ගෞතම බුදුන් සහ මයිත්‍රී බුදුන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සත්‍ය නම් ඉතින් දෙකක් තියෙන්න විදිහක් නැ නේ...එකම සත්‍ය තමයි දෙන්නම අවබෝද කරගන්නවා ඇත්තේ.
    මම ආගම ගැන ලොකු විශ්වාසයක් අවබෝදයක් නැ,මට හිතෙන එක තමයි ඔය.

    සියලු දේ අනිත්‍යයි කියන එකනම් ඇත්ත,අඩුම තරමේ බ්ලැක් හෝල් උනත් දවසක නැති වෙලා යනවා Hawking radiation.එතකොට මුකුත්ම නැ.එකට අවරුදු හිතාගන්න බැරි ගානක් යනවනේ,අපි මේ හිමින් හිම්න් යන්නේ එතනට තමයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?
    දේසනා සමාන වෙන්න ඕන ( වැරදි නන් වෙන කෙනෙක් කියයි )
    ඒකනෙ කියන්නෙ,

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං...

    සියලු අකුසල් නොකිරීමද සියලු කුසල් ඉපදවීමද තම සිත මනාව පිරිසුදු කර ගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි
    මේකෙ මන් හිතන්නෙ කියන්නෙ , සියලු බුදුවරු දෙසනා කරපුවගෙ context එක සමානයි කියල වෙන්න ඇති

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?
    දන්නෙ නැත
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දේශනා සමානයි.

    පරම සත්‍ය ~ දෙවියෙක් හෝ කිසිවක් මැවූ දෙයක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච ක්‍රමයක්, සිත නැවත අලුත් භවයකට යන එක සහ ඒක නවත්තවගන්න ක්‍රමය..කල්ප ගානක් පෙරුම් පුරල අවබෝධ කරන් අනිත් අයට කියල දෙන එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,710
    167,352
    113
    එකමත් එක රටක
    දේශනා සමානයි.

    පරම සත්‍ය ~ දෙවියෙක් හෝ කිසිවක් මැවූ දෙයක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච ක්‍රමයක්, සිත නැවත අලුත් භවයකට යන එක සහ ඒක නවත්තවගන්න ක්‍රමය..කල්ප ගානක් පෙරුම් පුරල අවබෝධ කරන් අනිත් අයට කියල දෙන එක.
    මිනිසා මුලින්ම ස්වභාවිකව දැන් ඉන්න විදියට හැදුන කියලද කියන්නේ නැත්නම් වෙන ලෝකෙකින් ආපු කතාවක්ද?
     
    • Like
    Reactions: TNHM

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,707
    113
    මොනර තැන්න
    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ? අල්ලාහ දෙවියන්
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ? අල්ලාහ දෙවියන්
    ඉන්න ඕනේ නේද ? අල්ලාහ දෙවියන්
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ? අල්ලාහ දෙවියන්

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ - අල්ලාහ දෙවියන් ඔබට සමාව දෙනු ඇත !
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිසා මුලින්ම ස්වභාවිකව දැන් ඉන්න විදියට හැදුන කියලද කියන්නේ නැත්නම් වෙන ලෝකෙකින් ආපු කතාවක්ද?
    ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු සියුම් ආලෝකමත් ශරීර තියෙන ජීවි කොට්ටාශයක් පස්සෙ ඝන ශරීර තියෙන මිනිස්සු තත්වයට පත්වුනා කියල තියෙන්නෙ..මතක හැටියට කල්ප විනාශයකින් ඉතුරු වෙන අය තමා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ
    Nature thamai parama sathya.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,590
    6,338
    113
    අමතක උනා නේද? ඊයෙ පෝය ළමයි පෝයට ඔහොම දේවල් හිතෙනවා.

    mahesh නං ගොඩ ගියා දැන් ඉන්නේ අනිත් කට්ටිය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,710
    167,352
    113
    එකමත් එක රටක
    ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු සියුම් ආලෝකමත් ශරීර තියෙන ජීවි කොට්ටාශයක් පස්සෙ ඝන ශරීර තියෙන මිනිස්සු තත්වයට පත්වුනා කියල තියෙන්නෙ..මතක හැටියට කල්ප විනාශයකින් ඉතුරු වෙන අය තමා.
    ඒකනේ.. ඉබේ හැදුන කියල නෑ.. බඹ ලොවින් ආලෝක සංඥා විදියට ආපු කතාවක් තියෙන්නේ..
    ඒකත් නිකන් ආදම් ඒව වගේ පුර්ණ මිනිස්සු ගෙනත් දැම්ම වගේ කතාවක්ද?
    නොදියුණු තැනක ඉදල පරිණාමනය උන කතාවකට වඩා වෙනස් කතාවක්
     
    • Like
    Reactions: TNHM and kinkon

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ

    සත්‍යක් නිර්මාණය කරන්න කෙනෙක් ඕනේ නෑ. ගඟ ගලනවා පුද්ගල මූලයක් නැතුව හැදෙන සත්‍යයක්​

     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකනේ.. ඉබේ හැදුන කියල නෑ.. බඹ ලොවින් ආලෝක සංඥා විදියට ආපු කතාවක් තියෙන්නේ..
    ඒකත් නිකන් ආදම් ඒව වගේ පුර්ණ මිනිස්සු ගෙනත් දැම්ම වගේ කතාවක්ද?
    නොදියුණු තැනක ඉදල පරිණාමනය උන කතාවකට වඩා වෙනස් කතාවක්
    අවුරුදු 2500කට කලින් මිනිස්සුන්ට දැන් කාලෙ වගේ පිට ලෝක, තල, ජීවීන් ගැන ප්‍රශ්ණ අහන්ඩ දැනුමක් තියෙන්ඩ නැතුව ඇති..ඒක නිසා සරළ විදියට දේශණා කරපු දේවල් ගැන වැඩි යමක් හිතාගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ.

    කල්ප විනාශයක් වෙලා පොලොව ආය හැදිල ජීවීන් ඇතිවෙන්ඩ සුදුසු මට්ටමට ආවට පස්සෙ ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන් අනිත් සත්තු ගස් වැල් එක්කම කාලයක් පරිණාමය වෙලා බුද්ධ කාලය වෙනකොට ධර්මය අවබෝධ කරගන්ඩ පුලුවන් මට්ටමට මොලේ දියුණු වෙලා එන්ඩ ඇති කියලයි හිතෙන්නෙ. (වානරයො පරිණාමය උනා කියන එක නෙවෙයි හැබැයි)

    වෙච්ච විදියට වඩා Brain එකක් තියෙන සතෙක් ඉපදුනොත් හෝ වෙනත් ලෝකෙකින් ආවොත් ඒකත් එක්ක නිවන් දකින තුරු සසර සැරි සරන සිතකුත් (විඥානයක් ) තියෙනව කියල හිතන එක තමා හරි ක්‍රමය මට හිතෙන්නෙ.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ
    මයිත්‍රී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නෙත් චතුරාර්‍ය සත්‍යම තමා. බුදුරජාණන් වහන්සේ සියලු ලෝක වලින් අසමානයි, සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒකයි, අසමසම කියන්නේ.

    පරම සත්‍ය කියන්නේ ලෝක ස්වභාවයක්. ඒක ලෝකයේ තියෙන දෙයක්, හට ගත් විදියක් ගැන හොයන එකේ තේරුමක් නෑ.

