ගෝ හෝම් ඩඩ්ලි - පනස් තුනේ හර්තාලය
1952 මැයි 24, 26, 28 සහ 30 යන දින හතර පුරා පැවැති දෙවැනි මහා මැතිවරණයේ දී එ.ජා.ප. ය ආසන 54 ක් ජයග්‍රහණය කළ අතර, පක්‍ෂ නායක ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා දෙවනි වරට ද අග්‍රාමාත්‍ය පදවියෙහි දිවුරුම් දුන් නමුත්, සම්පූර්ණ මැතිසබා වාරය ඉකුත්වෙන තුරු අගමැති තනතුරේ රැඳී සිටීමට හැකි වූයේ නැත.
ඩඩ්ලි සේනානායක මහතා
1953 වර්ෂය අග්‍රාමාත්‍යවරයාට අමිහිරි වූ ද, බිහිසුනු වූද අභියෝගයකට මුහුණ දීමට සිදුවූ එකක් විය. එයට මූලික වූයේ ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකත්වය යටතේ පොදු ජනතාවද පෙළ ගැසුණු සැබෑ නැගිටීම ලෙස ඉතිහාසයේ සටහන් වෙන 1953 අගෝස්තු මස 12 දින පැවැත් වූ මහා හර්තාල් ව්‍යාපාරයයි. සමස්ත සමාජය පමණක් නොව ආණ්ඩුව ද භීතියටත්, කම්පනයටත් පත් කළ හර්තාල් දිනය එදා හැඳින්වූයේ ‘‘ලංකාව හෙල්ලුම් කෑ දිනය’’ වශයෙනි.
1950 දශකයේ කොරියානු යුද්ධය පැවැති අවදියේ ලංකාවේ ස්වාභාවික රබර් සඳහා ඉහළ මිලක් ලැබෙමින් පැවතිණ. එයින් රට තුළට ගලා ආ මුදල් නිසි පාලනයකින් තොරව සුළුතරයකගේ අවශ්‍යතා සඳහා අත්තනෝමතික ලෙස වැය කරන බවට රජයට චෝදනා එල්ල විය. යුද්ධය අවසන් වීමත් සමඟ රට මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ අතර, 1953 අය – වැය ලේඛනය මඟින් සහනාධාර කපා හැරීමට යෝජනා ඉදිරිපත් විය. බහුතර ජනතාවගේ මතය වී තිබුණේ, එවකට මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාගේ උපදෙස් මත මෙසේ සහනාධාර කප්පාදු කිරීමටත්, ඇතැම් සේවා ගාස්තු ඉහළ දැමීමටත් යෝජනා වූ බවය.
මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතා
තැපැල් ගාස්තු සහ දුම්රිය ගාස්තු වැඩි කිරීම, පාසල් ළමයින්ගේ දිවා ආහාරය නතර කිරීම නව අය – වැය යෝජනා අතර විය. ජනතාව දැඩි ලෙසම කුපිත වූයේ එතෙක් සහල් සලාක පොතට සත 35 ගණනේ ලබාදුන් සහල් සේරුවේ මිල ශත 25 න් වැඩි කිරීම හේතුවෙනි. මෙයට විරෝධය පෑමක් වශයෙන් වැඩකරන පන්තිය 1953 ජුනි 23 දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත් වූ රැස්වීමට ආණඩුව පොලීසිය යොදවා ප්‍රහාර එල්ල කර ජනාතව පලවා හැරීමට ක්‍රියා කළේය. ආණ්ඩුවේ මර්දනයටද, අය – වැය යෝජනාවලට ද එරෙහිව හර්තාලයක් කැඳවීමට වෘත්තීය සමිති නායකයෝ ඉක්බිතිව ක්‍රියා කළහ.
අගෝස්තු 11 දා කොළඹ නගර සභා පිටියේ පැවැති රැළියේදී ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා (84 – රුවන්වැල්ල) ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ අතර, නගර සභා ගොඩනැගිල්ලේ කළු කොඩි ඔසවා තිබුණේය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා
පසුවදා එනම්, අගෝස්තු 12 දා කොළඹ නගරයට හිරු උදා වූයේ එදින අලුයම 2.00 ට පමණ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ‘‘වොල් කාට් බ්‍රදර්ස්’’ සමාගමේ ගබඩාව ගිනිගෙන ඇති බව කියැවෙන ‘‘හර්තාලයේ’’ ප්‍රථම ආරංචිය ද සමඟය. වෙනදා මහත් කලබලකාරිත්වයක් උසුලන කොළඹ නගරය පුරා පැවතියේ පාළු ස්වභාවයකි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාල ද සේවකයන්ගෙන් හිස්ව පැවතින. පිටකොටුවේ විදුලි රිය පොළේ 300 පමණ ද, දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘රනිං ෂෙඩ්’’ වැඩපොළේ 1500 ක් පමණ ද, වරායේ 7000 ක් පමණ ද කොළඹ මහ නගර සභාවේ කසළ ශෝධක කම්කරුවන් ද ඇතුළු සියලු සේවකයෝ ද පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සමස්ත සේවක පිරිස ද වැඩවරා සිටියහ.
දෙමටගොඩ මස් මඩුවේ සේවකයන් ද වැඩ නතර කර සිටි බැවින්, සත්ව ඝාතනයක් ද සිදු නොවීය. ගමනාගමනය මුළුමණින්ම අඩපණ වී තිබුණි. රජය, ‘‘සවුත් වෙස්ටර්න්’’ බස් රථ සමාගමේ බස් රථ 30 ක් හමුදා සහ පොලිස් ආරක්‍ෂාව යොදවා ධාවනය කිරීමට උත්සාහ දැරුවද් දහවල් වනවිට එය ද ව්‍යර්ථ විය. විවිධ ස්ථානවල දී ගල්මුල් ප්‍රහාර එල්ලවීමෙන් බස් රථවලට විශාල ලෙස අලාභහානි සිදුවී තිබුණි. ලියුම් බෙදීම ද, දුරකථන රැහැන් කපා දැමීම නිසා විදුලි පණිවුඩ යැවීම ද, දුරකතන සේවය ද අක්‍රිය විය.
දවසේ දෙවැනි භාගය වනවිට හර්තාලයට සම්බන්ධ වූවෝ සටන සම්පූර්ණයෙන්ම සියතට ගෙන සිටියහ. ගස් කපා මාර්ග අවහිර කිරීම, දුම්රිය මාර්ග ගැලවීම, වාහනවලට පහර දීම හා ගිනි තැබීම, පොලීසිය සමඟ මුහුණට මුහුණලා ගැටීම නිසා ආණ්ඩුව මහත් අර්බුදයකට මැදිවිය.
කොළඹින් ආරම්භ වූ හර්තාල් සටන පිට පළාත්වල ද ක්‍රියාත්මක වූ බව දහවල් වනවිට ලැබුණ ආරංචි මගින් තහවුරු විය. මොරටුව, කොරලවැල්ල, කළුතර, වස්කඩුව, හොරණ, පානදුර, රත්ගම, ඌරගහ, දොම්පේ, තොටගමුව, බුලත්කොහුපිටිය, කිතුල්ගල එයින් ප්‍රධාන තැනක් ගත්තේය.
වාහනවලට අලාභ හානි කිරීම, ගස් පෙරලා ගමනාගමනය අවහිර කිරීම, ලී පාලම් ගිනි තැබීම විරෝධතා ක්‍රියා අතර විය. තත්ත්වය පාලනය කිරීම සඳහා රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය ද පැනවීය.
හර්තාල් ව්‍යාපාරයේ පසු ප්‍රතිඵල කෙබඳුවී ද යන්න සලකා බැලිය යුතුය. හමුදාවේ සහ පොලිසියේ වෙඩි ප්‍රාහරයට ලක්ව නව දෙනෙක් මිය ගියහ. පුවත්පත් වාර්තාවලට අනුව සිදුවූ අනෙකුත් හානි මෙසේය:- පහර දී පොඩි පට්ටම් කළ බස් රථ 40, ගිනිබත් කළ බස් රථ 03 ක්, අත් බෝම්බ දමා ගැසූ බස් රථ 02 ක්, පුළුස්සන ලද වෑන් රථ 01 ක් සහ කොළඹ නගරය තුළ සිදුවූ ගිනි තැබීම් 11 ක් ද විය. තුවාල ලත් පිරිස 175 ද, තුවාල සිදු වූ පොලිස් නිලධාරින් 40 ද වූහ. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 390 කි.
හමුදා වෙඩි පහරට ලක්ව හර්තාලයේදී මියගිය පිටකොටුවේ කේ. එඩ්වින්ගේ දේහය අවසන් ගෞරවය සඳහා තබා තිබූ අයුරු.
හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්වීම යන කරුණ මත, කොළඹ මහ නගර සභාවේ ද, මොරටුව නගර සභාවේ ද නගරාධිපති පාලනය අහෝසි කර විශේෂ කොමසාරිස්වරුන් පත් කෙරුණි. ඒ අනුව කොළඹ මහ නගර සභාවට ඩබ්ලිව්. ගොපල්ලව මහතාද (පසුව ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකාර සහ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම ජනාධිපති) මොරටුව නගර සභාවේ ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු මහතාද (පසුව මොනරාගල සහ මහනුවර මහ දිසාපති) පත්විය.
විලියම් ගොපල්ලව මහතා
තම රජයේ නියෝග මත සිදු වූ මනුෂ්‍ය ඝාතන ගැන කම්පනයට පත් අගමැති ඩඩ්ලි සේනානායක මහතා 1953.10.12 දින පදවියෙන් ඉල්ලා අස් වූ අතර, ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ ඇමති, පාර්ලිමේන්තුවේ සභානායක සර් ජෝන් කොතලාවල මහතා (62 – දොඩම්ගස්ලන්ද මන්ත්‍රී) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
සර් ජෝන් කොතලාවල මහතා
මුලාශ්‍ර:
ජී.ආර්.ඩී. බණ්ඩාර - ලංකාදීප
https://www.lankadeepa.lk/features/පනස්-තුනේ-හර්තාලය/2-638673
චායාරුප අන්තර්ජාලයෙනි

Last edited: