeC.jpg

    ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා

    පසුවදා එනම්, අගෝස්තු 12 දා කොළඹ නගරයට හිරු උදා වූයේ එදින අලුයම 2.00 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ‘‘වොල් කාට් බ්‍රදර්ස්’’ සමාගමේ ගබඩාව ගිනිගෙන ඇති බව කියැවෙන ‘‘හර්තාලයේ’’ ප්‍රථම ආරංචිය ද සමඟය. වෙනදා මහත් කලබලකාරිත්වයක් උසුලන කොළඹ නගරය පුරා පැවතියේ පාළු ස්වභාවයකි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාල ද සේවකයන්ගෙන් හිස්ව පැවතින. පිටකොටුවේ විදුලි රිය පොළේ 300 පමණ ද, දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘රනිං ෂෙඩ්’’ වැඩපොළේ 1500 ක් පමණ ද, වරායේ 7000 ක් පමණ ද කොළඹ මහ නගර සභාවේ කසළ ශෝධක කම්කරුවන් ද ඇතුළු සියලු සේවකයෝ ද පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සමස්ත සේවක පිරිස ද වැඩවරා සිටියහ.

    CnNn3Ib.jpg


    දෙමටගොඩ මස් මඩුවේ සේවකයන් ද වැඩ නතර කර සිටි බැවින්, සත්ව ඝාතනයක් ද සිදු නොවීය. ගමනාගමනය මුළුමණින්ම අඩපණ වී තිබුණි. රජය, ‘‘සවුත් වෙස්ටර්න්’’ බස් රථ සමාගමේ බස් රථ 30 ක් හමුදා සහ පොලිස් ආරක්‍ෂාව යොදවා ධාවනය කිරීමට උත්සාහ දැරුවද්‍ දහවල් වනවිට එය ද ව්‍යර්ථ විය. විවිධ ස්ථානවල දී ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් බස් රථවලට විශාල ලෙස අලාභහානි සිදුවී තිබුණි. ලියුම් බෙදීම ද, දුරකථන රැහැන් කපා දැමීම නිසා විදුලි පණිවුඩ යැවීම ද, දුරකතන සේවය ද අක්‍රිය විය.

    BubWJh5.jpg
    3SMepxY.jpg


    දවසේ දෙවැනි භාගය වනවිට හර්තාලයට සම්බන්ධ වූවෝ සටන සම්පූර්ණයෙන්ම සියතට ගෙන සිටියහ. ගස් කපා මාර්ග අවහිර කිරීම, දුම්රිය මාර්ග ගැලවීම, වාහනවලට පහර දීම හා ගිනි තැබීම, පොලීසිය සමඟ මුහුණට මුහුණලා ගැටීම නිසා ආණ්ඩුව මහත් අර්බුදයකට මැදිවිය.


    twWtrEK.jpg
    XXQluOX.jpg


    කොළඹින් ආරම්භ වූ හර්තාල් සටන පිට පළාත්වල ද ක්‍රියාත්මක වූ බව දහවල් වනවිට ලැබුණ ආරංචි මගින් තහවුරු විය. මොරටුව, කොරලවැල්ල, කළුතර, වස්කඩුව, හොරණ, පානදුර, රත්ගම, ඌරගහ, දොම්පේ, තොටගමුව, බුලත්කොහුපිටිය, කිතුල්ගල එයින් ප්‍රධාන තැනක් ගත්තේය.


    7vh5Nku.jpg


    වාහනවලට අලාභ හානි කිරීම, ගස් පෙරලා ගමනාගමනය අවහිර කිරීම, ලී පාලම් ගිනි තැබීම විරෝධතා ක්‍රියා අතර විය. තත්ත්වය පාලනය කිරීම සඳහා රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය ද පැනවීය.


    bG60sGV.jpg


    හර්තාල් ව්‍යාපාරයේ පසු ප්‍රතිඵල කෙබඳුවී ද යන්න සලකා බැලිය යුතුය. හමුදාවේ සහ පොලිසියේ වෙඩි ප්‍රාහරයට ලක්ව නව දෙනෙක් මිය ගියහ. පුවත්පත් වාර්තාවලට අනුව සිදුවූ අනෙකුත් හානි මෙසේය:- පහර දී පොඩි පට්ටම් කළ බස් රථ 40, ගිනිබත් කළ බස් රථ 03 ක්, අත් බෝම්බ දමා ගැසූ බස් රථ 02 ක්, පුළුස්සන ලද වෑන් රථ 01 ක් සහ කොළඹ නගරය තුළ සිදුවූ ගිනි තැබීම් 11 ක් ද විය. තුවාල ලත් පිරිස 175 ද, තුවාල සිදු වූ පොලිස් නිලධාරින් 40 ද වූහ. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 390 කි.



    OQudN54.jpg

    හමුදා වෙඩි පහරට ලක්ව හර්තාලයේදී මියගිය පිටකොටුවේ කේ. එඩ්වින්ගේ දේහය අවසන් ගෞරවය සඳහා තබා තිබූ අයුරු.

    හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්වීම යන කරුණ මත, කොළඹ මහ නගර සභාවේ ද, මොරටුව නගර සභාවේ ද නගරාධිපති පාලනය අහෝසි කර විශේෂ කොමසාරිස්වරුන් පත් කෙරුණි. ඒ අනුව කොළඹ මහ නගර සභාවට ඩබ්ලිව්. ගොපල්ලව මහතාද (පසුව ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාර සහ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම ජනාධිපති) මොරටුව නගර සභාවේ ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු මහතාද (පසුව මොනරාගල සහ මහනුවර මහ දිසාපති) පත්විය.

    6xZviwO.jpg
    7oOc1DB.jpg

    විලියම් ගොපල්ලව මහතා



    තම රජයේ නියෝග මත සිදු වූ මනුෂ්‍ය ඝාතන ගැන කම්පනයට පත් අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1953.10.12 දින පදවියෙන් ඉල්ලා අස් වූ අතර, ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ ඇමති, පාර්ලිමේන්තුවේ සභානායක සර් ජෝන් කොතලාවල මහතා (62 – දොඩම්ගස්ලන්ද මන්ත්‍රී) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

    OYJWJSX.jpg

    සර් ජෝන් කොතලාවල මහතා

    මුලාශ්‍ර:
    ජී.ආර්.ඩී. බණ්ඩාර - ලංකාදීප
    https://www.lankadeepa.lk/features/පනස්-තුනේ-හර්තාලය/2-638673
    චායාරුප අන්තර්ජාලයෙනි
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තම රජයේ නියෝග මත සිදු වූ මනුෂ්‍ය ඝාතන ගැන කම්පනයට පත් අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1953.10.12 දින පදවියෙන් ඉල්ලා අස් වූ අතර

    එදයි අදයි දේශපාලකයන්ගේ වෙනස....
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Another turning point, If this hartal did not happen, and the people admits that they should not ask for subsidies, we the future generations will not pay the prices. alas that's not the reality, since then it was the governments duty to provide poor's, not encourage do something to increase income. And, with the time now, the government pays the prices for these subsidies by borrowing or selling national assets.

    salute your shorts get it right or pay the price GIF
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ හැතිකරය ඒ කාලේ ඉදලම පිනට කන්න පුරුදු වෙලා තියෙන්නෙ

    ඩඩ්ලියාගේ ආණ්ඩුව ට්‍රයි කරලා තියෙන්නේ ආදායමට වැඩිය වියදම අඩුවෙන් තියාගන්න. හාල් සහනාධාරේ දුන්න හින්දා ආණ්ඩුවට ගොඩක් නය අරගන්න වෙන සීන් එකක් තිබ්බේ. හැබැයි මිනිස්සු ඉල්ලුවේ ණය අරගෙන හරි හාල් ලාබෙට දියවූ කියලා. දැන් අවුරුදු 70 ගිහින්. හාල් ලාබෙට ඇත්තෙත් නැහැ. අන්තිමට ණයට ආණ්ඩු ගෙනියන පුරුද්ද ඇතිවෙලා 2023 දී අන්තිමට රට බන්කොලොත්ම වුනා. එදා ඩඩ්ලි කරන්න හැදුව විදියට ආර්ථිකය කරන්න දුන්නා නන් රටේ දිශානතිය ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඉස්සර ඉදන්ම පිනට කාලා තමා පුරුදු
     
    • Love
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Another turning point, If this hartal did not happen, and the people admits that they should not ask for subsidies, we the future generations will not pay the prices. alas that's not the reality, since then it was the governments duty to provide poor's, not encourage do something to increase income. And, with the time now, the government pays the prices for these subsidies by borrowing or selling national assets.

    salute your shorts get it right or pay the price GIF
    ඩඩ්ලිට කුබුරු කියලා මාන පදුරු පෙන්නලා තමයි අන්තිමට ඔය හාල් හිගේ ආවේ..පාන් නැත්තං කේක් කපල්ලා කියලා කටින් කියපු නැති ටික විතරයි ඔය මනුස්සයෝ.තාත්තාගෙන් පස්සේ පුතාට අගමැතිකම ගියේ කිහොමද කියලා සෝල්බරි සාමි දන්නෙත් නෑ....උබ කියන පොයින්ට් එක හරි හරි හමන් නායකයෙක් හිටියා නන් ඩඩ්ලි හරි හමන් නායකයෙක් නෙමෙයි.ඕකෙම තියෙනවනේ රබර් සල්ලි වලට වෙච්ච දෙයක් නෑ කියලා
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    ඩඩ්ලිට කුබුරු කියලා මාන පදුරු පෙන්නලා තමයි අන්තිමට ඔය හාල් හිගේ ආවේ..පාන් නැත්තං කේක් කපල්ලා කියලා කටින් කියපු නැති ටික විතරයි ඔය මනුස්සයෝ.තාත්තාගෙන් පස්සේ පුතාට අගමැතිකම ගියේ කිහොමද කියලා සෝල්බරි සාමි දන්නෙත් නෑ....උබ කියන පොයින්ට් එක හරි හරි හමන් නායකයෙක් හිටියා නන් ඩඩ්ලි හරි හමන් නායකයෙක් නෙමෙයි.ඕකෙම තියෙනවනේ රබර් සල්ලි වලට වෙච්ච දෙයක් නෑ කියලා
    Yes, it was the same time Malaysia and Thailand got it right; they used those rubber dollars to revive their industries, but what we did was use them for expensive commodities. You can see a glimpse of this situation in the book "Kala Handa..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉස්සර ඉදන්ම පිනට කාලා තමා පුරුදු
    අනිවා මචන්. එහෙම තමයි ඔය කඩපිල්වල දාන් ඇද ඇද කයිය ගහ ගහා හිටපු ගොබ්බයො ටික බිහි උනේ. ඕනෙම කෙනෙක්ට දේවල් නිකන්ම ලැබෙනකොට කිසි අගයක් නැහැ.