    බුදුවරු කරන්නේ කාලයක් එක්ක වැහිලා ගිය පරම සත්‍ය නැවත මතු කරන එක. හරියට, කාලක් එක්ක නටබුන් උන නගරයක් නැවත මතු කරලා අරගෙන සමුර්ධිමත් කරනවා වගේ. - නගර සූත්‍රය. සංයුක්ත නිකාය, නිදාන වර්ගයේ මහා වර්ගය https://pitaka.lk/main?n=221074
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අවබෝධ කරනවා ඇත්තෙ එකම සත්‍ය තමා.දේශනාත් සමාන ඇති.බුද්ධ ධර්මයෙ හැටියට දැන් ගෞතම බුදුන්ගෙ දේශනා ගැන අහල තියෙන,දන්න අය මෛත්‍රී බුදුන්ගෙ කාලෙ නෑ.ගෞතමයන් හා ඊටත් කලින් හිටි බුදුවරු ගැන දැනගන්න ඇබින්දත් දැනගන්න වෙන්නෙ මෛත්‍රී බුදුන්ගෙන් තමා.රහතන් වහන්සේලත් දන්නව ඇති සමහර විට.ෂුවර් නෑ.ඒ කාලෙ වෙද්දි ඉන්නෙ වෙනම සෙට් එකක් නිසා එකම දේ ආයෙ ආයෙ රිපීට් උනාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: TNHM and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    දේශනා සමානයි.

    පරම සත්‍ය ~ දෙවියෙක් හෝ කිසිවක් මැවූ දෙයක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච ක්‍රමයක්, සිත නැවත අලුත් භවයකට යන එක සහ ඒක නවත්තවගන්න ක්‍රමය..කල්ප ගානක් පෙරුම් පුරල අවබෝධ කරන් අනිත් අයට කියල දෙන එක.

    Same answer
    මම තව දෙයක් එකතු කරනවා.

    පරම සත්‍යය කවුරුවත් අවබෝධ කරගත්තෙ නැතත් වෙනස් වෙන්නෙ නෑ. ඒක එහෙමයි.

    උදාහරණයක් විදියට ගොන්ටා ෆේල්. ඉරෝසානයා & අනිත් බයිසන්ලා කුණුහරුප වපුරලා, කෑගහලා, වැළපිලා මැරෙන්න හැදුවත් ඒක වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන්නෙ අනිත් උන්ට පරම සත්‍යය දැනගන්න අවස්ථාව අඩුවෙන එක විතරයි.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්‍යමද ? ඒ දේශනා සමානද ?

    අවබෝද කරණ "සත්‍ය" එකයි කියන්නේ නිර්වාණය සහ පටිච්චසමුප්පාදය වගේ දේවල්නම් ඔව් ඒක එහෙම විය යුතුයි. දේශනා සමානද කියන්නේ ඒ ඒ කාලවල තියෙන වචන සංකල්ප භාවිතා කරලා ඒ කාලෙට ගැලපෙන්න දේශනා කරයි. අද මේ තියෙන වචන සහ සංකල්ප "වලින්ම" දේශනා කරයි කියලා හිතන්න අමාරුයි.

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?

    "නිර්මාණයක් පරම සත්‍යයක් විය නොහැකියි". මේ ලෝකය අපේ නිර්මාණයක්. හඳුනාගැනීම් නිසා ගොඩනැගෙන්නක්. පෘතක්ජනයෙක් යම්කිසි දෙයක් හැඳිනගැනීම තුලම තියෙන්නේ මෝහය (මුලපරියාය සුත්‍රය බලන්න). ඒ හඳුනා ගැනීම තුල යම්කිසි දෙයක් විදහා දැක්වෙනවා. ඒ නිසාමයි නිබ්බානය පරම සත්‍ය වෙන්නේ වෙන්නේ. නිවන මෙයයි කියල විදහා දැක්විය හැක්කක් නොවේ. එතුල කිසිවක් විදහා දැක්වීමක් නැහැ (මූල පරියාය හෝ සමාධි සුත්‍රය බලන්න). ඒ නිසයි නිවණ පරම සත්‍ය වෙන්නෙ.

    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?

    උඩ පිලිතුරුත් එක්ක මේ ප්‍රශ්න දෙක පදනම් විරහිත වෙනවා බුඩිස්ට් කන්ටෙක්ස්ට් එකේදී.

    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    අසත්‍ය තිබෙන නිසා.

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ

    ඒකට කමක් නැහැ. සද්භාවයෙන් ප්‍රශ්න අහන එක හොඳයි.

    මුලපරියාය සුත්‍රය
    සමාධි සුත්‍රය

    මම කැමතියි අභිධම්ම ක්‍රමයට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවනම් කව්රුහරි. මට දැනගන්න...
     
    Last edited: