ඝාතනය වන සත්වයා මිනිසාට සාප කරනවාද..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඝාතනය වන සත්වයා මිනිසාට සාප කරනවාද..?

    169229457caf83852ed53a6a6d4c4c222a56c532.jpg


    පුළුවන් නම් ේ ලිපිය අවසන් වෙනකන් කියවන්න..:(

    ලෝකයේ ශිෂ්ටාචාරය ආරම්භ වූ දා පටන් මිනිසාට අවශ්‍ය ආහාර සපයාගත්තේ දඩයම මඟිනි. දඩයමින් සොයාගත් ගොදුරක් පුළුස්සා අනුභව කිරීමටත්, මී පැණියෙහි දමා කල් තබා ගැනීමටත් පැරණි මිනිසා පුරුදු විය. කල්යත්ම සිදු වූ බුද්ධි වර්ධනයත් ආගමික ප්‍රබෝධයත් සමඟ නව චින්තනයක් සමාජය තුළ පැතිරිණි. ඒ ඔස්සේ සමාජය තුළ විවිධ මත බිහිවිය. ඇතැම් ආගම් සත්ව ඝාතනය ප්‍රතික්ෂේප කළ අතර තවත් අය ඒවා නිර්දය ලෙස විවේචනයට ලක් කෙරිණ. කුමන ආගමක් තුල වුවද අවිහිංසාව ප්‍රධාන සංකල්පය විය යුතුය.නමුත් බටහිර සමාජ සංස්කෘතිය සමඟ මිශ්‍ර වූ ආගම් බොහොමයක් එයින් බැහැරව සිටී. ඔවුන්ගේ ජීවිතයේ යහපත් කටයුත්තකදී මෙන්ම ප්‍රීතිමත් අවස්ථාවකදී එය සංකේතවත් කරන ලද්දේ මාංශ අනුභවයෙන්ය. සත්ව බිලිපූජා පැවැත්වීමෙන්ය. අද ද එම සංකල්පය හසුරුවන ආගමික මතවාද ඇත. නමුත් බුදුසමය මෙම සත්ව ඝාතනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

    සත්ව මාංශ ආහාරයට ගැනීමේ දී නොයෙක් රෝග හට ගන්නා බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. වැඩිපුර මාශ අනුභව කිරීමෙන් ජීර්ණයට අපහසු වේ. මේදය අධික වීමත් ඒවා උදරයේ තැම්පත්වීමත් නිසා ශ්වසන මාර්ග අවහිරතා ඇතිවේ. අධික ස්ථූලභාවය සඳහා ද ප්‍රෝටීන් බහුල වීම එක් හේතුවකි.


    කෙසේ නමුදු මිනිස් ශරීර සැකසී ඇත්තේ ශාක පමණක් ආහාරයට ගන්නා සත්වයකුගේ ස්වරූපයෙනි. මෙම ශාරීරික ලක්ෂන 21ක් මිනිස් සිරුරේ දකින්නට ඇත. ආමාශය දිගටිය. මල්ලක හැඩය ගනී. දහඩිය සමෙන් පිටකරනු ලබයි. කෙලවල ටයිලින් රසායනය ඇත. වතුර බොන්නේ තොල් වලිනි. ගෙඩි කඩාගෙන කෑමට අතක් පයක් සකස් වී ඇත. අඹරා කෑමට දත් සකස් වී ඇත. තියුණු නිය හා උල් දත් නැත. ශරීරයේ කිරි වෙනත් පුද්ගලයෙකුට බීමට සුදුසුය. යටි හක්ක දෙපැත්තට සෙලවිය හැක. හයිඩ්‍රොක්ලොරින් අම්ලය අඩුය. විශ සහිත යූරික් අම්ලය ඉවත් කිරීමේ හැකියාව අඩුය. යූරියා බිඳ දමන යුරිසෙස් එන්සයිමය ශරීරයේ නැත. එක එල්ලේ දිවීමට හැකියාව ඇත. නිද්‍රාව අඩුය. අස නැත. බර ඇඳීමට පුළුවන. දිව මෘදුය. ආහාර ගැනීමේදී සන්සුන් මෙන්ම හීලෑ කිරීම පහසුය. මෙයට විරුද්ධ වූ අයුරින් මස් අනුභව කරන සතුන්ගේ දේහ විලාසයන් පිහිටා ඇත.


    වර්තමානයේ බොහෝ පිරිස් මාංශ ආහාර වලට ගිජු කමක් දක්වතී. එමෙන්ම මස් මාංශ ඇසුරෙන් නිෂ්පාදනය වන ආහාරද මිලදී ගැනීමට වෙලඳ පොළෙහි පවතී. ඒ සඳහා ඉඳිවෙන කර්මාන්ත ද දිනෙන් දින වැඩිවනවා මිස අඩු වීමක් ද දකින්නට නැත. මස් මාංශ කල් තබා ගැනීම සඳහා මෙන්ම එහි අඩංගු නියමිත බර, වර්ණය රඳවා ගැනීමට එන්නත් කරති. මේවා තුළ අන්තර්ගත වී ඇත්තේ රසායනික ද්‍රව්‍යයන්ය. මේවා ආහාරයට ගැනීමෙන් වනුයේ විවිධ වූ රෝග කාරකයන් ශරීර ගත වීමයි. වර්තමානයේ බොහෝ දෙනෙක් රෝගයන්ට ගොදුරු වී ඇත. සමහර විට මස් මාංශ වල අඩංගු රසායනික ද්‍රව්‍යයද මීට හේතු වූවා විය හැක. සත්වයන් අතරද රෝගී තත්වයන්ට ගොදුරු වූ සතුන් සිටිතී. එම සතුන්ගේ රෝගයන් හඳුනාගැනීමට නියමිත ක්‍රමවේදයක්ද නැත. අප අනුභව කරනු ලබන සත්වයා රෝගී සත්වයකු නම් මාංශවල අඩංගු බැක්ටීරියා, දිළීර අපේ ශරීරයේ තැම්පත් වීමටත්, එමඟින් එම වෛරසය අපගේ ශරීරයේ පැතිරීමටත් ඇති හැකියාව වැඩිය. මේ නිසා විවිධ රෝගයන් ඇතිවේ. ශාක මඟින් ලබාගත හැකි විවිධ පෝෂක කොටස් ඇත. මස්වලින් එම පෝෂක කැලරි ප්‍රමාණයක් ලබා ගත නොහැකි බව වත්මන් වෛද්‍ය විද්‍යාත්මක මතයද වී ඇත. නිර්මාංශ පුද්ගලයකුගේ මතක ශක්තිය, ශරීර ශෝභාව මෙන්ම චිත්ත ධෛර්ය ද වැඩි බව සමාජ විද්‍යාඥයින් විසින් මේ වන විටත් පිළිගත් මතයයි.


    සෑම සත්වයකුම තමාගේ පණට කැමතිය. මරණය යනු ජීවිතයේ අවසානයයි. එහෙත් වේදනාකාරී, අමිහිරි අත්දැකීමකින් මෙලොවින් සමුගෙන යාමට මිනිසා ද අකමැතිය. සතා සිව්පාවාටද එම දැනීම එලෙසම වලංගුය. වේදනාවෙන් ගැහෙමින්, බියෙන් මස් වැද්දාට පුදන ජීවිතය ඉතාම සෝචනීය වේ. එම සතාගේ ආදාහන භූමිය වන්නේ උදරය බව ඔබ මොහොතකට සිතුවාද..?

    බෞද්ධ දර්ශනයට අනුව යහපත් ප්‍රතිසන්ධියක් ලැබීමට නම් චූති සිත ප්‍රධානවම බලපාන සාධකය වේ. චූති සිත යනු මරණ මංචකයේ දී පහළ වන්නා වූ සිතයි. සත්ව ඝාතනයේදී ඝාතනයට ලක්වන්නා වූ සතාගේ වූති සිත අනුව ප්‍රතිසංධි විඤ්ඤාණය කෙබඳු ස්වරූපයක් ගනී ද යන්න මෙහිදී සිතා බැලිය යුතු කරුණකි.

    සැබැවින්ම මරණයට පත්වන්නාවූ සත්වයාට එය අමිහිරි කටුක වේදනාවකි. ඒ තුළින් ප්‍රකට වන්නේ මරණිය සත්වයාගේ චිත්ත තරංගවල වේදනාකාරී බව වැඩි බවයි. මේ නිසාම ලේ ධාතුව සත්ව ශරීරයේ අපිරිසිදු වේ. එමෙන්ම ඝාතනය වන සත්වයා තුළ මිනිසා පිළිබඳව බද්ධ වෛරයක් ක්‍රෝධයක් හටගනී. ඇතැම් සත්වයින් මිනිසාව ඉතා හොඳින් හඳුනයි. සුරතලයට ඇතිකරන බල්ලා එසේය. තම ස්වාමියා හොඳින් හඳුනයි. ඔහුව ආරක්ෂා කරයි. තවත් කොතෙකුත් මිනිසාට ප්‍රොයෝජනවත් වූ සතුන් පරිසරය තුළ ඇත්ද..? කෙසේ නමුත් ඇතැම් සත්වයින් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. මෙයට හේතුව වී ඇත්තේද මාංශ අනුභවය සඳහා ඔවුන් ඝාතනයට ලක් කිරීමයි. මේ නිසා ඔවුන් ආරක්ෂා කලයුතු වන්නේද මිනිසාමය.

    අද වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන රෝගයන් බොහෝමයක් සත්ව ශාපයෙන් හටගත් ඒවා දැයි සුපරික්ෂාකාරීව සොයා බැලිය යුතු කරුණකි. මක්නිසාද යත් දියවැඩියාව, හෘද රෝග, පිළිකා හා රුධිර පීඩාදීන්ද ගොදුරු වී ඇති රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් එලෙස මාංශ අනුභව කරන්නෝ ලෙස පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. මේ නිසා එය සත්ව සාපයෙන් හා දේව සාපයෙන් ඇති වූවා යැයි නිගමනය කිරීමට සාධාරණ හැකියාවක් අපට නැත. දෙව් දේවතාවුන් වහන්සේලා බොහෝමයකගේ වාහන බවට පත් වී ඇත්තේ පාරිශුද්ධ වූ සත්වයින්ය. මෙසේ පාරිශුද්ධත්වයට පත් වූ සත්වයින්ගේ ද මාංශ අනුභව කරන්නෝ කොතෙකුත් අප රටේ සිටිතී.

    කොරියාව වැනි රටවල බලු මස්ද අදවන විට වෙළඳ භාණ්ඩයක් වී ඇත. පිලිපීනය වැනි රටවල විවිධ සර්ප විශේෂ ද ඔවුන්ගේ ආහාර වල ප්‍රධාන තැනක් ගනී. සිතීම නැමති උසස් මානසික තත්වය ලැබී ඇත්තේ මිනිසාට පමණි. එහෙත් ඔහුගේ මානසික තත්වය පහත් මට්ටමට ඇද වැටීමට අද වන විට බලපා ඇත්තේ ඝාතනය වන සත්වයාගේ සාපයයි.

    සත්ව ඝාතනයේදී සත්වයාගේ අදෝනාව අපට නොතේරනුයේ සත්ව සන්නිවේදනය පිළිබඳව මිනිසාට දැනීමක් නොමැති බැවිනි. මේ නිසා එම ඝාතනයට ලක්වන සත්වයා විසින් සිදුකරන අදෝනාව සාප කිරීමක්ද, දෙස් දෙවොල් කිරීමක්ද, අවලාද කිරීමක්ද කියා තේරුම් ගැනීමට තරම් සත්ව සන්නිවේදන තාක්ෂණය නොදියුණුය. එහෙත් ජාතක පාලියේ එන එක් ජාතක කතාවකින් කුහුඹුවන්ගේ කතාවක් ඇසූ බලගතු රජකුගේ පුවතක් විස්තරයේ වේ. එයින් ප්‍රකාශ වන්නේ සතුන් ද භාෂා සන්නිවේදනයේ යෙදෙන බවය. එලෙසින් සතා සිව් පාවුන්ට කතා කල හැකි බුද්ධියක් තිබුණා නම් මිනිස් සත්වයා වෙනුවෙන් මෙලහකටත් ඉහළ උසාවියක් දමා ඇත්තේ ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය රැකීම වෙනුවෙන්ය

    කෙසේ නමුත් සත්ව හිංසනය දඬුවම් මගින් තහනමට වඩා බුද්ධියෙන් විමසා බලා සුබ වාදී පිළීතුරකට එළඹිය යුත්තේ මාංශ අනුභවයේ නියුතු මිනිසාම විනා අන් කිසිවෙකු නොවේ.

    සබ්බේ තසන්ති දණ්ඩස්ස

    සබ්බේ භායන්ති මච්ඡුනෝ

    යනුවෙන් දහමෙයි දක්වනුයේ සියලු සත්වයන් දඬුවමට හා මරණයට බිය බවයි.


    සියල්ල කෙටියෙන් පැහැදිලි කරනවා නම්.....

    ඔබ මොහොතක් සිතන්න... කිසියම් දිනක මැර පිරිසක් විසින් ඔබගේ අත් පා සියල්ල බැඳ ඔබව ඝාතනය කිරීමට සූදානම් වෙයි. ඔබට දැනෙන්නේ කුමන හැඟීමක්ද. ඔබ “මාව මරන්න එපා” යනුවෙන් හඬා වැටෙනු ඇත. මේ මම ජීවත් වෙන අවසන් දිනය කියා ඔබට සිතෙනු ඇත. පසුව තියුණු ආයුධයකින් ඔබට එක පහරක් ගැසූ විට ඔබට දැනෙන වේදනාව කොපමණද..? ඔබට එය ඉවසාගත හැකිද..? එවැනි වේදනාකාරී අත්දැකීමක් ඔබ සිහිපත් කළ විටත් ඔබගේ සිත බියෙන් වෙව්ලා යනු නොඅනුමානය.. කෙසේ වෙතත් ඔබගේ යටි සිතේ ඔහු ගැන වෛරයක් හට ගන්නා බවද කිව යුතුමය.

    ගවයෙකු, උරෙකු, එළුවෙකු ඝාතනය කරන විට ඔබ ඝාතනය කරන ආකාරය ගැන දන්නවාද..? නැත.. ගවයාගේ, එළුවාගේ අත් පය බැඳ බිම පෙරලා ඔහුගේ බෙල්ල තියුණු පිහියකින් කපා දමයි.. එයට විනාඩි දහයක පමණ වේලාවක් වැය වන බව ඔබ දන්නවාද.. ඔබට එවැනි ඉරණමක් අත්වුවහොත්.. ඔබට දැනෙන වේදනාව ගැන සිතන්න.. තවත් පිරිසක් ගවයාගේ අත් පා බැඳ විශාල අයුධකින් බඩ පලා දමයි.. එවිට ඒ සත්වයාට දැනෙන වේදනාව ගැන ඔබ සිතුවාද..?

    උරෙකු ඝාතනය කරන විට ඝාතනය කිරීමට කලින් දිනයේ එම සත්වයාට පොල්ලකින් පැය පහක පමණ වේලාවක් තලන බව ඔබ දන්නවාද..? ඔබට ඒ ආකාරයට පොලු පහරවල් ගසනා විට ඉවසා සිටිය හැකිද..? ඝාතනය කරන අවස්ථාවේදී එම සත්වයාගේ උඩ සම පණ පිටින්ම අයින් කරනා බව ඔබ දන්නවාද..? ඔබට එවැනි අත්දැකීමක් ලබන්නට උවහොත්..? මොහොතක් සිතන්න..

    කුකුලෙකු ඝාතනය කිරීමේදි පණ පිටින්ම ඔහුගේ පිහාටු ඉවත් කිරීම සඳහා විශාල උශ්නත්වයක් සහිත ජල වාශ්ප විහිදෙන යන්ත්‍රයකට දමන බව ඔබ දන්නවාද..? ඔබට එවැනි වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමට සිදු වුවහොත්..? මොහාතක් සිතන්න..

    ඔබ බොහෝ සතුටින් සුපිරි ජීවිතයක් ගත කරන පුද්ගලයකු විය හැකිය. ඔබ දිනකට වතාවක් හෝ මාංශ ආහාරයට ගනු ඇත. සිතන්න ඔබ රස කර බොහෝ සතුටින් ආහරයට ගන්නා මාංශ කැබැල්ල ගැන. එම සත්වයා මිය යෑමට පෙර මොන තරම් සතුටින් ඉන්නට ඇතිද..? එම සත්වයා ඝාතවය කරන විට මොන තරම් වේදනාවකින් කෑ ගසන්නට ඇතිද..? ඔබට ඒ ඉරණම අත් වූවා නම් ඔබට එය කෙසේ විය හැකිද..?

    අපට සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ නොහැකිය. එය මටත් ඔබටත් පැහැදිලි කරුණකි. නමුත් අපට කළ හැකි දෙයක් ඇත. මුලින්ම තමන් විසින් සත්ව ආහර අනුභව කිරීම නතර කළ යුතුය. ඉන් පසු අප නෑ හිත මිතුරන්, දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් කළ යුතුය. සිතා බලන්න අප සැවොම එසේ කළහොත් අහිංසක සත්වයින් කී දෙනෙකුට ජීවිත දානය දිය හැකිද..? ඔවුන් සත්ව ඝාතනය කරන්නේ අප ආහාරයට ගන්නා නිසාය. ඔබ එය මතක තබාගත යුතු කරුණකි.

    තීරණය ඔබ සතුය.... ඔබ සැමට තෙරුවණ් සරණයි...!

    -සමිත සංජීව පීරිස්-


    169229464a6b626436bf74e9333a413f66522674.jpg

     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හරියටම හරි. අපි මරණයට කැපවුණු ගවයෝ නිදහස් කරනවා කියල සල්ලි දීල බේරගත්තට වැඩක් නෑ. උන් එ සල්ලි වලින් තව එකෙක් ගේනවා. අනිවා ඩෙෆා . මොකද ඉල්ලුමට හරියන සැපයුම දෙන්න එපෑ.
    අපි කරන්ඩ ඕනේ මස් පරිබෝජනය අඩු කරන එකය්. එතකොට ගවයන්ට නිකම්ම අභය දානය ලැබෙය් .
    අපි කොහොමද එක අඩු කරන්නේ ? එක තමා වැඩේ
    .
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    100% ඇත්ත කතාව. හරියට හිතට ගත්තොත් ඕක නවත්තන එක අච්චර අමාරු වැඩක් නෙවෙයි. ඕවා නොකා හිටියා කියල මිනිස්සු මැරෙන්නෙ නෑනෙ..මේ වගෙ දේවල් post කරන එක ගොඩක් හොදයි,එක්කෙනෙක් හරි හිතට ගනියිනෙ. share කරගත්තාට ස්තූතියි :) මට reputation දෙන්නනම් විදිහක් නෑ reputation power නැති නිසා
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සැබැවින්ම මරණයට පත්වන්නාවූ සත්වයාට එය අමිහිරි කටුක වේදනාවකි. ඒ තුළින් ප්‍රකට වන්නේ මරණිය සත්වයාගේ චිත්ත තරංගවල වේදනාකාරී බව වැඩි බවයි. මේ නිසාම ලේ ධාතුව සත්ව ශරීරයේ අපිරිසිදු වේ. එමෙන්ම ඝාතනය වන සත්වයා තුළ මිනිසා පිළිබඳව බද්ධ වෛරයක් ක්‍රෝධයක් හටගනී.
    මේ කතාව හරි. නමුත් මේක මරණයට පත් කරන කෙනාට මිසක් මස් කන කෙනාට වලංගු නෑ.

    සතුන් නොමරන්නටත්, මස් කන්නේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කන්නටත්, මස් මාංශ වෙළඳාම නොකරන්නටත් බුදු දහමේ උපදෙස් දී තිබෙන්නේ මේ නිසාය.

    මක්නිසාද යත් දියවැඩියාව, හෘද රෝග, පිළිකා හා රුධිර පීඩාදීන්ද ගොදුරු වී ඇති රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් එලෙස මාංශ අනුභව කරන්නෝ ලෙස පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


    දෙවන කාරණය මේකයි - ගොඩක් මස් මාංශ අනුභවයට විරුද්ධ පිරිස අනික් අය තමන්ගේ පැත්තට ගන්න නිර්මාංශ ආහාරයේ ඇති වාසි ගැනත්, නිර්මාංශ අයගේ ලෙඩ රෝග අඩුවීමත් ගැන නිතරම කතා කරනවා.

    අවාසනාවකට වගේ මේ සියළුම තර්ක පහසුවෙන් බිඳ හෙළිය හැකියි.
    ඉහත එකම තර්කයක් වත් මාළු පමණක් කන අයට වලංගු නෑ....

    මස් නොකා මුහුදු මාළු පමණක් ආහාරයට ගන්නා අය නිර්මාංශ කට්ටියට වඩා හැම අතින්ම සෞඛ්‍ය සම්පන්න බව පහසුවෙන් පෙන්විය හැකියි.

    මේ නිසා වැරදි තර්ක ඉදිරිපත් කර නොමග යැවීමට වඩා සතුන්ගේ ජීවිත රැකීමේ වැදගත් කම පෙන්වා දෙමින් දැනුවත් කිරීම වඩා ඵලදායකයි.
    :)
     
    • Like
    Reactions: madura199

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම හරි. අපි මරණයට කැපවුණු ගවයෝ නිදහස් කරනවා කියල සල්ලි දීල බේරගත්තට වැඩක් නෑ. උන් එ සල්ලි වලින් තව එකෙක් ගේනවා. අනිවා ඩෙෆා . මොකද ඉල්ලුමට හරියන සැපයුම දෙන්න එපෑ.
    අපි කරන්ඩ ඕනේ මස් පරිබෝජනය අඩු කරන එකය්. එතකොට ගවයන්ට නිකම්ම අභය දානය ලැබෙය් .
    අපි කොහොමද එක අඩු කරන්නේ ? එක තමා වැඩේ
    .
    අර අන්තිමට කියපු වැේ තමා මචං කරන්න වෙන්නෙ.. අපිට මහා පරිමානයෙන් ඕක නවත්තන්න බැරි වෙයි.. ඒත් අපි මුලින්ම මස් මාංශ ආහාරය නවත්තන්න ඕන.. ඊට පස්සෙ ගෙදර අනිත් අය, යාලුො, නෑදෑඅය කනවා නම් එයාලත් දැනුවත් කරන්න ඕන.. අපිට කරන්න පුළුවන් ඔය ටික තමා මෝ.. ඊට එහා මුකුත් කරන්න බෑ..:no:

    100% ඇත්ත කතාව. හරියට හිතට ගත්තොත් ඕක නවත්තන එක අච්චර අමාරු වැඩක් නෙවෙයි. ඕවා නොකා හිටියා කියල මිනිස්සු මැරෙන්නෙ නෑනෙ..මේ වගෙ දේවල් post කරන එක ගොඩක් හොදයි,එක්කෙනෙක් හරි හිතට ගනියිනෙ. share කරගත්තාට ස්තූතියි :) මට reputation දෙන්නනම් විදිහක් නෑ reputation power නැති නිසා
    ොම ස්තුතියි යාළුවා.. ඔයාටත් මම ේ ළඟදි රෙප් දුන්න නිසා රෙප් දෙන්න බැරිලු..

    :(:(

    තෑන්ක්ස් මචං බම්ප් එකට..

    elakiri machan :D
    තෑන්ක්ස් මචං...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං බම්ප් එකට..

    තෑන්ක්ස් මචං බම්ප් එකට..

    මේ කතාව හරි. නමුත් මේක මරණයට පත් කරන කෙනාට මිසක් මස් කන කෙනාට වලංගු නෑ.

    සතුන් නොමරන්නටත්, මස් කන්නේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කන්නටත්, මස් මාංශ වෙළඳාම නොකරන්නටත් බුදු දහමේ උපදෙස් දී තිබෙන්නේ මේ නිසාය.

    දෙවන කාරණය මේකයි - ගොඩක් මස් මාංශ අනුභවයට විරුද්ධ පිරිස අනික් අය තමන්ගේ පැත්තට ගන්න නිර්මාංශ ආහාරයේ ඇති වාසි ගැනත්, නිර්මාංශ අයගේ ලෙඩ රෝග අඩුවීමත් ගැන නිතරම කතා කරනවා.

    අවාසනාවකට වගේ මේ සියළුම තර්ක පහසුවෙන් බිඳ හෙළිය හැකියි.
    ඉහත එකම තර්කයක් වත් මාළු පමණක් කන අයට වලංගු නෑ....

    මස් නොකා මුහුදු මාළු පමණක් ආහාරයට ගන්නා අය නිර්මාංශ කට්ටියට වඩා හැම අතින්ම සෞඛ්‍ය සම්පන්න බව පහසුවෙන් පෙන්විය හැකියි.

    මේ නිසා වැරදි තර්ක ඉදිරිපත් කර නොමග යැවීමට වඩා සතුන්ගේ ජීවිත රැකීමේ වැදගත් කම පෙන්වා දෙමින් දැනුවත් කිරීම වඩා ඵලදායකයි.
    :)
    මම ලියපු එකක් නෙමෙයි යාළුවා.. හරි වුණත් වැරදි වුණත් වෙන කෙනෙක් ලියපු ලිපියක් වෙනස් කරන්න මට අයිතිය නෑ.. ොම ස්තුතියි ප්‍රතිචාරයට..:)
     
    • Like
    Reactions: sachith19920726

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට ඇතිඋන ගැටළුවක්.

    ආදී කලේ හිටපු මිනිස්සු කලේ වැඩිපුර මස් කෑම. උන්ට ඔය රෝගාබාධ තිබුනද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    good post machann....++++
    ොම ස්තුතියි මෝ..

    ඇත්ත කතාව මචන් . ගොඩක් වටිනවා .
    රෙප් දෙන්න බැලූ මචන්
    ොම ස්තුතියි මෝ..

    ඇත්ත බං.. :cool:
    අනිවාර්යෙන්ම සචියා.. ොම ස්තුතියි මෙන්ටුවක් දැම්මට..

    මට ඇතිඋන ගැටළුවක්.

    ආදී කලේ හිටපු මිනිස්සු කලේ වැඩිපුර මස් කෑම. උන්ට ඔය රෝගාබාධ තිබුනද?
    ේ මන්ද ොල්ො.. ලෙඩ හැදුනද නැද්ද කියලා අපිට හරියටම කියන්න අමාරුයිනෙ.. ෝ ඉතිං අපිට ඒ බව ඔප්පු කරන්න සාක්ෂි නෑනෙ.. අනික මචං ලෙඩ ෝග පැත්ත දාලා ඔය මස් කන එක නතර කරල දානවා නම් ොකදෙයක්.. දන්න කියන එවුන්ට කියපං.. ොකු පිනක් ඈ..
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේ කතාව හරි. නමුත් මේක මරණයට පත් කරන කෙනාට මිසක් මස් කන කෙනාට වලංගු නෑ.

    සතුන් නොමරන්නටත්, මස් කන්නේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කන්නටත්, මස් මාංශ වෙළඳාම නොකරන්නටත් බුදු දහමේ උපදෙස් දී තිබෙන්නේ මේ නිසාය.



    දෙවන කාරණය මේකයි - ගොඩක් මස් මාංශ අනුභවයට විරුද්ධ පිරිස අනික් අය තමන්ගේ පැත්තට ගන්න නිර්මාංශ ආහාරයේ ඇති වාසි ගැනත්, නිර්මාංශ අයගේ ලෙඩ රෝග අඩුවීමත් ගැන නිතරම කතා කරනවා.

    අවාසනාවකට වගේ මේ සියළුම තර්ක පහසුවෙන් බිඳ හෙළිය හැකියි.
    ඉහත එකම තර්කයක් වත් මාළු පමණක් කන අයට වලංගු නෑ....

    මස් නොකා මුහුදු මාළු පමණක් ආහාරයට ගන්නා අය නිර්මාංශ කට්ටියට වඩා හැම අතින්ම සෞඛ්‍ය සම්පන්න බව පහසුවෙන් පෙන්විය හැකියි.

    මේ නිසා වැරදි තර්ක ඉදිරිපත් කර නොමග යැවීමට වඩා සතුන්ගේ ජීවිත රැකීමේ වැදගත් කම පෙන්වා දෙමින් දැනුවත් කිරීම වඩා ඵලදායකයි.
    :)

    Well said ...That's Point ....:):)