ඝාතකයාට හර්ද සාක්ෂියෙන් ගැලවීමට හැකියාව&
ඝාතකයාට හර්ද සාක්ෂියෙන් ගැලවීමට හැකියාවක් නොමැත!
“මිනිහෙක් පැහැර ගත්තනම් අනිවාර්යෙන්ම මරණවා. ඒක නිසා දේශපාලනය මොකක් උනත් තරාතිරම මොකක් උනත් කමක් නෑ ඉස්සර වෙලා ජීවිතය බේර ගන්න ඕන. ඒක හතරවටේ දගලලා පොලීසියට කියලා වැඩක් නෑ. මහින්දට කතා කරන්න ඕන. මොකද එයා තමයි දන්නේ මේ පැහර ගන්න නෙට් වර්ක් එක. එදා දවසේ කවුද කාවද පහැර ගන්නේ කියලා මහින්ද දන්නවා. පොද්දල පැහැර ගත්ත වෙලාවේ මහින්දව කතා කරලා තිබුණා. අරගන විනාඩි 45 යි පෙද්දලගේ කකුල් දෙකත් කඩලා වද දීලා තිබුණා. ” – විදෙස්ගත කතෘවරයෙක්
බලකාමයේ හා ධන ලෝභයේ මනෝ විකෘතියක් ලෙස ඕනෑවටත් වඩා ඔප්පු කර ඇති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කෙරුවාව මතුපිටින් උලා කෑමෙන් තව දුරටත් පලක් නැත. එහෙත් එම පාලන සමය තුල සිදුවූ දෙයට තවමත් මාධ්‍ය මල් වෙඩි මිස නීතිය ක්‍රියාත්මක කිරීම කෝදුරු තෙල් සාම්ප්‍රදායට ඇද වැටෙමින් පවති. එවැනි තත්වයක් තුල මහන්ද රාජපක්ෂ විසින් තහවුරු කරන ලද හොර තක්කඩි ඝාතක දේශපාලන සංස්කෘතියට පහර දිය යුතුව තිබේ.
දෙවැනි කරුණ රාපක්ෂ පන්නයේ නැවත ආන්ඩුවක් බලයට පැමිණ තමන් මුදවාගන්නා තෙක් බලාසිටින හොර ඝාතක කප්පම්කාර නිලධාරී තට්ටුවක්ද මහින්ද බලයට ගෙන ඒමට දගලන හොර කොමිස්කාර දේශපාලක ස්ථරයක් ක්‍රියාත්මක වෙමින් සිටීමය. මේ වන විටත් එලියේ මහින්ද වෙනුවෙන් ජාතිවාදය වපුරමින් සිටින කන්ඩායමට අමතරව ඇතුලත මහින්ද එන තෙක් බලාසිටන නිලධාරී තට්ටුව යනු යහමින් පසුගිය පාලන සමයේ දේශපාලන අපරාධ වල නිරත වෙමින් මහින්දගෙන් අපරාධ දේශපාලය මත යැපෙන්නෝ වූහ.
එකල හිටපු අගවිනුසුරු වරියට මිනිමරුවෙකුට ඇති අයිතිය නොදුන් කලක මිනිමරුවන්ගේ පමණක් නොව රටේ ජනතාවගේ තත්වයි කෙබදුදැයි අමුතුවෙන් විමසිය යුතුව නැත. ඊට එරෙහිව ජවතාව තවත් වසර දෙකක් තිබියදී මහින්ද පරාජය කල නමුත් මහින්දගේ දේශපාලන ඝාතක සංස්කෘතිිය රට හමුවේ දිග හැරෙන ඉගි පලකරන සිදුවීම් ගනනාවක් මෙම ආණ්ඩුවට යන්තම් දින 50 සැපිරෙන විට වාර්තා විය. ඊට අනුව මහින්දගේ අපරාධ දේශපාලනයේ පූර්ව ලක්ෂණ පොලීසිය පෙන්වා තිබිණි
නීතිය හා පොලීසිය
ලංකාවේ පොලීසිය යනු ඝාතක දේශපාලනයේ බලල් අතවේ එම බලල් අත යොදාගත් එකම පුද්ගලයා මහින්ද නොවෙන බවට ඕනෑ තරම් උදාහරණ සමාජයේ හමුවේ දිග හරී තිබේ ගැටළුව නව ආණ්ඩුව යටතේ එම සාම්ප්රදායන්ම නැවත්ත මතු වන්නට පටං ගැනීමය. කවදාත් ධනය හා බලය ඇති තැනට අත නොතබන පොලීසිය මෙම ආණුඩුව බලයට පත්වීමෙන් පසුවද රාජපක්ෂ සාම්ප්‍රදාය අනුව කටයුතු කරමින් සිටීන බව තහවුරු කෙරෙන සදුවීම් ගනනාවක් නැවත වාර්තා වූයේ මෙසේය.
1 අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු තලවකැලේ දී කොත්මලේ ජලාශයට පැන මියගිය බවට පැවසෙන සිද්ධිය.
2 සූරිය වැව දී පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පරදී ඝාතනය කිරිම.
3 මිහිරිගමදී සිවිල් ඇදුම් ඇදගත් කන්ඩායමක් පුද්ගලයෙකු පැහරගන යාමට තැත්කිරීම හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා එය වැටලීමක් බවට පසුව අර්ථකතනය කිරීම.
4 පොලිස් නිල ඇදුම්ලාගත් සන්නද්ධ කන්ඩායමක් පෙ.ස.ප කාර්යාලයට ඇතුළු සෝදිසි වරෙන්තුවක් නොමැතිව එම කාර්යාලය බලහත් කාරයෙන් පරීක්ෂා කිරීම හා කාර්යාල කන්ඩායමෙන් බලෙන් ප්‍රකාශ ලබා ගැනීම.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලේ පොලීසිය එවන් පරීක්ෂාවක් නොකල බවය.
මෙම සිදුවීම් හතර වු කලී මෙම ආන්ඩුව බලයට පත්ව ගෙවුන දින 50 ඇතුලත සිදුවූ දෑය
මහින්දගේ පාලනයේ පොලීසියේ කෙරුවාවත් මාධ්‍ය ප්‍රකාශකගේ කතාත් ගැන නැවත ජනතාවට අළුතෙන් කියන්නට අවශ්‍ය නැත. එහෙත් පොලීසියේ අපරාධ මානසිකත්වය තේරුම් ගැනීමට හිටපු පොලිස්පති වරයෙකු වූත් පසුව නීතිය හා සාමය පිළිඹද අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කරමින්ම වෙලේසුදා නැමැත්තාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහින්ද බාලසූරියය අතීත කි්රයාවක් ඉදිරිපත් කල හැකිය.
මහින්ද බාලසූරිය 89 වසරේ පැවති මර්ධනය හමුවේ මාතලේ පෝසිලේන් කර්මාන්ත ශාලාවේ පවත්නාගන ගිය වදකාගාරය පවත්වාගන ගිය පොලිස් පැලැටූනය බාර පුද්ගලයා විය. එම ගබඩාවට යාබදව විශාල වතුර ටැංකියක් විය. වදකාරයට රැගෙන එන තරුණයන් අතපය බැද දමා වතුර ටැංකියට අතහැර දගලා මරණයට පත්වන අයුරු බලා සතුටු වීමේ විකෘති මානසිකත්වයක් මහින්ද බාලසූරියට තිබිණි. අදටත් ඒ පිළිඹද ඇසින්දුටු සාක්ෂි තිබේ. එහෙත් එවැනි අපරාධ කරුවෙකුට දඩුවම් ලැබීම වෙනුවට පසුව රටේ පොලිස් පතිවරයා විය. මහින්දගේ ආන්ඩුවේ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් මාංචු දමාගන වතුරට පැන පිහිණීම ආරම්භකලේද මහින්ද බාලසූරිය පොලිස්පති වීමත් සමගය. මෙවැනි සහසික අපරාධකාරී මනසිකත්වයන් ලංකාවේ දේශපාලනය තුල පුද්ගලිකව අත්හදා බැලූ පුද්ගලයා මහින්ද රාජපක්ෂය විය.
එවැනි තවත් උදාහරණ වෙතොත් වස් ගුනවර්ධන , අනුර සේනානායක වැනි පුද්ගලයන්ය. පොද්දල තරුණයන් හතර දෙනෙකු ඇස්බැද අතපය පිටුපසට කොට ඝාතනය කරන ලද්දේ වාස් ගුනවර්ධන විසිනි. එමෙන්ම කහ වත්තේ ඝාතන වලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු පැහැරගෙන යනලදුව එම ඝාතනවල ඇත්ත වසන් කරන ලද පුද්ගලයා වාස් ගුනවර්ධනය. ශිරන්ති රාජපක්ෂගේ රන් ගනුදෙනුව එලිදරවු කල වරදට කොටුකල පසුත් රාජපක්ෂ උෂ්නය වාස්ගෙන් සිදී තිබුණේ නැත. “තෝ දැනගනින් ශානි මම මිනී මරුවෙක්” කියා පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වූ ශානි අබේසේකරට තර්ජනය කරන්නට තරම් රාජපක්ෂගේ චන්ඩියෙකු විය.
එමෙන්ම අනුර සේනානායක දැනට රට හමුවේ බබාපාට් දමන කිසිවක්ම කර නැති හොදම හොද උපාසකයෙකි. දානපතියෙකි. දාන පතියෙකුට අමතරව ලංකාවේ සී. ඞී තැටියක් විකුණා කෝටිපතියෙක් වූ එකම පුද්ගලයාය. මොහුට පොලීසිය ඇතුලේම නිලධාරීන් චෝදනා කරන පරිදි ඝාතන අපරාධ කප්පම් සියල්ල වසාගැනීමට පොලිස් සුභසාධනයට කෝටියක මුදලක් පරිත්‍යග කිරීමෙන් වසන්කල හැකියයි අනුර සේනානායක සිතා සිටී. එපමණක් නොව මැගසින් බන්ධනාගාරයේ සිර මරදිරිවලට තුවක්කු කට දමා සිරකරුවන් ඝාතනය කල රංගජීව වැනි පොලිස් ඝාතකයන් මහින්ද එන තුරු වීමට බලා සිටීන්නේ තමන්ට එරෙහිව කට එසවූවන් අවසන් කර සුදනන් වීමටය.
මහින්ද රාජපක්ෂ අවශ්‍ය බවට පලාත් පාලන ආයතන වල යෝජනා සම්මත වෙමන් ඇත. එය පුදුමයට කරුණක් නොවේ මහන්දගේ ෙඓචර්යමත් පාලනය හමුවේ රට පුරා ස්ත්‍රි හා ළමා දූෂණ කරමින්ද වැලි ගොඩ දැමීම පස් කැපීම මීනී මැරීම කුඩු ජාවාරම්වල නිරත වීම ඇතුළු දූෂණ වල නිරතවූ පලාත් පාලන මන්ත්‍රින් ප්‍රමානයක් අත්අඩංගුවට ගන්නා ලද්දේ මහින්ද රාජපක්ෂ ගේ පාලන සමයේදීය. ඇතැමෙක් නඩුවලින් නිදහස්වූහ තවත් පිරිසක් පොලීසිවලට බලපෑම් කිරීමෙන් සිය කටයුතු නිදැල්ලේ පවත්වගන ගියහ. එවැනි පිරිස් වලට මහින්ද ඇතත් නැතත් එම සාම්ප්‍රදාය අවශ්‍යය ජනතාව මහින්ද එපා කියන විට ඔහු නැවත ගෙන එන්නට දගලන අනෙක් කන්ඩායම එල්ලෙන්න දේශපාලන වැල් නැති වමේ පතුර පක්ෂ දෙකක් හා පතුරක්වත් නොවන විමල්ගේ පක්ෂය පමණි.
ජනාධිපතිවරනය පරාජය වීමෙන් පසුවත් මහින්ද සමග සිටි නිමල් සිරිපාලලා මහින්දට එරෙහිව කට කටඩුනු කතා කියමින් යන්නේ නැවත මහන්දට රට හමුවේ දේශපාලන වලංගු භාවයක් නොමැති නිසාම පමණක් නොව ඒ මත යැපීමට තවදුරටත් තමන්ට යමක් නොවන නිසාය. එමෙන්ම තමන්ද වගකිවයුතු පසුගිය ආන්ඩුවේ දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් ගැලවී තම දේශපාලන ගමනේ පැල්ලම් මකාගනු පිණිසය. එය ඔවුන්ට මහින්ද පිටම පැට වීම සරල හා පහසු විවේචනයක් සමාජය තුල මහිනදත් එම පවුලත් කේන්ද්‍ර කරගන ගොඩ නැගී ඇති නිසාය.
හමුදාව, පොලීසිය, අර්ධ සන්නද්ධ හමුදා, විවිධ අපරාධ කරවන්, මුදලට විකිනෙන පක්ෂ විපක්ෂ තක්කඩි, සහ රජ්‍ය මධ්‍ය පමනක් නොව පුද්ගලික මාධ්‍ය යටත්කොට කූට ජඩ මැතිවරණ උපක්‍රම යොදමින්ද, රාජ්‍ය දේපල උපරිම වශයෙන් යොදා ගනිමින්ද, අරලිය ගහ මැදුරේ දිනපතා දන්සල් දෙමින්ද රටපුරා පැය 24 ජනතාවට භාන්ඩ බෙදමින්ද පිස්සු බල්ලන් මෙන් වෙඩි තබමන් පහර දෙමන් කලහැකි සියල්ල සිදුකර මැතිවරණ ව්‍යපාරය කලත් දින්නට බැරිවූ ඡන්දය ඒ කිසිවක් නැතිව දිනනනේ කෙසෙදැයි මහින්ද ඉල්ලන පිරිස සිතන්නේ නැත.
දේශපාලනය සහ අපරාධ
පසුගිය කාලය තුල පද්ගලයන් ආකාර තුනකට පැහැර ගන්නා ලදී.
1 රාජපක්ෂ පාලනයට එරෙහිව හඩ නගන්න්.
2 මෙරට අපරාධ වලට සම්බන්ධ තෝරාගත් පිරිසක්.
3 මිලියන ගනන් කප්පම් ගැනීම සදහා පැහැරගන මුදල් ලබාගත් පසු ඔවුන් ඝාතනය කල ව්‍යපාරිකයන්.
මෙලෙස පැහැරගන අතුරුදහන් කල පිරිස කොපමන සංඛාවක් දැයි පැහැදිලි නැත.
2007 වසරේ සිට 2009 දක්වා කොලඹින් පමක් පුද්ගලයන් 500 කට ආසන්න පිරිසක් පැහැරගනු ලැබූ බවට වාර්තා වූ අතර 2012 වසර වන විට මාලිගා වත්තෙන් පමණක් පැහැර ගත් පිරිස 62 කි. එහෙත් රට පුරා මෙලෙෂ පැහැරගන යනු ලැබූ පිරිස කොපමණ දැයි මෙතෙක් නිශ්චිත ගනනයක් නොමැති අතර මොවුන් මරාදමා ඇත්නම් මල සිරුරු වලට සිදුකලේ කුමක්දැයි මෙතෙක් අනාවරවණය වී නැත.
එහෙත් වොඞ් පෙදෙසේ එක්තරා රූපලාවන්‍යගාරයකට පැමිණෙන පුද්ගලයෙකු විසින් මෑතක ඒ පිළිඹද යම් ඉගියක් සපයා තිබිණි. මෙම ස්ථානය පසුගිය ආණ්ඩුවේ කෙහෙලිය රඹුක්වැල්ල දුමින්ද සිල්වා වැනි පුද්ගලයන් පැමිණෙන ස්ථානයකි. එහි පැමිණෙන මෙම පුද්ගලයා පවසා තිබුණේ මෙලෙස පැහැරගන්නා පුද්ගලයන් කුඩාකබලි වලට කපා පොලිතින් බෑග් වල අසුරා මුහුදට දැමීමට රැගෙන යන බවය. මෙම ප්‍රකාශයේ මූලාශ්‍රය කුමක් වුවද මෙලෙස පැහැර ගනු ලැබූ පුද්ගලයන් ගේ සිරුරු වලට වලට කුමක් කලේදැයි අදටත් අභිරහසකි.
මෙම පහැර ගැනීම් පිටුපස මහින්දගේ ආණ්ඩුව සිටින බව වරින් වර හෙලි වුවද ඊට එරෙහිව ප්‍රමාණවත් හඪක් නැගුනේද නැත. එම පැහැර ගැනීම එලිදැවුවූ එක් සිද්ධියක් වන්නේ කොලොන්නාවේ නගරාධිපති පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් ප්‍රදේශයේ ජනතාව අල්ලා පොලීසියට බාර දීමත් පසුව අනුර සේනානායක මැදිහත් වී ඔවුන් මුදවාගන ගිය ආකාර එකල මාධ්‍යවල පලවිය මෙම පැහැර ගැනීම් පිටුපස සිටින්නේ මහින්ද රාජපක්ෂම බවට හෙලිවූ තවත් සිදුවීමක් වන්නේ පහත සිදුවීමය.
“වෑන් එකට දාගත්ත වෙලාවේ ඉදලා මට අතින් පයින් පහර දෙමින් රුපියල් ලක්ෂ 500 ක් දෙන ලෙස ඉල්ලා සිටියා එවැනි මුදලක් නෑ කියන වටත් මට පහර දුන්නා බැරීම තැන මම ඔවුන්ගෙන් ගිණුම් අංකයක් ඉල්ලා සිටියා නමුත් මේ සිද්ධිය කාටවත් නොකියා මුදල් දැන් දීපං කියලා මට ගැහුවා සිද්ධිය වූ සැණින් මගේ රියදුරා හැමෝටම කතා කරලා තිබුණා ජීවන් කුමාරතුංග අයියා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාටයි ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාටයි කතා කරලා මාව බේරා ගත්තා ඊට ඉස්සරවෙලා මාව දාතන එන වෑන් එකේ පටිපස්සේ තව කෙනෙක් කෙදිරිගානවා ඇහුණා බුදු අම්මෝ මාව බේර ගන්න මට යන්න දෙන්න කියලා දොඩෙවුවා”
මේ පසුගිය ආණ්ඩුවේ තැපැල් ඇමති වරයාගේ ඥාතියෙකු වන සාගර සේනාරත්න මහතා පැහැර ගත් අවස්ථාවේ ඔහු විසින් ජාතික පුවත්පතකට ප්‍රකාශයයි. ඉන් හෙලි වන්නේද මෙලෙ සිදුවූ මිනිස් ඝාතන පිටුපස මහින්දත් ඔහුගේ ආණ්ඩුවත් සිටි බවය.
අභිරහස් ඝාතන
ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මරණය.
ශ්‍රිපති සූරියආරච්චි මරණය.
දමු දසනායක ගේ මරණය.
ජානක පෙරේරාගේ මරණය.
ජනක හා සසිත යන සිසුන්ගේ මරණ.
රගර් ක්‍රිඩක තාජුඞීන් ගේ මරණය.
ජෙයරාජ්ට බොම්බය එල්ල වූ අවස්ථාවේ ඒ අසල රැුදී සිටි බැසිල් රාජපක්ෂගේ රැකවලූන් දෙදෙනාගේ මරණය.
මහින්දගේ ආණ්ඩුවේ ඇමති වරයෙකු වූද මෙම ආණ්ඩුවේද ඇමතිවරයෙකු වන චම්පික රණවක මහිනදගේ අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් අපූරු කතාවක් කීයූ බවට මාධ්‍ය වාර්තා පලවිය. එනම් පසුගිය එජාප ආණ්ඩුව කල වැරදි සම්බන්ධයෙන් නඩු පැවරුණේ නැති බවත් මහින්ද රාජපක්ෂටද දැඩුවම් නොකරන්නට ඉඩ තිබෙන අතර මහනිදට හෘද සාක්ෂියෙන් ගැලවීමට හැකියාවක් නොමැති බවයි. එහෙත් මහින්දට හෘදසාක්ෂියක් නොමැති බව චම්පික නොදන්නා නමුත් ජනතාව දනී මහින්දව ජනතාව පරදන්නේ චම්පිකලා කියූ නිසා නොව ඉහත කරුණ ජනතාව දන්නා නිසාය.
ධම්මික ප්‍රියදර්ශන
http://lankaevoice.com/?p=5113